අත්හරිමි..

“යන අතක යනව ඕයි පව් නොදී…
මං කරන්නෙ මොනවද නැත්තෙ මොනවද හොයන්න තමුසෙට අයිතියක් නැහැ.”

ආයෙමත් පාරක් ෆෝන් එක දිහා බලපු මං හීනියට හුස්මක් හෙලුවා.කොහොම හිටපු කොල්ලෙක්ද මේ..

පාර පැනල මං අවෙන්රා ෂොපින් සෙන්ටර් එකට ගොඩවුනා. ටවුන් එකේ තිබිච්ච ලොකුම ෂොපින් සෙන්ටර් එක විදියට කස්ටමර්ස්ලා බර ගානක් දිනපතා එතනට ආවා ගියා. මං කෙලින්ම ගියේ ඔෆිස් රූම් එක පැත්තට.

“මිස් කවුරු මුණ ගැහෙන්නද”

මගේ දිහා උඩ ඉදං පහලට බලපු ඔෆිස් රූම් එක ලඟ ඉදපු සෙකට්‍රි ඇහුවා. ඇත්තටම එහෙම බලපු එක ගැන මම පුදුම වෙන්නෙ නෑ.නිතර දෙවේලෙ පොශ් විදිහට ඇඳගනිපු, මේකප් හත් තට්ටුවක් උලාගත්ත නෝනලා ගැවසෙන එතනට නිකම්ම නිකං ස්ලිපර්ස් දෙකක් දාගෙන දිග සායට අත්දිග බ්ලව්ස් එකක් ඇදල කොණ්ඩෙ තනි කරලට ගොතපු මම හද්ද ගොඩයෙක් වගේ පේන්න ඇති.

“මිස්ටර් නිලූක ඉන්නවද? මට පොඩ්ඩක් මුණගැහෙන්න ඕන”.

“ලොකු සර් දැන් ගෙදර යන්න හදන්නෙ. මේසෙ උඩ තිබිච්ච අවුල් වුන ෆයිල් ටික හදන ගමන්ම මාව ගනනකට නොගන්න ගානෙන් සෙකට්රි කියල දැම්ම.

“ප්ලීස් මිස් මට චුට්ටකට විතරක්……..
මං තවටිකක් බැගෑපත් වෙන්න හදද්දිම වහල තිබුන ඔෆිස් රූම් එකේ දොර ඇරුනා. ඇරුනු දොරෙන් එලියට ආවෙ කඩවසම් ඉලංදාරියෙක්. ජෙල් ගාල හදපු කොණ්ඩෙ, තද නිල්පාට ෂර්ට් එකට තද නිල් සුදු ටයි එක දාලා හිටපු එයාගෙ ගාම්භිරකම ඇඳුමෙන් තවත් හයිලයිට් වෙලා තිබුන.

මාව දැකපු නිලූක නිවන්ත විමලසූරිය මොහොතකට ගල් ගැහුනා.හරියට එතනදි මගේ හෙවනැල්ලක්වත් දකින්න බලාපොරොත්තු නොවුනා වගේ.විනාඩියක් විතර තමන්ගෙම හැඟීම් එක්ක වාද කර කර හිටපු නිලූක කතා කලා.

“මොකටද අයිසේ මේක අස්සෙ ආවෙ මාව හොයාගෙන??මට කරපු හරිය මදිද තමුසෙට”
එයාගෙ ඇස් දෙක ගොරක මද දෙකක් වෙන්න ගියේ තප්පරයක් වෙන්න ඇති.මං බිම බලාගත්තා.

“අන්තිම වතාවට මං කියන දේත් ටිකක් අහන්න කියන්න නිලූක මං ආවෙ”

“අන්තිම වතාව කිය කියා මං එක එකාගෙන් අහගත්තු හරිය සෑහෙන්න හිතට අරගෙන මං ඉන්නෙ.තමුසෙත් ආයෙ වතාවක් ආවෙ මට කියවලා මගේ හිත ආයෙ කඩලා යන්නනෙ?එක්කො ඔය අහිංසකකම පෙන්නලා මගෙ ඇඟේ එල්ලෙන්න.ලැජ්ජ නැද්ද නවාංජනා තමුසෙට??තමුසෙ කරපුවා මෙතන මට කියල වමාරව ගන්න හදන්න එපා”

එකමෙක කඳුලක් මගේ ඇස් අගින් මෝදු වෙනවා මට දැණුනා.ඇත්තටම මට ඕනත් ඒකම තමයි නිලූක.. එතකොට ඔයාටම තේරෙයි මොකද උනේ කියන්න…

……………………………………………………………………………………………………………………………………………….

නිලූක, මේනුක, සිතාරි, නවාංජනා, ඉස්සර ක්ලාස් එකේ ජනප්‍රිය ම උනේ අපේ හතරෙ කල්ලිය. හොඳම යාලුවො විදියට හැමදාම එකට ඉඳියත් යාලුවො අතරට ආදරේ කියන දේ ආවම අර කලින් තියෙන ෆිට් එක බිඳෙනව.

නිලූක පරම්පරාගත සල්ලි කාරයෙක්. මේනුකගෙ අම්මයි තාත්තයි දෙන්නම වැඩකලේ පොලීසියෙ.මගේ බොක්කි සිතාරි.එයාගෙ තාත්තා රට. අම්මා ටීචර් කෙනෙක්. නිලූකට තරමට ම නැතත් මේනූකටයි සිතාරිටයිත් අඟහිඟයක් තිබුනෙ නෑ.හතර දෙනා අතරින් ලොකුම අඩුපාඩුකම් තිබුනෙ තාත්තත් නැති මට නොදන්න තැනක තනිවුන මට. මම නවාංජනා.

සල්ලි අඩුපාඩුවක් තිබුනත් හතර දෙනා අතරින් හොඳටම ඉගෙන ගන්න පුලුවන් උනේ මට. සිතාරිට උවමනාව තිබුනත් දක්ශකමක් තිබඅනෙ නෑ.මේනුක මහන්සි උනේ යාන්තමට එක්සෑම් පාස් වෙන්න. එයා හිටියෙ පොලීසියට යන්න. නිලූකට එහෙමටවත් උවමනාවත් තිබුනෙ නෑ.වැඩක් කරනවනම අපි හැමෝටමත් වඩා සුපිරි මොලයක් එයාට තිබනත් එයින් අංශු මාත්‍රයකවත් ප්‍රරමානයක් එයා ප්‍රයෝජනයකට ගත්තෙ නෑ.

“ඕව කරල කාටද බං හරිගියේ….නිකං බොරුවටනේ අපි මේ වටින මොලේ වෙහෙසන්නෙ..ඒ කාලෙ මං නං වෙන් කරගන්නෙ ලස්සන කෙල්ලෙක් දිහා බලන්න”

ගොඩක් වෙලාවට නිලූක එහෙම කියන්නෙ මං දිහාම බලාගෙන. යාලුකම නිසා කෙලින් කියාගන්න බැරිකම තිබුනා උනත් නිලූකගේ හිතේ මං ගැන අදහසක් තිබුනා කියන්න මම විතරක් නෙවෙයි සිතාරිත්, මේනුකත් දැනන් හිටියා.

මට මොබයිල් ෆොන් එකක් තිබුනෙ නැතත් නිතර දෙවේලෙ හේතුවක් නැතිව මං අහල සිතාරිට කෝල් කරන්න එහෙම නිලූක පෙලඹුනා. සිතාරි උනත් නිලූකගෙන් කෝල් එකක් එනකල් බලන් හිටියෙ පේවීගෙන වගේ.

ඒත් මං හිටියෙ ගොලුවෙක් බීරෙක් වගේ. මට ගොඩයන්න තිබුන එකම මග අධ්‍යාපනය.නිලූකට ඒකෙ අනිත්පැත්ත.නිලූක එක්ක සම්බන්ධ උනොත් මට වෙන්නෙ මේ කාලෙදි මේසේරම අතෑරලා දාලා එයා එක්ක ඉන්න.

ඒත් මගේ හිතේ නිලූකට අකමැත්තක් තිබුනෙ නැහැ.

“ඒයි මැට්ටි..කවදහරි ඔයා බඳින්න කැමති මොන වගේ කොල්ලෙක්ද?”
සමහර වෙලාවට ක්ලාස් එක අතරතුරේදි එහෙම අහල කටු අකුරු වලින් චිට් ලැබෙනවා.

හැමදාම වගේ චිට් ටික එකතු කරගෙන පර්ස් එකේ දාගන්න එක විතරයි මම කලේ..මම හිතුවෙ ඉවසන්නෙ මේ මාස අට විතරයි කියල…

ඒත්..මම කල්යල් බලද්දි කෝච්චිය ස්ටේෂන් එකෙන් ගිහින් තිබුනා. මගේ ඉස්සරහින්ම නිලූක සිතාරිගෙ අත අල්ලන් යනවා බලන් ඉන්න මට සිද්ධ උනා.

ඒක මගේ ලැබීම කියල හිත හදාගන්න මට පුලුවන් උනා.මොකද මං නිලූකගෙ මත්තෙම නැහුනෙ නැති නිසා.වෙනද වගේම යාලුකමින් දෙන්නම ආශ්‍රය කරන්න මට පුලුවන් උනා..දෙන්නගෙම ආදරේ අතරමැදියා උනේ මම..

“නවා මගේ සුදු කෙල්ලනේ…සිතාරි මාත් එක්ක තරහ වෙලා..අනේ යාලුකරල දෙනවකෝ…”

ඔය වගේ මැසේජස් මට ආවෙ වෙලාවක් කලාවක් නැතිව. සමහර දවසට දෙන්න රන්ඩු වුනාම දෙන්නගෙම දුක් ගැනවිලි අහන් ඉන්න සිද්ද වුනෙත් මට..

“නවා අර මිනිහට කියන්න මට ආයෙ කෝල්ස් ගන්න එපා කියල…මං කිව්ව ඒකට කියන්න ඕන සේරම…”

සිතාරි තරහ ගියාම කොහොමත් සෑහෙන්න නපුරුයි..එයාගෙත් තරහ නිවල නිලූකවත් යාලුකරවලා මගේ වැඩටිකත් කරගන්න මට දවස සෑහෙන්න බැලන්ස් කරගන්න වුනා.

ඔය අතරෙ තමයි අපි කවුරුවත් නොහිතපු දෙයක් සිද්ධ වුනේ. දිගටම අපිත් එක්ක ක්ලාස් අපු සිතාරි හිටි ගමන් ගෙදර නැවතුනා. අපි කාටවත් එයාට මොකද උනේ කියල හොයාගන්න බැරිවුනා. මට තියා අඩුතරමේ එයාගෙ කොල්ලා වෙච්ච නිලූකටවත් එක රින්ග් කට් එකක්වත් සිතාරි කියල තිබුනෙ නෑ.

සිතාරි නැති පලවෙනි දෙවනි දවසෙ නිලූක තරහින් හිටියත් තුන් හතරවෙනි දවස් වෙද්දි නිලූක සෑහෙන්න බය වුනා.

“නවා..සිතූ ඔයාට කෝල් එකක් අඩුතරමෙ මැසේජ් එකක්වත් දැම්මෙ නැද්ද?”

දවසට එකම ක්ලාස් එකේදි විසිතිස් වතාවක් නිලූක ඒකම මගෙන් ඇහුවා.සමහර වෙලාවට මෙනුක එක්ක සිතූලගෙ ගෙදර යන්න කතාකලා.දවසින් දවස පහුවෙද්දි නිලූක හරියට හැසිරුනේ පිස්සෙක් වගේ..ඔය නිසාම මේනුක නිලූකත් එක්ක සිතූලගෙ ගෙදර හොයාගෙන ගියා. ඒත් එයාලට එන්න වුනේ අතරමඟින් හැරිලා.අහපු ආරංචියක් නිසා. සිතූලගෙ ගෙදර උදවිය ගෙවල් දොරවල් වහල දාල ගමෙන් ගිහින් තියෙන්නෙ ඊට සතියකටත් කලින්. ඊට දවස් තුනකට විතර පස්සෙ ලංකාවට ආපු සිතූලගෙ තාත්ත තිබුන දේපල ඔක්කොම විකුනලා දාල ආයෙත් රට ගිහින්.

ඒ අහපු කරපු දේවල් හැම එකකින්ම අපිට දේවල් හරියට පැටලුනා. අපි හිතුවෙ සිතූලගේ ගෙදර ප්රශ්නයක් වෙන්න ඇති කියල. ඒත් නිලූකට අඩු තරමෙ යන දිහාවක්වත් නොකිය අතුරුදහන් උනේ ඇයි කියන්න අපි කවුරුත් දැනන් හිටියෙ නෑ.. ⁣නිලුකගෙ හිත හදන්න කියල අපිට කරන්න දෙයක් තිබුනෙත් නැහැ.මොකද නිලුක වගේම අපිත් දවස ගතකලේ තුන්දෙනාගෙන් කාටම හරි සිතූගෙන් කොයිවෙලේ හරි මැසේජ් එකක් එයි කියන අදහසින්.

…………………………………………………………………………………………………………………………………………..

ඔය විදියට මාස හතරක් ගතවෙලා ගියෙ අපිටත් නොදැනිම. තුන් දෙනාම එක්සෑම් ලිව්වා වගේම රිසාල්ට්ස් නුත් ආවා.මං හිතුව විදියට මම හොදට පාස් වෙලා තිබුනා.මේනුකත් එහෙමයි.නිලූක විෂයන් තුන පාස් උනත් ඒක යන්තං ප්‍රතිපලයක් විතරයි.

“නවා..නිලූක මේ විදියට හිටිය දැන් හොදටම ඇති. ඌ මං කියන දෙයක්වත් අහන්නෙ නෑ.ටිකක් හර් අහන්නෙ ඔයා කියන දෙයක් විතරනෙ.අනික අර පැදුරටත් නොකිය පැනල ගිය කෙල්ලෙක් ගැන හිත හිත හිටිය හොඳටම ඇති ඕකා..”

මේනුක මට කිව්වෙ ඇත්තටම කලකිරීමෙන්..

“මාත් හෙට අනිද්දා ට්‍රේනින් යනව.එතකොට නිලූකයා ගැන හොයන්න ඉතුරු වෙන්නෙ ඔයා විතරනෙ..ඔයත් වැඩ වැඩ කියල ඉන්නෙ නැතිව පොඩ්ඩක් ඌ ගැන හොයල බලන්න..නිතර දෙවේලෙ දකින්න නොලැබුනත් කෝල් එක් මැසේජ් එකක් හරි දාල උගේ තනිකම මකන්න ඉන්නෙ අපි දෙන්න විතරනේ…”

මේනුකත් කිව්ව නිසා මම තවත් ටිකක් නිලුකට ලං වුනා..හැමදාම කතා කරලා විස්තර ඇහුවා.ඒ කාලෙ තමයි නිලුකගෙ අප්පච්චි අලුතින් ෂොපින් සෙන්ටර් එකක් ඕපන් කලේ..ඒකෙ මැනේජන් ඩිරෙක්ටර් වෙන්නෙ නිලූක කියල එයා මට කතා කරපු වෙලාවක කිව්වා.

හැමදාම උදේට මම ගුඩ් මොනින් කෝල් එක අරගත්තොත් නිලූකගේ ගුඩ් නයිට් කෝල් එකෙන් තමයි අපි දෙන්නම දවස ඉවර කලේ.ඔය විදිහට නිතර දෙවේලෙ කතා කරද්දි අපිටත් නොදැනිම අපි දෙන්න හිතින් තවත් ලං වුනා..ඒත් සිතූගෙ මතකයන් තාම තියෙද්දි මට නිලුකගෙ වෙන්න කොහොමවත් උවමනාවක් තිබුනෙ නෑ.

…………………………………………………………………………………………………………………………..

“තමුසෙ දැන් මොකටද මෙහෙ ආවෙ? නවාංජනා මං තමුසෙට කලිනුත් කිව්ව ඔය මූන එකපාරක්වත් බලන්න මං කැමති නෑ කියල. කෝ තමුසෙගෙ ලමයා? රට වටේ ගිහින් ලමයි හදාගෙන තව ටිකෙන් මට වෙන්නෙ පවුල් දෙකක් නඩත්තු කරන්න..හිහ්…ඒ වුනාට පෙන්නන්නෙ නම් ලෝකෙටම මහ ලොකු පත්තිනි අම්මල කියල”

මහ හයියෙන් ඔෆිස් රූම් එක දෙවනත් වෙන්න කෑගහන නිලූක දිහා මට බලන්න හයියක් තිබුනෙ නෑ. එයා කියපු වචන ටික මගේ පපුවට වැදුනෙ ඊයම් බරුවක් වගේ. ඒත් මං දරුවා වෙනුවෙන් ආවෙ..මම ඔලුව ඉස්සුවා.

“නිලූක මං කියන දේ එකපාරක් අහන්න..මට වැඩි වෙලාවක් යන්නෙ නෑ..අනික මට මහ වෙලාවක් ඇත්තෙත් නෑ”

ලඟම තියෙන පුටු ඇන්දක් අල්ලගෙන මම පුටුවට ටිකක් බර දුන්නා.

“තමුසෙගෙන් මං මොනව අහන්නද..අහන්න දෙයක් නෑ මම දැක්කනෙ සේරම..හොඳ වෙලාවට සේරම වෙන්න කලින් මං දැනගත්තෙ”

මට තවත් ඉන්න බෑ කියල දැනුනා.මම හේත්තු වෙලා හිටි තැනින් නැගිටලා නිලූකගෙ අත ඇදල අරගත්ත..ඔෆිස් රූම් එකේ දොරත් ඇරගෙන මම එයාගෙ ඔෆිස් එකට එයාවත් ඇදන් ගියා.

එයාව පුටුවකට තල්ලු කරාට පස්සෙ මමත් ඉබේම වගේ පුටුවක් උඩට වැටුනා.

“මට වැඩි වෙලාවක් නෑ..ප්ලීස් මැදින් පනින්නෙ නැතිව මගේ කතාව අහන් ඉන්න..මං ආවෙ ලොකු උදව්වක් ඉල්ලගෙන.ඒක කරන්න පුලුවන් ඔයාට විතරයි.අනික මට මේක කියන්න පුලුවනුත් ඔයාට විතරයි”

ලඟ තිබුන වතුර වීදුරුව එක හුස්මට බීපු මං කතාව පටන් ගත්තා..
………………………………………………………………………………………………………………………………………….
අපිටත් නොදැනිම මේනුකයි මායි හිතින් ආදරේ කරන්න පටන් ගත්තා.ඒත් දෙන්නගෙම හිතේ සිතූ ගැන පැලපදියම් වෙලා තිබුනු නිසා දෙන්නටම කියාගන්න බැරුව හිටියෙ. ඊට සතියකට පස්සෙ තිබුනෙ මගේ උපන්දිනේ. උදේ පාන්දරම නිලූකගෙන් මට ආවෙ මැසේජ් එකක්..

“Clz iwrawela shopping centre eka lagata avth inna”

දැකපු ගමන් මට විෂ් නොකරපු එකට තරහක් ආවත් මම “ha” කියල රිප්ලයි එකක් දැම්මා.ක්ලාස් එක ඉවර වෙද්දි දවල් 12.30 වුනා.ඉවරවුන ගමන්ම කාටත් නොකියා මං එලියට පැන්නෙ ෂොපින් සෙන්ටර් එකට යන්න. ක්ලාස් එක ඉස්සරහින් පාර පනින්න හදද්දිම එතන තිබුන කහ ඉරෙන් පාර පැනගෙන මං දිහාවට එන හුරුපුරුදු මුණක් මං දැක්කා..

“සිතාරි???????”

චූටි කිරිසප්පයෙකුත් අතේ අරන් ආව සිතාරි සෑහෙන්න ඇදිලා ගිහිල්ල තිබුනා. කෙලින්ම මංඉස්සරහට ආපු සිතූ පාර කියල බලන්නෙ නැතිව අඬන්න පටන් ගත්තෙ මගෙ අතත් අල්ලන්..

සිතාරිත් ඇදන් ක්ලාස් එකේ අයිනකටම ගියපු මම අදහගන්න බැරුව වගේ එයා දිහායි අතේ හිටිය පැටියා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

“නවා….” අඬල ඉවරවෙලා සිතූ කතාකලා..

“නවා අනේ මට සමාවෙන්න..මං මේ ආවෙ මට කරගන්න දෙයක් නැතිම තැන..කල්පනා කරලා, කරලා මට පිස්සු හැදෙයි කියල හිතුන තැන තමයි දරුවත් අරං පාරට බැහැලා ආවෙ..කෝ නිලූක එහෙම??එයා නම් මට කොහොමවත් සමාවක් දෙන එකක්නම් නෑ..”

හැමදේම හිතාගන්න මට ගියේ තත්පර ගානයි..ඒත් සිතූගෙ කටින්ම මට ඒක අහගන්න ඕන උනා..

“ක්ලාස් යන කාලෙ තමයි මට මෙහෙම උනේ..එතකොට මම නිලූක එක්ක යාලුවෙන්න කලින් මගෙන් අහ අහ හිටපු අයියා කෙනෙක්ගෙන් මට මෙහෙම උනේ නවා..මං හිතුවෙ නෑ මෙච්චර දෙයක් වෙයි කියලා..දවසින් දවස වෙනස්කම් වෙද්දි නිලූකගෙන් හංගන එක ලේසි උනත් අම්මගෙන් හංගගන්න ලේසි උනේ නෑ..අන්තිමේ කාටත් නොකියා ගෙවල් විකුනලා දාල අපි ගියා..” කම්මුල දෙපැත්තෙන් කදුලු වැල් බේරෙද්දි කෙල්ලකියපු කතාවට මට ඇත්තටම දුක හිතුනා.

“ඇයි ඉතිං සිතූ මාව හොයන් ආවෙ?”

“අප්පෙක්ගෙ නමක්වත් උප්පැන්නට නැති පුතෙක් නවා මට ඉන්නෙ..මට මේක හර්ම මානසික වදයක්..ගෙදර ඉද්දි මං ගේ අස්සටම හිරවෙලා..කතා කරන්නවත් කවුරුත් නෑ.අම්මා මාව ගෙදර තියාගත්තත් දකින දකින මොහොතක් පාසා මටයි මේ කිරිසප්පයටයි බනිනවා..මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ නවා..සමහර වෙලාවට ගෙදර ඉද්දි මම කරන දේවල් යන එන තැන් මටවත් හරියට මතකයක් නෑ..එහෙම වෙලාවට මට මං ගැනම බය හිතෙනව..හදිසියකවත් මට මොකක් හරි උනොත් අපේ ගෙදරින් මේ දරුවව එක මොහොතක්වත් තියාගන්නෙ නෑ නවා..”

“මට බෑ නොකිය මොන උදව්ව කරන්න ඉන්නෙත් ඔයා කියල මං දන්නවා..ප්ලීස් නවා..මට මොනාහරි උනොත් මේ දරුවව ඔයා බාරගන්නවද? අඩුතරමේ මෙයාට හොද පවුලක් හරි හොයල දෙනවද?”

සිතූ කියපු දේට මගේ ඇස්වල කඳුලු පිරුනා.හම්පඩ වෙච්ච බෑග් එකෙන් එලියට ගත්ත ලියකියවිලි වගයක් සිතූ මගේ අතට දුන්නා.
“දරුවගෙ ලියකියවිලි”….”මගේ හිතට හරි සහනයක්” නවා දරුවා චුට්ටක් ගන්නවද..???

කිරි සුවද තාමත් එන චුට්ටා මගේ අතට ආවෙ හිනාවෙවී..මොහොතක් අපි දෙන්න දිහාම මාරුවෙන් මාරුවට බලපු සිතූ එකපාරටම පාරට පැන්නා..

දරුවත් අරං හුරතල් කර කර හිටපු මට එක ක්ෂණයෙන් වෙච්චි දේ හිතාගන්න බැරුව ගල්වුනා..

සිතූගෙ ජීවිතේ එ් විදියට අවසාන වෙයි කියල අංශු මාත්‍රයකවත් හිතිවිල්ලක් මට තිබුනෙ නෑ..එදා ඉඳල ගතවෙච්ච හැම දවසක්ම මං බිසී උනා.එක අතකින් දරුවගෙ වැඩ.තවමත් කිරි බොන සප්පයෙක් මං කාට දෙන්නද? එහෙමයි කියල මට ඒව ගැන කිසිම අදහසක්වත් තිබුනෙ නෑ..අනිත් අතින් සිතූගෙ මරණෙට සම්බන්ධ වැඩ..පොලීසි ගානෙ උසාවි ගානෙ රස්තියාදු වුනේ පුලුවන්කමකට නෙවෙයි.

දේවල් ඔහොම වෙද්දි මට නිලූකගෙන් එන සුපුරුදු කෝල් හැම එකක්ම මගඇරුනා. මේ දරුවට වෛර කරන තව මිනිහෙක් හදන්න මට ඕන උනේ නෑ.හැම වරදක්ම මගේ පිටින් දාගෙන දරැවත් එක්ක පැත්තකට වෙන එක හොදයි කියල මට හිතුනා. ඒ නිසා ඒ වෙද්දි ටෙු්නින් එකකට රට ගියපු මේනුකට මම සිතූගෙ කතාව මගේ විදිහට හදලා කිව්වා.මගෙයි දරුවගෙයි photo එකකුත් යැව්වා.

ඒවා ඒ විදියටම මේනුක නිලූක එක්ක කියලා තිබුනා..photo පෙන්නලා තව සෑහෙන්න කතා කියල තිබුනා.දවසක් මට මූණටම නිලූක මුනගැහුනා…එදා ඒ ඇස් දෙක මගඇරලා යන්න මට සෑහෙන්න මහන්සියක් දරන්න උනා.

…………………………………………………………………………………………………………………………………..

“මේ කතාව මම ඔයාට කියන්න බලාපොරෝත්තු උනේ නෑ..ඒත් ඔයාගෙ phone number එකට මැසේජ් එකක් දැම්මේ ඕක කියන්න…
දරුවගෙ ලියකියවිලි මේසෙ උඩින් තියන ගමන් මම කිව්ව.

“ඒත් මං නැති කාලෙට දරුවගෙ වගකීමක් ගන්න කවුරුත් නෑ. නිලූක ඔයා දන්නවනේ මට ඉන්නෙ අම්ම විතරයි කියල.එයාට ජීවිත කාලයක් දරුවෙක්ව නඩත්තු කරන්න සල්ලියක් නෑ..දැන් කොහොමත් නෑ..අපි ඉන්නෙ හතරවටේට ණය වෙලා.”

“මට මේනුකට මේවා කියල වැඩකුත් නෑ.එයාට රට ඉදන් මුකුත් කරගන්න බෑ.. මං මේ ඔයා දකින්න එන අන්තිම වතාව වෙයි. මොන අපහාසයක් හරි විඳල ඔයාගෙ කකුල් දෙකලඟ වැටිලා හරි දරුවා වෙනුවෙන් යමක් කරන්න කියන්නයි මං ආවෙ.”

මෙච්චර වෙලාවක් මං කියපු දේ අහන් හිටපු නිලූක හිටි තැනින් නැගිට්ටා.
“මං මොනවද කරන්න ඕන???ඇයි මට ඔයා මේ දේවල් හැංගුවෙ?? දෙයියනේ…………….”
බිඳුන කටහඬකින් පටන් ගත්ත කතාව අන්තිමේ වැලපිල්ලක් උනා.

“ඔයා දරුවගෙ බාරකාරීත්වය ගන්නව කියල මට ලියුමක් ලියල අත්සන් කරල දෙන්න. හොඳ තැනක් බලල දරුවව බාර දෙන්න..එච්චරයි” මම අමාරුවෙන් කිව්වා.
“එතකොට….ඔයා කොහෙද යන්නෙ” නිලූක මගේ ඇස් දෙක දිහා බලන්ම ඇහුවා..

එයා ලියුම ලියනකම් මම කල් දුන්නා. ලියුමෙ එයාගෙ සයින් එකත් දාලා ලියුම නවලා මගේ අතට දෙනකම් මම ඒ ප්රශ්නෙට අකුරු ඇමිනුවා.

“මම මැරෙන්න යන්නෙ..හෙට මහරගම ඇඩ්මිට් වෙන්න යනවා..ලෙඩේ හොඳ කරන්න බෑලු..ඊට කලින් මේ සේරම ඔයාට කියල, දරුවගෙ අයිතිය පවරලා ඔයා මං ගැන හිතන් හිටපු විදිය හරිගස්සන්නයි මං ආවෙ..ආදරේ කියන වචන තුන මට දැනුනෙ ඔයාගෙන් විතරයි..දැන් තරහක් නැති නිසා මං හිතනව ඔයා දරුවත් එක්ක මගේ මලගෙදරට එයි කියල….”

මම නිලූකගෙ ඇස් දෙක දිහාම බලන් කඳුලු අතරින් හිනාවුනා……

“සමාප්තයි”

Related posts

Leave a Reply