සෙනෙහස මියදේවිදෝ – දාසය කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~ ~

නංගි KK මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…
ටික දවසක ඉදන් කියන්න හිටියේ… ඇයිද මන්දා මට මේක ඔයාට කියන්නමයි කියලා හිතෙනවා..

මම ඔයාට බල කරන්නනේ නෑ.. මම කියන දේ අහලා ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න…

මා මෙන්ම නිෂාද උන්නේ ගල්ගැහි මෙනි… දෙයියනේ ඒ පාර මොන මරාලයක්ද මේ පහත් වෙන්න යන්නේ…

KK අහගෙනද ඉන්නේ… මොකද මේ බයවෙලා වගේ… හිතුවද මම කැමැත්ත අහන්න ආවා කියලා…

න්… නෑ.. නෑ.. අයියේ..මේ.. මේ..

මොකද ළමයො බයවෙලා… බයවෙන්න එපා ම ආවේ සෙහස් ගැන කතා කරන්න…

සෙහස් ගැන… එත් අයියේ එයා ගැන මන් එක්ක කතා කරන්නනේ ඇයි.. ඒකට යන්න සසිත්මා නංගි ළඟට… ආයාසයෙන් මුවට හිනාවක් ගෙන මා කියන්නට විය…

නෑ නංගි සසිත්මාට බෑ මේ වෙලාවේ සෙහස්ට උදවු කරන්න.. ඔයාලා නොදන්න සෙහස්වක් දන්නේ නැති දේවල් තියේ නංගි සසිත්මා ගැන..

මොනාද අරෝෂ් අයියා කියන්නේ මට තේරෙන්නේ නෑ… අනික සසිත්මගෙයි සෙහස් අයියගෙයි පෞද්ගලික දේවල් දැනගන්න උවමනාවක් නෑ..

මම ඒක දන්නවා නංගි… එක් මම කියනදේ ටිකක් අහන්නකෝ… මට ඕන මේ ප්‍රශ්නෙට කොමහරි විසදුමක් හොයාගන්න…

හ්ම්.. එහෙනම් කියන්න අයියා පුළුවන් නම් මම උදව් කරන්නම්.. එත් ඔය සෙහස් උඩුගුවා දකිද්දි මට කේන්ති යනවනේ..

එක්වරම අ⁣රෝෂ් මෙන්ම මෙතෙක් නිහඬවම සිටි නිෂාද හයියෙන් හිනාවෙන්ට විය..

ඒ පාර මොකද හැලයයි සීදේවි වගේ හිකි හිකි ගාන්නේ..

ඇය වදේ උඩුගුවා නෙවෙයි උගුඩුවා කියලා කීපාරක් නම් මම කියලා තියෙද උඹට..

හරි හරි බන් ගුරුන්ටත් අකුරු වරදිනවනේ.. මම කියන්නට විය..

ඒක නෙවි නංගෝ කවුද හැලයයි සීදෙවි කියන්නේ..

හයියෝ අයියා ඕකවත් දන්නේ නැතිද අර පැංචා කාටුන් එකේ ඉන්න කිඹුලයි කිඹුලිනේ… තිදෙනාම එකවර සිනාසෙන්නට විය…

හා… හා… අැති දැන් ඔය කතාව… අයියා කියන්න තියේ කිව්වේ මොකද්ද…

මේකයි නංගි සෙහස් හදන්නනේ මේ අවුරුද්දෙන් පස්සේ ඉස්කෝල ගමන නතර කරන්න…

මොකක්…එක්වරම මට අැසුනි..

ඔව් නංගි…

ඒත් ඇයි අයියා ඒ…

KK දන්නවා නේද සෙහස්ගේ තාත්තා මාළු විකුණන කෙනෙක් කියලා.. අම්මා මොකවත් කරන්නේ නෑ.. මේකට නංගි කෙනෙක් ඉන්නවා.. නංගි දැකලා ඇති.. නිම්සරා.. මේ පාර ඕලේවල් කරන්නවා..

සෙහස්ගේ තාත්තට දැන් බයිසිකල් පදින්න එහෙම ටිකක් අමාරුයි.. ඒත් ඒක ගෙදර අයට කියන්නේ නැ… දවසක් ගානක් මට හම්බවුනා බයිසිකලේ තල්ලුකරගෙන ⁣ඇවිත් ගෙවල් කිට්ටුවදි පැදගෙන ගෙදර එනවා..

ඒත් ඇයි ඒ ගෙදරට කියන්නේ නැත්තේ…

එහෙම කරන්නේ දරුවෝ දෙන්නා ගැන හිතලා… එහෙම කිව්වා නම් මු මීට කලින් ඉස්කෝලේ ගමන නවත්තලා… මේ ළඟදි මට අම්මා එන්න කියලා පණිවිඩයක් එවලා මම ගියා..

අර එදා නංගි සික්කව සරුංගලයක් කරපු දා උදේ එහේ ගිහින් ආවේ මම… මූ අම්මට කියලා ආයේ ඉස්කෝලේ යන්නේ නෑ කියලා…

එතැන් පටන් සෙහස්ගේ මව කියු සියල්ලම අරෝෂ් දෙව්ලිට කියන්නට විය..

දැන් අයියා මොකද සෙහස් කියන්නේ මේ ගැන…

උගේ තීරණේ ගත්තාලු… ආයේ එන්නේ නෑ කියනවා ඉස්කොලේ… අද උදේ ඔය තුන්දෙනාට සෙහස්ව හම්බුණා මතකද… අර පොඩි ඇක්සිඩන්ට් එකක් වුණේ…

ඔයාලා ගියාම මම ඇහුවා මොකෝ බන් අද බැන්නේ නැත්තේ කියලා.. එතකොට මූ කියනවා ඒකි බන් මට බය වෙලා ඉනනේ කොයිවෙලෙත්..

අපේ නංගි වගේමයි බන්.. කොයි වෙලෙත් කියවනවා… මමත් කංගිව අවුස්සන පුරුද්දට මේකිවත් අවුස්සනවා බන… මම තව ටික දවසනේ ඉස්කෝලේ… ඉතින් කෙල්ල වෙනදා වගේ නිදහසේ හිටපුදෙන් කියලා…

මගේ දෑසෙහි කඳුළු පිරුණි… මෙච්චරටම මා ගැන සිතනවාද…

අයියේ සෙහස් අයියා ගෙදර නතරවේවිද එතකොට… අනේ කෙහොම හරි ඉස්කෝලේ එන්න කියන්න…

අපිත් කියන්නේ ඒක තමයි අපි බලමු නංගි.. පවුලේ ඉන්න එකම කොල්ලනේ වගකීම් වැඩි ඌට…

මම යනවා නංගි ඔයාලවත් කල්පනා කරලා මට හොද උත්තරයක් දෙන්න… යැයි කියමින් අරෝෂ් අයියා යන්නට හිද සිටි තැනින් නැඟිටින්නට විය…

අම්මටසිරි.. අමකත වුණානේ… හෙට උදේ පන්තිය ඇරුණම ට්‍රිප් එක අරන් යන්න බඩු ගන්න යමු කියන්න ආවේ.. කෙහෙද අර මූලක්ගිනිකාරයා ගියනේ පණිවිඩේ නොකියම…

KK හෙට අම්මට කියලා එන්න බඩු ගන්න යනවා… එද්දි හවස් වේවි කියලා…

හා හා අයියා මම එන්නම්…

~ ~ ~ ~

KK ඇති බන් දැන් ඇඬුවා… අද නම් මම මුකුත් අහන්නේ නෑ උ⁣ඹගෙන්.. ඔය කඳුළු මෙච්චර දවසක් මටයි නිකීටයි තිබුණ ප්‍රශ්නවලට උත්තර දුන්නා බන්…

ඒත්… නිෂා… සෙහස් අයියා ඉස්කෝලේ එන්නේ නෑ කියනවනේ… දන්නේ නෑ මේකටද ආදරය කියන්නේ කියලා… ඒත් දන්නවද නිෂෝ මම හැමදාම ඉස්කෝලේ ආවේ සෙහස් අයියව බලන්න ඕන නිසා…

මම දන්නවා බන් කරන්නේ වැරැද්දක් කියලා.. ඒත්… බන් මන් මොනවා නරන්නද… සෙහස් දකින කොට ඇතිවෙන හැඟීම් හරි වෙනස් බන්…

උඹ දැකලා තියේද නිෂා සෙහස් අයියා ඇස් හීනි කරලා නපුරු විදියට බලන බැල්ම.. කොයිතරම් මම බැන්නත් ඒ බලන විදියට මන් කැමති බන්…

දැන දැනම සසිත්මට මම කරන්නේ වරදක්… ඒත්.. ඒත්..මට හිතෙනවා මම සෙහස් අයියට ආදරෙයි කියලා… මට අයිති කරගන්න ඕන නෑ බන් ඒත් පේන මානෙන් හරි ඉන්නවනම්…

මනුර අයියා හමුවට ගිය නිකීද ඇවිදින් මා කියන දේවල් අසාගෙන ඉන්නට විය..

අනේ බන් මොකක් හරි කියහන්කෝ සෙහස් අයියව දිගටම ඉස්කෝලේ ගෙන්න ගන්න.. අනේ මට අයිති තරගන්න ඕන නෑ… ඒ හැඟීම් මම ළඟම තිබුනදෙන්…

හරි බන් මොක කරන්න වුණත් ඔය ඇඩිල්ල නවත්ත ගනින්… මිස් කෙනෙක්වත් දැක්කොත් මාර ප්‍රශ්නේ වෙන්නේ… නිෂා කියන්නට විය…

ඊට හපන් බන් අර ඉසකුඩිච්චිය ආවොත් මෙතනට මුළු ඉස්කෝලේම පතුරාවි යැයි නිකී කියන්නට වූයේ නෙතු ගැනය..

ඔය මුහුණ ටිකක් හෝදගෙන යමන් පන්තියට..

~ ~ ~ ~ ~

චූටි මොකද දරුවෝ ඔය බත් එක අතගාන්නේ… පියවි සිහියට ආවේ අම්මාගෙ හඬනි..

ආ… නෑ… අම්මා. කන්න බෑ… වගේ…

ඇයි පුතේ තාම කට තිත්තද…

හා… අම්මා තාම කට තිත්තයි… අනේ මම පස්සේ ටිකක් කන්නම් අම්මා…

බත් කන්න බැරි නම් පුතේ උණු පාන් එනවා ⁣දැන් අරන් දෙන්නද.. නොකා ඉන්න එපා පුතේ… ඒ පාර ගෑස්ටික් හදාගන්නවා…

මට අම්මා ගැන දුක සිතුනි… අමමව බොරු කියා රවටන්නට තරම් මා නරක ළමයෙක් වී ඇත…

හා අම්මා… එහෙනම් ගන්නකෝ…

ඇදේ වැතිරගත් මා කල්පනා කරන්නට වූයේ සෙහස්ගේ ගැටළුවට විසදුමක්ය..

ඇත්තටම මම කරන්නේ වැරැද්දක් නේද… ⁣සසිත්මා සෙහස්ට ආදරෙයි කියලා දැන දැනම මමත් සෙහස්ට ආදරය කරන එක… ඒත් මමත අසරණයිනේ…

ඇයි නෙතු මට අරම බැන්නේ.. මාත් එක්ක තරහක් එහෙම නෑනේ… අනේ මන්දා… එයාලා දැනගත්තොත් මමත් සෙහස්ට ආදරෙයි කියලා.. දෙයියනේ මම ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි…

අද නම් හිත හොදටම රිදී තිබුණි… ඇදේ වැතිර සිටි හා නැඟිට ගොස් පොත් මේසය ළඟ පුටුවේ හිඳගත් මා සිතට දැනෙන සිතුවිල් අකුරු කරන්නට වූයේ පෙර පුරුද්දට මෙනි..

ඉස්සරත් මා මෙලෙස… දුකක් දැනෙන හැමවිට මා කළේ සිතුවිල් අකුරු කිරීමය..

නු⁣⁣ඹේ නෙතඟේ හුරුපුරුද්ට
දැනුන අමුතුම හැඟීමට
නමක් දුන්නා මම ආදරය කියලා…

ඒ දැනුන හැඟීමට
ලොබ බැන්දමුත් මෙමා
අන්සතු වෙලා නුඹ කාටත් හොරා…

නැකතකට පෝරුවේ
පලදන්න රන් මුදුව
සත්මයි මම දැක්කා
එකම එක සිහිනයක්…

අවසරය නැතිව අැති
රැදෙන්නට නු⁣⁣ඹේ ළඟ
ඒ නිසා වෙන්න ඇති
දුටු හීන බිඳී ගොස්
අහිමි වුයේ නුඹව…

අනේ මම මොනාද කරන්නේ සෙහස් අයියාව දිඟටම ඉස්කෝලේ ගෙන්න ගන්න… මුකුත් මතක්වෙන්නේ නෑ මට…

~ ~ ~ ~ ~

දූලගේ අප්පච්චි චූටි අහනවා හෙට පන්ති ඇරිලා එහෙම්ම ට්‍රිප් එකට ඕන බඩු ටික අරන් එන්න යන්නද කියලා…

පිස්සුද නොනේ… කෙල්ල පාරවල් ගානේ රස්තියාදු කරවන්න… වෙන කාටහරි යන්න කියන්න…

අනේ අප්පච්චි… කියමින් මා ගියේ අප්පච්චි ළඟටය..

ඇයි මොකද.. මම අම්මට කියලා ඇති කරන්න ඕන දේ..

අනේ අප්පච්චි මමනේ චාරිකාවේ වැඩ ගැන හොයලා බලන්නේ… තනියම නොවි යන්නේ නිෂා නිකී දෙනනත් යනවා.. තව අප්පච්චි මනුර අයියා අරෝෂ් සෙහස්… ඒ තුන්දෙනත් යනවා… බයක් නෑනේ…

ඒ වුණාට චූටි ඔයා ගෑනු දරුවෙක්… එහෙම යවන්න පුළුවන්ද ආ… මම දන්නවා ඔය ළමයි තුන්දෙනාව නම්… එයාල ගැන වැරද්දක් නම් කියන්න නෑ.. බලමු.. බලමු… මම හිතලා කියන්නම්…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

බුදුසරණයි යාළුවනේ…!

Related posts

Leave a Reply