අහිංසකාවී

Part 01….

සනෝජි කියන්නෙ school යන කාලෙ ඉඳන්ම කටකාර ලස්සන කෙල්ලක්.ඒ වගේ කෙනෙකුට මොන කොල්ලද පැනිය දාන්නෙ නැත්තෙ…මගෙ නම දසුන්..සනෝජි කියන්නෙ මගෙ හොඳම යාළුවා.ඒත් සනෝජි යාළු වෙලා ඉඳියෙ තුෂාර කියලා කොල්ලෙක් එක්ක.මම නම් ඉතින් සෙල්ලක්කාර ජීවිතයක් තමා ගත කලේ.සනෝජි මගෙ යාළුවා වෙන්නෙ o/l කාලෙ ඉඳන්.ඒත් හොඳම යාළුවා වෙන්නෙ a/l කරද්දි.මම කතාවෙ මුල ඉඳන්ම පටන් ගන්නම්.ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම පටන් ගන්නම්..ඔයාලගෙ අදහස් මට වටිනවා යාළුවනේ.කතාව කියවල අදහස්,යෝජනා,චෝදනා සියල්ල comment කරන්න.මම සතුටින් බාරගන්නවා……….

අඩෝ දසුනා උදේම තියෙන period එක මොනවද බං…මට මතක විදිහට chemistry බං…..අප්පට සර් උගන්නන period එක බං.පරක්කු උනොත් කයි බං අපිව…යමං ඉක්මනට ගාථා කියපු ගමන්…ඔච්චර බය නම් මොන හුයියකටද බං ගාථා කියන්න ඔන්න මෙන්න තියලා toilet ආවෙ…..අඩෝ දසුනා යමං බං පිස්සු කියවන්නෙ නැතුව…හා හා යමං යමං….අපෝ මුගෙ කයිය විතරයි….
කැන්ටිම පාරෙ යමං…පිනා ඒ පාරෙ උදේට නෑ..හා හා යමං ඉක්මනට….අපි සර්ට තියෙන බය නිසා ඉක්මනින් යන්න දිවුවා….

ඒයි….ඒයි…මෙහාට වරෙල්ලා….කොහෙද තොපි දුවන්නෙ….හුකා…යකෝ පිනා කෑගහන්නෙ…..පස්ස හැරෙන්න එපා යකෝ අපේ මූන දැක්කෙ නෑ..ඉක්මනට දුවමු..පිනාට දුවන්න බෑ…..අපි දුවගෙන පිස්සු බල්ලො වගේ හති දාගෙන පන්තියට ආවා….හොඳ වෙලාවට සර් එතකොටත් ඇවිල්ලා නෑ…..දසුනා පිනා කැරකෙනවා බං මොකද දන් නෑ….චමත් බලපං මේ පැත්තට එනවද කියලා අපි මිනිහට ආතල් එකක් දීලා ආවෙ….ඔවු බං මේ පැත්තට එනවා පොර…දසුනා අද ඉවරයි.උදේම ගුටි කන්න බෑ බං……principal sir අපේ පන්තියට ආවා…

කැන්ටිම පැත්තෙන් දුවගෙන ආපු කට්ටිය නැගිටපල්ලා……⁣තොපෙ කන් ඇහෙන් නැද්ද බොල…නැගිටපල්ලා කැන්ටිම පැත්තෙ ඉඳන් දුවගෙන ආපු උන්……….💀💀💀
කෝ මේකෙ පන්ති නායකයා…නැගිටිනවා බලන්න…….ඇයි සර්…මේ පන්තියේ කවුරුත් කැන්ටිම පැත්තෙ ඉඳන් ආවෙ නෑ සර්….හාා…එහෙමද..උබල යාළුවො පාවලා දෙන්නෙත් නෑ නේද…අදට බේරුනා කියල හිතාගනිල්ලා…මම maths පන්තිය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ අද ඉඳන්..උබලගෙ ඇට්ටර කම් ඉස්කෝලෙන් නැති කලේ නැත්නම් සමාජෙට ගියහම තොපෙ අම්මල බැනුම් අහන්නෙ…….

කසුන් තමයි අපේ පන්ති නායකයා…ගොට්ට ඇල්ලීමට උපන් හපන් කමක් මිනිහට තියෙනවා..ඒක නිසාම තමයි මිනිහ පන්ති නායක උනෙත්……මම රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕන නිසා කසුනට කතා කරල thanks කලා…

මචං සර් එනවා…ලමායි…මම ඊයෙ ගනන් වගයක් දුන්නා කෝ බලමු ඒ ටික හදපු අය….හරි නේද දසුනා…පිනාගෙන් බේරුනා මෙයාගෙන් බේරෙන්නෙ කොහොමද බං…පොඩ්ඩක් ඉඳපන්කො…ඔය පිටිපස්සෙ පේලියේ හැමෝම ගාන හැදුවද….ඔවු සර්…හොඳයිනෙ…මෙන්න marker pen එක තියෙනවා දසුන් ඇවිල්ලා පලවෙනි ගාන හදනවා බලන්න….මම වැඩ්ඩා වගේ නැගිටලා ගියා ඉස්සරහට…සර් ගාන මතක නෑ මම පොතකින් බලන්නද…මම කසුන් ලඟට ගිහින් ගාන බලාගත්තා…වැඩ්ඩා වගේ කසුනා හදල තිබුන විදිහට මම ගාන හැදුවා…මගෙ වෙලාව හොඳ කමට කසුනගෙ ගාන වැරදී….ගොන් නාම්බා…ඔහොමද මම ගාන කියලා දුන්නේ…හැමදාම පිටිපස්සෙ පේලියේම ඉඳපල්ලා තොපි..හරියයි ⁣උබලට..අරන් වරෙල්ලා පිටිපස්සෙ පේලියේ උන්ගෙ පොත් ටික….මොකක්ද දසුනා උබ ඒ කලේ..මම මොනව කරන්නද බං.කසුනා හදලා තිබුන විදිහට මමත් හැදුවෙ..දැං ඉතින් ඉවරයි අපි……යමල්ලා සර් ලඟට…

එකෙක් වත් ගනන් හදල නෑ…පන්තියෙ එලියෙ දනගහපිය හැමෝම…පොත් ටික අරන් ගිහින් දනගහගෙන හදපල්ලා ගනන් ටික..තොපි ඔය ටික හදනකන් පන්තියට ගන්නෙ නෑ…..හරි නේද දසුනා…උබට දැං සතුටුද..අවුලක් නෑ ලොක්කා..period 2ම ඉවර වෙනකන් මෙතනින් යන කෙල්ලෙක් ටෝක් කරමු…අන්න බං 11 වසරෙ බඩු කෑල්ල එනවා..මොනව හරි කියමුද…බලපං මේ දසුනා ඕකිට මොකද කරන්නෙ කියලා….ස්…ස්ස්ස්ස්ස්…නංගි….අම්මෝ මෙයාගෙ ගනන් බලපල්ලකො බං….චික් ඒකි උබ දිහා බැලුවෙවත් නෑ….පවු බං උබ…හරි හරි ඉඳපංකො..ආයෙත් මෙතනින් යයිනෙ..එතකොට බලපංකො….ඔන්න එනවා බං…ස්…ස්ස්ස්ස්ස්….අයියගෙ තාත්තා නයෙක්ද..නෑ නංගි ගැට පොලඟෙක්…ඇයි අවුල්ද…..නංගි මේ චමත් අයියා ඔයාට හද පතුලෙන්ම ආදරෙයිලු….කෙල්ල හිනා වෙලා ගියා…..මොකක්ද හු#$% උබ ඒ කිවුවෙ…ඇයි චමතා මොකෝ අවුල….බලපන් මම යාළු වෙලා ඉන්න නංගි ඒකිගෙ පන්තියේ..දැං ඉතින් ඉවරයි……හරි හරි බං…අපි shep එකක් දාමු…මචං සනෝජි එනවා..ඒක නම් පට්ට බං..හා හා තොපිට කෙල්ලො ඉන්නව නේද…හදිස්සි උනා නම් විඳවපල්ලා….දසුන් මොකද මේ….නෑ සනෝජි අපිට සර් මතක ශක්තිය වැඩි වෙන්න ක්‍රමයක් කියල දුන්නා.අපි මේ ඒක හරියයිද බලනවා…උබගෙ කට නම් ඉස්සර වගේම තමයි දසුන්…අපි යනවා කැන්ටිමට….සනෝජි මට නම් දැන් කිරිටොපි කන්නත් බෑ…ඒත් දැන් ගේන්න එපා.දැං ගෙනාවොත් මට කන්න වෙන්නෙ නෑ…පලයං පලයං බායි…

ඔය විදිහට chemistry period එක ගෙවී ගියා…ඊලඟට මොනවද බං තියෙන්නෙ…ඉංග්‍රීසි බං..අපෝ…මම නම් පිනාගෙන් ගුටි කෑවත් මේකෙ ඉන්නෙ නෑ…යන උන් වරෙල්ලා match එකක් ගහමු…යන්න හදනකොටම මිස් පන්තියේ…
චමත් මම ජනේලෙන් පනිනවා…දිදුල උබත් පැනපන්.එකා එකා හිමීට පැනපන්…😎😎😎
ඊලඟ කොටසින් හමුවෙමු………

Related posts

Leave a Reply