සෙනෙහස මියදේවිදෝ – දහනමවෙනි කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~

හපොයි ඔව්… මෙයට නම් අනුන්ගේ පවුල් කඩලා මඟුල් කඩලා හොද පුරුද්දක් තියෙන්නේ.. කොහොමත් පරිස්සම් නොවුනොත් මනු බොගේ මඟුලත් ඉවරයි තමයි තමයි….

සියල්ලෝම බැලුවේ ඒ හඬ අා දෙසය… හඬෙහි අයිතිකරු නෙතුය

ඇයි තමුන්ගේ මොන මඟුලක් කඩලද බන් KK… නෙතු මම එදත් කිව්වා නිරපරාදේ නෙතුට අරවා මේවා කියන්න එපා කියලා… අනික අනුන්ගේ මින්ස්සු ඕන නෑ එ්කීට.. එයාෆෝස් කොල්ලෙක් ප්‍රොපෝස් කරලා තියෙන්නේ… හැමදාමත් මෙන් අදත් නිකී මා වෙනුවෙන් කතා කරන්නට විය…

පේනවා නේද මනු මේ නිකීගේ කට.. එදත් මේකි මට බැන්නා… කෝ ඔයා විස්වාස ක⁣ළේ නෑනෙ මම කිව්වම.. ඔන්න අද ඔයා මගේ ඇස්දෙකටම දැක්කනේ…

හා එතකොට තමුන්ද සුදු අයියට ඒක කිව්වේ… මම හිටියේ එ්ක කියපු එකා හොයාගන්න බැරුව… මේක හොදට මතක තියාගන්නවා.. KKගෙන් නෙවි තමුන්ගෙන් තමයි මට මගේ සුදු අයියව පරිස්සම් කරගන්න වෙන්නේ… නිකී කිව් සැනින් මුහුනත් හකුලුවා ගත් නෙතු තමන්ගේ අසුනට යන්නට විය.

එතකොට තමුන්… මොන මඟුලකටද එක එකා ඇවිත් බැනලා යනකන් කට පියාගෙන ඉන්නේ.. කෝ අර සෙහස්ටයි අරයටයි මෙයාටයි බනින කට… මහ හඩින් නොවුනත් නිකී කෝපයෙන් කියන්නට විය.. බසයේ වූ සද්දය නිසා බොහෝ දෙනෙක්ට සිදුවු කතා බහ නොඇසෙන්ට ඇත.

නිකී මම… මට කිසිත් කියන්නට ඉඩක් නොතබාම එක දිගට නිකී කියවන්නට විය..

ඇයි මොකද ආ ඔය තරමටම අර ඉසකුඩිච්චියට බයද…

සුදු මැණික… ඇති දැන් ඔය..

සුද අයියා අනිත් කෙනා ඔයා.. මේ කොහවත් යන කෙනෙක් කියන දේ විස්වාස කරලද එදා අරම මගෙන් ඇහුවේ… දැන්නම් මට ඔක්කොම තේරෙනවා…

නිකී කට වහගන්නකෝ දැන් ඔය ඇති අපි දැන් නුවර ඉන්නේ.. කෑ නොගහ හිටහන්.. මේ ප්‍රශ්නේ අපි බස්සේ බේර ගමු…

~ ~ ~ ~ ~ ~

අන් සියලුදෙනා මඟහැර මට ඇවැසි වූයේ ටිකක් තනිවෙන්නටය.. පළවෙනි වතාවට හිතෙනවා අපරාදේ මම ට්‍රිප් එක ආවේ කියලා.. කල්පනා කරමින් මා මාළිගාවේ පඩිපෙළ නැඟවිත් අන් අය මගහැර වාඩිවී හිදින්ට විය..

මම වැරද්දක් කළේ නෑනේ.. සෙහස් ගැන හැඟීමක් තිබුණා වුණාට මම කාගෙවත් පවුලක් කැඩුවේ නෑනේ… කාලය ගතවෙන බවක් නොදැනුනි. එක් වරම මා ගැස්සි ගියේ මගේ අතට දැනුන ස්පර්ශයෙනි… මා අසල උන්නේ සෙහස්ය..

මොකද මේ.. අත්හරිනවා අත.. තවත් නෙතූගෙන් වචන අහන්න දෙයක් කරන්නේ නැතිව… යැයි මා කියන්නට විය.. කෑ ගසා අඬන්නට ඇවැසිවූවත් මාළිගාව තුළ එසේ කළ නොහැක..

එක එකාට බයේ ජීවත්වෙන්න බෑ කියලා තමුසේ තාම දන්නේ නැද්ද..මෙන්න හේ එනවා යන්න.. දැන් විනාඩි පහළොවක් විතර තමුන්ව හොයනවා..හැමෝම බස් එකේ.. තමුන් මෙතන අනිමිස ලෝචනය කරනවා.. යැයි කියමින් ⁣සෙහස් මා ඇදගෙන මෙන් යන්නට විය..

අනේ විනාඩියක් ඉන්න.. අනේ ප්ලීස්.. පඩිපෙලද බැස මද දුරක් ආ පසු මා සෙහස්ට කියන්නට විය..

මා දෙස රවා බැලු ඔහු අත අත්හැරියේ රිදෙන තරමට අත තද කරය..

ආව්.. රිදෙනවා මැට්ටෝ.. යැයි කියමින් අත අතගාමින් මා නැවත මාළිගාව තුළට දිව යන්නට විය..

දළදා සමිදුනි මට පිහිට වන්න.. සෙහස් අයියගේ ඉගනීම සාර්ථක කරගන්න උදවු කරන්න.. එන ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්න ශක්තිය ලබා දෙන්න… මා සෙහස් වෙනුවෙන් ප්‍රාර්ථනා කර දෑස් හරින විට මා ඉදිරියේ උන්නේ සෙහස්ස. මා තිගැස්සී ගිය නමුත් ඒ වගක් නොදැනෙන්න සිනාසුනෙමි..

මොකෝ හමුදාකාරයව ඉක්මනට බඳින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළාද..

ඔව්.. ඔව්.. මට වැඩේමයි.. හිතුවද ම..

හපෝ.. හපෝ.. මේ තමුන්ගේ බෙලෙක්කේ හොලවන්නේ නැතිව දැන්වත් යමුද අපි.. යැයි කියමින් සෙහස් ආපසු හැරුනේ යන්නටය…

දෙයියනේ මේ මෝඩයා නම්… මටම කොදුරා ගත් මා ඔහුගේ අත අල්ගා ගත්තේ ඔහුටත් කිසිත් සිතාන්නට මොහොතක්වත් නොතියාය..

මොකද මේ.. මනුස්සකමට හොයන්න ආවම එනවද කරේ නඟින්න.. තමුසේට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද.. නෙතුමි කියක්නේ බොරු නෙවි වගේ…

මට සෙහස් ගැන පුදුම සිතුනි.. ඔහුත් මා ගැන සිතනුයේ වැරදි ලෙසය.. කවදාහරි දැනගත්තොත් මම එයාට ආදරෙයි කියලා.. ඔහුගේ අත අල්ලාගෙනම මා උන්නේ මගෙම සිතුවිලි සමඟ පොර බඳමිනි..

අයියා ආයෙම ඇතුළට ඇවිත් වඳින්නේ නැතිව යන්න එපා.. යැයි කී මා හට ඇඬුනේ තවත් නම් කඳුළු හිරකර ගන්නට නොහැකි වූ තැනය.. මා ඔහුවත් දමා මා බසය නවතා තිබු තැනට දිව එන්නට විය…

අනේ මන්දා මේ කෙල්ල නම් මහ පුදුම කෙනෙක්.. තමන්ටම මුමුණා ගත් සෙහස් ආපසු හැරි වන්දනා කර ඉක්මන් ගමනින් ගියේ දෙව්ලි මඟහැරුණොත් යන බියෙනි..

දෙව්ලි කොහෙද දරුවෝ හිටියේ.. මේ වගේ තැන්වල මඟ හැරෙන්න එපා දරුවෝ.. කෝ සෙහස්.. මනුර.. ඒ ළමයි ගියා ඔයාව බලන්න..

අපිත් ආවා මිස්.. අපි යද්දි KK භාවනා කරනවා.. ඒකයි ටිකක් පරක්කු වුණේ.. බාධා කරන්න බෑනේ..

හා හා යමු ළමයි.. උදේට කන්නත් ඕන කෙලින්ම යමු මල්වත්තට..

~ ~ ~ ~ ~

පනහක් පමණ පිරසක් චාරිකාව පැමිණ සිටියත් සියලුදෙනා සතුවම දුරකතන නොමැති වූ බැවින් දසදෙනා බැඟින් කණ්ඩායම් කර මල්වත්ත බලන්නට කටයුත කරන්නට විය

නිෂා නිකී ළඟ දුරකතන තිබු අතර මා සතුව නොවිය.. මමත් අරෝෂ් අයියාත් නෙතුත් එක කණ්ඩායමකට වැටුන අතර නිෂා නිකී වෙනත් ඒවාට බෙදී යන්නට විය..

ඉතින් නංගි අපේ එකාගේ ප්‍රශ්නෙට මට විසදුමක් හමුබවුණාද ..

විසදුමක් හමුබවුා… එ්ත් සෙහස් අයියා කැමති වේවිද දන්නේ නෑ…

අනේ නංගි අර මොකද්ද එකා තුත්තිරිගහේ එල්ලෙනවා වගේ තමයි දැන් අපිත්.. අනේ මොකක් වුණත් කමක් නෑ කියන්නකෝ නංගි..

මුළින් කියන්නකෝ සෙහස් අයියට ගණිතයට මොකද්ද තියෙන්නේ..

ඌට A එකක් තිනේනේ.. ඇයි නංගි..

මේකයි අයියා අපි කියමුද සෙහස් අයියට පුන්චියට පොඩි ළමයි ටිකකට පන්තියක් කරන්න කියලා..

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

  • Like කරන Comment කරන යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි යාළු…

Related posts

Leave a Reply