සෙනෙහස මියදේවිදෝ – දාහත කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~ ~

පන්තියට ගියද සිත තිබුනේ සෙහස් ළඟය… ඇත්තටම මා මේ වෙහෙසෙන්නේ මිරිඟුවක් වෙනුවෙන් නොවෙද.. අයිතියන් නැති දෙයක් වෙනුවෙන් අයිතිවාසිකම් නොකියාම අයිතියක් අැති ලෙස හැසිරෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ කිමද…

දෙව්ලි… දෙව්ලි…

KK..

ආ… ඇයි….

සර් කතා කරනවා… මොන ලෝකේද ඉන්නේ

දෙව්ලි නැඟිටිනවා… පන්තියේ නෙවිද ඉන්නේ…

ෂිට් මුළු පන්තියක්ම බලාගෙන.. මේ මනුස්සා මාව නැගිට්ටුවා කියහන්කෝ..

ස.. ස.. සර්…

මොකද ⁣ගොත ගහන්නේ… මම විතරම කියනවා නේද මම උගන්නන වෙලාවට අවධානය ඒකට දෙන්න කියලා..

සර්.. මම…

⁣⁣දැන් නිදහසට හේතු කියන්න ඕන නෑ… ආයේ එහෙම වෙන්න බෑ එච්චරයි.. දැන් වාඩිවෙන්න…

පන්තිය නිමාවී බස් සිටෑන්ඩ් එකට එනතෙක් නිෂා නිකී කලේ මට විහිලු කරන එකය…

දැන්නම් අපේ එකීට හැදිලා තියෙන ලෙඩේ නම් හොද නෑ වගේ බන්…

ඒක තමයි නිකියෝ එක්කෝ බර කල්පනාවක.. නැත්නම් තනියම හිනාවෙනවා… හා.. හා… ඔහොම යන්කෝ…

අනේ බන් මේ වැනි වැනි ඉන්නේ නැතිව ටිකක් පය ඉක්මන් කරලා යමුකෝ… අපි පරක්කුද දන්නේ නෑ… මම කියන්නට විය..

අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා හරිද.. වෙනදාටත් වඩා ඉක්මනට අද යනවා.. බලපන්කෝ බන් මේකිට සෙහස් බලන්නට තියෙන හදිස්සිය.. නිකී කියන්නට විය…

අනේ පලයන් බන් යන්න… එහෙම මුකුත් නෑ… බොලාට පිස්සුනේ…

එහෙනම් කොහොම එකක්ද තියෙන්නේ… නිෂා කියන්නට විය…

විහිලුවෙන් විහිලුව අපි ස්ටෑන්ඩ් එකට එනවිට අන්අය පැමිණ තිබුණි.. ඒත් සෙහස් පෙනෙන්නට නැත… නමුදු මට ඒ පිළිබඳ විමසිය නොහැක… මගේ වෙනස යෙහෙළියන්ට දැනෙන්නට විය… ඒනිසාමදෝ…

අරෝෂ් අයියා කෝ ඔයාලගේ මූලක්ගිනිකාරයා… වෙලාවට වැඩක් කරන්න බැරිද එයාට…. නිෂා අසන්නට විය…

මොනාද බටු ඇටේ හා හා පුරා කියලා මම ආවම උඹ බලන්න මේකි අහනවා කොහෙවත් ඉන්න රිලාමොටෙක් ගැන.. දුක නැද්ද බන් ඔහොම කරන්න මට… මේ බලාපන් අවියා මට වාවන්නේ බන්.. අරෝෂ් නිෂාට ඇසක්ද ගසමින් කියන්නට විය…

මේ මොකද්ද බන් පාත්වුණ මරාලේ… මේකට මාන්දමද බන්.. නිකී ඇසෙන නෑසෙන ලෙස ම කියන්නට විය…

අනේ මේ මට ඔය කවුරුවත් ගැන විශේෂයක් නෑ අප්පා.. කෝ අනේ එන්නේ නැද්ද සෙහස් අයියා.. අපි හවස් වෙන්න කලින් ගෙදර යන්න ඕන… නිෂා කියන්නට විය…

මූට ටිකක් පිස්සු නංගි ගණන් ගන්න එපා… සෙහස් එද්දි පරක්කු වේවි නංගා.. ඌ ගියා උරචක්‍රමාලේ මීට් වෙන්න… අපි තව ටිකකින් යමු… වරුනි මිසුයි ප්‍රභාත් සර්රුයි එනවා කිව්වා නංගි… ගැහැනු ළමයි තුන්දෙනෙකුත් යන නිසා… යැයි අවිෂ් කියන්නට විය…

අනේ ඉතින් මම ආවේම සෙහස් අයියා එන නිසානේ.. එත් එයා නෑලු.. ෂිට්.. අපරාදේ ඇයි අනේ මම වෙන්නේ…

අන්න බන් සර්ලා ආවා.. අපි යමු නේද.. යැයි අරෝෂ් කියන්නට වුයෙන් මගේ සිතුවිලි ලෝකය බිඳ වැටෙන්නට විය…

අවශ්‍ය සියලුම අඩුපාඩු රැගෙන එළවලු ගැනීම පමණක් පසුවට කල් දමන ලදී…ප්‍රභාත් සර් තමන්ගේ වාහනයේ පැමිණ තිබු බැවින් සියලුම අඩුමකුඩුම වාහනටය පටවා යවන්නට විය…

වරුනි මිස්ද එම වාහනයේම යන්නට විය. යන්නට පෙර තම දුරකතනයන් අප නිවෙස්වලට අමතා දැන් අපද නිවෙස්වලට එන බව පවසන්නටද අමතක නොකලාය…

~ ~ ~ ~ ~

මනුර අයියා පැමිණ සිටි බැවින් නිකි ඔහු සමඟ ගෙදර යන්නට පිටත් වූ අතර අවිෂ්ද ඥාතියෙකු රොහල්ගත කර තිබු බැවින් හතරහමාරට විතර යන්නට විය…

ඉතිරි වූයේ මාත් නිෂාත් අරෝෂ් අයියාත් පමණි. අප තිදෙනා නොයෙක් දේ කියවමින් පයින්ම ස්ටෑන්ඩ් එකට එන්නට විය..

ස්ටෑන්ඩ් එක⁣ට කිලෝ මීටර් භාගයක් පමණ තිබියදි එක්වරම මහ වැස්සක් ඇදහැලෙන්නට විය…

අප තිදෙනාට තිබුනේ කුඩ දෙකක් පමණි… කිසිත් කියන්නට කලියෙන් අරෝෂ් නිෂාගේ කුඩය යටට යන්නට වූයෙන් මා තනිවම මගේ කුඩයෙන් එන්නට විය…

මට වඩා අඩි දෙක තුනක් ඉදිරියෙන් නිෂා යන්නට විය. මට යා හැකි වුයේ අඩි කිහිපයක් පමණි.. එක්වරම මගේ කුඩය යටට දුව ආ තැනැත්තා දැකීමෙන් මා තිගැස්සුන මා දෙවරක් නොසිතාම එතැනම නතරවිය…

දෙයියනේ සෙහස්… මෙයා කො⁣හේද මේ වෙලාවේ මෙතන… මා ඔහුගේ අත කොනිත්තන්නට වූයේ ඇත්තටම ඔහු මා අසල සිටීදැයි තහවුරු කර ගැනිමටය…

එක්වරක් කොනිත්තුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුන නිසා රෙට වඩා තදින් ඔහුගේ අත කොනිත්තන්නට වුයෙන්…

ආව්… සෙහස් කෑ ගසන්නට විය..

ඔහුගේ හඬට හැරි බැලුව නිෂා සහා අරෝෂ් අඩියට දෙකට මා ළඟට එන්නට විය..

යකෝ රිදෙනවා… කුඩේ යටට ආවා කියලා ඔහොමත් හූරනවද බන්… යැයි කියමින් සෙහස් මදෙසත්.. මා නිෂා දෙසත් බලන්නට විය..

යකෝ උඹ මොකද මෙතන කරන්නේ… කොයි වෙලේද ආවේ… කෝ අර උරචක්‍රමාලේ කාගේ කරේද එල්ලුවේ.. යැයි අරෝෂ් එකදිගට සෙහස්ගෙන් ප්‍රශ්න අසන්නට විය..

ඒකී ගියා බන් වේලසනින්.. කවුද මන්දා එනවා කියලා… මම උඹලව හොයලා බැරිම තැන ගෙදර යන්න හදද්දී තමයි වැස්සට අහුවුණේ… අහම්බෙන් වගේ දැක්කා බන් දැකලා පුරුදු කෙනෙක්.. බැලින්නම් මේ ටින් බෙලෙක්කෙනේ.. මම ඉතින් දුවන් ආවා… යැයි මදෙස බලමින් සෙහස් කියන්නට විය…

මොකක් කවුද දැන් ටින් බෙලෙක්නේ… යකූ මේ බලහන්කෝ මේ රිලාමොටා කියන දේ… මා කියන්නට විය..

හපෝ මේ බොලා දෙන්න මෙතන නම් මරාගන්න දන්න එපා… දැන් යමුද.. රෑවෙන්න කලින් මුන් දෙන්නා ගෙවල්වල යවන්න ඕන යැයි කියමින් අරෝෂ් නිෂා සමඟ ඉස්සර විය…

මා නම් සතුටිනි.. සෙහස් අයිති කාටද කින්ද මන්ද මට ඇවැසි නැත.. මේ මොහොතේ ඔහු සිටින්නේ මා අසලය… මා උන්නේ කල්පනාවකය..

මේ බෙලෙක්කේ මගේ දිහා බලන් භාවනා කරනවද.. යන්න හිතෙන්නේ නැද්ද.. සෙහස් අසනන්ට විය..

හපෝ බලන් ඉන්නට වැඩේ උණහපුළුවා දිහා… ආයි කියනවකෝ බලන්න බෙලක්කේ කියලා.. ඇත්තමයි කරනවා මම හොදවැඩක්…

මොකක්… අනේ මේ තමුන් මට මොනා කරන්නද බෙලෙක්කේ…

පෙනේද… ආයෙම කිව්වා නේද.. ඔහොම ඉන්නවකෝ කරන්න හොද වැඩක්… යැයි කී මම කුඩය මෑත් කරමින් ඔහු තෙමන්නට විය..

මොනාද කිකිළියේ කරන්නනේ… මෙන්න මෙහෙ අල්ලනවා කුඩේ යැයි කියමින් සෙහස් තමන් දෙසට කුඩය අදින්නට වුයේ මාගේ මැණික් කටුව ළඟින් අල්ලාගෙනය.. මා බලා උන්නේ ඔහු අල්ලගෙන සිටින මගේ අත දෙසය..

සෙහස්ගේ කළ දෙයින් නම් මට සිහිවුයේ සසිත්මාය.. මෙලෙස මා හැසිරෙන විට ඇයට සිදුවන්නේ අසාධාරණයකි… එක්වරම මදෙස බැලු සෙහල් මා බලාසිටි දෙස බලා විදුලි වේගයෙන් මගේ අත අත්හරින්නට විය…

සො⁣… සොරි නංගි.. යැයි කී ඔහු කිසිත් නොවු ලෙස ඉදිරිය බලාගෙන යන්නට විය..

නිෂා… නිෂා… වැස්සේ හඬට… මා කතා කළද නිෂාට ඇසුනේ නැත..

මොකද බෙලෙක්කේ කෑගහන්නේ.. කණ කීං කීං ගානවා..

හලෝ මේ මම එක්ක ඉන්නවනම් මේ දේවල්වලට හුරුවෙන්න වෙනවා..

හපොයි කවදාහරි පවු අර අසරණයා.. සතියක් යන ⁣කොටම බීරි වලා තියෙවි…

මෙයාට පිස්සුද මන්දා.. කා ගැන කියනවද මන්දා..
කවුද දැන් අසරණයා.. ඇයි සතියක් යද්දි බීරි වෙන්නේ…

ඇයි පිස්සියේ ⁣කවදා හරි බඳින කොල්ලා තමුන්ගේ ඔය බෙලෙක්කේ සද්දෙට බීරි වෙලා ඉදිවි..

ඇත්තට තමුන්ට මම කිව්වා කියලා හිතා ගන්නවකෝ…

~ ~ ~ ~ ~

නිවසට ආවද තවමත් උන්නේ සෙහස් ගැන සිහියෙනි…

චූටියෝ…චූටියෝ… ආපු වෙලේ ඉදන්ම කාමරේ.. මොනවා වෙලාද මන්දා.. දරන් දවස් ගානක් තිස්සෙම ඔහොමයි.. අම්මා කියන්නට විය…

එහෙම නෑ අම්මා අද ටිකක් කකුල් දෙක රිිදෙනවනේ.. ඒකයි.. කියමින් මා අම්මාට උයන්න උදව්වන්නට විය…

අම්මාත් මමත් කයියක් ගහගෙනම උයන්නට විය…

අද අම්මයි දුවයි දෙන්නම කුස්සියෙි වගේ මොනාද.. මොනාද දූලගේ අම්මා අද රෑට හැදුවේ…

ලොකු දෙයක් නම් නෑ මහත්තයා… පහල කොස් ගහෙන් පොලොස් ගැටයක් කඩලා හැඳුවා… කරවල තෙල්දාලා ගොටුකොළ සම්බලයක් විතරයි හැදුවේ මහත්තයා..

අම්මෝ ⁣නෝනේ ඔය තියෙන්නේ බඩ පැලෙන්න කන්න පුළුවන් කෑමක්… දැම්මම බඬගිනි වගේ.. මම ළිඳට ගිහින් එන්නම්… චූටියෝ ළිඳට යනවද මයේ පුතා…

නෑ අප්පච්චි මම ආව ගමන් ඇඟ සේදුවා…

එහෙනම් මම ගිහින් එන්නම් පුතේ…

~ ~ ~ ~ ~

මැණිකේ…. මැණිකේ … ආවද අපේ ඉලන්දාරියා…

මොකද මහත්තයා මේ තරහින් වගේ…

තරහා යන්නේ නැද්ද මැණිකේ අපේ එකා කරන වැඩවලට…

ඇයි මහත්තයා මගේ පොඩි එකා මොනාද කරලා තියෙන්නේ…

පොඩි… පොඩි උන් කරන ඒවද මූකරලා තියෙන්නේ… අර පහළ ගමේ අමරේ මුදලාලිගේ දුවත් එකකක මොකද්ද පටලැවිල්ලක් හදාගෙනලු.. එක මඟුලක් නිසා අනුනමෙන් පොලීසි නොයා බේරුනා… ආයෙම එකක් පටන් අරන් මේකා..

කවුද අපේ මහත්තයට බොරුවක් කියලද කොහේ. මයේ කොල්ලා එහෙම නෑ..

මැණිකේ මේ.. මම දන්නේ නැද්ද අපේ එකා ගැන.. මමම අහන්නම් කෝ ඉනනනවද කොල්ලා ගෙයි…

පුතා පාඩම් කරනවා අපෙප මහත්තයා.. කොල්ලගේ හිත රද්දනනා නෙවෙයි තව මාස කීයද විභාගෙට..

හ්ම්… හ්ම්… එන්ඩ කිව්වනම්…

මයේ පුතා… මයේ පුතා… තාත්තා කතා කරනවා…

මටද අම්මා… යමු අම්මා මම එන්නම් දැන්…කියමින් සෙහස් අම්මා පසුපස එන්නට විය…

~ ~ ~ ~ ~
සමුගැන්මක් නොවේ෴….

Like කරන Comment කරන යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි… අඩුපාඩුවලට සමාවෙන්න යාළුවනේ..

බුදුසරණයි යාළුවනේ…!

Related posts

Leave a Reply