සෙනෙහස මියදේවිදෝ – පහළොව කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~ ~

දවස් ගෙවි ගියේ ඇසිපිය ගසන වේගෙන් යැයි මට සිතේ… සෙහස් හා මා අතර අවශ්‍ය දෙයකට පමණක් කතාබහාඇතිවු අතර ඉන් එහාට කිසිදු කතාවක් නොවිය…

වාර විභාග පටන් ගත් නිසා කාගේ කාගේත් අවධානය විනෝද චාරිකාවට වඩා පාඩම් වැඩවලට යොමු විය..

විනෝද චාරිකාවට දින නියම කරගත්තේ දෙසැම්බර් නිවාඩුවටය… ඊළඟ අවුරුද්දේ සෙහස්ලා විභාගයට මුහුණ දීමට නියමිත බැවින් නැවත ඔවුන්ට එකට ට්‍රිප් යන්න වෙන්නේ නැතැයි කිමින් ඔවුන්ගේ පන්තිවල සියල්ලෝම වාගේ විනෝද චරිකාව යෑමට නම් දී තිබුණි.

විනෝද චාරිකාව යෑමට තව ඇත්තේ සතියත් පමණි… මා මෙන්ම සෙහස්ද ඊට සහබාගීවීම ගැන අදහසක් දක්වා නැත…

~ ~ ~ ~

කොහොමද පුතේ විභාගේ… ලේසිද… අප්පච්චි අසන්නට විය

එහෙමත්ම අවුලක් නෑ අප්පච්චි… පාඩම් කරපුවා තමයි ගොඩක් අහලා තිබුනේ… .

එහෙනම් ඉතින් අමාරු වෙන්න විදියක් නෑනේ චූටිට… ඒක නෙව් මම අහන්නමයි හිටියේ මයේ පුතේ ඉස්කෝලෙන් යනවයි කියන චාරිකාව කවද්ද යන්නේ…

ලබන සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා නිවාඩු දවස් නිසා බ්‍රහස්පතින්දා යනවා අප්පච්චි…

එ්කත් එහෙමද මයේ පුතා යන්නේ නැද්ද ඉතින්…

මම තාම හිතුවේ නෑ අප්පච්චි.. බස් එකට එක්කදහස් දෙසියයි එක්කෙනෙක්ට…

අම්මාත් මාත් එක්ක ඕක ගැන කතා කළා… ඔන්න අම්ම නම් කැමති පුතාව යවන්න.. කවදාවත් මුකුත් ඉල්ලලා කරදර කරන්නනේ නෑ කියලා අම්මා කියනවා චූටිව යවමු කියලා…

ඒත් අප්පච්චි සල්ලි… අනේ ඕන නෑ අප්පච්චි.. මම යන්නේ නෑ… මට ආසාවක් නෑ අප්පච්චි…

අපිත් ඔය කළේ පහු කරලා අාවේ පුතේ.. සල්ලි ගැන හිතන්න එපා මයේ පුතා යනවා කියලා නම දෙන්න…

අනේ අප්පච්චි… ඔයාලා පව්නේ.. කියමින් මම අප්පච්චිව බදාගන්නට විය…

~ ~ ~ ~

මැණිකේ… මැණිකේ… කෝ අපේ ඉලන්දාරියා ඉන්නවද ගෙයි…

මොකෝ මහත්තයා.. කොල්ලා පාඩම් කරනවා විභාගේ ඉවර නෑනේ තාම…

තාත්තා මුකුත් වැඩක්ද.. මම කන්න ආවේ.. තාත්තා කාලද ඉන්නේ… කියමින් එතනට පැමිණියේ සෙහස්ය…

තාම නෑ කොලුවෝ.. අද මම කවන්නම් මයේ කොල්ලටයි කෙල්ලටයි…

එක්වරම සෙහස් බැලුවේ තාත්තා දෙසය..
තාත්තා ඇයි දුකින්… මොකුත් ප්‍රශ්නයක්ද… සෙහස් අසන්නට විය…

ඇයි කොලුවෝ එහෙම ඇහුවේ…

නෑ තාත්තා… පොඩි කාලේ ඉදන්නම තාත්තා දුකින් ඉන්නකොට නංගිටයි මටයි කතා කිය කිය බත් කවකනනේ… අපි බත්.කාලා ඉවර වුණාම තාත්තා කිනවා හරි සැනසීමයි මැණිකේ… මයේ කෙල්ලයි කොල්ලයි ළඟ ඉන්නකොට දැනෙන සැනසීම සල්ලිවලට ගන්න බෑ කියලා..

මේ බලන්ඩ මැණිකේ අපේ එකා පැහිලා තියෙන තරමක්… ඒක⁣ නෙවි චූටි මහත්තයෝ ඉස්කෝලේ චාරිකාවක් යනවයි කිව්වා නේද.. ඒක ගියාද කට්ටිය..

නෑ තාත්තා ලබන බ්‍රහස්පතින්දා යනවා.. විභාගෙත් ඉවරනේ ඒ වෙද්දි…

ඉතින් මයේ කොල්ලත් යනවද ඔය ගමන..

අනේ නෑ තාත්තා මගේ කැමැත්තක් නෑ…

ඒ මොකද කොලුවෝ… අපිත් ඔය කලේ ඉදලා ආවේ… දවස් තුනක් කිව්වා නේද… ගාන කීයද විතර වෙනවද එක්කෙනෙක්ට…

එක්දහස් දෙසියයිල් තාත්තා…

මැණිකේ අර ටික දුන්නනා නම් චූටි මහත්තයට…

මොනාද තාත්තා මට දෙන්නේ…

ඉස්කෝලේ චාරිකාවක් යනවා කිව්ව දාට පස්සේ දා ඉදන්ම තාත්තා චූටි මහත්තයට ඔය ගමන යන්න සල්ලි එකතු කළා පුතේ… යැයි කියමින් අම්මා එතන්ට එන්න විය..

අපි දන්නවනේ පුතා කටක් ඇරලා අපෙන් සල්ලි ඉල්ලන්නනේ නෑ කියලා..ඒකයි තාත්තා එහෙම කලේ…

මගේ දැසේ කඳුළු පිරුණි..

කෝ මැණිකේ කීයක් තියෙනවද දැන්.. තුන්දහක්ම තියෙන්නේ මේ… පුතා හෙටම සල්ලි දෙන්න ගිහින්…

ඒත් තාත්තා අපරාදේ සති කීයක් කන සල්ලිද… අනිත් පන්ති කාඩ් ගන්නත් තියෙනවනේ… ඕන නෑ තාත්තා…නංගිගේ විභාගෙත් පටන් ගන්න නිසා මම යන්නේ නෑ තාත්තා…

චාරිකාව යාමට කොතරම් ආස වුණත් අපේ ආර්ථිකයත් එක්ක හැපෙන්න බැරි නිසාම සෙහස් එසේ කියන්නට විය…

ඒ ගැන හිතන්න එපා කොල්ලෝ… මැණිකේ ඔය බත් එක ගෙනාවනම්…දෝණි… මයේ කෙල්ලේ එන්න බත් කන්න… අද තාත්තා තමයි කවන්නේ..
තාත්තා කියන්නට විය..

~ ~ ~ ~

අඩෝ අරෝෂයෝ.. මට උ⁣ඹගෙන් අහන්න දෙයක් තියේ…

⁣මොකද් බන්.. දන්න දෙයක් නම් කියන්නම්…

ඊයේ මොනාද උඹ අම්මා එක්ක කතා කර කර හිටියේ…

හා ඒකද… මම ඒත් බැලුවා මොකද කොල්ලා තාම ඒ ගැන මගෙන් ඇහුවේ නැත්තේ කියලා…

හරි… හරි… දැන් ඇහුවනේ.. කියපන්කෝ ඇයි කියලා…

මේකයි බන් අම්මා ඇහුවා… උඹගේ නංගිව බඳින්න කැමතිද කියලා… මම ඉතින් හා කිව්වා කියමින් අරෝෂ් දුවන්නට වුයේ සෙහස්ගේ ගුටි පුජාවෙන් බේරිමටය..

එක්වරම සිදු වුයේ සෙහස් නොසිතු දෙයකි…

අරෝෂ් කැන්ටිමෙන් පිටව සංගීත කාමරය පැත්තට දුවන්නට විය… පිටුපසින් ආ සෙහස් හැරෙනවාත් සමඟම කිසිවකුගේ ඇගේ හැපුනි..

විනාසයි මේ බෙලෙක්කේ කොහේද මෙහෙ.. දැන් ඉතින් කණක් ඇහිලා ඉවරයි… සෙහස් හිනහෙමින් කියන්නට විය.

සෙහස් හැප්පුනේ දෙව්ලිගේ ඇගේය…

මොකද්ද කිව්වේ… තමුන් කාටද බෙලෙක්කේ කිව්වේ… වැරැද්ද කරලා එනවා මෙතන….
එක්වරම මා අතින් කටද වහගනිමින් බැනිල්ල නවතා ගත්තේ එදා පිට්ටනියේ වූ සිද්ධිය සිහිවීමෙනි…

නිකී නිෂා මෙන්ම ඇ⁣රෝද අප දෙදෙනා දෙස බලා සිනාසෙමින් සිටි…

සෙහස් තවමත් හිනහෙමිනි.. හපෝ ඔය තරමට බය තිබුණම ඇති… ඔය අත අයින් කරගන්නවා කටින්.. හුස්ම හිරවෙලා මැරෙවි… බයවෙන්න එපා අද කට කඩන්නේ නෑ මං… යැයි සෙහස් කියනවාත් සමඟම මා දිව ගියේ මිතුරියන් ද දමාය…

~ ~ ~ ~

තෝ තමයි ඔක්කොම කරේ බූරුවා… ⁣අරෝෂ්ගේ බෙල්ලෙන් අල්ලාගත් සෙහස් කියන්නට විය…

අතඇරපන් යකෝ බෙල්ල… බෙල්ලට මුකුත් වු⁣ණොත් තෙල් ටිකක්වත් ගා ගන්න අම්මා කෙනෙක් ඉන්නවයි කියලද අපිට… යැයි ඇරෝ කියන්නට විය..

අනේ පල #$%$# යන්ඩ…

ඈ කොලුවෝ මොකද උඹ අද KKට බැන්නේ නැත්තේ…ඒකි ගැන හිතක්වත් පහල වුණාද…

බොට අමු කැවිලද යකෝ… මට මොකටද ඒකීව… මට දුක හිතුනා බන්… අපේ එකී වගේ කොයි වෙලෙත් කියව කියන ඉන්නේ… උඹ විස්වාස කරපන් ට්‍රිප් එකේ වැඩ අපි දෙන්නා එකතුවෙලා කළාට මොකද… ඒකි හැම එකටම ඔව් නෑ බෑ තරගේ වගේ උත්තර දෙනවා විතරයි…

ඔය හැදිගෙන ලෙඩේ නම් හොද නෑ වගේ… උඹ ඒකීට ලව්ද යකෝ…

බොට මැරුම් කන්න ආසද මගෙන්… මොන ලව්වද බන්… මම තීරණයක් ගත්තා බන් ආයේ ඉස්කෝලේ එන්නේ නෑ කියලා ඊලඟ අවුරුද්දේ ඉදන්.. විභාගේ කරන්නෙත් නෑ ඇරෝ… මම දෙව්ලිට බනින නිසා ඒකි බයයි මන් එක්ක කතා කරන්න… ඒකයි මම අද බැන්නේ නැත්තේ…

මේ අහපන් සෙහස්… ප්‍රශ්න හැමෝටම තියෙනවා බන්.. එත් හදිසි තීරණය ගන්න එපා.. අන්තිමට උඹම දුක්වේවි… අපි බලමු ඉගන ගන්න ගමන් කරන්න පුළුවන් දෙයක්…

අනේ මෙහෙවර යන්න.. මම කරන්න ඕන දේ තීරණය කරලා ඉවරයි… යැයි කියමින් මා පන්තියට යන්නට විය…

~ ~ ~ ~

මුන් නම් බන් මහා පාප මිත්‍රයෝ… අපිත් එක්ක ගිහින් අපිව මඟදාලා එනවා… නිෂා නිකී මට බනිමින් පන්තියට එන්නට විය…

අනේ එහෙම නෑ බන්… එත්… ඒත්….අනේ මන්දා මම දුවගෙන ආවා බන්…

බලපන්කෝ බන් ඒක මතක්වෙද්දිත් මේකිගේ මූණේ පෙම් පාට.. ආව්… ආව්… නිෂා කියමින් හිනහෙන්නට විය…

මොකද බන් ඒ අමුතු පාටක්… මේකි එ් පාර කාගේ ඇගෙද එල්ලිලා තියෙන්නේ… යැයි අසමින් අපේ කතාවට හවුල් වූයේ නෙතුය..

මොකද්ද බන් ඒ හරුපේ … උඹ හිතුවද අනිත් උන් වගේ මේකි තුන හතරක් එක්ක යාළුවෙලා කියලා… අනික මේකීට එක එකාගේ ඇගේ එල්ලෙන්න ඕන නෑ එයාෆෝස් කොල්ලෙක්ව ප්‍රොපෝස් කරලා තියෙන්නේ… යැයි නිකී තරමත් සැරෙන් නෙතූට කියනනනට විය…

මොකද බන් උඹ අනුන්ගේ කතාවලට පනින්නේ… අනේ බොලා බබාලනේ… ඇයි හිතුවද අපි දන්නේ නෑ කියලා අර මුල්ලෙයි මේ මුල්ලෙයි සෙහස් එක්ක නටන නාඩගම්…

අප තිදෙනමෙ ගැස්සි ගියේත් මුහුණට මුහුණ බලාගත්තේත් එකටම වාගේය… .

මොනාද බන් ඔය කියන්නේ… හොද සිහියෙන්ද උඹ ඉන්නේ… ඕන කෙනෙක් දන්නවනේ සෙහස් යාළු සසිත්මා එක්ක කියලා… නිකන් නිරපරාදේ KKට වචන හදන්න එපා බන්…

බලපන්කෝ බන් මුන් දෙන්නටනේ අමාරුව තියෙන්නේ.. අපිත් ඉන්නේ මෙහෙනේ.. බලමු තව කොච්චර කල් හැංගි හැංගි නටයි කියලා…

නිෂා නිකී කටවහන් ඉදපන්.. නිකන් වචන අහක යන එක විතරයි වෙන්නේ… මෙයාට කියවන්න දීලා ඔන්න ඔහේ ඉමු බන්…

ඒත් KK බලපන්කෝ…

මම නිකී සහ නිෂා ඇදගෙන පන්තියෙන් එලියට ගියෙමි… නෙතු තව මොන මොනවද කිව්වත් මා ඊට අවධානයක් නොදුන්නෙමි…

උඹ මොකටද යකෝ එළියට ආවේ. බලපන් අරකි කියන දේවල්… කවුද දන්නනේ නෑ ඒ කාලේ ඉදන්ම අහුමුළුවල රැගුවේ… ෂිට් මේකි මාව ඇදගෙන ආවනේ… නිකී තනිවම බනින්නට විය…

සුදු මැණික… එක්වරම ඇසුන හඬට තිදෙනාම හැරි බලන්නට විය.. දෙයියනේ සුදු අයියා… නිකීට කියවිය..

සු.. සු.. සුදු අයියා…

මොකෝ තමුන් ගොත ගහන්නේ… මොකද්ද මේ අල්ලපු අඩව්ව… තමුන් මොකද නෙතූට නිස්කාරනේ බැන්නයි කියන්නේ…

මොකද්ද… මම නෙතුට බැන්නා කිව්වා… KK පොඩ්ඩක් හිටහන්කෝ… මම මේක සුදු අයියා එක්ක බේරන් එනකන්… යැයි කියමින් නිකී යන්නට විය…

ඒ අතර මා සොයා පැමිණියේ සෙහස් සහ අ⁣රෝෂ් අයියලාය…

හයියෝ දෙව්ලිය මෙතන අපි අරහේ හැම තැනම හොයනවා.. කියමින් අප සිටි තැනින්ම අරෝෂ් ඉදගනනනට විය… හා මේ අනිත් නැට්ටත් ඉන්නේ… නිෂා දුටු ඔහු කියන්නට විය…

ඒ පාර මොකක් මරාලේ… ඔයාලගේ ඔය සෙහස් ගෑවුණොත් ඉවරයි… යැයි මා හිතේ තිබු ආවේගය අරෝෂ් පිටින් යවන්නට විය…

මොකද්ද තමුන් කිව්වේ.. ටිකක් බුරුල දුන්නම එනවද මට කොකා පෙන්නන්න… මෙහෙ වර බන් යන්න… මේකිගේ මෙච්චර ලයින් බලන්න ඕනද…

අනේ මේ අපි නම් කාටවත් කොක්කු පෙනනනුවේ නෑ… සෙහස් යන දෙස බලමින්මා කියන්නට විය.

සෙහස් කේන්තියෙන් පිටව ගියමුත් අරෝෂ් අප ළඟ නතර විය..

තෝ එන්නේ නැද්ද #$%$#… එහෙනම් උඹත් ඉදපන් ඕකි එක්ක මම යනවා..

අරෝෂ් අයියා ඔයා යන්න දැන්. නැත්තම් KKට තවත් වචනයක් හැදේව්… නිෂා කියන්නට විය…

මොකද්ද නංගි ඒ කතාව. හිත රිදුනත් එය නොපෙන්නා අරෝෂ් අසන්නට විය…

එතැන් සිට මා එපා කියද්දීම නිෂා සිදු වූ සියල්ල අරෝෂ්ට කියන්නට විය…

සියල්ලම අසා සිටි ඔහු මදෙස බැලීය… ඒ බැල්ම අමුතුය…

නංගි KK මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…
ටික දවසක ඉදන් කියන්න හිටියේ… ඇයිද මන්දා මට මේක ඔයාට කියන්නමයි කියලා හිතෙනවා…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි… අඩුපාඩු අැති කතාවේ. ඒකට මට සමාවෙන්න…

බුදුසරණයි යාළුවනේ…!

Related posts

Leave a Reply