සෙනෙහස මියදේවිදෝ – එකොළහ කොටස

සෙනෙහස මියදේවිදමි…

~ ~ ~ ~ ~

හිසට දැනුන සනීපයට මා තව තවත් පොරෝනයට ගුලි වුණෙමි…

මයේ පුතේ… බත් ටිකක් කාලා ඉදිමු නේද…

හිස අත ගා ඇත්තේ අප්පච්චිය… වේලාව කීයද කියා නොදනිමි… අප්පච්චි නිවසේය.. උදේ වී ඇත්ද… තවම රාත්‍රීය කියාවත් නොදනිමි… අම්මා දහවල් හිස අත ගෑ සනීපයට මට නින්ද ගියාය…

අනේ අප්පච්චි කන්න නම් බෑ මට…

පුතා දවල්ට කාලත් නෑ කිව්වා අම්මා… අපි රෑටවත් බත් කටක් කමු… උණුවෙන්ම කාලා ඉමු… ඊට පස්සේ බෙහෙත් ටිකක් ගේන්න යමු..

අප්පච්චිගේ කතාවෙන් වැටහෙන්නේ තාම රාත්‍රිය බවයි…

අනේ අප්පච්චි මම බත් කන්නම්… ඒත්… ඒත්… තිත්ත බේත් නම් බොන්න බෑ… බේත් එපා අප්පච්චි… මේ… බලන්න.. දැන් මට උණ හොදයි..

මම අප්පච්චිගේ අත ගෙන මගේ බෙල්ලටත් ගෙලටත් තබා කියන්නට විය…

අප්පච්චිට හිනාය… තවමත් මගේ හුරතලය යැයි අම්මා නිතරම කියන්නේ මේ නිසාය…

අපි බලමුකෝ පුතේ… දැන් එන්න මොනවා හරි කන්න යන්න…

~ ~ ~ ~ ~ ~

දුලගේ අප්පච්චි අපි හෙට දිහාට පන්සට ගිහින් එමුද…

හදිස්සියෙම මොකද දූලගේ අම්මේ පන්සලට යන්න හිතුනේ…

අපේ මහත්තයට පේන්නේ නැද්ද චූටිගේ වෙනසක් මේ දවස් ටිකේ… හුඟක් වෙලාවකට ඉන්නේ කල්පනා කර කර… පාඩම් වැඩ කරනවා දැක්කෙත් නෑ… මට බයයි අප්පච්චි දූ ගැන… කල අපල කොහොමද දන්නේ නෑනේ..

අපි ටිකක් බලමු දූලගේ අම්මේ… මුකුත් ප්‍රශ්නයක් නම් අපිට නොකියා ඉන්නේ නෑනේ… තව අවුරුදු එකහමාරක් විතර තියෙනවනේ.. විභාගෙට… අනික මේ දවස්වල කෙල්ලට ඉස්කෝලේ බාහිර වැඩත් තිබුණනේ අපේ නෝනේ…

අනේ මන්දා මහත්තයා අපිට ඉන්නෙත් ඔච්චරයිනේ…

අපි බලමු නෝනේ… දැන් චූටි කන්න ඒවි.. අපි මේ කතාව දැන් නවත්තමු…

~ ~ ~ ~ ~ ~

කුස්සියට එමින් උන් දෙව්ලිට අම්මගෙයි අප්පච්චිගෙයි කතාව ඇසුනි…

දෙයියනේ අම්මටයි අප්පච්චිටයි මගේ වෙනසක් තේරිලනේ..ඒත් මම වෙනස් වෙලා නෑනේ…

අම්මා බඩගිනි ගොඩක් මට…

අනේ මයේ පුතා ආවද කන්න… ඉන්න ඉන්න මම බත් බෙදලා දෙන්නම්…

අම්මා හදිස්සියක් නෑ… හෙමිහිට බෙදන්නනකෝ… අප්පච්චි කොහොමද ඉතින් වැඩ කරන තැන හොදයිද…

හොඳයි චූටියෝ… ගියා විතරයිනේ තාම…

~ ~ ~ ~ ~

උණ ගතිය අඩුව තිබු බැවින් බෙහෙත් ගන්න යන්නට ගෙදරින් පෙරැත්යක් නොවිය…

අද සිදුවූ සියල්ල චිත්‍රපටයක් මෙන් මැවෙන්නට විය…

අනේ මන්දා මටම තේරෙන්නේ නෑ සෙහස් ඉස්සරහදි මට මොකද වෙන්නේ කියලා…

දෙයියනේ අද මම සෙහස්ට ගැහුවත් එක්ක.. එයත් වැරදිනේ… මොකටද මගේ අතින් ඇල්ලුවේ…

අනික මම යුනිෆෝම් එකෙන් හිටියේ… කවුරු හරි දැක්ක නම් අම්මට අප්පච්චිට ලැජ්ජා වෙනවා… අපි දුප්පත් තමයි ඒත් නම්බුකාර විදියට ගමේ ඉන්නවා…

සසිත්මා මොනදව කිව්වේ… හරියට මම සෙහස් එක්ක යාළුවෙලා වගේනේ එයා කෑ ගැහුවේ…

නිෂාලා කියනවා වගේ උඩින් කොයි තරම් අකමැති කියලා පෙන්නුවන් යටි සිතේ සෙහස් ගැන ඇත්තේ ඊට වෙනස් සිතුවිලිය…

ඕ…. ෂිට්…. මොනවා වෙලාද මට… මම මටම කියා ගතිමි…

පුරා රැයක් සෙහස් ගැන සිතමින් සිටි මට නින්ද ගියේ පාන්නදර හතරට පමණය…

~ ~ ~ ~ ~

සෙහස්ද උන්නේ දෙලොවක් අතරය… නිරන්නර සිහියට එන්නේ දෙව්ලිගේ කඳුළු පිරි ඇස් දෙකය…

සසිත්මා ඒකිට බනිද්දි මුකුත් නොනියා අහන් හිටියේ හරියට දෙව්ලි වැරැද්දක් කලා වගේනේ…

සසිත්මා එක්ක මම එනකොට දෙව්ලි බලන් උන්න විදිය.. අනේ මන්දා….

චූටි මහත්තයෝ… චූටි මහත්තයෝ… කාලා හිටියනං ඇවිල්ලා… තාත්තා අද මාළුවෙක් ඉතිරි ⁣ වෙලා ගෙනල්ලා… මම ඒක කිරට හැදුවා.. පුතා කැමතීනේ කිරි මාළුවලට…

අම්මා පව්… තාත්තා එක්ක හරි හරියට ඔට්ටුවෙනවා මාවයි නංගිවයි උස් මහත් කරන්න…

අම්මා… තාත්තා කෝ දැන්…

මාළු සල්ලි එකතු කරන් එන්න ගියා පුතේ…

මෙච්චර රෑ ඇයි යැව්වේ අම්මා. දැන් හතත් පහුයිනේ… සල්ලි හෙට ගන්න තිබුනනේ…

අනේ පුතේ…එතකොට හෙට මාළු ගන්න සල්ලි නෑනේ තාත්තට.. කීප තැනකින්ම එන්න තියේ කිව්වා… අද ගියේ ඒකයි…

මම පාරට ගිහින් බලලා එන්නම්… නංගි කෝ අම්මේ…

ඉස්කොලේ වැඩ වගයක් පුතේ… දැන් විභාගෙත් ළඟයින් දෝණිගේ…

ඇදන් සිටි ෂෝටටම ෂර්ට් එකක් ඇදගෙනගෙයින් එලිය⁣ට ආවා පමණි… අප්පච්චිගේ බයිසිකලය වත්තට ඇතුල්විය…

කොහේද මේ ඉල්නදාරියා යන්නේ රෑ වෙලා…

තාත්තා.. මම.. මේ…

මොකද කොල්ලෝ ගොත ගහන්නේ… මා ළඟ⁣ට ආ තාත්තා මගේ හිස අතගාමින් අහන්නනට විය…

ආවද අපේ මහත්තයා… පුතා මේ පාරට යන්න හැදුවේ තාත්තා පරක්කුයි කියලා… අම්මා අප සිටින තැනට විත් කිවාය…

අනේ මයේ කොල්ලා එච්චර ඉලන්දාරියෙක්ද දැන්…

පුතේ මම එන්න රෑවෙන දවස්වලට මාව හොයන්න එන්නේ නැතිව අම්මයි දොණිවයි බලන් ගෙදර ඉන්න…

නංගිත් දැන් ලොකුයිනේ පුතේ.. මේ කා⁣ලේ ඇහැක් වගේ පරිසසසම් කරන්න ඕන…
තාත්තා කියන්නට විය…

ආ කොල්ලෝ මේක නංගි එක්ක කන්න… යැයි කියමින් තාත්තා මා අතට දුන්නේ වඩේ පාර්සලයක්ය… මගෙත් නංගිගෙත් ආසම කෑමකි වඩේ…

ඒයි අච්චිඅම්මේ මෙන් තාත්තා බඩුවක් ගෙනල්ලා… ඉවර වෙන්න කලින් එනවා… ඊට පස්සේ චුරු චුරු ගාන්න එපා… මම නංගිට කෑගසන්නට විය…

මොකද දරුවෝ ඔය නංගිට නකා කරන විදිය… කොයිවෙලෙත් නංගිව අවුස්සන එකමයි වැඩේ.

එක්වරම සිහිවූයේ දෙව්ලිවය… ඇයත් නංගි වගේය.. කොච්චර කියෙව්වත් අහින්සකය…

නමුද මා කරන⁣නේ නැගනිය මෙන්ම දෙව්ලිවද අවුස්සා පසුව ඇයට බැන වැදීමය… අද වුණ දෙයට දෙව්ලිගෙන් සමාව ගත යුතුය…

කොල්ලෝ අම්මටත් දීලයි කන්නේ… මදෙස බලමන් තාත්තා කියන්නට විය…

මැණිකේ තියෙන දෙයක් බෙදලා ගමුද කන්න… යැයි තාත්තා අම්මාට කියන්නට විය…

~ ~ ~ ~ ~ ~

වෙනදා උදෑසනින් අවදි වූවත් අද මා අවදිවෙද්දි නමයත් පහුවී ඇත….

දෙයියනේ අද හොදටම පරක්කුයිනේ… දැන් ඉස්කොලේ යන්නත් බෑනේ… නිෂාලා මොනවා හිතාවිද මන් ගැන…

අම්මා…අම්මා…ඇයි මාව උදේම ඇහැරුවේ නැත්තේ… අද ඉස්කෝල දවසක්කේ…

ඇයි දරුවෝ ඊයේ ගිනිකබලට උණ… බේත් ගන්න ගියෙත් නෑ.. ඉස්කොලේ ගිහින් වැඩි වුණොත්… අප්පච්චිත් කිව්වා අද යවන්න එපා කියලා…

මුණ සෝදගෙන ආව නම් උදේට කන්න… අම්මා කියන්නට විය…

අනේ අම්මා කන්න නම් බෑ.. කට තිත්තයි… යැයි කියමින් මම ළිඳ දෙසට යන්නට විය

ඊයේ උණ ගත්තට මොකද මම හොඳ හැටි නා ගත්තෙමි…

මා එනවිට අම්මා අප්පච්චි සමඟ බර කතාවකි…

උදේ අප්පච්චි වැඩට ගියා කියලා කිව්වනේ අම්මා… එතකොට මේ ආයේ ඇවිත් ඉන්නේ… අදත් වැඩ නැතුවද දන්නේ නෑ…

අප්පච්චි… අද ගෙදර දැයි මා ඇසුවේ හිනහෙමිනි…

අප්පච්චි මදෙස බලා උන්නේ කණස්සල්ලෙන් මෙනි…

ඇයි අප්පච්චි මුකුත් ප්‍රශ්නයක්ද…

අම්මාත් අප්පච්චිත් මූණට මූණ බලා ගන්නට විය…

ඇගේ උණ තියන් නෑවද මයේ පුතේ…

දැන් උණ හොදයිනේ අප්පච්චි… යැයි කියමින් මා අප්පච්චිගේ බෙල්ල බදාගන්නට විය..

අනේ අනේ හෙට අනිද්දා කසාද බඳින් වයසේ ඉන්න දුවෙක්… තාම හුරතලේ…

බලන්නකෝ අප්පච්චි අම්මා හරි නරකයි… මාව බන්දන්නමයි හදන්නේ…

අප්පච්චිට අම්මා ගැන ගතු කියමින් මා කාමරය යන්නට විය…

එක්වරම මා නැවතුනේ සාලයේ සිටි අමුත්තන් දැකීමෙනි…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

කවුද ආවේ….

සෙහස් ගැන මොකද හිතන්නේ ළමයි…

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි… අඩුපාඩු අැති කතාවේ. ඒකට මට සමාවෙන්න…

බුදුසරණයි යාළුවනේ…!

Related posts

Leave a Reply