සෙනෙහස මියදේවිදෝ – විසිඑක කොටස

සෙනෙහස මියදේවිදෝ – විසිඑක කොටස…

චාරිකාව ගොස් ආ දින සිට නිකී නිෂා සමඟද කතා කරන්නට සිතත් නොවිය.. පන්තියට ගියද මා පාඩමට සවන් නොදුන් තරම්ය..­

පාසල් නිවාඩු කාලයද ඉක්මනින් අවසන් වන්නට විය.. අලුත් පාසල් වාරය පටන්ගෙන දැන් සති දෙකක් ඉක්ම ගොස්ය..

නිෂා නිකී සමඟ උවද මා පෙර පරිදි කතා නොකලද අප තිදෙනා උන්නේ එකටමය..

KK මොකෝ මෙතන කරන්නනේ අන්න ස්පෝට් මීට් එකේ නිවාසවලට ළමයි බෙදලා.. මම විජය බන්.. කියමින් අප සිටි තැනට ආවේ සිතූය…

දැන්මම දාලද බන් අපි හිතුවේ හවස්වෙන්න දාවි කියලා… නිෂා කියන්නට විය..

නෑ බන් අද හවසම මීටින් අරන් තනතුරුවලට ළමයි දානවලු.. ගිහින් බලන්ඩ.. හැබැයි දැන්නම් ළමයි හරියට… කියමින් සිතු යන්නට විය..

අප තිදෙනා බෙදි තිබුනේ නිවාස තුනකටය. අරුමය නම් මම සෙහස් අරෝෂ් මෙන්ම සසිත්මාද උන්නේ එකම නිවාසයේ වීමය.

මා නිවාස නායිකාව ලෙසත් නිවාස නායකයා ⁣ අරෝෂ් ලෙසත් පත්කළ අතර සෙහස් ක්‍රීඩා නායකයා ලෙස පත්විය.. නිවාස නායක තනතුරට පත්කරනු ලැබුවේ සෙහස් වූවත් ඔහු ඊට අකමැති වුයෙන් ඒ සඳහා අරෝෂ් පත්කරන්නට විය.

~ ~ ~ ~ ~

මා දැන් පාසල් නොයන තරම්ය.. ස්පෝට් මීට් පටන්ගෙන අදට සතියක් වුවද මා ඒ සතිය පුරාවටම උන්නේ ගෙදරය.. අම්මාටද බොරු කියමින් මා පාසල් නොයා උන්නේ සෙහස්ව මඟමැරිමටය..

KK මොකද්ද අවුල දැන් ට්‍රිප් එක ගිහින් ඇවිල්ලත් මාසෙකට වැඩි.. උඹ වැඩිය කතා කරන්නේ නෑනේ බන් අපි එක්කවත්.. දැන් සතියක් විතර ඉස්කෝලේ අවෙත් නෑ.. මොකද්ද උඹ ඔය අල්ලන අඩව්ව.. අරෝෂ් දවස් ගානක් උඹව ඇහුවා පණිවිඩයක් කියන්න කියලා.. බොහො දවසකට පසු පාසල් ගිය දිනක නිෂා මා සමඟ කියන්නට විය..

කිසිත් නොකී මා නැසුන ලෙස එතනින් ඉවත්ව යන්නට හැදුවා පමණි..

කොහේද උඹ යන්නේ. කවද වෙනකන් ප්‍රශ්නෙන් පැනලා යනවද.. උඹට පුළුවන්ද ඔය විදියට සෙහස් ඉන්න නිවාසෙම උෟත් එන්ක වැඩ කරන්න..

මම මීට් එකට එන්නේ නෑ බන්.. මට බෑ බන් සෙහස් එන්ක වැඩ කරන්න..අනික සසිත්මත් ඉන්නවා.. උඹලා ටිකක් තේරුම් ගනින් සෙහස් අයියා සසිත්මා එක්ක ඉන්නවා මම බලන් ඉන්නේ කෙහොමද කියලා..

අනේ මේ මගෙන් මුකුත් නාහා හිටපන්.. මොන මඟුලකටද එහෙනම් නිවාස නායිකාව උණේ.. සෙහස් කිව්වද උඹට ඌට ආදරේ කරපන් කියලා.. අනික උඹ නොදැන නෙවිනේ ආදරේ කලේ ඌට කෙල්ලෙක් ඉන්නවා කියලා.. නිෂා කියන්නට වූ අතර…

මෙහෙ වරෙන් බන් මේකි එක්ක කතා කරන්න ගිහින් ඇගේ ලේ ටිකත් පුච්චගන්න වෙනවා යැයි කිවු නිකී නිෂාද ඇදගෙන යන්නට විය…

~ ~ ~ ~ ~

සෙහස් අයියේ ඔයා දන්නවනම් ඔයා නිසා කොයි තරම් දේවල් මට නැතිවෙනවද කියලා.. ඔයාට වැරැද්දක් කියන්න බැහැ.. මොකද මම දන්නවා මට ඔයා ගැන හැඟීමක් ඇතිවෙනකොටක් ඔයා වෙන කෙනෙක්ගේ කියලා… ඒත්… ඒත්.. මා උන්නේ මගේ සිතුවිලි සමඟම පොරබදමිනි..

හේයි KK.. දැන් මාර ගණන් නේ. අපි එක්ක කත⁣ෙ කරන්නෙම නෑනේ.. තරහා වෙලාද..යැයි කියමින් මා සිටි තැනට ආවේ අරෝෂ්ය..

එහෙම නෑ අයියා..

ඒක නෙවි නංගි මම දවස් ගානක් තිස්සේ බඩුවක් කියන්න හිටියේ කෝ ඔයා හම්බුනේ නෑනේ.. අපේ සෙහස් ඌ නංගිගේ අදහසට කැමති වුණා.. අන්න දැන් ඌ පන්ති කරනවා පොඩි උන්ට.. දිගටම ඉස්කෝලෙත් එනවා කිව්වා..

මට ඇති වුයේ සතුටකි.. අයියා කිව්වේ නෑ නේද මමයි කිව්වේ කියලා.. එහෙම වුණොත් මාත් එක්ක තියෙන තරහට ඔය පන්ති කෙරිල්ලත් නවත්තාවි..

නෑ නංගි මම කිව්වේ නෑ.. ඒත් ඇයි එහෙම කරන්නේ.. නංගි ඌගේ හොදටනේ එහෙම කිව්වේ..

එපා අයියා ඕන නෑ එයාට කිය…

හා කුමාරිහාමි මොකද අද ආවේ.. මහ ලොකුවට තනතුරු අරගෙන ගෙදරට වෙලා හිටියම හරි.. මහලොකු නිවසෙ නායිකාව.. යැයි කියමින් අප සිටින තැනට ආවේ සෙහස්ය..

මොකද්ද යකෝ තෝ නිතරම ⁣මේ කෙල්ලටම බනින්නේ.. අර තොගේ උරචක්‍රමාලේ වගේ නෙවි නිසාද.. අරෝෂ් අසන්නට විය..

බොට මොකටද මම මේකිට මොනා කිව්වම.. ඇයි මේ උබේ කෑල්ලද.. නෑනේ.. එහෙම එකේ උඹ දෙන්නේ නැතිව හිටපන්..

යකෝ මගේ කෑල්ල නෙවි බන්.. මේකි මට ඊට වඩා වටිනවා.. මේ ඉන්නේ මගේ නංගි යකෝ.. නංගි.. මේකීට මගේ හිතේ තියෙන තැන මගේ ගෑනිටවත් ගන්න බෑ.. තේරුනාද උඹට..

කෝපය මැඩගෙන අරෝෂ් එසේ කී ආකාරයට අපි සැවොම තිගැස්සුන මුහුණින් එකිනෙකා දෙස බලන්නට විය..

වාව්.. නියමයිනේ..මොකද්ද බන් මේ නාඩගම.. නංගි තමයි පස්සේ කෑල්ල වෙන්නේ.. මට හිතුනා මේකි කොහොමහරි අරෝෂ්ව දැලේ දාගනිවි කියලා.. එසේ මෙසේ මායම් නෙවිනේ තියෙන්නේ.. කියමින් එතනට ආවේ නෙතුය..

අරෝෂ්ගේ අත නතරවුයේ නෙතුගේ කම්මුලේය.. උඹ නටනවා වැඩි නෙතු.. ⁣ඔය කම්මුල්පාර උඹ මගෙන් කන්නේ මීට කලින්.. මතකද ට්‍රිප් එක ගියපු දවසේ උබේ වැඩ නිසා දෙව්ලිට වුණ දේවල්.. ආයෙම මගේ නංගිට එක වචනයක් කියලා තිබුණොත් තමුන්ගේ කට කඩනවා මම. නෙතුට එසේ නී අරෝෂ් බැලුවේ මදෙසය..

අනිත් කෙනා තමුන්.. මොන මඟුලකටද එක එකාගෙන් වචන අහන්නේ.. වැරැද්දක් නොකර එක එකාගෙන් ගුටි කන්නේ.. ආයේ මගේ ඉස්සරහ තමුසේ අඩලා තිබුනොත් තැන කොතනද කියලා බලන්නේ නෑ උඹව අඩවපු එකාට එලොව යන්නම වැඩේ දෙනවා..

මා උන්නේ කිසිත් තේරුම්ගත නොහැකි ලෙසය.

⁣අරෝෂ් අයියා දැන් ඇති අපි යමු කවුරුහරි අාවොත් හරි නෑ නේද.. මෙතෙක් වෙලා ඇතට වී අප දෙස බලා උන් නිෂා විත් කියන්නට විය..

අනිත් කෙනා උඹ.. මොන මඟුලක්ද කළේ තෝ ම⁣ට මේකි ගැන නොකියා.. ⁣නිශාට එසේ පැවසු අරෝෂ් බැලුවේ මා දෙසය…

තමුසේටත් මූ හැර වෙන කෙනෙක් හිටියෙම නැද්ද ආදරේ කරන්න..

මො.. මො.. මොකක්.. අයියේ..

ඇයි මම කියන්නේ බොරුද.. මම මේ ගැන දැනගත්තෙත් ගිය සතියේ.. උඹ මේතරමට මෝඩද යකෝ.. උඹව සත පහකට ගනන් ගන්නේ නැති එකෙක් වෙනුවෙන් හැමදේම කර කර ඌ වෙනුවෙන් බලන් ඉන්නේ..

යකෝ මොනාද උඹ කියවන්නේ… මේකි මට කැමති.. බොට අමු කැවිලද යකෝ..

මට නෙවි බන් අමු කැවිලා තියෙන්නේ බොට.. නැත්නම් අර වගෙ කෙල්ලෝ එක්ක යාළු වේවිද උඹ.. උඹවත් දනවද බන් උඹ යාළුවෙලා ඉන්න කෙල්ලෝ ගැන.. මොනාද බන් උන් ගැන දන්නේ.. මට ඒවා වැඩක් නෑ ඒවා උබෙ කැමැත්ත.. හැබැයි මචෝ ආයේ උබේ අත මගේ නංගිට ඉස්සෙන්න බෑ.. එහෙම වුණොත් මම මොනා කරයිද දන්නේ නෑ.

අනිත් කෙනා උඹ.. උඹත් කෙල්ලෙක් නේද.. ලැජ්ජාවක් කියලා දෙයක් නෑ නේද.. ආයේ චූටිට මොනා හරි කියලා තිබුණොත් එදාට මම තමුන්ට කතා කරන්නේ මෙහෙම නෙවි හරිද.. නෙතුට එලෙස කී අරෝෂ් යන්නට විය..

තමුන් ආයේ ඉස්කෝලේ එන්නේ නැතිව විකාර නැටුවොත් මම තමුන්ට කතා කරන්නේ මෙහෙම නෙවි කියලා මතක තියා ගන්නවා… යන්නට ගිය අරෝෂ් යළිත් මා දෙස බලා කියන්නට විය..

සිදුවු කිසිවක් තේරුම්ගත නොහැක.. අරෝෂ් කොහොමද මගේ අයියා වෙන්නේ එයාගේ නංගි මම නෙවිනේ… අනික එයා චූටි කියලා කිව්ව විදිය.. මට මුකුත්ම පැහැදිලි නෑනේ.. ඒ ගැන සිතමින් මාද යන්නට හැදුවා පමණි..

දැන් සතුටුද තමුසේට.. කෙල්ලෙක් නේද ඕයි.. මායම් දාලා අරෝෂ්ව අල්ලගෙන බොරු කියලා කියලා අර අහින්සකීට ගැස්සුවා නේද.. සෙහස් කියන්නට විය..

ඔහුගේ වදන් හීසර මෙන් කගහදවත රිද්දවන්නට විය.. නමුදු මා ඔහු සමඟ සිනාසුනෙමි…

අහිංසකී.. කවුද මෙයාද.. කොහේද දන්නේ නෑ අහින්සක.. ඔයා ඔය කියන අහින්සකීගෙන් ටිකක් ඈත්වෙලා ඉන්න.. මොකද තමන්ගේ ළඟින් ඉන්න අය තමයි තමන්ට වල කපන්නේ.. යැයි කී මා එතනින් යන්නට හැදුවා පමණි…

තමුසේ වැරදි කෙනා එක්කයා හැප්පුනේ.. අපි බලමු තව කොච්චර කල් ඔහොම රගාවිද කියලා.. යැයි කෝපයෙන් මදෙස බලමින් කිවෙි නෙතුය..

ඇගේ වදන් ගනනකට නොගත් මා එතනින් පිටව ආවේ නිෂාවද එතන දමාය…

~ ~ ~ ~ ~

ඇත්තටම ඇයි අරෝෂ් අයියා එහෙම කතා ක⁣ළේ. අනික සෙහස් කියන්නේ අරෝෂ්ගේ හොඳම යාළුවෙක්නේ.. අනික එයා කොහොමද දන්නේ මම සෙහස්ට ආදරෙයි කියලා.. මොකක් වුනක් මේක හරි පටලැවිල් වගේ…

දැන් සතුටු ඇති නේද.. මගේ සෙහස්ව අල්ලගන්නද හැදුවේ.. ලැජ්ජාවක් කියලා දෙයක් අැත්තෙම නෑ නේද.. සෙහස්ට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැනම එයාගේ කරේම එල්ලෙන්න හදන්නේ…

එක්වරම පිටුපසින් ඇසුන හඬට මා හිස පමණක් හරවා බලන්නට විය.. පැමිණ සිටියේ සසිත්මාය…

මම බැලුවා ඒත් මොකද මෙච්චර පරක්කු කියලා. පණිවිඩේ ආවේ පරක්කුවෙලාද..

හලෝ මේ නෙතු අක්කා කිව්ව ගමන් තමයි මම ආවේ. මට ආරන්චියි ට්‍රිප් එක ගිහිල්ලත් හොද හොද අඩව් ඇල්ලුවා කියලා..

ඇත්තට.. ඒකත් කිව්වේ නෙතුද… අැති යන්තම් නෙතුත් ඇත්තක් කියලා…මොනාද කිවුවේ.. සෙහස් මගේ අතින් අල්ලගෙන අම්බුළුවාව නැග්ගා කිව්වද… අපි දෙන්නා එකට මාළිගාවට ගියා කිව්වද… තව පේර කැම්පස් එක වටේම අත් අල්ලගෙන ගියා කිව්වද… ආ.. මොනාද කිව්වේ… මම හිනහෙමින් අසන්නට විය.. සසිත්මාගේ දෑසේ වූ කෝපය මට හදුනා ගැනීම අපහසු නොවිය..

අපි බලමු ඔයා මොන නාඩගම නැටුවත් සෙහස් මගේ විතරමයි… ඒක මතක තියාගන්නවා.. යැයි කී සසිත්මා ආපසු හැ⁣රුනේ යන්නටය..

ඇත්තට… එතකොට අර ක්ලාස් එකේ කොල්ලට මොකද වෙන්නේ.. මා එසේ කී සැනින් ඇය ගැස්සුනි..

මොනාද හලෝ කියන්නේ.. මට යන යන තැන කොල්ලෝ ඉන්නවා කියලා හිතුවද.. නිකන් බොරුවට වචන හදන්න එපා.. අපි බලමු සෙහස් කා⁣ටද අයිතිවෙන්නේ කියලා…

ඔයා මට චැලෙන්ජ් කරනවද සෙහස් ඔයාගේ විතරයි කියලා. බයවෙන්න එපා මම බලෙන් සෙහස්ව අයිති කරගන්නේ නෑ.. ඔයාට පුළුවන් දෙයක් කරන්න.. මතක තියාගන්නවා සෙහස් මගේ පලවෙනි ආදරේ වගේම අන්තිම ආදරෙත් කියලා.. මොකද මට පුරුදු නෑ ඔයා වගේ ඩබල් ගේම් ප්ලේ කරලා…

සසිත්මා ගස්සාගෙනමෙන් ගියාය.. මා සිටි තැනට ටිකක් මෑතින් මා දෙස හිනා මුහුණින් බලා උන්නේ නිෂායි නිකීයි ය.. මා දෙසට දිව ආ ඔවුන් දෙදෙනා මා බදාගන්නට විය.

KK අපිට සතුටුයි බන්. මාස ගානකට පස්සේ අපේ පරන කෙල්ලව ආයෙමත් දැක්කා.. අපි දන්නවා උඹ කොච්චර කොහොම කෑගැහුවත් ඉන්නේ දුකින් කියලා.. එ්ත් උඹ එක කඳුළක් වැට්ටුවේ නෑ බන්.. අපි හිතුවට වඩා උඹ ශක්තිමත්.. යැයි කිව්වේ නිකීය..

දන්නවද කෙල්ල අරෝෂ් තමයි දැන් අපිව එව්වේ උඹ අඬනවද දන්නේ නෑ බලන්න කියලා.. සතුටුයි බන් උඹ ගැන.. වැටෙන්න එපා උඹ.. කවුරු නැතත් උඹ එක්ක මම නිකී අරෝෂ් අයියා ඉන්නවා බන්..

අන්න නියම තැනට ආවා මචෝ.. මට කියහන්කෝ බොලා දෙන්නගෙන් කවුද අරෝෂ්ට සෙහස් ගැන කිව්වේ.. මොකො කටවල් වැහුනේ.. නපුරු මුහුණක් ගෙන මා අසන්නට විය..

මචෝ අරෝෂ් අයියාමයි ඇවිත් අපෙන් අැහුවේ උඹ ඉස්කෝලේ ආවේ නැති සතියේ.. අපේ කටටම දීලා අැහුවා සෙහස්ගෙයි උබෙයි මුකුත් හුටපටයක් තියෙද කියලා.. ඊට පස්සේ අපි කිව්වා බන්.. නිෂා කියන්නට විය.

අපිට බය හිතුනා උඹ ඉස්කෝලේ එන්නේ නැති වුණාම මොකක් හරි පිස්සුවක් නැටුවොත් කියලා. අපිට සමාවෙයන් කෙල්ල.. නිකී කියන්නට විය..

යෙහෙළියන් දෙදෙනාගේ මුහුණු දුටු මට සිනා නැගිනි..

මොකද මැට්ටියනේ සමාව ඉල්ලන්නේ.. උඹලා මට කරලා තියෙන්නේ ලොකු උදව්වක්නේ.. දැන් සෙහස් දන්නවනේ මම එයාට ආදරෙයි කියලා හරි… යැයි කියමින් මා යෙහෙළියන් දෙදෙනාව වැළඳගන්නට විය..

~ ~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴

Like කරන Comment කරන හැමෝටම ස්තූතියි..

Related posts

Leave a Reply