රිදී තාරකාවී – එක කොටස

💕💕 රිදී තාරකාවී 💕💕
***එක කොටස ***

“රිදී තව මිටින් තියෙනවා ද?”
“නැහැ මැඩම්”
“ඔකේ ෆයින් ..රිදී දැන් යන්න.. මං ඔනි උනොත් කතා කරන්නම්”

“ඔකේ මැඩම්” කියලා එන්න හැරෙද්දිම මැඩම් අයෙත් කතා කලා…

“රිදී මේ ෆයිල් එක කාෂී සර්ගේ ඔෆිස් එකට ගිහින් දෙන්න..මේක private වැඩක් වෙන අය අතේ යවන්න එපා ඔයාම ගිහින් දෙන්න ..මෙතන වැඩ ටික ඉවර කරලා යන්න ඉක්මනට ”

“හා මැඩම් “කියලා එතනින් එන්න ආවා
අදනම් හොඳටම මහන්සි උදේ ඉඳන් එහෙට මෙහෙට දුවලා කකුල් දෙක නෑ.. වගේ ඒ සී එක තියන නිසා ම හොඳයි නැත්නම් දාඩිය නාන්න තිබුණා.. මැඩම්ටත් රෑ වෙනකම් ඉන්න ඔනි ඩේගා නටන්න කරන්න තියෙන මගුලක් කලින් කිව්වනම් ඉවරයිනේ.. හවස් වෙන කොට තමා හැම මගුලක්ම අදවත් කලින් ගෙදර යන්න හිටියා මදැයි …

” මොනවද රිදී අහස පොලොව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ…. අදත් ගොන් වැඩක්වත් කරලා මැඩම් ගෙන් බැනුම් ඇහුවාද ?”

සමච්චලයට හිනා වෙවී කසුනි කියද්දි මං ගැස්සිලා බැලුවේ ලඟ හිටපු කසුනි දිහා…….

මුණේ තට්ටු පිටින් මේක්අප් උලාගෙන හිරම හිර කෙටි සායකුත් ඊට නොදෙවෙනි හිරම හිර ටී ෂර්ට් එකකුත් ඇඳගෙන මගේ ලඟට වෙලා ඉන්නෙ අපේ ඔෆින් එකේ AOD (අනුන්ගේ ඕපාදූප ) කසුනි…මං කසුනි දිහා බලල අහක බලා ගත්තෙ එයා එක්ක කතා කරන්න කැමති නැති නිසා………මං චුට්ටක්වත් කැමැතිම නෑ කසුනිට එයාගෙ වැඩේ අනුන්ගේ ඔපේ හොයන එකමයි………

“මොකද රිදී 1000 ට අරන් 100ට දිලා වගේ ඉන්නේ”

කසුනි පෙරටත් වඩා හඩින් අහද්දි මටත් මලපැන්නා………..

“1000ට අරන් නොදි හිටියත් ඔයාට මොකාක්ද තියෙන අමාරුව කසුනි ගිහින් වැඩක් ගත් බලාගන්නවද පවු නොදි”

මාත් ඊට නොදෙවෙනි හඩින් කිව්වම

” පුහ් ගෙම්බෙක් ගිය උඩ”
එහෙම කියාගෙන ගස්සගෙන තවත් මොනවාදෝ කිය කිය යන කසුනි දිහා මම බැලුවේ ඇඳගෙන ඉන්න ඇඳුමෙන් යට ඇඳුමේ දරා පවා පෙනවා ..ගැණියෙකුට තියෙන්න ඔනි විලි බිය කියන කිසි දෙයක් නෑ කසුනිට නම්……..

මං කසුනි කියන දෙවල් කනකටවත් නොගත්තේ..ඔය fm එක හැමදාම අහනවානේ එකයි….
කසුනි හිතන ඉන්නේ එය තරම් කෙනෙක් තවත් මෙ ඔෆිස් එකේ නෑ කියලා…….. මහන්තතවකම් ඔලුවට ගහලා ඉන්න කසුනිලා වගේ අය හදන්නේ දුප්පත්.. මම වගේ අය කටවහ ගෙන හිටියොත් පාගලාම දාන්න..
ඒ වාට නම් මේ රිදී එකක් ටිකක් අමාරු වේයි…………

✳️✳️✳️✳️✳️✳️

මං ඉක්මනින් ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරලා එළියට ආවේ කාෂී සර්ගෙ ඔෆිස් එකට යන්න …
බස් වල මේ වේලාවේ ගියොත් හෙට තමයි මට ගෙදර යන්න වෙන්නේ..ත්‍රිවිල් එකක වත් යනවා කාෂී සර්ගේ ඔෆිස් එකට..

මං ත්‍රිවිල් එකක නැගලා ගියේ ..කාෂී සර්ගේ ඔෆිස් එකට යන්න මඟික් යද්දි දැක්කේ අරුණ රෙස්ටුරන්ට් එකේ ඉන්න කාෂී සර්

කාෂී කියන්නේ අපේ අමිෂා මැඩම් බදින්න ඉන්න කෙනා…මාර ලස්සනයි හැන්ඩි පොරක් ධනවතෙක් පාතලය පාවා බය බලවතෙක්ලු..හොඳට හොඳයිලු ..නරකටත් ඒ වගේමලු..කියලා තමයි අපේ ඔෆිස් එකේ අය නම් කියන්නේ……….

“අන්කල් ඔහොම පොඩ්ඩක් නවත්තන්න ..යන්න එපා මං ඉක්මනින් එන්නම් ”

මං කාෂී සර් ගාවට ගියේ පය ඉක්මන් කරලා…ෆයිල් එක දිලා ගිහින් ගමට තියෙන අන්තිම බස් එක අල්ල ගන්න…
මං පාරත් පැනලා.. අරුණ එක ඇතුලට යනකොට දැක්කේ ..හොදටම බිලා කියවන කාෂී සර්….වෙනදාට ගාඩ් එක නැතුව අපේ ඔෆිස් එකටවත් නොඑන කාෂී සර් මොකද අද මෙතන තනියම …මෙච්චර ලස්සන මනුෂ්‍යට පිස්සුද මන්දා තැන් තැන් වල බීබී නටන්නේ බිලා බිලා ඇසුත් රතු වේලා……….

“අයියේ ඇයි බන් මාව දාලා ගියේ..මට පාළුයි උබ නැතුව ඉන්න තැනකින් වරෙන් යකෝ..උබේ මල්ලි තනි වෙලා..ඇයි මාවත් අරන් නොගියේ ..ඇයි මාව තනි කරලා ගියේ ..කියපන් අදට අවුරුදු 03 උබ අපිව දාලා ගිහින් ”

“අමිෂා උබ තව ටික කාලයයි නටන්නේ ..මං උබගෙ මුළු පවුලම විනාශ කරනවා යාකෝ ..විනාශ කරනවා …”
බිලා කියවන්නේ ඔන්න ඔය ටික
“දැන් මං මොනවාද කරන්නෙ ෆයිල් එක දිලා ගිහිල්ලාත් බෑ ..
මේ මිනිහා මෙතන දාලා ගිහිල්ලාත් බෑ”….මං කල්පනා කලේ දැන් මොකද කරන්නෙ කියලා ..

“අමිෂා මැඩම්”

මතුසම්බන්ධයි ……
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
මේ මගේ පලවැනි කතාව ගොඩක් වැරදි ඇති .ටිකක් නෙවෙයි මහ ගොඩක් ඇති .. ඉතින් ඔයාලා මගේ වැරදි අඩුපාඩුකම් කියලා දෙන්න ..අසායි මන් හදා ගන්න……….

බුදුසරණයි ………………..

S පිරීස් ………..

Related posts

Leave a Reply