රිදී තාරකාවී = දෙවෙනි කොටස

💕💕 රිදී තාරකාවී 💕💕

*** 02 කොටස ***

මං මොකද දැන් කරන්නේ ..ෆයිල් එක දීල ගිහිල්ලත් බෑ. මේ මිනිහා මෙතන දාල ගිහිල්ල බෑ මොනව කරන්න කියලා හිතාගන්නත් බෑ …..

“අමීෂා මැඩම්”
මැඩම්ට නේද මේ මිනිහා බනින්නේ පලු යන්න.. මේ මඟුල් වලින් වැඩක් නෑ මට ඉක්මනට file එක දිලා යා ගන්න තිබ්බා නම් මට ඇති …

මං අමිෂා මැඩම්ට අරන් කියනවා…
කාෂී සර් අරුණ එකේ ඉන්නවා කියලා.. මැඩම් ඇවිත් අරන් යන්නේ නෑතෑ…

“hello ….අමීෂා මැඩම් ..මං රිදී “…

“hello.. කියනවා රිදී…ඇයි”…

“මැඩම් මේ..මේ”..

” ඉක්මනට කියන්නවා රිදී කියන්න තියන මගුලක් මං වැඩක ඉන්නේ තමුසේ නලවන්න මට බෑ දැන්”

“මේකිගේ තියෙන ඝනකම යාකෝ..”
“මොකාක්ද රිදී ”
“මොකුත් නෑ මැඩම් ..මේ මේ අරුණ රෙස්ටුරන්ට් එකේ කාෂී සර් ඉන්නවා හොඳටම් බිලා ..

“බිලා කාෂී සර් ”
“ඔව් මැඩම් හොදටම බිලා ..”

“අනේ රිදී මං දැන් වැඩක ඉන්නේ ..ඔයා කාෂී සර්ව ගෙදරට ගිහින් දානවාද .?මං එඩ්ඩරස් එක SMS කරන්නම්”

පෙනවාද දැන් මේකිගේ බටර් පාර දෙන්න හිතෙනවා හොම්බට 60ක්..මං කියා ගත්තේ මටම..

“හා මැඩම් ” ජොබ් එක බෙර ගන්න නම් අමිෂා මැඩම් කියන දේ අහන්නම වෙනවා.. නැත්නම් හෙට කෙලින්ම ගෙදර යවයි..

“අනේ දේවියනේ මටත් පෙරලෙන බාල්දි”
මං විල් එකේ අංකල් එක්ක එකතු වේලා සර්ව අරන් අවේ බොහොම අමාරුවෙන් ..

“අංකල් පොඩ්ඩක් ඉන්න මං ඉක්මනින් එන්නම්”

“අනේ දුවේ මගේ දුව පන්තිය ගාව බලන් අති.. මං දැනටමත් පරක්කුයි පුතේ”

“හා කමක් නෑ අංකල් මේ සල්ලි බොහොම ස්තුතිය කරපු උදව්වට අංකල් ”

“පරිස්සමෙන් ඉක්මනට ගෙදර යන්න දරුවෝ.තවත් රෑ වෙන්න කලින්
අද කාලේ තනිපන්ගලමේ ලමිස්සියෝ රෑ පානේ ගමන් බිමන් හරි බයනකයි පුතේ”

ත්‍රිවිල් එකේ අංකල් එහෙම කිව්වම
“හා අංකල් “කියලා ස්තුතිපුර්වක හිනා වේලා..සර්වත් වත්තම් කරගෙන අවේ සර්ගේ ගෙදරට
ඒත්..ඒ.. ගේ දැක්කාම මට පුදුමත් හිතුනා
මේ වගේ මනුෂයෙක්.මෙහෙම ගෙදරක..

මං බලාපොරොත්තුවක් උනේ තට්ටු පිට තට්ටු ගහපු මාලිගාවක් වගේ ගෙදරක්..
එත් මට දැක ගන්න හම්බ උනේ ඊට හත්පසින්ම වෙනස් දෙයක් ….

ලස්සන හුරුබුහුටි තනි තට්ටුවට ගහලා තියෙන පුංචි ගෙදරක්..
හරි ලස්සනයි ..හරිම චාම් .ගේවත්ත උනත් හරි නිස්කලංකයි ….අසා හිතෙනවා ..

“ගෙදරට උස්සන් අවාට කොයි දැන් මේ බුත බංගලාවේ යතුර ..

“දැන් මොකද කරන්නේ.”.

බලමු සර්කරයාගේ සක්කුවල වත් තියෙනවාද කියලා නැත්තම් ..
අද එලියේ තමයි සර්කරයාව තියන්න වෙන්නේ……

“ආ ..මේ තියෙන්නේ..”

දෙවියෝ බලලා වගේ යතුරත් හම්බ උනා.

මං සර්වත් වත්තම් කරගෙන ගේ ඇතුලට අවේ බොහොම අමාරුවෙන්…. ..

“අම්මෝ මේකා කන්නේ අලි මස් මන්දා මාර බරක්නේ යකෝ තියෙන්නේ ..

මාර ලස්සනයි ගේ ඇතුලත් පුංචි උනාට හරි ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා…

මං සාලේ ලගම තිබුන රූම් එකකට සර්ව අරන් ගිහින් අතැරියා ඇද උඩට..

“අම්මෝ මගේ කොන්ද කැඩුනාද මන්දා ..මේ බුරුවාව උස්සන් ඇවිත් ඔරොත්තු නොදෙන තරම් මොකට බොනවාද මන්දා”
මොනවා උනත් පව් කියලාත් හිතෙනවා ….අමිෂා මැඩමට බනින්නේ…ඒ නපුරු ගෑනී මොකක් හරි ලොකු වරදක් කරන්න ඇති මොනවා උනත් පව් කාෂී සර්..

මං අමිෂා මැඩම්ටයි..මේ සර්කරයාටයි හිතින් බැන බැන සර්ගේ සපත්තු දෙක ගලවලා දැම්මා..ඇයි දෙයියනේ .මුන්ගේ මගුල් වලට පරිප්පු කන්නෙ..මං

“තෝරු මෝරු කෙල ගන්න.පැත්තක හල්මැස්සියක් වගෙ ඉන්න මං තමයි තැලෙන්නෙ…. මගුල…..”

මං සර්ගේ සපත්තු දෙකත් ගලවලා දාලා ඔලුවට කොට්ටයක් තියන්න ඔලුව උස්සන කොට අයෙත් සර්ගේ කියවිල්ල පටන් ගත්තා…

මං කොට්ටයකුත් තියලා නැගිටින්න හදන කොටම ..සර් මගේ ඉනෙන් අල්ලන් ඒ පුපුවට තද කර ගත්තේ මට හිතා ගන්නවත් බැරි විදිහට ….

“අනේ සර් මාව අරින්න”

” තෝ මගේ අයීයාට මොකද කලේ…තෝ මගේ අයියාව මගේන් ඇත් කරා..පට්ට බැ*** ..මං තොට යහතින් ඉන්න දෙන්නේ නෑ…..”

“මොනවාද සර් කියවන්නෙ..මං මොකුත් කලේ නෑ සර්ගේ අයියාට..මං දන්නෙත් අද සර්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා..සර්ට වැරදිලා සර් මට යන්න දෙන්න..”

“අමීෂා උබ මොකුත්ම දන්නේ නැද්ද.. ආආආ කියපන් බලන්න ..
පට්ට බැ*** උබ මගෙ අයියා මැරුවා…”

“මං අමිෂා නෙවෙයි සර්..
මං රිදී …අමිෂා මැඩම්ගේ සෙකට්‍ර්..
මට යන්න දෙන්න සර්..”

“අමිෂා උබ හිතුවේ මං කොන්ඩේ බැදපු චිනෙක් කියලාද..
උබගේ බොරු වලට මං රැවටෙයි කියලා හිතුවාද.. ආආඅ
උබ මටත් බොරු කියලා පැනලා යන්න ද හදන්නේ ..
කියපන් මාව තිරිසනෙක් නොකර කියපන් පට්ට බැ***..තෝ මගේ එකම සහොදරයා මැරුවා ..මගේ දෙවෙනි තාත්තා මැරුවා ….උබ..”

“මං අමිෂා නෙවෙයි සර්..
මං රිදී මට යන්න දෙන්න සර් ..”

මං අත් දෙක එකතු කරලා වැදලා කියව්වාත් ..ඒවා අහන්න තරම් හොඳ සිහියකින් නෙවෙයි කාෂි සර් ඉන්නේ…

මතුසම්බන්ධයි ….
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

දෙවෙනි කොටසත් දැම්මා ඔන්න ..
ගුණ දොස් කියලා යන්න අමතක කරන්නත් එපා යාලුවනේ ….

ලයික් කොමන් කරන හැමෝටම ස්තුතිය ….

කවුරුත් හරි පිංවතෙක් හරි පිංවතියක් හරි ඉන්නවා නම් ..කවර් pic එකක් හදලා දෙන්නකෝ……..

බුදුසරණයි …
💞 S පිරීස් 💞

Related posts

Leave a Reply