සෙනෙහස මියදේවිදෝ – අට කොටස

සෙනෙහස මියදේවිදෝ…

~ ~ ~ ~ ~

තමුන් මොකද මෙතන කරන්නේ ආ… අත් දෙකත් ඉනට ගසාගෙන බොරු තරහකින් මනුරගෙන් ඇසු⁣වේ නිකීය..

ඔච්චර කේන්ති ගියෝතින්
වයසට යයි ඔයා…
මනුර තාලෙට කියන්නට වූයේ සැවොම හිනස්සවමිනි…

අනේ… සුදු මැණික මට නම් බෑ ආච්චි කෙනෙක්ව බඳින්න… මූලක්ගින්නද බන් උඹලගේ මේ මිකියට යැයි කියමින් මනුර අයියා පසකට පැන්නේ නිකීගේ පහරින් වැලකීමටය…

මේ… මේ… ඔයා අපේ නිකීගේ වෙන්ඩ හස්බන්ඩා වුණාට කමක් නෑ. අනන් මනන් ටෝක් දාන්න එපා හරිද.. අනික මූලක්ගිනිකාරයා දැන් ගියා විතරයි මෙතනින්..

කවුද බන් මූලක්ගිනිකාරයා අපේ සෙහස්ද… ඒක නම් සහතික ඇත්ත KK.. දැන් ගියා නම් ඌ ඉන්න පැත්තට සුපිරි පවුල් වලියක් බලන්න පුළුවන්.. යැයි කියමින් මනුර අයියා හිනාවෙන්ට විය..

සුදු අයියා මගෙන් ගුටි කන්නේ නැතිව මෙතනින් යනවද. උදේම පිස්සු කියවනවා…

හෝව්… හෝව්… මේ ඉන්නේ තමුන්ගේ සුදු අයියා වුණාට දැන් ආවේ මාව මීටි වෙන්න… ඒක නිසා ඔයාට බෑ අපේ මනු අයියට මුකුත් කියන්න හරිද නිකීයෝ…

මමයි නිෂායි මනුර අයියවයි නිකීයවයි ළඟ තියාගෙන මදි නොකියන්න මඩවන්නට විය…

හපෝ සුදු මැණික මම යනවා බන්. තවත් මෙතන හිටියොත් මුන් මගේ මුළු කාඩ් එකම කුඩුකරයි..
යැයි කියමින් මනුර ආපසු හැරුනේ යන්නටය..

මෙන්න බලහන්කෝ වැඩක්.. පණිවිඩකාරයා පණිවිඩේ කියන්නේ නැතුවම යනවා…
මම එසේ කියනවත් සමඟම..

හපොයි… හ⁣පොයි… කොහෙද බන් මේ මගේ කෙලි පැටික්ක දැක්කම ඔක්කොම අමතග වෙනවනේ… නිකී දෙස බැලු මනුර ඇසක් ගසා කියන්නට විය…

මේකයි KK වරුනි මිස් කිවුවා පළවෙන් පීරියඩ් එක ඉවරවුණාම ඇවිත් මීට් වෙන්න කියලා… අපේ පන්තියේ ඉන්නවා කිව්වා…

මම කිව්මේ නැද්ද මනු අයියා එනවා කියන්නේ මොකක් මරාලයක් තමයි මේ අසරණ KKට.. හැබැයි උදේට කාලා තමය එන්නේ… හාද…

හරි බන් කන්න බැරිනම් ඕන දෙයක් කරලා වරෙන්කෝ.. මම යනවෝ.. මෙතන හිටියොත් මගේ මිකී බබා නාකිවෙනවා බන්.. යැයි කියමින් ඇහැක්ද ගසමින් මනුර යන්නට විය…

~ ~ ~ ~ ~

කෝ බන් මුන් ටික. බලහන්කෝ උදේ පීරියඩ් එක ඕෆ් නිසා වේලසනින් කන්න හැදුවම මොකෙක් හරි අඩුයිනේ..

ටිකක් කට පියන් හිටපන්කෝ KK මීනු ගියේ register එක ගේන්න..

ඇයි වදේ ඕකට කාලා යන්න බැරිද.. දැන් මම වරුනි මිස් හම්බෙන්න යන්නත් ඕන…

හරි හරි දැන් වහගනින් ඔය චැටර් බොක්ස් එක. මෙන මම ආවෝ…

මම කිව්වායි කියලා හිතාගනින්කෝ… දිග ඇරපන් ඔය බත් මුල් ටික…

දිගහැර ගත් බත් මුලට සියල්ලන්ගේම හිස නමාගෙන කන්කට ගත්තා පමණි…

ඔළුව උස්සපු කෙනා පරාදයි.. ඇසුනේ ගැඹුරු කට හඩකි…

ඒ පාර කවුද බන් පාත් වුණ හෙනහුරා… යැයි මා ඇසුවේ හඬ දෙසට පිටුපා සිටි බැවිනි…

දෙයියනේ නිමල් සර්… ඇයි වදේ කොමස් එකේ උන් කිව්වා නේද අද සර්කාරයා ආවේ නෑ කියලා… එනෙම් මේ මොකාද ඉන්නේ…

බලපන් ඉතින් දැන් කාඩ් කුඩුනේ… යැයි මා කිවේ අපේ උන් දෙස බලාය…

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියනවනේ සර් එ්කයි මේ… යැයි කියමින් මා නැවත බත් එක් අනන්නට විය.. සර්ද හිනහෙමින් බලා උන්නේ අප දෙසය…

~ ~ ~ ~ ~ ~

හපෝ බන් අර මුකලන් බස්සා ඉන්නවා කියහන්කෝ.. යැයි මම නිකීගේ කනට කර කිවේ සෙහස් ගැනය…

හා… එන්න… එන්න… KK…

මිස් මට එන්න කිව්වේ

මේකයි පුතේ අපි ඒලෙවල් ළමයි ට්‍රිප් එකක් යන්න තීරණය කරලා කියලා දන්නවනේ… ඔයාට පුළුවන්ද අපේ සෙහස්ට මේ වැඩේ සංවිධානය කරන්න උදව් කරන්න…

නාලා වරෙන් කැළණි ගඟෙන් පොඩි පුතේ කිව්වලු… බලපන් බන් කරුමේ කියන්නේ අර කොට්ටෝරුවා එක්කනේ වැඩ කරන්න කියන්නේ… යැයි මම නිකීට කොදුරන්න විය…

ඇරෝ… අවි… මනුර… මදෙස බලමින් ඇස් ගසමින් හිනහෙන්නට වුයේ සෙහස්ටද මොන මොනවදෝ කියමිනි… සෙහස්ද කින්ඩියට හිනහෙන්න විය…

මොකෝ දරුවෝ කියන්නේ… පුළුවන් නේද… සෙහස්ගේ හෙල්ප් එකට අවිෂ්.. අරෝෂ්.. මනුර… ඉන්නවා… ඔයාගේ උදව්වට තව තුන්දෙනෙක් දාගන්න…

හා තව දරුවෝ හවසට අන්තිම පීරියඩ් එකේ මීටින් එකක් ගන්නවා කියන්න…

මිස්⁣ පොඩි අවුලක් තියෙනවා නේද.. අපි අනිත් ළමයිගෙනුත් අහලා ළමයිව දා ගමු නේද…

හා පුතේ එහෙනම් එහෙම කරමු… දැන් යන්න…

මම එනගමන් සෙහස්ගේ සෙට් එකට රවන්නට විය…

~ ~ ~ ~ ~

දැක්කද අර මීහරක් පැටියගේ හිනාව… අහුවුණොත් නම් මම එල්ලනවා කණෙන්…

දැන්වත් ඇති නේද බන් අර අසරණයට බැන්නා සත්තු වත්තක්ම දැම්මා නේද… යැයි කියමින් නිකී හිනහෙන්නට විය…

උඹට හරියට රිදෙනවා නේද සෙහස්ට බැන්නම… මොකෝ දන්නේ නෑ… පවු බන් අර මනුර…

තොට මම කිවුවා කියලා හිතාගනින්… KK…

ඒක නෙවෙයි බන්…මට බෑ සෙහස් එක්ක වැඩ කරන්න.. අනික එයා මන් එක්ක හරියට කතා කරන්නේවත් නෑ.. අපේ පන්තියේ අයට කියන්න මාව නම් පත් කරන්න එපා කියලා..

හරි හරි බන්.. අපි බලමු.. දැන් යමුකෝ පන්තියට…

~ ~ ~ ~ ~ ~

ළමයි ⁣ඔයාලා හැමෝම දන්නව ඇතිනේ ඇයි මෙහෙම එකතු වුණේ කියලා… ඔව්… ඔව්… ඔයාළගේ විනෝද චාරිකාව ගැන කතා කරගන්න…

ඔක්කොටම කලින් අපි ඔයාලා මේක සංවිධානය කරන්න ළමයි දෙන්නෙක්ව පත්කර ගන්න ඕන…

ඔයාලා තැමති නම් අපි සෙහස්ව පත්කරමු.. යැයි මනු අයියා යෝජනා කරන්නට විය…

සෙහස්ට අකමැති කවුරු හරි ඉන්නවද… යැයි වරුනි මිස් අසන්නට වු අතර විරුද්ධ කිසිවකුත් නොවිය..

දැන් ගැහැණු ළමයෙක්ව පත් කරගන්න… පුළුවන් නම් එයාව 14 ඒලෙවල් කරන අයගෙන් පත් කරගන්න…

මම ඒ ගැන වැඩි අවධානයක් ඊට නොදුන්නේ අපේ කිසිවකුත් ඒ සඳහා මාව යෝජනා නොකරන බව හොදාකාරවම දන්නා බැවිනි…

අපි KKව යෝජනා කරනවා…

මොකක්.. කවුද බන් ඒ මාව යොජනා කළේ…
මාව පත්කර තිබුනේ කොමස් පන්තියේ ළමයි විසින්ය…

හ…ර්..ර්.. මොකද්ද බන් ඒ වුණේ…
අනේ මට බෑ බන් අර ඇටි කෙහෙල් කාපු උඩුගුවා එක්ක වැඩ කරන්න…

උඩුගුවා නෙවි බන් උගුඩුවා… යැයි කියන්නට වූයේ කොමස් පන්තියේ ළමයෙකි…

මොකා හරි බන් මට… අනේ මට බෑ…. නිකීයෝ…

කවුරු හරි ඉන්නවද… KKට අකමැති…

අපි හැමොම කැමති යැයි එකවරම සියල්ලෝම කියන්නට විය…

මෙන්න වැඩක් අපේ එවුන් ටිකත් කැමති කිව්වනේ…

එහෙනම් හරිනේ ළමයිනේ…

ඒත්… ඒත්… අකමැති කෙනෙක් ඉන්නවනේ…

මොකද්ද.. අකමැති කෙනෙක් ඉන්නවා කවුද ඒ.. යැයි අසන්නට වුයේ වරුනි මිස්ය…

සෙහස්ද ඇස් පුංචි කර මදෙස බලන්නට විය.. ඒ දෙනෙතේ වූයේ කෝපයකි….

ඇයි මිස් මම අකමැතියි නේ… යැයි කී සැනින් සැවොම හිනා වෙන්නට විය…

අපේ උදව්වට අරෝෂ් සහ නිෂාව පත් කරන්නට විය…

දැන් එහෙනම් යන්නේ දවස් කීයක්ද… යන්නේ කවද්ද… කොහේටද කියලා තීරණය කරගමු ළමයි..

ඔක්කොටම කලින් සෙහස්… KK… ඉස්සරහට ඇවිත් විස්තර ලියා ගන්නකෝ…

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴

සෙහස් ගැන මොකද හිතෙන්නේ යාළුවනේ….

Like කරන Comment කරන් යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි… කතාව ගැන ඔයාලට හිතෙන දේ කියන්න මට…

බුදුසරණයි යාළුවනේ…p

Related posts

Leave a Reply