ජීවි⁣තයක යථාර්ථය

මෙහෙමත් දේවල් වෙනවනේ හාන්දුරුවනේ…

එකමත් එක කාලෙක එකමත් එක දවසක ඩේටා බැදීම් අස්සේ ඔන්ලයින් ජීවි⁣ත ගෙවද්දි පණ දෙන්න තරමට ලංවුණා මිනිස්සු දෙයියනේ කියලා ටික දවසක් යනකොට එහෙම එකෙක් උන්නද කියලවත් දන්නේ නැති විදියට වෙනස්වෙනවා..

මේ ලෝකේ සාමාන්‍ය විදියනේ වාසි පැත්තට හෝයියා කියන එක..

එක මොහොතක කෙනෙක් කියනවා…

“ඔයා හරියට වරකා ගෙඩියක් වගේලු…”

තේරුණාද මොකද්ද ඒ කිව්වේ කියලා… නෑ.. නේද.. මටත් තේරුණේ නෑ මුලින් නම් ඒ අන්ඩරදෙමළේ..

“පිටින් රලුයි කියලා පෙන්නගෙන උන්නට මොකද ඇතුලතින් සියුමැලිලු…”

ඉතින් අපි යමුකෝ හිටපු තැනට… කොතනද නැවතුනේ… ආ… වෙනස්වන මිනිස්සු ගැනනේ… ඒ හැටි දෙයක් නෑ ඒකේ.. වෙනස්වීම යථාර්ථයනේ.. බෞද්ධ දර්ශනයෙදිත් අපි කතා කලේ ඕකනේ ඉතින්.. නොවෙනස්⁣වන යමක් පවතිනවා නම් ඒ වෙනස්වීමම විතරනේ..

මේ දේවල් ගැන ලියද්දි තමයි අර #යුතුකම_උදෙසා_යුතුකම_ඉටුකරන්න# කියන #ඉමැනුවෙල්_කාන්ට්ගේ# යුක්ත්‍යාත්මවාදි ආචාර ධර්ම ගැන කතිකාව කොච්චර වටිනවද කියලා හිතෙන්නේ..

එක තැනකදි ඔහු කියනවා..

#”අපි_යමෙකු_වෙනුවෙන්_යමක්_ඉටුකරද්දි_කිසිම_විදියකින්_ඒ_සදහා_යමක්_බලාපොරොත්තු_නොවිය_යුතුයි”# කියලා..

ඒ කතාව වර්තමානෙට කොච්චර වැදගත් වෙනවද බන්.. අපි හැමෝම පෘතග්ජනයොනේ.. ඉතින් යමක් කරලා ඒ වෙනුවට යමක් බලාපොරොත්තුවෙන එක සාමාන්‍ය දෙයක්…

බයිබලේ එක තැනක #නිශ්කාම_කම්ම# කියලා කතා කරන්නෙත් මේ දෙයම තමයි…

සමහර මිනිස්සු ඉන්නවා හරියට #මඩේ_හිටවපු_ඉන්නක්_වගේ..# එහෙම කියන්නේ එයාලට එක තීරණයක්… අරමුණක්… නෑ හැම පැත්තකටම වැනි වැනි ඉන්නවා… තමන්ගේ ජීවිතෙත් විනාශ කරගෙන වටේ ඉන්න අය⁣ගේ ජීවි⁣තත් විනාශ කරනවා එයාලා…

එහෙම වෙන්නේ හුඟක් වෙලාවට පුද්ගල සංවර්ධනයේ දුර්වලතා නිසා.. එතනදි ගොඩක් වෙලාවට බලපාන්නේ ළමා කාලය තුල අපි සංවර්ධනය වෙන ආකාර. පුංචි කාලේ ඉදන් මිනිස්සු අරමුණක් වෙනුවෙන් ජීවත්වෙන්න ඉගන ගන්නේ නැතිවුණාම එහෙම වෙනවා…

අපි සඳහන් කරපු විදියට පෞරුෂ සංවර්ධනයෙදි දරුවෙක් මුහුණ දෙන අත්දැකීම්.. එයාලා බාහිර ලෝකය එක්ක ගැටෙන විදියට… යම් යම් දේවල් දරාගන් විදිය.. ආදි වු නොයෙක් හේතු සාධක බලපානවා..

⁣ඩේටා බැදීම්වලට යමුකෝ අායෙමත්… අපේ මිනිස්සු හුඟක්වෙලාවට අනුන්ගේ ජීවි⁣තේ අස්සේ තමන්වම හොයන්න යනවනේ.. මුහුණුපොතේ හුඟක් වෙලාවට මේදේ වෙනවා.. අනන්තවත් එහෙම අය හම්බෙනවා..

ටික දවසක් කතාබහ කරාම හම්මෝ ඉතින් අපිත් රැවටෙනවනේ… හමුවෙලා ටික කලක් වුනාට ජීවි⁣තකාලේම වුන දේවල් කියවනවා..

මේ අය අතරේ තවත් අය ඉන්නවා.. එයාලට ඕන ගෙදරින් ලැබෙන්නේ නැති අම්මා තාත්තගේ ආදරේ… සහෝදර සෙනෙහස හොයන අය.. හැබැයි ටික කාලයයි… ඒ වගේ අය තමන් දිහාට අවධානය යොමුකරව ගන්න නානාප්‍රකාර දේවල් කරනවා..

මට හිතෙන විදියට ඒකත් එක්තරා විදියක මානසික වියවුලක්.. හුඟක් වෙලාවට ඒක එයාලගෙම ජීවි⁣තයට තර්ජනයක්..

ඒ හින්දමයි ඒ දේවල් තේරුම් අරගෙන ජීවි⁣තයක් ජීවත්කරන්න පුළුවන් විදියට සහය දක්වන්න ඕන.. ඒකට හොදම ප්‍රතිකාරය සවන්දීම කියලා මට හිතෙනවා.. හැබැයි මොනදේ කලත් අපි ඒක කරන්න ඕන ඒ වෙනුවට යමක් බලාපොරොත්තු නොවි… යම් හෙයකින් අපි යමක් බලාපොරොත්තු වෙනවා නම්… ඒ ⁣දේ නොලැබුණ තැන අපිත් මානසිකව ඇදවැටෙනවා..

Related posts

Leave a Reply