සෙනෙහස මියදේවිදෝ – දහතුන කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~

බර හුස්මක් හෙලුව අප්පච්චි කතාවට මුලපිරීය…

මයේ පුතා දැක්කා නේද උදේ ඇවිත් හිටිය නෝනයි අර තරුණ මහත්තයයි…

ඔව් අප්පච්චි මම ඒ දිහාට වැඩි අවධානයක් දුන්නේ නැත්තේ අප්පච්චි හම්බෙන්නනේ එන්න ඇත්තේ කියලා

ආවේ නම් මාව හම්බෙන්න තමයි පුතේ…ඒත් කාරණාව චූටි ගැන…

දෙයියනේ ඊයේ ඉස්කොලේ වුණු දේ ගැනද අප්පච්චි කියන්නේ… ඒත් ඒක කොහොමද මේ පිට අය දන්නේ.. සෙහස්ගේ හරි සසිත්මගේ හරි පවුලේ කවුරුවත්ද… අනේ මන්දා අප්පච්චිගෙන්නමයි අහගන්න වෙන්නේ…

මොකක්ද අප්පච්චි… හරියට කියන්නකෝ… මම ගැන පිට මිනිස්සු කතා කරන්නේ ඇයි… මගේ හඬ වෙව්ලන්නට විය

ඇයි පුතේ බයවෙලා වගේ… එහෙම වැරද්දක් කිව්වා නෙවි එයාලා… මයේ පුතාට යෝජනාවක් ගෙනල්ලා…

මොකද්ද කිව්වේ අප්පච්චි… මට යෝජනාවක්… මොකක් ගැනද යෝජනාව…

බලන්නකෝ දූලගේ අම්මේ… චූටි කියන්නත් කලින් කලබල වෙලානේ…

අප්පච්චි කියන්නේ මොකද්ද කියලා අහගන්න චූටියෝ කලබල වෙන්න එපා… අපි පුතාට කිසි දේකට බලකරන්නේ නෑ…

ඒකනේ නෝනේ මම මේක චූටිට කියන්න අදිමදි කළේ…

කමක් නෑ අප්පච්චි කියන්නකෝ

අර ඇවිත් හිටිය තරුණ මහත්තයා පුතාට විවාහ ⁣යෝජනාවක් ගෙනල්ලා… ඒ දරුවා ගුවන් හමුදාවේලු වැඩ…

අනේ අනේ අප්පච්චි මට බඳින්න නම් බෑ… අනික අප්පච්චි තාම මම පොඩිනේ… අනේ මට බෑ… අප්පච්චි එයාලට හා කිව්වද…

නෑ පුතේ මම කිව්වා තාම දරුවා ඉගන ගන්නවා කියලා…

අනේ අප්පච්චි මම තාම ඔය පැත්ත ගැන හිතලා නෑ… දැන්ම මට බඳින්න කවුරුත් හොයන්න එපා…

අනික බදින්න කලින් තව කොයිතරම් වැඩ තියේ… රස්සාවක් කරන්න ඕන අම්ම අප්පච්චි බලා ගන්න ඕන… අනික අප්පච්චි මම බඳින කෙනාට පොඩි කොන්දේසි ටිකක් තියෙනවා එකඟ වෙන්න…

මොකක්… කොන්දේසි… ඒ මොනවද චූටියෝ…
අම්මා ඇසු⁣වේ ඇස් දෙකත් ලොකු කරගෙනව…

ඔන්න එහෙනම් මම කිව්වා…
1. අප්පච්චි සතියකට පාරක් ගේන චොකලට් එක මම බදින කනා මාසෙක පාරක් හරි ගේන්න ඕන..
2. පුළුවන් හැම වෙලාවෙම මාත් එක්ක පන්සල් යන්න ඕන..
3. කොච්චර වැඩ තිබුණත් අම්මලා අප්පච්චිලා බලන්න යන්න වේලාවත් හදාගන්න ඕන..
4. මට උයන්න උදවුවෙන්න ඕන…
තව හැම උපන්දිනේකටම ⁣ටෙඩියෙක් ඕන… තව ගොඩක් තියේ අප්පච්චි…

ඈ දූලගේ අප්පච්චි අපි කොහොමද මේවට කැමති කෙනෙක් හොයන්නේ…

කලබල වෙන්න එපා දූලගේ අම්මේ එයාට ගැලපෙන කෙනා එයාම හොයාගන්නේ නැතැයි…

මට මටත් වුයේ සෙහස්වය… පිස්සුද මන්දා මටත්… නිතරම මතක්වෙන්නේ ඒ උඩුගුවමනේ…

බලන්නකෝ අපේ මහත්තයා ඒක කිවුවම කෙල්ලගේ මූනේ හිනාව… දැනටම ඉන්නවද දන්නේ නෑ හොයාගෙන… යැයි අම්මා කියන්නට විය…

ඒවා නම් දන්නේ නෑ නෝනේ… හා හා චූටි දැන් ගිහින් නිදාගන්න… හෙට ඉස්කෝලේ යන්න .

~ ~ ~ ~ ~

චූටි මහත්තයෝ… ⁣මොකුත් ප්‍රශ්නයක්ද මයේ කොල්ලට… ඊයේ ඉදන්නම කල්පනා කරනවනේ…

අම්මා කොයි වෙලේද ආවේ…

මම ආව වෙලාව නෙවි පුතේ මොකද්ද ප්‍රශ්නේ කියන්න… අම්මට කියන්න බැරි දෙයක්ද පුතේ..

එහෙම ප්‍රශ්නයක් නෑ අම්මා… මම නිකන් තෙන වාඩිවුණා…

උඹයි නංගිහි මම ඇස් දොකේ තියන් හැදුවේ පුතේ… උඹලගේ පොඩි වෙනසක් වුණත් මට දැනෙනවා… මොකක්ද ප්‍රශ්නේ..

මට ආරන්චියක් ආවා ඉස්කොලේ ළමයෙක් එක්ක හුටපටයක් තියේ කියලා… ඒත් මම දන්නවා පුතා වැරදි දෙයක් කරන්නේ නෑ කියලා… මගේ හිස අතගාමින් අම්මා කියනනට විය..

අප්පටසිරි අපේ අම්මා ඒවත් දන්නවද.. කමක් නෑ තව ටික දවසයිනේ… මම ඉස්කොලේ යන්නේ…මා තනිවම සිතමින් කටහඬ අවදි කරන්නට විය..

එහෙම දෙයක් නෙවි.. අම්මා මම ඉස්කොලේ යන එක නවත්තන්නද.. අම්මාගේ දෑස් මඟහැර මා කියන්නට විය…

එක් වරම අම්මාගේ අත හිසින් ඉවත්විය…

මොනාද කොල්ලෝ කියන්නේ.. හොද සිහියෙන්ද ඉන්නේ… අර මනුස්සයා උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා… කකුල් ගෙවෙනකන් බයිසිකල් පැදලා දුක්විදලා උඹලට ඉගැන්නුවේ අතරමඟ ජීවිත කාලකණ්ණි කරගන්න නෙවි…

ඒත් අම්මා…තාත්තා දැන් වයසයි… ඉස්සරවගේ නෙවි නිතරම ලෙඩ වෙනවත් එක්ක… නංගිත් තාම පොඩිනේ… අනික නංගිට අම්මා ඕනම කාලයක් මේක…

මම කොල්ලෙක් අම්මේ… පවුලේ වැඩිමලා මම… අම්මා තාත්තා නංගි ගැන බලන්න ඕන… මට බැරිවුණත් නංගිට උගන්නලා කැම්පස් යවන්න ඕන අම්මා…

අම්මගේ ඇස්වල කඳුළුය.. මන් දන්නවා පුතේ… ඒත් ඉක්මන්වෙන්න එපා… තාත්තට තාම රස්සාව කරන්න පුළුවන්නේ… අපි බලමු මොනවා හරි කරන්න…

මොනවා වුණත් නංගිට හොඳට උගන්නන්න ඕන අම්මා… ඒ කෙල්ලෙක්නේ කවද හරි බන්දලා දෙන දවසට නිකන්ම නිකන් කෙල්ලෙක් විදියට නෙවි රටක් වටින කෙනෙක් විදියට යවන්න ඕන…

අනේ අයියා…

එක්වරම අඩාගෙන අප අතරට පැමිණියේ නංගිය…

ඒයි මොකද මේ අඬන්නේ.. බලන්න අම්මා මේකි මගේ ඇගේ හොටු ගානවා… ඒයි හොට්ටි… අයින් වෙනවා…

අනේ අයියා ඔයා කොච්චර හොදද… ඔයා පවු අයියා…

අනේ මැට්ටි මම තමුසෙගේ අයියනේ… ඉතින් මම හොදයි තමයි..

අප දෙදෙනා තුරුලු කරගත් අම්මා අපේ හිස පිරිමදින්නට විය…

~ ~ ~ ~ ~ ~

පුරා රැයෙන් බොහෝ වෙිලාවන් උන්නේ නිදි වර්ජිතවය.. එක් පැත්තකින් සෙහස්ව සිහිවේ අනෙක් පසෙන් උදේ දුටු තරුණයා ගෙනා යෝජනාවය..

පිස්සු වගේ…ඇයි මට නිතර සෙහස්ව මතක්වෙන්නේ… අනික් එයාට girl කෙනෙක් ඉන්නවනේ…

නින්ද ගියේ කීයටදැයි නොදනි.. අදේ අවදිවූයේ නම් 6.30ය..

ඕ… ෂිට් අදත් පරක්කුයිනේ… අම්මා ඇහැරවපු වෙලෙම අවදිවුණා නම් මේ කිසි වදයක් නෑනේ.. මටම කියා ගනිමින් දඩිබිඩියේ ඉස්කෝලේ යන්නට සුදානම් විය..

අප්පච්චි අද පාන්දරම ගිය බව අම්මා කියූවෙන් අම්මාට වැද දුවගෙන ගියේ 7.30 වීමට තිබුනේ විනාඩි දහයක් පමණක් බැවිනි…

~ ~ ~ ~ ~

අම්මේ… අම්මේ… කෝ චූටි මහත්තයා තාම නිදිද…

මා ෂර්ට් එක යට කරමින් දොරෙන් එබි බැලුවේ පුරුදු කටහඬක් වූ නිසාය… පැමිණ සිටියේ අරෝෂ්ය..

මොකෝ බන් උදේම බොලැ අප්පොච්ච⁣ බොට ගහලා පැන්නුවද… කුකුලත් අතින් අරන් අපේ ගේ ඉස්සරහ ඉන්නේ…

පල පල යන්නඩ… උඹ බලන්ඩ නෙවි මම අවේ නංගිව බලලා යන්න…

ඇරෝ තෝ හදන්නේ දෙයියනේ කියලා උදේම මගෙන් හොඳ කෑමක් කන්න…

මොකද පුතා ඔයා දරුවට කතා කරන විදිය… එන්න පුතේ ගෙට…

අනේ අම්මා… අම්මා දන්නවනම් මේකා කියපු දේ…

අනේ කොල්ලෝ ටග්ගාලා ලැස්තිවෙලා වරෙන්.. නැත්නම් පරක්කුයි කියලා පිට්ටනියේ තපින්න බෑ බන් උදේම… අරෝෂ් කියන්නට විය…

හරි හරි බන්… හිටපන්කෝ ටිකක්… කියමින් මා කාමර⁣යට යන්නට විය…

අම්මා මට එන්න කිව්වේ… හදිස්සියක්ද අම්මේ…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

මොකක් වෙන්න ඇතිද යාළුවනේ ප්‍රශ්නේ….

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි… අඩුපාඩු අැති කතාවේ. ඒකට මට සමාවෙන්න…

බුදුසරණයි යාළුවනේ…!

Related posts

Leave a Reply