සෙනෙහස මියදේවිදෝ – දහ අට


සෙනෙහස මියදේවිදෝ…

~            ~             ~                ~            ~

තාත්තා… මට එන්න කිව්වා කියලා අම්මා කිව්වා…

හා ඉලන්දාරියා… කොහොමද ඉතින්… දැන් ලොකු මිනිස්සුනේ.. ඒකනේ පවුල් වෙන්න අය හොයාගෙන තියෙන්නේ .. 

විනාසයි තාත්තා සසිත්මා ගැන දැනගෙනවත්ද…

තාත්තා මදෙස බලමින් එය කිව්වේ නෝන්ඩියට මෙනි..

 

ඇයි තේරුනේ නැද්ද… මම තේරුම් කරලා

දෙන්නද.. අර අමරෙ මුදලාලිගේ දුවත් එක්ක මොකද්ද තියෙන පටලැවිල්ල…

 

මේ මොන මරාලයක්ද යකෝ පහත්වෙලා තියෙන්නේ… තාත්තා කොහොමද ඒක දැනගත්තේ..

 

මො.. මොකක්.. තාත්තා කියන්නේ අර සමීනා ගැනද.. හයියෝ කවුද තාත්තට බොරුවක් කියලා… එහෙම මුකුත් නෑ.. දවසක් දෙකක් පාරෙදි හම්බවෙලා කතා කළා විතරයි තාත්තා…

 

ඒකත් එහෙමද කොල්ලෝ… මම දැනට විස්වාස කරන්නම්.. හැබැයි එහෙම දෙයක් තියෙනවනම් දැන්ම නවත්තනවනම් හොදා..

 

ඔය බර අතු එක්ක අපිට පෑහෙන්න බෑ කියලා දන්නවනේ..  අනික මයේ පුතේ හැමෝම කියන්නේ උඹගේ තාත්තා මාළුකාරයෙක් කියලා.. ඒක නිසා පුතේ උඹට ආවේනික ස්වධීනත්වයක් හදාගනින් මයේ පුතේ…

 

මා තාත්තා ළඟින් මෑත්ව කාමරයට ආවේ රිදුන සිතිනි… තාත්තා මාළුකාරයෙක් කියලා කියන්න මට ලැජ්ජා නෑ.. ඉතින් ඇයි මම ලෝකයාට මගේ තාත්තව ලැජ්ජ කරන්න දෙන්නේ…

 

ෂිට්… ඔක්කොමත් හරි තාත්තා කොහොමද සමීනා ගැන දැනගත්තේ… වස නෝන්ඩිය ඒකනම්… තව කොහොමද තාත්තා සසිත්මා ගැනත් දැනගත්තා නම්… මට දෙයියන්ගෙම පිහිට තමයි… යැයි මා මටම කියාගන්නට විය…

 

~                 ~                 ~                 ~                   ~

 

කාලය ගියපු ඉක්මනක්.. චාරිකාව යෑමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි… කොහොමින් කොහොම හරි චාරිකාවේ දින තුන දින දෙක දක්වා වෙනස්වු අතර යන ස්ථානද වෙනස් කරන්නට විය…

 

ඒ අනුව පළමු දවස දළදා මාළිගාව, පේරාදෙණිය මල්වත්ත, පේරාදෙණිය සරසවියත්.. දෙවන දවස අම්බුළුවාව, අළුවිහාරය, සෙම්බුවත්ත යන තැන් තෝරාගෙන තිබුනි…

 

උදේ කෑමට නූල්ඩස් තියේ දවල්ට බත් මුලක් වෙනම බැඳලා අැති චූටි.. අම්මා කියන්නට විය..

 

අනේ අප්පච්චි බලන්නකෝ අම්මා ගොඩක් දේවල් හදලනේ…

 

ඒක ගානක් නෑ චූටියෝ අප්පච්චිත් උදවු කළා මට…

 

අපේ ගෙදර එකම යුද්ධයකි.. අම්මාත් තාත්තාත් එකක් ඇරෙන්නට එකක් මතක් කරන්නට විය.. කලබල මැද්දෙන්ම මා පාන්දර තුනහමාරට  පමණ නිවසින් පිටවිය.. අප්පච්චි මා ඇරලවන්නට එන්නට විය..

 

මා යනවිටත් පැමින සිටියේ සෙහස් අරෝෂ් සහ තවත් පිරිමි ළමුන් පස්දෙනෙකුත් පමණි.. නිෂා ආවෙද මා එනවිටම වාගේය.. වරුනි මිස් ප්‍රභාත් සර්ට අමතරව තවත් ගුරුවරු දෙන්නෙක් සහ ගුරුවරියන් තිදෙනෙක් අප සමඟ සම්බන්ධ වේ…

 

බලපන්කෝ බන් සංවිධායක එන වෙලාව… අදවත් ටිකක් වෙලසනාක් නැගිටින්න බැරිද බන්.. කෝ නැට්ටිච්චිගේ අර නැටි දෙක ආ.. මා දුටුවනම අ⁣රෝෂ් කෑගසන්නට විය…

 

අනේ මේ  අද වගේ දවසකවක් ඔය වාචාල කට වහගෙන ඉන්නවකෝ.. කෝ ඔයාලගේ මූලක්ගිනිකාරයා ආවේ නැද්ද තාම… යැයි කියනවත් සමඟම පිටුපස හැරුනේ කවුරුන් හෝ ටට්ටු කරනවා දැනුනා නිසාය..

 

කාවුද දැන් මූලක්ගිනිකාරයා… කවද ආව ගමන්ම බැන බැන හොයන්නේ දැන්… ඇසුවේ සෙහස්ය… මුහුණට එබෙමින්සෙහස් අසන්නට විය..

 

නෑ.. නෑ.. මේ… මම ඇහුවේ අපේ ප්‍රින්සිපල් සර් ආවද කියලානේ.. අඩියට දෙකට පිටුපසට ගිය මා කියන්නට වුයේ කැලඹුනු සිතිනි…

 

සෙහස් කටකොනකට හිනාවක් ගෙන මා දෙස බලන්නට විය.. අම්මෝ ඒ හිනාව නම්… සෙහස්ට මාරම ගති…

 

දෙවිලි නිෂාට කියන්න එන එන ළමයිගේ ගෙදර පෝන් නම්බර් එක ලියාගන්න.. සෙහස් පුතේ අපි බඩු ටික පටවමුද… දරුවෝ දෙව්ලි ඔයත් එන්නකෝ… වරුනි මිස් කියන්නට විය…

 

උදෑසන සිටම දෙව්ලි හා සෙහස් දෙස බලාසිටි නපුරු දෑස් යුගලකි.. ඒ අන් කවරකුවත් නොව නෙතූය… ඈගේ යටි සිතේ ඇත්තේ කිසිවකුත් නොසිතු සැලැස්මකි…

 

සියලුම වැඩ අහවරව බසය පිටත්වන විට උදෑසන

හතර හමාර පමණ විය..ළමයි නම් ගමන පටන්ගත් තැන සිටම සින්දු කියමින් ඩෝල ගසමින් විනෝද වන්නට විය..

 

මා නම් උන්නේ ඇත්තෙන්ම තිගැස්මෙනි.. කෙසේ හෝ  මා සෙහස්ගේ පාසල් ගමන නතරවීමට ඉඞනොදිය යුතුය.. දැනට නම් මගේ සිහියට ආවේ එකම එක විසදුමක් පමණි..

 

ඒත් මම කියන දෙයක් අහවිද… අනේ මන්දා කියලම බලනවා.. මා මටම කියාගන්නට විය..

 

මොනාද බන් කියන්නේ.. සෙහස්ට කැමති කියලවත්ද.. නිෂා මට විහිලු කරන්නට විය…

 

නිෂා මම නිකී වාඩිවූයේ තුනේ  ෂීට් එකකය.. පසු පස සිට ඇති තුන්වන  ෂීටයේ අප උන් අතර ඊට පිටුපස අසුනේ සෙහස් ඇරෝ මනුර විය.. අවී අයියාට චාරිකාව එන්නට බැරි විය..

 

යකෝ බොට පිස්සුද.. සෙහස් පිටිපස්සේ බන්..හිමිහිට කතා කරපන්…

 

ඇයි යකෝ මේකි වැරැද්දක්ද කීවද.. උඹ නම් මාර විදාියට ඌට බයයිනේ… නිකී කියන්නට විය…

 

අනේ මේ දෙන්කම කට වහන් ඉන්නවද.. එනවා මෙතන මඟුල් ජෝඩු කරන්න…

 

මොනාද බන් බස් එකට නැගපුවෙලේ ඉදන් උඹලා තුන්දෙනා කුටු කුටු ගාන්නේ.. අපිටත් ඇහෙන්න කියපන්කෝ බන්.. එක්වරම ඇසුනේ පිටුපස අසුනේ සිටි මනුරගේ හඬය…

 

අපි මේ කතා කලේ නිකීටයි නිෂාටයි මේ ගමන ගිහින් එද්දිවත් කොල්ලෝ දෙන්නනෙක් සෙට්  කරගන්න විදියක්… මා කියන්නට විය

 

හපොයි දෙයියනේ… බලපන්කෝ සෙහස් මේකි හදන්නේ මගේ මඟුල කඩන්නනේ… එක්කෝ මමත් එනකොට එහෙන් කෙල්ලෙක්ව සෙට් කරන් එනවා… ⁣මොකෝ කියන්නේ KK කැමතිද මට… මනුර ඇසීය..

 

මා කිසිත් කියන්නට පෙරම ඊට වෙනකෙකු උතතර දෙන්නට විය..

 

හපොයි ඔව්… මෙයට නම් අනුන්ගේ පවුල් කඩලා මඟුල් කඩලා හොද පුරුද්දක් තියෙන්නේ.. කොහොමත් පරිස්සම් නොවුනොත් මනු බොගේ මඟුලත් ඉවරයි තමයි තමයි….

 

සියල්ලෝම බැලුවේ ඒ හඬ අා දෙසය…

 

~             ~                  ~                 ~               ~

 

සමුගැන්මක් නොවේ෴

 

වෙනදා වගේම Like කරන Comment කරන යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි..

 

බුදුසරණයි යාළුවනේ…

Related posts

Leave a Reply