රිදී තාරකාවී

# 💕 රිදී තාරකාවී 💕

# පෙරවදන

# රිදී තාරකා රණසිංහ

තාරකාවියක් වගේ රූමත්,කටකාර දුප්පත් යුවතියක් ……
අම්මාට ඒ වගේම පුංචි කාලයේදීම කාලයේදීම නැති වුණු තාත්තටත් පණ වගේ ආදරේයි …..

ජීවිතේ කෙතරම් කරදර, බාධක, දුක් කම්කටොලු ආවත් …සම සිතින් ඒවා දරා ගෙන අම්මගෙ තුරුලේ හුරතලේට හැදෙන සුන්දර යුවතියක්…

ඉගෙනීම අවසන් කර රැකියාව කරන ඇගේ එකම පැතුම ..මේ නර වලෙන් මිදී දුප්පත් අම්මට සැනසීමක් දෙන්නයි …

ඈ ජීවිතය ජය ගන්නට අඩියක් ඉදිරියට තියද්දි ම .මේ කුරිරු දෛවය ඇගේ ජීවිතේට හරි අපූරු සරදමක් කරනවා……

එදා..මුසලම මුසල රාත්‍රියක්..ඇගේ ජිවිතේ වටිනාම වස්තුව මේ කුරිරු දෛවය උදුර ගන්නේ හිතක් පපුවක් නැති විදිහට ……..

“අනේ එපා සර් ….මට යන්න දෙන්න පිං සිද්ද වෙයි සර් …යන්න දෙන්න…. අනේ දෙවියනේ මාව බේරාගන්න කවුරුත් නැද්දෝ …”

# පන්සිළු කාෂිර් ලංකේශ්වර

නොහොත්

# කාෂී

ලංකේශ්වර පවුලේ බඩ පිස්සා…
ඉතා කඩවසම් සංවේදී නිහතමානි තරුණයෙක් ..

හැබැයි ඒ ඉස්සර ……..
දැන් ධනවත්, බලවත්, KL ඇපරල් හි අධිපති ..නපුරු දඩබ්බර බේබදු චරිතයක් ..
පවුලෙන් ඈත්ව හුදකලා ජීවිතයක් ගත කරන මොහු ……

අතුරුදහන්ව ඝාතනය වුණා යැයි සැක කෙරෙන තම එකම සොහොයුරාගේ මරණයට වගකිය යුතු මිනිමැරුවන් සොයා පිස්සෙක් වගේ හැසිරෙන චරිතයක් …

“අයියේ ඇයි බන් මාව දාලා ගියේ ..
මගේ අයියේ මට මට පාළුයි උබ නැතුව ….. ඉන්න තැනකින් වරෙන් උබේ මල්ලි තනී වෙලා යාකෝ…ඇයි උබ මාවත් අරන් නොගියේ ..ඇයි මාව තනි කරලා ගියේ ……කියපන් ”

රිදීගේ ජීවිතයට මොනවා වෙයි ද ?

ඇය අනාගතයට කොහොම මුහුණ දෙයිද??

ඔහු අයියාගේ මිනීමරුවන්ට දඬුවම් කරයි ද ?

රිදීගේයි කාෂීගේයි හමු වීම කොහොම එකක් වෙයිද?

මේ (රිදී 💑 කාෂී ) ආදර කතාවයි….

එනවාද මාත් එක්ක එකතුවෙන්න..

💞 S පීරිස් ….💞

Related posts

Leave a Reply