💕💕 රිදී තාරකාවී =දහවෙනි කොටස 💕💕

💕💕 රිදී තාරකාවී 💕💕

*** 10 කොටස ***

කඩුල්ල ලගින් මතු උන රැව දැක්කාම මං අයාසයෙන් පාලනය කරගෙන හිටපු කදුළු අලුත් උනේ වාන් දනවා ..වගේ………..

” රි…..දී ”

“නි……පූ”

දුවගෙන ගිහින් ඒ පපුවට තුරුල් වේලා හයියෙන් ඇඩුවා මං ….

“රිදී කොහෙද දෙවියනේ උබ ඊයේ හිටියේ ..
උබට මොකද උනේ මගේ නංගීයේ.. කතා කරපන්….
අම්මායි මමයි දෙන්නා ගිණි පත්තු වේලා හිටියේ .. උබ නැතුව ..

අනේ දේවියනේ මේ මුණට මොකද මයේ අම්මා උනේ….කතා කරපන් රිදී මාව බය නොකර.
කාගෙද අර අපූ කාර් එක…
කතා කරපන් රිදී ”

නිපුනි මාව දැක්කා විතරයි.. ප්‍රශ්න ඔක්කොම එක වැර අහුවේ මං තුරුලේන් ඇත් කරන් උරහිස් වලින් අල්ලන්…

මට ඒකකටවත් උත්තර දී ගන්න බෑ…
මං කරේ නිපුට තුරුල් වේලා ඉකී ගහා ගහා අඩුපු එකයි……

නිපු කියන්නේ මගේ හොදම යාලුවා….. අක්කා…. දෙවෙනි අම්මා…. ඒ තරම් නිපු මට ලැදී…ගොඩක් ආදරේයි නිපු මට….
පුදුම බැදිමක් අපේ අතර තියෙන්නේ..
එක බඩවැල කඩාගෙන අපු සහොදරියක් වගේ……..
නිපුට ඉන්නෙ අයියා කෙනෙක් විතරයි.. අම්මා තාත්තා දෙන්න ඇක්සිඩට් එකකින් නැති වේලා …..

” නිපු අනේ මගේ අක්කේ…මට ජීවත් වෙලා වැඩක් නෑ මගේ අක්කේ .. ඔ…ඔයාගේ නංගීගේ ජීවිතේ විනාශ කරා මගේ අක්කේ තිරිසනෙක් මාව විනාශ කරා…

මං නිපුගේ කකුල් දෙක ගාව ඉදගෙන මහා හයියෙන් කෑගහලා අඩුවා….

මොනවාද රිදී මේ කියවන්නේ…
නැගිටපන් යමන් ගේ ඇතුලට ..අර පාරේ යන මිනිස්සුත් බලාගෙන යනවා කිව්වම අහලා නැගිටපන් ..යමන් ගෙට ගිගින් කාතා කරමූ යමන් ”

නිපූ එහෙම කියලා මාවත් බලෙන්ම වගේ නැගිට්ටවාගෙන එක්කන් අවේ ගේ ඇතුලට………

නිපුගේ ඇගට බර වෙලා ගේට අපූ මං දැක්කේ දෙයින් මගේ හුස්ම නතර උනා වගේ දැනුනේ ….
මගේ අම්මා බුදු පහන ලග ඉදගෙන නගුල වැල ගනන් කරනවා …ඒ පිය උනූ ඇස්වලින් කදුළු වැල් තවත් ගලාගෙන යනවා …මට බඩ පපුව දන්න පටන් ගත්තේ ..ඒ වේදනා බර මූන දැකලා..
මෙහෙම අම්මාට ගින්දර දේනවාට වඩා මැරිලා ගියා නම් හොඳයි කියලා සත්තයි මේ වේලාවේ නම් හිතුනා .. …

“නැන්දේ”

නිපු අම්මාට කතා කලාම අම්මා ඇස් ඇරියේ වේදනා වෙන් වගේ… මං හින්දා මගේ අම්මා ගොඩක් දුක් විදිනවා… පුංචි කාලේ ඉදන්ම තාත්තාත් නැතුව මාව උස්මහත් කාලේ එයාගෙ ගැනවත් නොහිතා…
ගොඩක් දුක් විදලා…
මට තවත් ඒ ඇස් වලට සතුටක් දෙන්න බෑරි උනා මං මහා පව්කාරියක්ක්ක්ක්……

අම්මා මාව දැකලා කදුළුත් පිහිද පිහිද දුවගෙන ආවා මගේ ලගට ….

” චුටි මැනිකේ කොහෙද මයේ අම්මා ඊයේ හිටීයේ …මං ගිනි පත්තු වේලා හිටියේ උබ නැතුව …මං දේවියෝ බුදුන්ට කිව්වෙ මගේ කෙල්ල අරක්ෂා කරලා මගේ ලගට දෙනත් දෙන්න කියලා …දේවියෝ මගෙ කන්නලව්ව අහලා මගේ කෙල්ල ආවා….. මං ලගට පිං සිද්ද වේනවා දෙවියනේ …..”

අම්මාට අහස වැද වැද දෙවියන්ට පිං දෙනවා… මගේ බඩ පපුව හොස් ගාලා දැවිලා ගියා..
අම්මාට කොහොම කියන්නද මට ඔනිම වේලාවෙදි ඔය දෙවියොත් අහක බැලුවා කියලා …

” රිදී උබට මොකද උනේ ඇයී මේ මුන කියපන් මගේ අම්මා.. මේ අම්මාව බය කරන්නේ නැතුව කියපන් මගේ මැනික..”

අම්මා අහන්නේ මගේ මුළු මුණම අත ගාගගා..

“කතා කරපන් රිදී ”

“ඊයේ උබ කොහෙද හිටියේ …උබට මොකද උනේ ඇයි මේ මුණ ”

අම්මා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුවත් මගේ කටින් එක වචනක් පිට වෙන්නේ නෑ………..

“කියපන් රිදී මාව බය නොකර ”

“අ…..නේ ..අ…ම්..මේ….”

මං මහා හයියෙන් කෑගහගෙනම් අම්මාගේ ලග ඉදගෙන ඒ කකුලක් බදාගෙන ඇඩුවා ….හයියෙන් කෑගහලා ඇඩුවා ….

“අ…ම්…මා…

ඔයාගේ චුටි මැනිකේට පරිස්සම් වෙන්න බැරි උනා මගේ අම්මේ…

ඔයාගේ මගේ තාත්තිගෙ නම්බුව අරක්ෂා කර ගන්න බැරි උනා මට ….. බේබදු තිරිසනෙක් මාව විනාශ කලා… මලක් වගේ හිටපු ඔයාගේ චුටි මැනිකේව මහ ගැනියක් කරා අම්මේ…
අ…ර..අ..ර…..කාෂී කියන තිරිසනා මාව අනාත කරා අම්මේ…විනාශ කරා

මං…මං ගොඩ…ගොඩක් දැගලුවා බේරෙන්න .. ඔයාගේ නම්බුව අරක්ෂා කරගන්න ..

මේ…මේ…බලන්න ..ඌ….මට කරපු දේවල්…”

මං ඇදගෙන හිටපු ජැකට් එක ගලවලා දාලා පෙන්නුවේ මගේ ඇග..
කාෂී සර් හපාකපු…. දත් පාරවල් නිය පාරවල් ..

ඌ ගො..ඩක්ක් …ගොඩක් ගැහුවා මට….
මං බේරෙන්න දගලද්දි…
ඒත් මට බැරි උනා අම්මේ………..

අම්මායි ,නිපුයි දෙන්නා මං දිහා බලාගෙන අදහාගන්න බැ වගේ…..දෙන්නාගෙන් එක්කෙනෙක් වත් වචනක්වත් කතා කරන්නේ නැ…

“ම…ට..මට ඔයාව ගොඩක් මතක් උනා…
මං උදව් ඉල්ලලා මහා හයියෙන් කෑගහලා ඇඩුවා අම්මේ…. මාව බේරාගන්න කියලා……..
ඒ…ඒත් කවුරුවත් මාව බේරාගන්න අවේ නෑ අම්මේ… කාටවත් පේනුනේ නෑ අම්මේ මගේ අසරණ කම ඔයා කන්නලව් කරපු දෙවියන්ටවත් ”

“ඌ මාව නොමරා මැරුවා අම්මේ..”

ඔයා මලක් වගේ පරිස්සම් කරපු අරක්ෂා කරපු ඔයාගේ චුටි මැනිකේ .. දැන් මහා ගැනියක් අම්මේ…
සමාවෙයන් අම්මෙ ඔයාගේ තාත්තාගේ නම්බුව අරක්ෂා කරන්න බැරි උනාට මං හිතලා කර ගත්තේ නෑ අම්මේ……..”

මං විස්තරේම අම්මාටයි නිපුටයි කියලා හයියෙන් ඇඩුවා…..දුක තුනි වෙනකම් ඇඩුවා …
අම්මා එහෙමම පුටුවක් උඩට වේලා කල්පනා කරනවා … ඒ ඇස් වල එක කදුළක් නෑ…වේලිලා ගිහින් මට බයකුත් හිතුනා දුක හිතේ හිර කරගෙන ඉන්නෙ නැතුව පිටකරා නම්……….නිපු මාව බදාගෙන ඉකිගගා අඩනවා ..

“රිදී ”
අම්මා කතා කලේ ගොඩක් වේලාවකට පස්සෙ ..

මං මොකුත් නොකියා බැලුවේ ඒ මුණ දිහා …

” යමන් පොලිසියට රිදී ..උට විරුද්ධව පැමිනිල්ලක් දාමූ ..යමන් මෙහෙම යමන් ..”

” නැගිටපන් රිදී එකාව පෝලිසියට අල්ලා දෙමු..නැගිටපන් ඉතින් ..”

අම්මා කියන්නේ මාව බලෙන් නැගිට්ට වන්න හදන ගමන් …නිපු තවමත් මගේ ලගට වේලා අඩනවා… පව් ඒකිත් මං නිසා දුක් විදිනවා…

“කොයි නැගිටපන් ඉතින් … සුදු නෝනා (නිපු ) ඔකිට නැගිටින්න කියන්න මෙහෙමම එක්ක යමු පොලිසි”

අම්මා මං නැගිටින්නේ නැති තැන නිපුටත් කියනවා…

“මට … බෑ..අම්මා පොලිසි යන්න ”

” ඇයි උබට බැරි පොලිසි යන්න ”

“උබ අපිට කිව්වේ ඇත්ත නම් ලැස්ති වෙයන් පොලිසි යන්න…”

මට බැ….අම්මා ..මට ..බැ..

” රිදී උබ අපිට කිව්වෙ ඇත්ත නෙද ?
උබ අපිට බොරු කිව්වෙ නෑ නෙද ?
උබ යාලු වෙලා හිටපූ එකාවත් මෙහෙම කලාද ?
බලෙන් අරන් ගිහින් …. ආආආඅ රිදී ”

“නැන්දේ…නැන්දා මොනවාද මේ කියවන විකාර…නැන්දාට පිස්සු හැදිගෙන එනවාද…කවුද රිදීගේ කොල්ලා එකිට එහෙම එකෙක් නෑ……..
රිදී අපිට කවදාවත් බොරු කියලාත් නෑ බොරු කරලාත් නෑ… නැන්දා විකාර කියවන්නේ නැතුව ඉන්න”

මං වේනුවට කතා කලේ මෙච්චර වෙලා නිහඩව හිටපු නිපු …. එකිට හොඳටම තරහා ගිහින් …
මගේ අම්මාටත් මාව විස්වාස නෑ…
මාව සැකයි එයාටත්…
දේවියෝ ඇයි මට මෙහෙම දඩුවම් කරන්නේ මං මොන වරදක් කලාටද…..

මතුසම්බන්ධයි ………………..

බුදුසරණයි ………..

💞 S පිරීස් 💞
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

ලයික් කොමන්ට් කරන හැමෝටම Thanks …….

Related posts

Leave a Reply