💕💕 රිදී තාරකාවී = නමවැනි කොටස💕💕

💕💕 රිදී තාරකාවී 💕💕

*** 09 කොටස ***

එහෙම කියපු කාෂී සර්

මාව අතැරලා ගිහින් අරන් අවේ ලොකු කළු පාට ජැකට් එකක් ….
කාෂී සර්ම මට එක අන්දවලා මගේ කොන්ඩෙත් අතින් හදලා …
මගේ මුළු මුනම ඒ දෝතට අරන්
මගේ නලල කිස් කලා ..
මගේ නලලට දැනුනු ..ඒ රළු තොල් වල ස්පර්ශයට ….
නලලින් පටන් ගත්ත හිරිවැටිල්ල මුළු සර්වාංගය පුරාම ගියේ ක්ෂණියෙන් ..

මට හිතන්නවත් වේලාවක් නොතියා කාෂී සර් කරපු දේට මං අන්ද මන්ද උනා සත්තයි …. දැනුනේ පිලිකුලක්ක් මං ගැනම…
කාෂී සර් හරි ලස්සනට යුස් කරනවා මාව එයාට ඔනි විදිහට …
මට තවත් මේ මිනිහා එක්ක රංඩු වෙන්න බැ….මට මහන්සයි….තවත් නම් බෑ….
මට යන්න ඔනී මේ අපායෙන් ගැලවිලා ….

“අයින් වෙන්න සර් මට යන්න”

මං ඒ පපුවට අත් දෙකම තියල තල්ලු කරන්න හදද්දි…
මගේ අත් දෙකම ඒ දරදඬු අත් වලට හිර කරගෙන ඒ පපුවට තුරුල් කර ගත්තා ….

මේ මිනිහාට පිස්සු හදිලාද ..මොනවාද මේ කරන විකාර වැඩ ..
හිතා ගන්න බෑ මට මේ කාෂී සර්ගේ හැසිරිම .. ටිකක් නෙවෙයි මහා ගොඩක් වෙනස්….
මගේ අත් ඒ පපුවට තුරුල් කරන්න ඉන්නේ හරි හින්දි ෆිල්ම් වල කෙල්ල කොල්ලාගෙන් ඇත් වෙද්දි පපුවට හිර කරගෙන ඉන්නේ රොමැන්ටික් සීන් වල අන්න ඒ වගේ …හරියට දාලා යන්න ලෝබ කමේ වගේ….
ඒ ඇසුත් හරි අමුතුයි දැන්…
මට හිතුනේ එයා මාව ගොඩක් අරක්ෂා කරන්න දගලනවා වගේ…..
හැසිරිම ,බැල්ම, පිට කරන සුසුම් පවා හරි වෙනස්..

මට තවත් මේ නඩගම බල බල ඉන්න බෑ මෙතන …
මට ඔනි උනේ මේ කටු ගේයින් එලියට යන්න…

” පිස්සු නටන්නේ නැතිව මට යන්න දෙනවාද සර් දැන්වත් ..
මට මහන්සි සර් හොදටම …. ඔයා මට වද දුන්නා හොදටම ඇති සර් …
තවත් එපා Plzzz…
පිං සිද්ද වෙයි මට තවත් වද නොදි යන්න දෙන්න…
එහෙම නැත්නම් මරලා දන්න මාව…”

මං කියපු දෙවල් ඇහුනේ නෑ වගේ..මොකුත් නොකියා මගේ අතත් අල්ලගෙන ගියේ සලේට

” වීරාජ්…..විරාජ්…”

කාෂී සර් මහා හයියෙන් කාටදෝ කතා කරා ….
එතකොටම එතනට අවේ කලූ ඇදගත්තු කාෂී සර් වගේම උස මහත තියෙන පිරිමි කෙනෙක් ….

“යස් සර් ”
” විරාජ් මේ රිදී පරිස්සමට ගෙදරට ගිහින් බස්සන්න..”

මගේ නම කියුවා විතරයි ඒ විරාජ් කියන මනුස්සයා මං දිහා බැලුවේ පුදුම වෙලා වගේ…
හරියට ගොඩක් කල් ඉදන් හොය හොය හිටපු රැවක් දැක්කා වගේ…. උඩ ඉදන් පහලටත් පහල ඉදන් උඩට බැලුවේ කටත් ඇරන්..

” විරාජ් පරිස්සමෙන් පලයන් හරිද”

මගේ දිහා පුදුම වෙලා බලන් හිටපු විරාජ්ට කාෂී සර් කියද්දි ඒ මනුස්සයා.
ගැස්සිලා ඔලුවෙන් හා කියලා සංඥා කලා…

විරාජ්ට එහෙම කියුවාම කාෂී සර් හැරුණේ මගේ පැත්තට

” රිදී බය නැතුව යන්න ..විරාජ් ඔයාව පරිස්සමට ගෙදරට ඇරලවයි…”

” දැන්ද සර්ට මාව පරිස්සම් කරන්න ඔනී උනේ..”

මං ඇහුවේ සමච්චලේට වගේ හිනා වෙලා ..

“මාව දැන් පරිස්සම් කලා කියලා ඇති වැඩක් නෑ සර් …
මොකද මට අරක්ෂා කර ගන්න දෙයක් නෑ …
වටිනාම දේ සර් විනාශ කරලා ඉවරයි…
එකට කමක් නෑ සර් කරපු කියපු හැමදේටම ගොඩක් ස්තුතියි …
ඔයාගේ බෝඩිගාඩ් ඔයාම තියා ගන්න සර්
මට මං ගැන බල ගන්න පුලුවන් ”

එහෙම කියලා මං ඒ අතත් ගසාදාලා එන්න් එද්දිම….
මෙච්චර වේලා නිහඩව මගේන් බැනුම් අහා අහා හිටපු කාෂී සර් යකා නටන්න පටන් ගත්තේ නැතෑ
මගෙ අත තවත් හයියෙන් හිර කරලා අල්ලගෙන ..
ඒ අල්ලන් ඉන්න විදිහට නම් මට හිතුනේ මැනික් කටුව කුඩු වෙලා ඇති කියලා ඒ තරම් මගේ අත ඒ අතට හිර වේලා .. වේදනායි ඒ අත…

“මගේ යකා අවුස්ස ගන්නෙ නැතුව කියපූ දේ කරපන්
හිතුවක්කාර නොවී…උබ කියපු කරපු හැමදේම මං අහුවානේ…
දැන් මං කියන දේ අහපන්”

එහෙම කියලා කාෂී සර් මාවත් ඇදන් අවේ කාර් එක ලගට ….
ඒ ඇස් දැන් නම් කෙන්තියෙන් පිරිලා..
කාර් එකේ පිටිපස්සෙ මාව ඉන්දවලා
මගේ ඔලුව උඩ අතක් තියාගෙන…

” පරිස්සමෙන් යනවා රිදී විරාජ් තමුසේව ගෙදරම ගිහින් දනකම් කරදර නොකර හිතුවක්කාර නොවී යනවා හරිද ..
මගින් එහෙම බැහැලා මේ කාෂී නරක මිනිහා කියන්නත් එපා තේරුනානේ…”

මට සැරෙන් එහෙම කියපු කාෂී සර් මගේ ඔලුවත් අත ගාගෙනම ගියේ විරාජ් ගාවට …
මට නම් ඒ මුණ බලන්නවත් හිතෙන්නෙ නෑ..
මාව විනාශ කරලා දාලා දැන් බොරුවට මාව පරිස්සම් කරන්න දගලනවා ..
විලි ලැජ්ජාවක් කියලා නමයක් ගැවිලාවත් නෑ කාෂී සර්ට ..
මං බැනපු විදිහට වෙන මනුස්සයෙක් මාව පරිස්සම් කරනවා තියා මගෙ මුණවත් බලන්නේ නෑ…

කාෂී සර් විරාජටත් මාව පෙන්නලා මොනවාදෝ කියලා..විරාජ්ගේ උරහිසටත් තට්ටුවක් දලා ගේ ඇතුලට යන්න ගියා…

මං සිට් එකට හේත්තු වෙලා..කාර් එකේ ජනෙලෙන් බැලුවේ හිස් අහස දිහා……
අහසත් හතර වටින්ම කළු කරලා.. වැහි වලාකුළු පිරිලා අහසේ කුනාටු එක්ක වැස්සක් එන්න වගේ …
හරියට මගේ ජිවිතේත් මේ හතර වටින්ම කළු කරපු අහස වගේ..
කළු වලාවකින් මගේ ජිවිතේ වැහිලා ඝන අදුරු වෙලා ගිහින්.. . ..
අයේ කවදා මේ රිදීගේ ජිවිතේට ඉර පායයිද….
කවදාවත් නැති වෙයි ….
කාටවත් බැරි වෙයි මගේ ජිවිතේ එලිය කරන්න …

ඊයේ කිරිල්ලියක් වගේ ගෙදරින් අපු මං ..
අද ගෙදර යන්නෙ තටු කපපු කිරිල්ලියක් වගේ ….
කෙල්ලකුට වරදින්න මහ වේලවක් යන්නේ නෑ
සුලු මොහොතක් ඇති…..
වැරදුනොත් වැරදුනාමයි ..ඒ වැරැද්ද මුළු ජිවිත කාලෙටම හදන්නත් බෑ ..
මුළු ජිවිත කාලෙටම එක බලපානවා ..
කෙල්ලො අපී මේ කුරිරු සමාජය ගැන අවබෝධයකින් ජිවත් උනේ නැත්නම් වරදින්නේ අපිටමයි..
අද මට වැරදුනා හෙට ඔයාට වෙන්න පුළුවන් ……

කල්පනවේ හිටපු මං ගැස්සුනේ විරාජ්ට අපු කොල් එකට..
කතා කරන විදිහෙන් තේරෙනවා ඒ කතා කරන්නේ කාෂී සර් කියලා ..
මේ තරම් මාව පරිස්සම් කරනවාද .
මං ගැන හොයලා බලනවද…
එත් ඇයි ඒ…
මට ප්‍රෙහෙලිකාවක් ඇත්තටම මගේ ඔලුව අවුල් කරනවා මේ කාෂී සර්ගේ හැසිරිම …
වෙන පිරිමියෙක් නම් මෙහෙම දෙයක් උනාම කොහොම හරි ගැහැනියගේ ඇගට වරද පටවලා ගැලවිලා යන්නෙ කොයි වේලාවෙද කියලා බලන්නේ ඉන්නේ ඒ අතින් කාෂී සර් හරි වෙනස්..

මං පියවි සිහියට අවේ විරාජ් මට කතා කරද්දි…

“රිදී නංගි ගෙදරට අවා බහින්න ”

මං පුදුමයෙන් බැලුවේ වටපිට මෙච්චර වේලා කල්පනා ලොකේද මං හිටියේ……..
නුවර ඉදන් දඹුල්ලට එනවා දැනුනෙවත් නෑ මට…

පැය 2කටත් වැඩි… එත් මට දැනුනේවත් නැ..

කාර් එකෙන් බැහැලා ….විරාජ්ටත් යන්නම් කියලා ..
කාර් එක යන්න ගියාට පස්සෙ මං හැදුවේ ගෙදරට යන්න…
ඒත් කඩුල්ල ලගින් මතු උන රැව දැක්කාම මං අයාසයෙන් පාලන කරගෙන හිටපු කදුළු අලුත් උනේ වාන් දානවා වගේ…

මතුසම්බන්ධයි …….

බුදුසරණයි…..

💞 S පිරීස් 💞

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
ලයික් කමෙන්ට්  කරන හැමෝටම Thanks ….
යෝජනා
චෝදනා කියලා යන්න …

Related posts

Leave a Reply