සඳකිණි වැස්ස – ⁣දෙක කොටස

🌙 සඳකිණි වැස්ස ☔ 02 කොටස

කෙල්ල වාඩිවුන සීට් එකෙන්ම පහාන් වාඩිවුනේ පස්ස පැත්තෙන් භාගයක් වගේ තියාගෙනයි.. දෙන්නා අතරේ තිබ්බ පරතරේ දිහා කෙල්ල දෙතුන් පාරක් බැලුවා… කොල්ලා හිතාගන්න බැරි චරිතයක් … සංජුලාට හිතුනා.. ඒත් වැඩි වෙලාවක් පහාන්ට එහෙම ඉන්න උනේ නැ.. බස් එක වංගු ගන්න වේගෙට පහාන් නිකන්ම කෙල්ල පැත්තට ඇදිලා ගියා..

” නාවලපිටියේ බස් වේගෙන් යනවා…” කෙල්ල ඇගේ ඇලවිලා වගේ හිටිය කොල්ලා දිහා බලලා කිව්වා..

” ම්… වංගු වැඩිනේ….” පහාන් උත්තර දුන්නේ ඉස්සරහා සීට් එකෙනනුත් අල්ලගෙනයි..

” මෙච්චර වෙලා අයියාගේ නම අහාන්න බැරිවුනානේ…” සංජුලා පහාන්ගේ මුන දිහාම බලාගෙන ඇහුවේ වෙන කොල්ලෙක්නමි මෙලාකට ෆෝන් නම්බර් එකත් ඉල්ලලා කියලා හිතාගෙනයි..

” මම පහාන්…. ”

” හ්ම්…” සංජුලා හුමිටි තිබ්බේ කොල්ලා තවත් විස්තර කියයි කියලා උනත් පහාන් නමේ ඉතුරු ටිකවත් කියන්න ගියේ නැ…

” ලස්සන නමක්… ” කෙල්ල බැරිම තැන කිව්වා..

” නම ලස්සනයි කියලා මමත් දන්නවා… ” පහාන් කෙල්ලව ලොකු අමාරැවක දලා කිව්වා..කෙල්ලට එක පාරම දෙන්න උත්තරයක් ආවේත් නැ… නැ ඔයත් ලස්සනයි කියන්න තවම කල්වැඩි කියලා කෙල්ලට හිතුනා..

” නංගිගේ නම මොකක්ද ..” පහාන් කෙල්ල ඇඹරෙනවා දැකලා ඇහුවා..

” මම සංජුලා … සංජුලා මේදාවි සමරක්කොඩි … ජපුර කැම්පස් එකේ last year … ” කෙල්ල කියාගෙන ගියා.

” ම්… කැම්පස්ද.. මම හිතුවේ තාම ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් කියලා… ”

” අහ්… නැ අයියා.. අපි කැම්පස් එකෙන් රිසර්ච් කරා කිතුල්ගල ගැන.. කෑම්ප් එකේදි මට අසනීපඋනා..ඉතිං මගේ ඩිටේල් මදි කියලා රිජෙක්ට් උනා.. ඉතිං දැන් විස්තර හොයනවා එග්සෑම් වලට කලින්. … ” කෙල්ල කලින් වගේම ඇස්දෙකත් පුංචි කරලා හිනාවෙලා කිව්වා

” රිසර්ච් කිතුල්ගල ගැන … ” පහාන් පුදුම වුනේ කොල්ලටත් උවමනාව තිබ්බේ ඇඩ්වේන්චර් කැම්ප් එකේ නිසයි….. කොල්ලගේ පුදුම උන මුන දැක්කම විස්තර කියන්න හදිසි උනා වැඩිද කියලත් කෙල්ලට හිතුනා..

” හ්ම්.. ඒක ග්රෑප් ප්‍රොජෙක්ට් එකක්… ලංකාවේ සංස්කෘතිය සුන්දරත්වය ගැන ඔනම මාතෘකාවක් යටතේ කරන්න පුළුවන් . අපේ එවුන් ෆන් එකට මෙහේ තොරාගත්තේ…” කෙල්ල කියාගෙන ගියේ ඇතින් පෙනෙන කැලණි ගඟ දිහාත් අසාවෙන් බලමින් කොල්ලටවෙනසක් පෙන්වන්නේ නැතිවයි..

” අර ටික ලස්සනයි නේද අයියා… පැත්තකට අව්ව වැටිලා.. තව මීදුම ටිකකුත් තිබුනානම්..” කෙල්ල ⁣ෆෝන් එකෙන් ෆොටෝ ගන්න දිහාත් පහාන් බලන් හිටියේ කල්පනා කරමින්..

” ග්රෑප් ප්‍රොජෙක්ට්නම් ඇයි ඔයා තනියම…” කෙල්ල පහාන්ගේ කතාවට හැරිලා බැලුවේ පුදුම වෙලා වගේ… සැක හිතුනා වත්ද.. කෙල්ලට එක පාරම හිතුනා..

” ටීම් එකක් යන්නේ වැඩේ ලේසි වෙන්න ඉතිං… ඒත් තනියම කරුනු ⁣එකතු කරන්න ඔනි…ටීම් එකක් උනාට එ අතරෙත් තරඟයක් තියනවානේ අයියා.. මම නැතිව මට කරුනු එයලා හොයන්නේ නැනේ කොහොමත්… ”

” ඔව් ඉතිං.. ඔයා නිකන් ඉඳලා එක වෙනවාට එයාලා කැමති වෙයිද… ඒ වුනාට තනියම කරන්න වෙයි කියලා දන්නවානම් විස්තර ටිකක් හරි හොයලා දෙන්න තිබ්බේ… ” පහාන්ට කෙල්ල පව් කියලා හිතුනේ නංගිත් මතක් උන නිසයි..

” ඔව් අයියා ඊලඟ රිසර්ච් එක රිටිගල කන්දේ..” කෙල්ල එහෙම කියලා පහාන් දිහා බැලුවේ කොල්ලගේ ප්‍රතිචාරය බලන්නයි…

” රිටිගල..” පහාන් ආයෙත් පුදුමවෙලා වගේ ඇහුවේ රිටිගල කොල්ලගේ ගෙදරට පේන දුරින් තිබ්බ නිසයි…

” හ්ම්…අපේ ටීම් එක එහේ ගිහින් ඉන්නේ.. ඒකටනම් මේ වගෙ තනියම යන්න වෙන්නේ නැ… හිතුනොත් ඒක අතාරිනවා…” කෙල්ල වෙලාව බලලා කිව්වේ ලොකු හුස්මකුත් අරගෙනයි.

” ඉතිං එහෙම අව්ලක් නැද්ද… ” කොල්ලා පැනලා උදව් කරයි කියලා සංජුලා හිතුවත් පහාන් ඇහුවේ එච්චරයි.. ⁣

” වෙන මොනවා කරන්නද අයියා.. මෙහේ නම් ලොකු අම්මා හරි ඉන්නවා… අරෙහ් කව්රු ඉන්නවා කියලද.. ගෙදරින් බැනුම් මේ ආවටත්…” කෙල්ල යාන්තමට හිනාවෙලා කිව්වේ පහාන්ගේ මුන දිහාම බලාගෙනයි…

.. ඔයාගේ ගෙවල් කොහෙද… කියලාවත් අහන්න උවමනාව තිබ්බත් පහාන් යාන්තමට හිනාවෙලා ඔළුව වැනුවේ තමන් යන පාරේ ආදරේ සෙනෙහස ගැවිලාවත් නැ කියලා දන්න හින්දයි..

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯

නුපුරුදු සීතලට කෙල්ලට ඇදෙන් බහින්න හිතුනෙම නැ… තව සුට්ටකින්ම නැගිටිනවා කියලා හිතාගෙන කෙල්ල බෙඩ්සීට් එක ඔළුවේ ඉඳන්ම පෙරවන් හොදට ගුලිඋනා..

📲📲📲.. තහානම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්…📲📲📲

ඒ කෙල්ල ආසම සිංදුව උනත් උදේට ෆෝන් එක රිං වෙනවාටනම් කෙල්ලගේ කැමැත්තක් තිබුනේ නැ.. කෙල්ල නිදාගෙනම ෆෝන් එක අතට ගත්තා….කෝල් එක නිහාල් සර්ගෙන් කියලා දැක්ක ගමන් කෙල්ල කලබලෙන් ඇදේ වාඩිවුනේ මේසේ උඩ තිබ්බ ඔරලෝසුව දිහාත් බලලයි .

” ගුඩ් මොර්නින් සර්… ” කෙල්ල ෆෝන් එක කනේ තියාගත්තේ දෙතුන් පාරක් උගුරේ රැල් බුරුල් ඇරලා දැන් නැගිට්ට බවක් පෙන්වන්නේ නැතිවයි.

” my congratulations …” නිහාල් සර්ගේ කතාවෙන් කෙල්ල උඩබිම බැලුවා… මේ යකාට පිස්සුද … විශ් කරන්නේ අද මගේ බර්ත්ඩේ එකත් නෙවෙයිනේ.. අනික මීට කලින් බර්ත්ඩේ එකකට තියා අවුරුද්දට විස්කරලා යැව්ව මැසේජ් එකටවත් රිප්ලයි නොකරපු මිනිහා මොකද එක පාරම… කෙල්ල හිතෙන් නිහාල් සර්ව මවාගත්තා.. නැ.. සර් ඒ ජාතියේ කෙනෙකුත් නෙවෙයිනේ…. කෙල්ලට හිතුනා..

“සොරි සර්…. සර් විස් කලේ.” කෙල්ල නයිට් ඩ්‍රෙස් එකත් හදාගෙන ඇදෙන් බැස්සා…. සිමෙන්ති පොලවේ සිතලට කෙල්ල හිරිවැටිලා ගියා…

” තමුන් උදේ නිවුස් බැලුවද… නැත්තන් තාම මුකුත්ම දන්නෙත් නැද්ද…” කෙල්ලට දාඩියකුත් දාගෙන වගේ ආවේ සර් දැන්නම් කරන්නේ විහිළුවක් නෙවෙයි කියලා දැනුන නිසයි..

” ස්… සර්….” කෙල්ලට දෙන්න උත්තරයක් තිබුනෙත් නැ…

” හරි.. මම හිතුවා හරි… මම කිව්වේ මේ වැඩේට ලස්සන විතරක් මදි කියලා.. තව මේ මනුස්සයා දන්නෙත් නැ… ” සර් අන්තිම ටික කිව්වේ එතන හිටිය කාටහරි කියලා කෙල්ලට තේරුනා …

” විනාඩි පහාක් දෙන්නම්…. මට සීන් එක වත් හොයලා කියනවා… නැත්තන් බඩුටිකත් අරන් එනවා මෙහේට…” නිහාල් සර් සද්දෙට කියලා ෆෝන්එක කට්කලා…

කෙල්ල ⁣ ෆෝන් එකත් ඇඳ උඩට විසිකරලා දොර ඇරගෙන එලියට ආවේ කලබලෙන්…

” ආන්ටී… ආන්ටී… ” කෙල්ල සාලෙන් කුස්සියට හැරෙන්න හැදුවත් සාලේ හිටිය අංකල් දැකලා නතරවුනා…. අංකල්ගේ ඇස් දෙක ටීවි එකෙන් මිදිලා කෙල්ලගේ ඇඟ පුරාම දිව්වා… කලබලේට දුවගෙන ආවට හවුස් කෝට් එක දාගන්න කෙල්ලට මතක් වුනේ ගල්වෙලා වගේ තමන් දිහා බලන් ඉන්න අංකල් දැක්කාමයි.. දුහුල් රෑ ඇදුමෙන් පියයුරු හොඳට ඉස්සිලා පේනවා කියලා කෙල්ල දැක්කේ ඒ වෙලාවෙයි.. කෙල්ල පපුව වැහෙන්න අත්දෙක බැඳගත්තේ හිත යටින් අංකල්ට බනිමිනි…

” ආ…. අපිට ලොකු අම්මායි ලොකු තාත්තයි වගේ යාළුවො ඉස්සරහා රඟපාන්න කියලා මෙයා ඇන්ටි කියලා කැගහන්නේ…. ගමටම ඇහෙන්න…” මාලී ඇන්ටි පිටිපස්සෙන් ඉඳන් කිව්ව නිසාදෝ අංකල් ටීවි එක පැත්ත බැලුවා…

” තේ හදන්නද…” මාලී ඇන්ටි ඇහුවෙත් කෙල්ලගේ දුහුල් ඇඳුමට යටින් පේන ඇඟ දිහාත් බලලා කියලා කෙල්ලට තේරුනා.. මෙහේ නවතින්න ආවදා ඉඳන් මෙහෙම එලියට ආවේ අද නේද කියලත් කෙල්ලට මතක්වුනා…

” තේ නෙවෙයි…. මොකක් හරි නිවුස් වලට කිවද… මේ පැත්ත ගැන…. ” කෙල්ල ඇහුවේ කලබලෙන් අංකල් දිහාත් බලලා…

” ආ.. ඔව්නේ….” ඇන්ටියි අංකලුයි දෙන්නා කිව්වේ එක වැරයි….

” බෝට්ටුවක් පෙරලිලා කොල්ලෙක් මැරිලලු…” අංකල් කිව්වේ එ අවසරයෙන් කෙල්ලගේ ඇඟ දිහා ආයෙත් බලලයි…

” ඟගේ…” ටිවි එක පැත්තට හැරුනු අංකල් ඒ සැනින්ම ආයෙත් හැරිලා කිව්වේ යාන්තමට පේන කෙල්ලගේ බඩ දිහා ආයෙත් පාරක් බලන්න අවසරය හොයාගෙනයි…

… ඟගේ නැතිව බෝට්ටු පාරේ පෙරලෙන්නැයි…. පුතාගේ වයසේ කිය කියා වල් විදියට බලනවානේ… වෙලාවට පුතා රට ගිහින්.. නැත්තන් ඒ මිනිහත් තාත්තා වගේම ඇතිනේ…කෙල්ල කේන්තියෙන් හිතුවේ ටිකක් විතර පැත්තට හැරිලයි..

” හුඟ කාලෙකින් නේද බිලි ගත්තේ…. ” මාලි ඇන්ටි අංකල්ගේ පස්සෙන් හිටගත්තේ කෙල්ලව කවර් වෙන විදියටයි…ඇන්ටිටත් දැනෙන්න ඇති අංකල්ගේ චාටර් වැඩේ.. කෙල්ල හිතුවා..

” පිස්සුද … මොන බිලිගැනිල්ලක්ද .. බීලාවත් ඉන්න ඇති…. නැත්තන් මේ ටිකේ මහාලොකු ගැඹුරු තැන් තියනවා කියලද…” දෙන්නගේ වාදේ මැද්දේ කෙල්ල හැරුනේ නිහාල් සර්ට කෝල් එකක් දෙන්නයි…

” දැන් ආයෙත් පෙන්නයි…. එන්න.. ” අංකල් කියද්දි කෙල්ල කාමරේටත් ඇවිත්…

” සර්… ඒක පහාන්ගේ වැඩක් ද….” කෙල්ල ඇහුවේ හිතෙන් පහාන්ව මවාගෙනයි..

” සමරක්කොඩි … ඒක අහාන්න ඔන ඔයා මගෙන්ද… නැත්තන් මම ඔයාගෙන්ද.. ඔය මිනිහගේ හතරවෙනි මඩර් එක…කිසිම සාක්ෂියක් නැතිව කල . මිනිහා මෙහෙට එන්න ඇත්තේ හොඳට විස්තර හොයාගෙන … … මට ඔන පුංචිම සාක්ෂියක් විතරයි… අඩුම රේකෝඩින් එකක් හරි.. ”

” ok සර්.. දැනටමත් එයා…”

” දැනට උන එකම දේ SI මහේෂ් මිනිහාගෙන් ගුටි කැව එක විතරයි… ඔයා මොනම හේතුවකටවත් මිනිහට සැක හිතෙන විදියට හැසිරෙන්න එපා.. වැඩිය එල්ලෙන්න යන්නත් එපා.. හැබැයි අතාරින්නත් එපා… තමුසෙලා දන්නවානේ ඉතිං කොල්ලන්ට මායම් දලා අල්ලගන්න විදියවල්…” ASP නිහාල් ඒක කිව්වේ විහළුවෙන් වගේ උනත් ඒක ඇතුලේ ලොකු වගකීමක් කෙල්ලට දැනුනා…

” සමරක්කොඩි .. ඔයා දැන් කෝල් කරන්න හොටෙල් මියෝරා එකට… එහෙම නැතිනම් ගියත් කමක් නැ.. කොල්ලෙක් ඟගේ ගිලිලා මැරුන සීන් එකට ඔයා කලබල වෙන්නේ අර මිනිහා කියලා හිතාගෙන… ඔයාට කරපු උදව්වට හොටලේට ගිහින් බැලුවත් කමක් නැ… හැබැයි මිනිහට පොඩ්ඩක්වත් සැකයක් හිතෙන්න දෙන්න එපා…සමහරවිට මිනිහා එතනදි ඔයාට රිසර්ච් එකට හෙල්ප් කරන්න කැමති වෙයි…”

” අමතක කරන්න එපා මිනිහත් අපේ හිටිය ඕල්රව්න්ඩර් PC කෙනෙක් කියලා…. මිනිහට සැකයක් හිතුනොත් අපිට කිසිම සාක්ෂියක් හොයාගන්න වෙන්නේ නැ…” කෙල්ල ෆෝන් එක කනේ තියාගෙන ජනල් රෙද්ද අයින් කරලා ඈතින් පේන කැලණි ගඟ දිහා බලාගෙන ⁣කොල්ලව මතකෙට ගත්තා.. ඒ අහිංසක ඇස්… ලස්සන හිනාව කොල්ලා මිනිමරුවෙක් කියලා විශ්වාස කරන්න සංජුලාට හිතුනෙත් නැ….

” මිනිහට ලංවෙලා ඇරෙන්න ඇත්ත දැනගන්න වෙන්නේ නැ… ඔනම මිනිහෙක්ට මොනම රහාසක්වත් හිතේ හිරකරගෙන ඉන්න අමාරුයි .. අඩුම ඉඟියක් හරි දෙනවා…. මිනිහගේ විශ්වාස ගන්න පුළුවන් විදියට වැඩ කරන්න දවසක මිනිහම ඇත්ත කියයි… ” සර් ලේසියට කිව්වට වැඩේ අමාරුව කෙල්ලට හොඳට තේරුනා..

” OK සර්…. මගේ පලවෙනි මිසන් එක .. මම මෙික කොහොම හරි කරනවා… ” කෙල්ල කිව්වේ ස්තීර හඩිනි..

” GOOD …. මේක තමා පහාන් අතින් උන අන්තිම මිනිමැරුම වෙන්න ඔන… මොකද මිනිහගේ ලිස්ට් එකේ තව ගොඩ දෙනෙක් ඉන්න පුළුවන් …”

” OK සර්… ” කෙල්ල ෆෝන් එක තිබ්බේ ලොකු හුස්මක් අරගෙනයි..

සංජුලා මේදාවි සමරක්කොඩි…. පොලිසියේ රැකියාවට ආවේ නැතිබැරි කමකට නෙවෙයි.. පොලිසියේ අභිමානයට කෙල්ලගේ ලොකු ආසාවක් තිබුනා…කෙල්ල පොඩි කාලේ ඉඳංම රහස් පරික්ෂක කතා ආසාවෙන් කියෙව්වා.. ඒ වගේ ෆිල්ම් හොය හොය බැලුව මේ ලස්සන කෙල්ල පොලිසියේ රස්සාවකට එයි කියලා ⁣අම්මා තාත්තා හිනෙකින්වත් හිතන්න නැතිව ඇති…

කෙල්ලගේ බලකිරිමට අව්රුදු දෙක තුනකට පොලිසියේ රස්සාවට එන්න අවසර දුන්න ලයනල් සමරක්කොඩි කෙල්ලගේ අප්පච්චි ගාල්ල මාපලගම තේවතු හිමියෙක්..

අව්රුදු එකහමාරක කළුතර පොලිස් පුහුනු පාසලේ පුහුන්වෙන් පස්සේ පොලිස් පරික්ෂකවරියක් විදියට රහස් පොලිසියට එකතු වෙන්න කෙල්ලගේ ලස්සනත් උදව්වක් උනා කියලා කෙල්ලත් දන්නවා….

කෙල්ලගේ පලවෙනි මිසන් එක කොල්ලෙක්ව දැලෙ දාගන්න එක.. ඒ වෙන කව්රුත් නෙවෙයි… පහාන්…. කෙල්ල දවස් දෙකතුනකට කලින් කිතුල්ගලට එන්නේ ඇඩ්වේන්චර් කෑම්ප් ගැන රිසර්ච් එකක් කරන විදියටයි… අංකල් ටිකක් අමුතු විදියේ උනත් පලවෙනි මිසන් එක වෙනුවෙන් ඕනම කරදරයක් විදින්න කෙල්ල හිත හදාගත්තා…

” දුව .. දුව….” මාලි ඇන්ටි දොරට ගහලා කතා කලා…

” පුතේ අර මැරුනු ලමයා පෙන්නනවා…. ”

” ආ… එනවා ඇන්ටී…” කෙල්ල ආයෙමත් ෆෝන් එක ඇඳට දලා ඉක්මනට නයිට් ඩ්‍රෙස් එක මාරු කරලා ගව්මක් ඇඳගත්තේ අංකල්ගේ වනචර බැල්ම මතක් වෙලයි…

” මමයි මාලකයි විතරයි බෝට් එකේ ගියේ… අපි ජෙකට් එකයි හෙල්මටුයි ගලවල බොට් එක නතර කරලයි තිබුනේ…එක පාරම බොට් එක පෙරලුනා… මම එක පාරම ගිලුනා.. කව්දෝ මාව උස්සලා ගලක් උඩින් තිබ්බා වගේ හොදට මතකයි… මම මුන දැක්කේ නැ… ඒත් ඒ මාලක නෙවෙයි… මාලකට වඩා සුදු කෙනෙක්ගේ අතක් විතරක් දැක්කා. මට හොඳට මතකයි…” නිව්ස් වලට කතා කලේ මැරුන කොල්ලගේ පෙම්වතිය කියලා කෙල්ලට හිතුනා… කොල්ලා ගිලුනු තැන වගේම පෙරලුනු බොට්ටුව ජෙකට් දිහා කෙල්ල බලාගෙන හිටියා…. මෙතන මොකක් හරි දෙයක් ඇති කියලා කෙල්ලට හිතුනා..

” අනිවාර්යයෙන්ම මේක කෙල්ලගේ වැඩක්…. නැත්තන් කෙල්ල බේරිලා කොල්ලා මැරෙයිද.. අනික මොන මඟුලකටද ජෙකට් ගැලෙව්වේ.. ” අංකල් කිව්වේ කෙල්ල දිහා බලාගෙනයි…

” අනේ නිකං ඉන්න… ඔවා ඇහිලා පොලිසි ගානෙත් එක්ක යන්න වෙයි….” මාලි ඇන්ටි කිව්වේ අංකල්ගේ ඇගට ඇනලයි…

” ඇයි බොරුද මම කියන්නේ… දැන් පොලිසිය විශ්වාස කරයිද මුන් දෙන්නා බොට්ටුවෙ තනියම ගිහින් ජිවිතාරක්ෂක ජෙකට් එහෙම ගලවනවා දැකලා ⁣කව්රුහරි කොල්ලව මරලා කෙල්ලව බේරගත්තා කියලා… අනේ නිකං ඉන්නවා… අනික ඉතිං අපි කතාවෙනවා පොලිසියට ගිහින් කියන්නේ තමුසෙද… නැත්තන් මෙ දරුවා කියයිද….” අංකල් සංජු දිහා බොරු ආදර බැල්මක් දලා කිව්වා….

” දුවලට මේවා ගැනත් විස්තර හොයන්න ඔනද…” ඇනිටිගේ කතාවට කෙල්ල ගැස්සිලා ඇනිටිගේ මුන දිහා බැලුවා…

” න්…නැ නැ.. ඇන්ටි…මම හිතුවේ කැම්පස් එකේ යාළුවෙක්ද කියලා.. ” කෙල්ල එහෙම කියලා හිමිට කාමරේට ගියා..

📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌8

Related posts

Leave a Reply