බලා ඉන්නම් – එක කොටස

මළ හිරු බහින හැන්දෑවක …

 

”  අක්කේ …අක්කේ ..අක්කේ කෝ බන් නැද්ද ගෙදර කවුරුත් අක්”….මහීශා හඩ තැලුවේ සුදු අක්කා නොහොත් අයේෂාගේ ගේ එලිපත්තේය .

 

” මොකද බන් ගිරිය කඩන් කෑ ගහන්නෙ..මම වත්ත පිටිපස්සෙ හිටියෙ”

” එකෙක් මැරිල වගේ බෙරහන් දෙන්නෙ ..

 

ඒ අයේශාය.සැමියා හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මියගොස්‍ ය. ඈ තනිවම නිවසේ වෙසෙන බැවින් අසල ගාර්මන්ට් එකක කෙල්ලන් දෙදෙනෙකු බෝඩිම් කරගෙන සිටි.මේ මනීෂා එයින් එකියක් නොව අහල පහල හිතවත් කෙල්ලකි.

 

“අක්කේ මැරිල තමයි බන්.අර මුස්ලිම් කොල්ලෙක් හිටියෙ කඩේ මාමලගෙ ගෙදර.. ”

 

“ඉතින්”

 

” අන්න ඌව කව්ද මරල දාලා.සතෙක් කාලාද මන්දා බෙල්ල විතරයි ඉතුරු

වැව පාමුල කැලෑ දෙවටෙ..”

 

“මොකක්.උඹ ඔය බොරුවක් නෙවේනෙ කියන්නෙ යමන් බලන්න.”

 

ඔවුන් යන විටත් මදක් පදුරු වැවුන කැලෑවට පිවිසෙන ඉසව්වක  කඳ සුන් හිස තිබූ අතර ගමේම සෙනග එතනට වටවී සිටියහ.

 

” සතෙක් කෑවත් ඇට කටුවත් නෑනේ ”

 

” අනික වැඩිනක් ලොකු කැලේකුත් නොවන එකේ සත්තු කෑවයි හිතන්නත් බෑ නෙව..”

 

“ඒකනේ හරි අපූරු ඉලන්දාරියා.”

 

ඒ ගම්මුන්ගේ කතාය.

 

පොලිස් පරීක්ෂණ ඇරඹිනි.රිෂාද්  ඔහු මිය ගියේය.හිස පමණක් භූමදානය කලේය.වැව් මන්ඩිය අසලම ඇති සොහොනකය.කිසිවෙක් ඔහු කාගේ කව්ද නොදන්නා මුත් සියල්ලම දන්නේ කඩේ වැඩ කල කොලුවා ලෙසය.

 

කාලය ගෙවිණි.ගමේ උන සිද්දිය වැඩ ඇරී නිවෙසට ආ කෙල්ලන් දෙදෙනාටද අයේශ විසින් සැල කර අතර නමින් එකියක විහංගනා වූ අතර බෝහෝ රූමත් අනෙකා නිෂාදි වූවාය.

 

වැඩිමනක් කතාවක් නැති නිෂාදිගේ මුවේ ඇදුන සිනාව කඳ සුන් රිෂාද්ගෙ සිහියෙන් සිටි අනිත් දෙදෙනා දුටුවේ නැත ..

 

කාලය ගෙවිණි.සති ගණනක් විය.

රිෂාද් ව ගම්මුන්ට අමතක මුත් පොලිසියේ අවසන් නිගමනය වූයෙ සතෙක් කෑවගය.

වනජීවි නිලධාරින් කැලෑව  සතෙක් සෙවීය . කොටියෙක් වලසෙක් තියා නයෙක් පොළගෙක් වත් සොයා ගන්නට වනජීවී නිලධාරීන්ට හැකි වූයේ නැත …

 

කාලය මෙසේ ගෙවී යද්දී තවත් රාත්‍රියක..

මූකලන් බස්සෙක් උලමෙක් හා එකතුව මර හඬ තැලීය .

 

අහේතුක බිය කින් ayesha අයේෂා නින්දෙන් අවදි වෙද්දි  ගේ පිටු පස රූස්ස මාර ගහේ සිහින් හඬින් යමෙකු ඉකි බිඳෙන හඬ ඇසිණි ..

 

බියවූ අයේෂා නින්දෙන් අවදිව් බැලීමට බිය වූ නිසා ඈ ආපසු නිදා ගත්තා ය ..

 

ඉරිදාවක් බැවින් ද සියලු දෙනා ගේ වටා ඇසෙන අඩි ශබ්ද කසුකුසු    ශබ්ද නිසා අවදි වූ අයේශාට දැක ගත හැකි වුයේ ගේ වටා රොක් වී ඇති ගම්මුන් ය .කුමක්දැයි බැලූ විට දැකගත හැකිවූයේ හැකි වූයේ ගේ පිටු පස එල්ලී ඇති සිරිසෝම ය.දිව ඇදීනිල් පැහැ ගැන්වී තිබූ අතර බඩ බොකුවැල් එලියට ඇද දමා තිබුණි.ඇස් ගෙඩි දෙක එලියට  පනිනට ඔන්න මෙන්නය.

 

පොලිස් පරීක්ෂණ ඇරඹිණි.ඇගිලි සලකුණක්වත් නොතිබූ මිනියේ කෙසේනම් අපරාධකරුවන් සොයන්නද..කට උත්තර අයේෂාගෙන් හා  විහංගනාගෙන් ගත් නමුත් නිෂාදිගෙ ගන්නවා තබා පොලීසිය ඈ ඉන්නවාදැයිවත් නොතැකූ අතර ගම්මුන්ද පොලිසියට පවසා තිබුණේ අයේෂාගෙ නිවසේ ඈ හැරූනු කොට තව එක කෙල්ලක් සිටින වගය.

 

සිරිසෝමත් එසේ අවසන් ගමන් යද්දී එකට එක කාමරයේ නිදා සිටි විහංගනාටද අමුතු අමුතු දෑ අත් විදින්නට විය.

 

හිස සුන් බඩ බොකුවැල් ඇද යටි පතුල් පලා දැමූ නිරුවත් ස්ත්‍රී මළ කදක් සිහිනෙන් දැක අවදිවන ඈ බොහෝ සේ බියවන අතර හුරු පුරුදු පරිසරයක් නිසාවෙන් ඈ එය නිෂාට කිව් විට නිෂාදි ගේ ප්‍රතිචාරය හැම විටම වූයේ

 

” අඳුරගන්න බැරිද ඒ කොහෙද  කියලා”

 

තව ටික දිනක් සියලල් එලෙස සිදුවෙමින් පවතින  විට විහංගනාට ඒ හීනය සාමාන්‍ය වෙද්දි ඈ සිතුවේමි ඒ තැන කොතනක්ද යන්නයි.

 

“මොකෝ මෙතන යන්නෙ නැද්ද ”

 

“යන්න ඕනේ සර් යාලුවා එනකල් ඉන්නෙ.”

ප්‍රදීප් නම් මැනේජර් හා විහංගනා අතර කතාව එලෙස වෙද්දී වෙද්දී තවත් දෑසක් වියරුවෙන් බලා සිටි වග ප්‍රදීප්ගේ අවසන් දිනය වග ඔවුන් දැන නොසිටින්න ඇති…

 

🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓🦓මතුවට……..

 

ලියපු පලවෙනිම කතාව.අඩු පාඩු කියන්න.

 

 

Related posts

Leave a Reply