සෙනෙහස මියදේවිදෝ – හත කොටස

සෙනෙහස මියදේවිදෝ..

ටික දුරස් ගොස් ආපසු බැලුවේ කවුරුන් හෝ පිටුපසින් එන බවක් හැඟුන නිසාය…

පැමිණ ඇත්තේ අන් කිසිවකු නොව. නිෂායි නිකීයි ය.. මට මං ගැනම කලකිරීමක් ඇතිවිය.. කොහෙවත් යන පගරනැට්ටෙක් නිසා යෙහෙලියන්ගේද හිත රිදවා ඇත.. වරද මා අතේය බැන වැදුනේ නිරපරාදේය…

එලෙස සිතමින් ගියේ අඩි කිහිපයකි.. එක්වරම මා පිටුපසය ඇදි ගිය මට දැනුනේ කම්මුලෙන් ගිනි පිටවනවා සේය.. මගේ අත ගියේ කම්මුලටය..

නිකීගේ කම්මුල් පාරේ සැරට කඳුළු පිරුණි.. මා සමඟ මෙතරම් තරහක්…

එක්වරම ඇසුන කෝච්චි හඬින් මා ගැස්සින.

මැරෙන්න හදනවද උඹ.. මොකද වෙලා තියෙන්නේ. මෙච්චර කල් හොදට ඉදලා දැන් මොකද්ද හැදුන පිස්සුව… නිකීගේ හඩ දෙසවන් තුළ නද දෙන්නට විය…

නිකී අපි ඉන්නේ පාරේ බන්.. ප්‍රශ්නයක් තියෙනවනම් අපි කොහේට හරි ගිහින් විසඳගමු යැයි කීවේ නිෂාය…

ප්‍රශ්නයක් තියෙනව නම් නෙවෙයි බන් මේකිට ප්‍රශ්නයක් තමයි. මට දවස් ගානක ඉදන් මේකිගේ වෙනසක් දැනුනා… ඒ වගේම තමයි මේ ප්‍රශ්නේ කොනක අර සෙහස් කියන් උගුඩුවත් ඇති කියලා මට හිතෙනවා නිෂා…

අවසනට නිකී කිවු වදන්.. දෙයියනේ නිකී මොනාද මේ කියන්නේ..

මොකද ඇස් ලොකු කරන් බලන්නේ.. මම කිවුවේ බොරුද.. ආ…

නිකී මේ අහපන් අපි මුලින් මේ පාරෙන් කොහෙට හරි යමන්… යැයි කියමින් නිෂා මාවක් ඇදගෙන යන්නට විය…

නිෂා… අහන්නකෝ… මට අර පන්සලට යන්න … මම කීවේ අප සිටින තැනට පෙනුන පන්සල දිහාට අත දික් කරමිනි…

කොහේ හරි යමන්කෝ යැයි කිව් නිෂා මාවත් නිකීවත් ඇදගෙන ඒ දෙසට යන්නට විය…

~ ~ ~ ~ ~ ~

දැන් කියහන්කෝ මොකද්ද මැරෙන්න තරම් තියෙ ප්‍රශ්නේ උඹට… මෙච්චර ළඟින් ඉන්න අපිටවත් කියන්න බැරිද… ඔය තරමටම අපිව එපා වුණාද… අපිව විස්වාස නැද්ද.. අපේ යාළුකම උඹට වටින්නේ නැද්ද… ආ… කතා කරනනනට වූයේ නිෂාය..

පිස්සුද යකු.. මොනාද මේ දොඩවන්නේ.. උඹලව මට සහොදරයෝ වගේ.. මම මැරෙන්න ගියේ නෑ බන්.. වෙන කල්පනාවක ආවේ.. ඒක නිසා ඇහුනේ නෑ කෝච්චි සද්දේ… වෙන ප්‍රශ්නයක් නෑ බන්…

KK බොරු කියන්න එපා.. උඹ ඉන්නේ ප්‍රශ්නෙකින් කියලා අපිට නොතේරෙන්න පොඩි බබ්බු නෙවෙයිනේ… යැයි කෝපයෙන් නොවුනත් තරමක ආවේගයකින් පැවසුවේ නිකීය…

හරි දැන් ප්‍රශ්න මොකුත් නැත්නම් මොන ඉටිගෙඩියකටද අද පන්තිය කට් කළේ.. කජු අැට කොස් ඇට දීලද උඹ පන්ති කාඩ් ගත්තේ යකෝ… නිෂා ඇසීය.

මේකිට ඒ ගැන ගානක් නෑ බන්… මෙයාට මොකද… අර වයසක මනුස්සා ඉන්නවනේ හම්බ කරලා දෙන්න… උඹට උඹ ගැන හිතන්න බැරි නම් අර දුක් විදින අම්මා අප්පච්චි ගැන හිතපන් යකෝ… ඇත්තමයි නිෂා මම මේකී එක්ක එන්නේ පුදුම කේන්තියක්….

~ ~ ~ ~ ~ ~

මගේ දෑතේ සියුමැල්ල
නුඹ නිසයි සත්තමයි
රළුවෙච්ච නුඹේ දෑත්
අදත් මට සියුමැළියි…

ගිනියමේ හිරු රැසේ
හැන්ද ලඹේ ගෙන
පලන්චිය උඩ ජරමරේ
එදා වගේම තවමත් ආදරේයි
සිමෙන්තියට මුසුවුණු
නුඹේ දහඩිය සුවදට…

~ ~ ~ ~ ~ ~

නිෂායි නිකීයි මමයි පැය තුනකට ආසන්න කාලයක් සිටියේ පන්සලේය. අවසන ගෙදර යන්නට හදන විට නිෂා පැවසු වදන් තවමත් දොංකාර දේ…

අහන්න KK… උඹ කොයි තරම් නෑ කිව්වත් අපි දන්නවා මොකක් හරි දෙයක් නිසා මේ දවස් ටිකේම කෙල්ල ඉන්නේ අවුලෙන් කියලා… අපිට උඹ හැරෙනකොට තේරෙනවා බන්… උඹට හිතුන දවසක ඒක අපිට කියන්න.. එදාට බලමු අපිට හිතුන දේ හරිද කියලා…

~ ~ ~ ~ ~ ~

සුපුරුදු පරිදි දින ගතවී ගියද ඒ කිසිම දිනක නිෂා මෙන්ම නිකීද පන්තියේදී වු සිදුවීම ගැන කිසිවක් නැසුවාය…

මොනාද KK ඔය තරමට කල්පනා කරන්නේ… යැයි දිනක් මා පුස්තකාලය අසල හිදගෙන ඉන්න විට නිෂා විත් අසන්නට විය.

ඇත්තට කියන්නද… මම දැන් හිතුවේ අපේ අප්පච්චියි ගැනයි සෙහස් ගැනයි…

නිෂා දෑස් විසල් කර මදෙස බලන්නට විය. මොකද්ද කිව්වේ… ආයේ කියන්න බලන්න… සෙහස් ගැන මොකටද උඹ හිතන්නේ… යැයි නිෂා
අසනවාත් සමඟම… ඇසුනේ නිකීගේ හඬය…

හා… හා… ඔය පැන්නේ බළල්ලු පොකුරු පොකුරු මල්ලෙන්.. මම කීවා නේද මේකිගේ වෙනස්විමේ කොනක සෙහස් කියන උගුඩුවා ඇති කියලා.. ⁣ඒක බොරුද ආ…. නිකී කීවේ තට්ටුවන්ද දමමිනි..

අනේ මේ වහගනින් ඔන හැකර කට… KK මොකද්ද අවුල කියපන්….

නෑ බන් එහෙ අවුලක් නෑ…

අපේ අප්පච්චිට වැඩ නැතුව දැන් සවස් ගානක් ගෙදර. මමත් කොල්ලෙක් වුණා නම් මොනා හරි කරනවනේ බන්… බලපන් සෙහස් කොහෙවත් යන කෙල්ලකේ නිසා ජීවිත කියක් එක්ක සෙල්ලම් කරනවද…

දිනුලගේ ගෙදරින් සෙහස්ට අකමැති වුණේ මාළුකාරයෙක්ගේ පුතෙක් කියලලු.. ඇයි බන් මිනිස්සු මේතරම් නපුරු.. අැත්තමයි සෙහස්ට කියලා දෙන්න පුළුවන් නම් දුප්පත් අපි වගේ අයට ජීවිතේ දිනන්න පුළුවන් හොදට ඉගන ගත්තොත් විතරයි කියලා… මගේ දෑසේ කඳුළු පිරි තිබුණි..

අපි දන්නවා බන් සෙහස් කියන්නේ මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි කියලා.. ඒත් නෙතු කියන තරම් සල්ලාලයෙකුත් නෙවෙයි කියලා හිතෙනවා මට.. යැයි කීවේ නිකීය.

ඕකම මටත් හිතෙනවා බන්.. අනික එයාටත් නංගි කෙනෙක්නේ ඉන්නේ.. එහෙම එකේ ඔහොම හැසිරේවිද බන්.. කීවේ නිෂාය.

මේ..මේ.. නවත්තපන් ඔය කතාව. අන්න අර සක්කරවට්ටට නෙතුවා එනවා මේ පැත්තට.. මා කිවේ අප දෙසට එන නෙතු පෙන්වමිනි.

මම එනවා දැකලාද කතාව නැවත්තුවේ.. යැයි වෙතු අසන්නට විය.

බොට මඤ්ඤන්ද බන්.. උඹ අවා කියලා මොකද අපේ කතාව නවත්තන්නේ.. උබ රහස් පොළීසියෙද.. නෑනේ… ඉතින් ඇයි අපේ කතාව නවත්තන්නේ… මම අසන්නට විය..

මේකයි බන් අපේ KKට ප්‍රෝපෝසල් එකක් ඇවිත්නේ හමුදාකාරයෙක්ගෙන්. ඒක ගැන කතාකර කර හිටියේ… එක්වරම නිකී කිවේ කිසිවකු නොසිතු දෙයක්ය…

හපෝ බන් ඔය හමුදාකාරයෝ බදින්න එපා බන්. උන්ට හැම තැනම ගෑනු… යැයි නෙතු කියන්නට වුයේ මදෙස බලමින්ය…

ඈ බන් නෙතුවෝ උඹගේ අයියත් හමුදාවේ නේද… ඒක තමයි හමුදාකාරයෝ ගැන ඔය තරමට දන්නේ.. උඹලගේ අයියත් ඒ වගේ ⁣ඇති නේද…. යැයි මා පැවසු⁣වේ අන් දෙදෙනා දෙස බලා හිනහෙමින්…

කටත් උල් කරමින් නෙතු ගියේ කේන්තියෙන්ය…

නෙතු නම් හැදෙන අයෙකු නොව. හැමවිටම උත්සහ කරන්නේ තවකෙකු පාගා දමන්නටය.. තමා විසින් තමන්වම ඉහලින් තබා ගන්නට කටයුතු කරන අයෙකි..

උඹ නම් නියමයි KK.. නෙතුවට කටඋත්තර නෑ වගේ… යැයි කියමින් නිෂා හිනහෙන්නට විය…

මේ අද එකෙක්ටවත් පන්තියට යන්න උවමනාවක් නැද්ද… යැයි කියමින් මා හිද සිටි තැනින් නැගිටින්නට වුයෙන් අන් දෙදෙනාද මා අනුගමනය කරන්නට විය…

~ ~ ~ ~ ~ ~ ~

මා උන්නේ උදෑසන රැස්වීම මෙහෙයවීමට අවශ්‍ය කටයුතු කරමින්ය.. සෙහස් ශබ්ද විකාශන යන්ත්‍රය සුදානම් කරන්නට විය…

නංගි… KK… කියමින් මා සොයා අවේ මනුරය

මනුර සෙහස්ගේ මිතුරෙකි. විහිලුවටබර අයෙකුවන මනුර සෙහස් මෙන් ආඩම්බර නැත..

ආ මේ මනුර අයියනේ… මෝකෝ මාව හොයන් අාවේ.. ෂුවර් එකටම මොකක්හරි අටමගලයටන මාව පටලවන්න වෙන්න ඇති නේද…

මොන පිස්සුද නංගි… මම බැලුවේ අපේ අර සෙහස් රාජයත් පන්තියේ නෑ.. ඉතින් ඊට පස්සේ… මම ගියා රජ තුන් කට්ටුව බලන්න.. උන් තුන්දෙනා නම් නෑ… අන්තඃපුරය විතරක් හිටියා.. මම හිතුවා ෂුවර් එකටම සෙහස් මුන් තුන්දෙනා ළඟ තියන් king වගේ ඇති කියලා…

මොකද්ද යකෝ තෝ කියන්නේ… උදේ පාන්දරම ගුටි කන්න ආසද යැයි කියමින් කතාවට හවුල් වුයේ සෙහස්ය..

හෝව්… හෝව්… මස්සිනා… මට නෙවෙයි තව ටිකක් වෙලා උඹ මෙතන හිටියොත් උඹට නම් හොද ගුටි පූජාවක් හම්බෙයි… අන්න බොගේ චංචලා උඹ එනකන් බලන් ඉන්නවා….

චංචලා යන් සෙහස්ගේ අළුත් කෙල්ලය… දවස් ගණනක් ඔවුන් දෙදෙනා නතා කර කර සිටිනු මම දැක ඇත..

අම්මටසිරි මනුවෝ මට ඒක අමතක වුණානේ… ඕකි දැන් මගේ කන් දෙක පුරවාවි සුපිරියට… යැයි කියමින් සෙහස් එතනින් යන්නට විය..

නංගි කෝ අර ඔයාලගේ මිකී… මම උදේ ඉදන් හොයනවා මගේ පාදපරිචාරිකාව.. දැක්කේ නැද්ද ඔයාලා…

මනුර මේ අසන්නේ නිකී ගැනය… මනුර යනු නෑකමට නිකීගේ මස්සිනාය.. ඒ කියන්නෙ නිකීගේ අක්කා විවාහ වූ මනමාලයාගේ මල්ලිය.. මොවුන් දෙදෙනා අතර සම්බන්ධයට ගෙවල්වලින්ද අකමැත්තක් නැත.

මනුරය පිටු පස ⁣බලන්න යැයි කියමින් හිනහෙන්නට වුයේ නිෂාය

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴….

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි. ඔයාලගේ අදහස් ම⁣ට ගොඩක් වටිනවා යාළුවනේ… අඩුපාඩු අැති කතාවේ. ඒකට මට සමාවෙන්න යාළුවනේ…

Related posts

Leave a Reply