මොනවද මේ අකුණු ගහනවා කියන්නෙ….

ඇත්තටම අකුණක් කියන්නෙ මොකක්ද…සමහර මිනිස්සුන්ගෙ මතය නම් දෙයියො කෝප වෙලා කියන එක.ඒත් ඇත්ත මොකක්ද..අපි බලමු..

අකුණක් කියන්නෙ වලාකුලක්,වලාකුළු දෙකක් අතර හෝ පෘථිවි පෘෂ්ඨය අතර ඇති වන විද්‍යුත් විසර්ජනයක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්..විද්‍යුත් විසර්ජනයක් කියන්නෙ මොකක්ද කියලා අපි o/l කරන කාලෙත් ඉගෙන ගත්තා.ඒත් දැං මතක නැතුව ඇතිනේ..මම ඒකත් කියන්නම්කො…විද්‍යුත් විසර්ජනයක් කියන දේ ඔයාලට ගෙදරදීම බලාගන්න පුළුවන්.අලුත් බැටරි කෑල්ලක් අරගෙන තනි වයර් එකකින් (-)අග්‍රයට එක කෙලවරක් සම්බන්ධ කරලා අනිත් කෙලවර (+)අග්‍රයට හිමින් සැරේ ගාවලා බලන්න.එතකොට ඔයාලට දැකගන්න පුළුවන් විද්‍යුත් විසර්ජනයක් කොයි වගේද කියලා…දැං අපි බලමු අකුණු ඇතිවෙන්න හේතු මොනවද කියලා..

අකුණු ඇතිවන්නට ප්‍රධාන හේතුව වන්නේ අහසේ තියෙන කැටි වලාකුළු විශෙශ්ෂය..කැටි වලාකුළු කියන්නෙ අහසේ වලාකුළු පවතින විවිධ ආකාර වලින් එකක්..කැටි වලාකුළු cover photo එකේ තියෙනවා.

හොඳින් ආරෝපණය වුන කැටි වලාකුලක යටි පැත්ත (-)ආරෝපණයක් සහ උඩ පැත්ත (+)ආරෝපණයකින් යුක්ත වෙනවා.මේ විදිහට හොඳින් ආරෝපණය වුන වලාකුළු අතර ප්‍රේරණය නිසා වලාකුලට පහලින් ඇති පෘථිවි පොලව මත (+)ආරෝපණ හට ගන්නවා..මෙසේ ආරෝපණ කේන්ද්‍රය අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳ වැටීම් නිසා ආරෝපණ කේන්ද්‍රය අතර විද්‍යුත් විසර්ජනය වෙනවා.වායුගෝලයේ ඉහලට යන විට පීඩනය අඩු නිසා විද්‍යුත් ක්ෂේත්‍රයේ අගයද අඩු වෙයි.ඒ කියන්නේ වලාකුල තුලදී විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය අඩු බවයි.මේ නිසා පෘථිවි පෘෂ්ඨය වෙතට අකුණක් ඒමට පෙර වලාකුල තුලදී අකුණ ඇති වේ.

අපි දැං බලමු අකුණු පහරක කොච්චර ශක්තියක් තියෙනවද කියලා…ඇත්තටම අකුණු පහරක විශාල ශක්තියක් තියෙනවා..ඇම්පියර් 25000 සහ වෝල්ට් මිලියන 100ක පමන විද්‍යුත් ශක්තියක් අකුණු පහරක තියෙනවා.පොඩ්ඩක් හිතල බලන්න ඔයාලගේ ගෙදර TV එකට අවශ්‍ය වෙන්නෙ වෝල්ට් 220-250 අතර අගයක් හා ඇම්පියර් 10ක විද්‍යුත් බලයක්.ඉතින් හිතාගන්නකො අකුණු පහරක තියෙන ශක්තිය කොච්චරක්ද කියලා..දැනට හොයාගෙන තියෙන විදිහට කූලෝම් 5ක විද්‍යුත් ආරෝපණයක් සහිත අකුණක ශක්තිය ජූල් මිලියන 500ක් පමන වෙනවා.පොඩ්ඩක් හිතල බලන්නකො අකුණු පහරක ශක්තිය අපිට ගබඩා කරගන්න පුළුවන් උනොත් මාස කීයකට අපිට අවශ්‍ය විදුලිය ගන්න පුළුවන්ද කියලා…

ඉතිං දැං ඔයාලා දන්නවා අකුණක් කියන්නෙ මොකක්ද කියන එක…අකුණු ගහන්නෙ දෙයියො කෝප වෙච්ච නිසාද නැත්නම් ස්වභාවික පරිසරයේ ක්‍රියාකාරකම් නිසාද කියන එක දැන් ඔයාලට වැටහෙනවා ඇති.අපිට අකුණු ගහන එක නවත්තන්න බෑ.ඒත් ඒවායෙන් ආරක්ෂා වෙන්න පුළුවන්…
01.වැහි වලාකුළු තිබෙන අවස්ථා වලදී
එලිමහන් තැන් වල සිටීමෙන් වැලකීම.
02.ගොරවන විටදී ජංගම දුරකථන ක්‍රියාවිරහිත
කර තැබීම.
03.ගොරවන විටදී වියලි රබර් සෙරෙප්පු භාවිතා
කිරීම.
04.වහින විටදී විදුලිය සපයා ඇති සියලුම
උපකරණ ක්‍රියාවිරහිත කිරීම.

මෙවැනි දේවල් මගින් අපිට අකුණු වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.මේක මගෙ පලවෙනි විද්‍යා ලිපිය යාළුවනේ..ඔයාලගේ අදහස් දක්වන්න.මට ඒවා ගොඩක් වටිනවා.හැම සිද්දියක් දිහාම විද්‍යාත්මකව හිතන්න.මෝඩ මත වලට රැවටෙන්නෙ නැතුව ඔයාලගෙම මතයක් ඉදිරිපත් කරන්න..අපි ආයෙත් අලුත් ලිපියකින් හමුවෙමු.මම මේ ලිපි ලියන්නේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට.ඒක නිසා සමහර වචන බර වැඩි වෙන්න පුළුවන්.
…THINK DIFFERENT…

Related posts

Leave a Reply