සෙනෙහස මියදේවිදෝ – විසිවෙනි කොටස

සෙනෙහස මියදේවිදෝ..

මේකයි අයියා අපි කියමුද සෙහස් අයියට පුන්චියට පොඩි ළමයි ටිකකට පන්තියක් කරන්න කියලා..

ගනන්වලටත් A එකක් තියෙනවනේ.. ළමයි දහයක් විතර හොයාගත්තම ඇතිනේ.. දැන් ටියුෂන්වලට එක්කෙනෙක්ගෙන් රුපියල් සීයක් විතර ගන්නවනේ.. අපි කියමු සෙහස් අයියට රුපියල් අසුවට විතර පන්ති කරන්න කියලා…

එත් නංගි මූ කැමති වේවිද දන්නේ නෑනේ..

හයියෝ අරෝෂ් අයි ඔයා නිකන් මුහුද හත්ගවිවන් දුර තියන් අමුඩ ගහනවනේ.. තාම අපි සෙහස් අයියට මේක කිව්වෙත් නෑ.. ඔයා මෙතන කැමැත්ත අකමැත්ත ගැන කතා කරනවා…

ඒකත් අැත්තනේ..අපි අදම කියමුද නංගි සෙහස්ට මේක.. ඔයාම කියනවද මූට මේ ගැන..

අම්මෝ අයියා දන්කවනේ සෙහස්ගේ හැටි.. මාව ගාවන්නේවත් නැතිව කියන්න ඔය ගැන..

~ ~ ~ ~ ~ ~

දහවල් ආහාරය ගෙන සියලුදෙනාම පිටත්වුයේ අම්බුළුවාවට යෑමටය… කලින් තීරනය කර තිබුනේ කැම්පස් එක බැලීමට යෑමට වුවත් පසඅව එය වෙනස් කරන ලදි. අම්බුළුවාව නැග බසින අතරතුර මා උන්නේ අඹ අච්චාරු මල්ලකට වග කියමිනි..

බලාපන් බන් මේ කෙල්ලෝ කොහේ ගියත් හොයන්නෙම ඇඹුල් ජාතිමනේ… කෝ බන් නැටි දෙක හැලිල වගේ මනුවෝ.. කියමින් මා හා සමව යන්නට එක්වුයේ සෙහස් සහ ඔහුගේ මිතුරන්ය..

උඹ කොහොමද බන් ඔය තරමට කෙල්ලෝ ගැන දන්නේ.. යැයි මනුර අසන්නට වුයේ මා අත තිබු අඹ මල්ලට අත දමමිනි..

ඇයි බන් අපේ එකිත් ඔහොමයි කොහේ ගියත් අඹමයි කන්නේ.. එතකොට දිනූ, සසිත්මා, සමීනා මුන් ඔක්කොම කොහේ හරි ගියොත් බන් මගෙන් ඉල්ලන්නනේ අඹ අච්චාරුම තමයි..

මගේ සිත රිදුනි.. නෙතු කියන්නට අැත්තේ සැබෑවකි.. සෙහස්ට හැම තැනම කෙල්ලන්ය… මා ඔවුන් අසලින් ඉවත්ව ගියේ සෙහස් අසල සිටීමෙන් මගේ සිත රිදෙන නිසාය..

හා කුමාරිහාමි.. ඉවරද දැන් අරෝෂ් එක්ක නටලා..
ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ නේද.. එක වෙලාවකට සෙහස්.. තවත් වෙලාවකට අරෝෂ්.. දැන් හමුදාකාරයෙක්වත් අල්ලගෙන.. නෙතු තවත් යෙහෙළියන් පිරිසක්ද සමඟ මා යන මඟ අහුරමින් කියන්නට විය..

හැමදාමත් මා කළේ ඉවසන එකය.. එනිසාම නෙතු කලේ මා රිදවන එකය..

ඇත්තට.. ඉතින් ඔයාට මොකද මම සෙහස් එක්ක හරි අරෝෂ් එක්ක හරි නැටුවම.. මට ඕනනම් මම දෙන්නා එක්කම නටනව… අනික නෙතු තමුන් තමුන්ගේ සීමාවේ ඉන්නවා… වැඩිය උඩපනින්න එපා.. මොකද ඔහොම නටන අයට වැඩිකල් රගන්න බෑ හරිද.. යැයි කී මා තවත් එතැන නොරැදි එන්නට විය..

~ ~ ~ ~ ~

ඇයි වදේ මේකිට තියෙන්නේ මාර උණක්නේ මම ගැන.. මට නෙවි මේකිට වගේ සෙහස්ව ඕන වෙලා තියෙන්නේ.. තනිවම මුමුණමින් ගිය මා එක්වරම නතර වූයේ කාගේදෝ ඇඟක හැපීය..

වාව්… කවුද බන් මේ ඒන්ජල්.. වැදුනත් මාර සනීපයිනේ.. කොහේද මේ කඩචෝරු මල්ලකුත් එල්ලගෙන තනියම කියව කියව යන්නේ…

මා ගොස් හැපී තිබුනේ රස්තියාදුකාර පාට් එකට උන් අයෙකුගේය.. අමුතුම විලිසිතාවකට කැපු කොන්ඩය සහ රැවුල.. එක් උරහිසක් වැසි යන සේ ගසා තිබු පච්චය.. අත් පුරා බෙල්ල පුරා බැදගෙන උන් දම්වැල් සහ කඹ කෑලි.. ඔවුට ලබා දී තිබුනේ මහ මරුමුස් පෙනුමකි..

ඇයි පේන්නේ නැද්ද එලවලු මාළු ටිකක් ගන්න මාකට් යනවා..කොහේ යනවා වගේද පෙන්නේ… මා නෙතු සමඟ තිබු කෝපයෙන්ම ඔහුගෙන් අසන්නට විය..

යකෝ මේ බලපන් ඒන්ජල්ගේ සැර..මාකට් යනවලු.. උඹලට පේන්නේ කොහේ යනවා වගේද.. මට නම් පෙන්නේ… එක්කෝ ඕන නෑ..

මොනාද ඕන නැත්තේ.. මේ තමුන්ගේ යාළුවන්ට කියන්නේ මම ඔක්කොටම කලින් මෙයාගේ ඇස් චෙක් කරවලා කන්ණාඩි දෙකක් අරන් දෙන්න.. නාදුනන තරුණයාගේ මිතුරන් දෙස බලා මා එසේ කිව් සැනින් සියල්ලෝම මහා හඬින් හිනහෙන්නට විය..

ඒන්ජල්.. ඒන්ජල්..තමුසේ නම් මරු හලෝ පොඩි වුණාට කට කටර් එක වගේ.. මොකද්ද ඒන්ජල්ගේ නම.. මම සුවහස්.. යැයි කියමින් ඔහු මා වෙත අත දික් කරන්ට විය..

KK කොහෙද බන් ගියේ.. අපි කීයේ ඉදන්ද හොයන්නේ.. තනියම යන්න මොලයක් නැද්ද..අපි මේ වරුනි මිස්ට කෝල් කරන්න හැදුවේ.. සෙහස් කිව්වා පහලට ගියා කියලා.. කියමින් පැමිණියේ නිකී සහ නිෂාය..

එතකොට මේ ඒන්ජල්ගේ නම KKද.. මරු නමක්නේ බන්.. අපේ කතාව මැදට පැන සුවහස් නම් තරුණයා කියන්නට විය..

හලෝ මේ දෙන්නෙක්කතා කරනකොට මැද්දට පනින්නේ නැතිව ඉන්න දන්නේ නැද්ද.. වාචාලයා වගේ කියවනවා.. එතකොට ඔයාලා.. සුවහස් දෙසට හැරි එලෙස කියා මා ඊළඟ හැරුනේ යෙහෙළියන් දෙසටය..,

ඔයාලටත් මම ගැන අහන්න කෙනෙක් ⁣උන්නෙම නැද්ද අර උඩුගුවා හැර.. යැයි මා කියනවත් සමගම සුවහස් මහ හඬින් හිනාවෙන්ට විය..

අනිත් කෙනා තමුන්..මොකක්හරි නට් ලූස් එකක් තියෙද නිතරම හිකි හිකි ගාන්නේ ආ.. හිනාවෙමින් සිටින සුවහස්ගෙන් මා එසේ අසන්නට විය..

උඩුගුවා නෙවෙයි ඒන්ජල් උගුඩුවා.. මොකාද.. උගුඩුවා.. එක්වරම මගේ මුහුණට මුහුණ ළං කර සුවහස් එය කී ආකාරයට මා ගැස්සි ගියෙත් අඩි කිහිපයක් පිටුපසට අැදී යන්නට වූයෙත් එකටමය..

හත්දෙයියනේ විනාසයි ඉතින් දැන්.. මා මටම මුමුණා ගත්තේ මගේ අත රිදෙන තරමටම අල්ලාගෙන කෝපයෙන් මදෙස බලා උන් සෙහස් දැකීමෙනි..

සමාවෙන්න යාළුවා මෙයාගෙන් ඔයාලට බාධාවක් වුණා නම්.. යැයි සුවහස්ට කියු සෙහස් මාවත් ඇදගෙන පඩිපෙළ බහින්නට වුයේ වේ⁣ගයෙනි..

~ ~ ~ ~ ~

අත්හරිනවකෝ මගේ අත.. හිතුවද මේවා ප්ලාස්ටික්වලින් හදලා කියලා.. නෑ හලෝ ඇට මස් ලේ නහරවලින් හැදිලා තියෙන්නේ.. ⁣කොච්චර කිව්වද සෙහස් නම් අත අත්හැරියේ නැත.. මා දෙස රවා බැලු ඔහු කළේ ග්‍රහනය තවත් දැඩි කිරිමය..

හරි හරි ඉතින් ඕකට රවන්න ඔන් නෑනේ.. සුට්ටක් අත බුරුල් කලා නම් හරිනේ.. අනිත මොන එහෙකටද අර යකඩබඩුකාරයගෙන් සමාව ඉල්ලුවේ.. හරියට මම වැරද්දක් කලා වගේ..

එක්වරම නතරවුන සෙහස් අත අත්හරිමින් මා දෙසය හැරුනේ කෝපයෙනි.. මා වටපිට බලන්නට වූයේ අප සිටින්නේ කෙහෙද කියා බලන්නටය.. අප උන්නේ රථගාලේය..

නැවත මා සෙහස් දෙස බැලුවත් සෙහස්ගේ බැල්ම දරාගන්නට නොහැකි වූ තැන මා බිම බලාගන්නට විය..

සෙහස් පියවරින් පියවර ඉදිරියට ආවෙත් මා පියවරින් පියවර පිටුපසට ගියෙත් එකම විටය.. පසුසපට ගිය මා නතර වුයේ ගසක හැපීය.. කට කොනකින් හිනහෙමින් මා අසලට ආ සෙහස් අත් දෙක ගස දෙපැත්තට තබා මා මැදිකර ගග්තේ එතනින් යා නොහැකිවන ලෙසය…

දැන් මොකද කියන්නේ ආ.. මොකේ කට වහගත්තේ..

මේ.. මේ.. මට.. අන්න වරුනි මිස්..
මා එසේ කිව් සැනින් මා අසලින් සෙහස් ඈත්ව පිටුපස බැලුවේත් මා එතනින් දුවන්නට හැදුවේත් එකම විටය..

ඉදියට තැබුවේ අඩි දෙකක් පමණි.. මා නතර වූයේ සෙහස්ගේ උණුසුම් පපුවේය..

හිතුවේ මාව රවට්ටන්නද… ගුරුවරු ඔක්කොම තාම උඩ.. මොකො දඟලන්නේ.. මා සෙහස්ගෙන් මෑත්වීමට උත්සහ කලද සෙහස්ගෙන් ඊට ඉඩක් නොවීය…

තමුන්ට ලැජ්ජාවක් කියලා නාමයක් නෑ නේද.. මෙකෙක්හරි එකෙක්ගේ ඇගේ එල්ලිලා මුකුලු කර කර ඉන්නමයි බලන්නේ.. ෂිට් තමුසේ නම් හැදෙන්නේ නෑ ඕයි.. සෙහස් කියන්නට විය..

මට අැතිවුයේ සෙහස් ගැන කෝපයකි.. ඒත් සමඟම සෙහස්ව තල්ලුකරමින් ඔහුගෙන් මෑත් වූයෙ ඇතිවු කෝපත් සමගිනි..

මොකද්ද කිව්වේ.. මම එක එකාගේ ඇගේ එල්ලෙනවා.. තමුන් හිතන් ඉන්නේ මම කවුරු කියලද.. මේක ⁣හොඳට මතක තියා ගන්නවා.. මම කොයි විදියට හැදුනත් තමුන් ඒ ගැන වොරි වෙන්න ඔන නෑ.. මොකද මම තමුන්ගේ අන්තඃපුරයට අයිති කෙනෙක් නෙවිනේ.. හිතන්…

චටාස්…. සිදුවුයෙ නොසිතු දෙයකි. සෙහස්ගේ අතවිත් නතර වුයේ මගේ කම්මුලේය

මොකද්ද තමුන් කිව්වේ.. අන්තඃපුරය..⁣ මම දවසකුත් කියලා ඇති මාත් එක්ක කටගහන් එන්න එපා කට කඩනවා කියලා.. හොදින් කියලා අහන්නම බෑ වගේ නේ.. අදින් පස්සෙවත් මම එක්ක කතා කරන කොට හිතලා කතා කරනවා..

අනික තමයි ආයේ මම ඉස්සරහ නෙතුට බැනලා තිබුනොත් කට කඩනවා.. මෙච්චර දවස් හිතුවේ නෙතු කින්නේ බොරු කියලා.. ඒත් බලන් ගියාම තමුසේ තමයි බොරුවට රගපාලා තියෙන්නේ..

සෙහස් තවත් මොන මොනවදෝ කියනවා ඇසුනත් මා එතනින් දුව ආවේ බසයටය..

එච්චර තරහක් මම එක්ක.. ඒත් අැයි ඒ.. මගේම සිතුවිලි අතර අතරමංව සිටි මට නින්ද ගියේ කීයටදැයි කියාවත් නොදනිමි.. මා ඇහැරුනේ රාත්‍රී නවාතැනට පැමිණ නිකී මා අවදි කල පසුය…

අම්බුළුවාව ගමනේ සිට නිවසට එනතෙක් මා හා සෙහස් අතර කිසිදු කතාවක් නොවු අතර
යෙහෙළියන්ටද ඒ වෙසන දැනෙන්නට ඇත.. නමුදු ඔවුන්වත් ඊට හේතු මගෙන් ⁣නොවිමසු අතර මා ඔවුන් සමඟද කතා නොකල තරම්ය…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴

Like කරන Comment කරන යාලුවෝ හැමොටම ගොඩක් ස්තූතියි..

බුදුසරණයි යාළුවනේ…

Related posts

Leave a Reply