💕💕 රිදී තාරකාවී = හත් වෙනි කොටස 💕💕

💕💕 රිදී තාරකාවී 💕💕

*** 07 කොටස ***

අමිෂා මැඩම් එහෙම කියලා..කාමරේ තිබුන ලොකු මල් වාස් එකකටත් පයින් ගහලා යන්න ගියා ..

අමිෂා මැඩම් යන දිහා කෙන්තියෙන් බලන් හිටපු කාෂී සර්..මං දිහා බලුවෙත් ඒ බැල්මෙන්මයි…

” රිදී මට ඇත්ත කියනවා අර අමිෂා කියනවා වගේ තමුසේ දඩාවතේ ගිහින් ඇවිත් මගේ ඇගේ එල්ලෙන්න ආවාද..එහෙම නැත්නම් මගේ සල්ලි වලට අසාවේ මෙහෙම දෙයක් කර විහින් කර ගත්තා ද..
මොකද මට කිසි දේයක් මතක නෑ ..
මං කොහොමද හිතන්නේ ඉස්සර වේලා තමුසේ කියුවේ ඇත්ත කියාලාත්…
තමුසේ මං නොදන්නාව උනාට මං තමුසව දන්නෙ ගොඩක් කල් ඉදන් රිදි…. කොයි තරම් කාලයක් තමුසේ දැන ගත්තට මං තමුසෙව කාලා බලලා නැනේ කොහොමද කියලා හරියට දන්නෙත් නෑ.. තමුසේ කටින් කියපු දෙවල් මං කොහොමද විශ්වාස කරන්නේ….
තමුසේත් අනිත් ගෑණු වගේ මගේ සල්ලි වලට කැදර කමේ මගේ පිටිපස්සෙ ඇවිත් මෙහෙම දෙයක් කර ගත්තා ද කියන්න කවුද දන්නෙ……….”

“චාටස් ”
මුළු ඇගෙම ශක්තිය දාලා අත දිගැරලා කනේ පාරක් දුන්නෙ..කරන්න ඔනි හැමදේම කරලා ..දෙන්න ඔනි හැම වදයක්ම දිලා ..ලැජ්ජා නැතුව තව කියන කතාවලට…මගේ මුළු ඇගම වේවුලනවා කෙන්තිට ..මරන් කැවත් ඇති හිතෙන් නෑ දැන් නම් මට…

“රි…..දී”

“ඇති සර් හොඳට ඇති තවත් එපා
මෙච්චර වෙලා සර් කියෙව්වානේ..දැන් මං කියන දේ හොඳට කන් ඇරන් අහ ගන්න..”

“සර් මොනවාද හිතුවේ…ආආ සර් අනිත් ගෑණූ වගේ මමත් සල්ලි වලට මගේ ආත්මය පාවලා දෙන ගැණියෙක් කියලාද…
නෑ සර් කවදාවත් නෑ..මං ඒ වගේ ජාරා ගැනියක් නෙවෙයි …එහෙම ගැනුත් ඇති සර්ගේ සල්ලි වලට කෑදර කමේ සර්ගේ පස්සෙන් එන..
ඒත් මං එහෙම කෙනෙක් නෙවෙයි .
සර් පිලිගත්තා නැතා එක තමයි ඇත්ත…
මගේ අම්මා මාව අත පය නොකාඩා හොඳට හදලා තියෙනවා..ඇග විකුණලා ජිවත් වේනවාට වඩා දඩිය මහන්සියෙන් හම්බු කරන එක නම්බුයි කියලා ..මගේ තාත්තා නැති උනත් මගේ අම්මා හොඳට කියලා දුන්නා සර් ..
ආආආඅ තව දෙයක් මේ බලන්න හොඳට බලාගන්න..”

මං පොරවනය ඇගෙ ඔතාගෙන ඇදෙන් බැහැලා පෙන්නුවේ ඇද රෙද්ද මගේ ඹබරි සර බිදි ගිහින් තියෙන විදිහ …මගේ පිවිතුරු බවේ සලකුණ ඇද රෙද්දෙ හැම තැනම සලකුණු වෙලා තියෙන හැටි..
මං ඇද රෙද්ද පෙන්නදි සර් ඒ දිහා බලාගෙන හිටියේ බය වේලා වගේ…

” මං දඩාවතේ ගිහින් අපු එකියක් කියුවා නෙද..මං එහෙම එකියක් නෙවෙයි කියලා දැන් දැන ගත්තා ද සර් …සමහරවිට මගේ උපතින්ම මේ කන්‍යා පටලය පිහිටලා තිබුනේ නැත්නම් ..සර් මාව හම්වඩු ගහයි නෙද ? දඩාවතේ ගිය එකියක් කියලා මං පිරිසිදුයි කියලා කොච්චර කටින් කිව්වත් සර් පිලිගනිද…නෑ සර් සර්ලා වගේ අය පිරිසිදු කම මනින්නේ මේ ලේ බිංදුවෙන්…. හොඳට ඇදලා පැලදලා.. මං නියමයි බුද්ධිමතෙක් ..මං තමයි ජගතා කියලා ලේබල් ගහගෙන ඉන්න සර්ලා මගේ අයා ජිවත් වෙන්නෙ ගල් යුගයටත් එහා….ලැජ්ජායි සර්ලා වගේ පිරිමි ගැන..”

“දැක්කද සර් මේ තමයි දුප්පත් මගේ දැවැද්ද ..මගේ ජිවිතේ තියෙන වටිනාම අභරණය …මං කසාද බැදපු දවසට මගේ මහත්තයාට දෙන්න අරක්ෂා කරගෙන හිටපු මගේ ආත්මේ….ඒ අරක්ෂා කරගෙන හිටපු මගේ ආත්මේ සර් මරලා දැම්මේ හිතක් පපුවක් නැති විදිහට ..මං තවත් කෙල්ලෙක් නෙවෙයි ..සර් මාව ඉදුල් කලා ..මාව මහා ගැනියක් කලා… තවත් මට ජිවත් වෙන්නේ බලාපොරොත්තුවක් නෑ ..එත් මට මැරෙන්න බෑ මගේ අම්ම හින්දා ..
මං මැරෙන්න නැ ජිවත් වෙනව අම්මා වෙනුවෙන් මලමිනිටක් ගානට”

අන්තිම ටික කියද්දී මට හයියෙන් ඇඩුනේ අම්මා මතක් වේලා …බිම දන ගහගෙන හයියෙන් ඇඩුවා ..

” අඩන්න එපා රිදී ..මට සමාවෙන්න රිදී .. මං පොරොන්දු උනා විදිහටම මං ඔයාව බාර ගන්නවා ඔයා බය නැතුව ඉන්න ..”

කාෂී සර් මං ලගට ඇවිත් එහෙම කියලා මාව අල්ලන්න හදදි

“එපා මාව අල්ලන්න එපා.. ඔය ජාරා අත් වලින් ..මට අප්පිරියයි තමුසේව…කාෂී මං තමුසේට වෛර කරනවා. අයෙ කවදාවත් ඔය මුණ පෙන්න එන්න එපා මගේ ඉස්සරහට..තමුසේ ඇගිල්ල දික් කරේ මගේ අත්මේට.. තමුසේගේ අනුකම්පාවක් මට එපා.. මට මං ගැන බලා ගන්න පුළුවන් තමුසේ කරදර නොවි ඉන්නවා…”

මං එහෙම කියලා ඉරලා විසි කරලා තිබුන සායත් අහුල ගෙන ගියේ වොෂ් රෑම් එකට..මට තවත් එක තත්පරයක් මේ ගෙදර ඉන්න හිත දුන්නෙ නෑ..
ඇගෙ ඔතාගෙන හිටපු පොරවනය අයින් කලාම වොෂ් රෑම් එකේ කන්නාඩියෙන් පෙනුණේ මගේ නිරුවත් සිරුර. තැනින් තැන හපා කාපු පැල්ලම් ..නිය පොතුවලන් හුරපු පැල්ලම් …මට දැනුනේ මං ගැනම අප්පිරියාවක් ..දුකක්ක්.අසරණ කමක්.. කවදා කරපු පවක් ද මට පටිසන් දිලා තියෙන්නේ .
මං ඉරුණු සාරියත් ඇගේ ඔතාගෙන එලියට එනකොට ලැප් එකට මුණ ඔබාගෙන හිටපු කාෂී සර් මං දිහා බැලුවේ අසරණ බැල්මකින්..ඒ ඇස් ලාවට වගේ තෙත් වෙලා ..

” මං යන්නම් සර් කරපු කියපු හැම දේකටම බොහොම ස්තුති “…

එහෙම කියලා මං එන්න එනකොම මගේ අතින් ඇදලා ගත්තා පාර මං නැවතුනේ ඒ නිරුවත් පපුතුරේ…මට දැනුනේ අපහසුවක්…

සර් මාව ලගට අරන් මාව බදා ගත්තේ ඊයේ තරම් දරදඩුවට නෙවෙයි ..හරි පරිස්සමට ..මගේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්නවා ..මට හිතා ගන්න බෑ මේ වෙන්නේ මොනවාද කියලා.. මං මෙච්චර බැනලාත් කිසිම ලැජ්ජාවක් නෑ…

” මොකද සර් කරන්නේ මට යන්න දෙන්න .තවත් මගෙන් මොනවාද සර් මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ ..”

සර් මොකුත් නොකියා මාව තුරුල් කරන් මගෙ හිස්මුදුන සිම්බේ දැනෙන නොදැනෙන්න ..හරි මුදුවට .. තාත්තාගේන් පස්සෙ පිට පිරිමි කෙනෙක් ගෙන් ලැබුන පලවැනි මුදු හාදුව මගේ හදවතේ ගැඹුරුම තැනට දැනුනා සත්තයි …හිත හිරි වැටිලා ගියා ඒ උනුසුම් ස්පර්ශයට …

මතුසම්බන්ධයි ……

බුදුසරණයි ….

💞 S පිරීස් 💞

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
ලයික් කමෙන්ට් කරන හැමෝටම Thanks ..
කතාව බෝරින් වගෙද ලමයි ..
යෝජනා
චෝදනා
හැම දෙයක් ම පහලින් කොටන් යන්න…

Related posts

Leave a Reply