සෙනෙහස මියදේවිදෝ – හය කොටස

සෙනෙහස මියදේවිදෝ

6 කොටස

ඔය සෙහස් ඉන්නව නේද බන් ඌට හැම තැනම කෙල්ලෝ…

එකෙක්ටවත් සිරා ලව් කරන්නේ නෑ. කවුරුහරි කෙල්ලෙක් හොදයි කියලා හිතුණොත් කොහොමහරි සෙට් කරන් ටික දවසකින් අත්හැරලා දානවා… නෙතුගේ කතාව සැවොම අහන් සිටියේ හින්දි චිත්‍රපටයක් බලනවාක් මෙනි…

මැය විසින් කියන්නේ සෙහස් ගැන මම නොදන්නා තතුය. ඔහු ගැන දැන ගැනීම අවශ්‍යවූවත් මා මෙහි හැසිරුණේ ඕනවට එපාවට එය අසාගෙන ඉන්න අයෙක් ලෙසය…

සෙහස් කොයිතරම් නම් නරකයිද. මා දන්නා පරිදි ඔහුටද එක් නැගනියක් සිටි. එසේ නම් ඔහු කෙලෙසක ගැහැනු ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලම කරයිද.. අනික සෙහස් තාම ඉගනගන්න ළමයෙක්නේ…

මොනවද බන් අහසයි පොළවයි එකතු කරන්න වගේ කල්බනා කරන්නේ…යැයි කණ ළඟින් ඇසුනේ නිෂාගේ හඬය…

නෑ… නෑ… මේ.. මේ.. උත්සවේ කීයට ඉවරවේවිද කියලා බන්…

එක්වරම සැවොම සිනාසෙන්ට විය..

ඉතින් බන් ඕක කියන්න ඔච්චර ගොත ගහන්න ඕනද. හරියට මහසෝනා දැක්කා වගේ… නිෂා පැවසුවේ කින්ඩියට හිනාවක්ද සමඟිනි..

අනේ මේ මම කිව්වා කියලා හිතාගනින්.. නෙතූ කිය කිය හිටපු කතාව කියපන්කෝ…

යකෝ මේ බලහන්හෝ කාටත් නැති උවමනාවක්නේ KKට තියෙන්නේ… හා… හා.. මොකද්ද හොරේ… යැයි පැවසුවේ නිකීය…

නිකියෝ මම උඹට කිව්වයි කියලා හිතාගනින් හරිද… පාසල විවේක කරනකම්ම නිකීය නිෂායි කලේ මාව නෝන්ඩි කරන එකය…

~ ~ ~ ~ ~

ඈගේ අත අතහැර
වෙන අතක පැටලෙන්න
ඒ අතත් අතහැර
තවත් දෑතක හිරවෙන්න
සල්ලාලයෙක්ද නුඹ
දඩබ්බර ඔය සිතට
පෙම් කළාට මහ ගොඩක්
ඇවැසි නෑ මට අන්තඃපුර කිරුලක්
⁣සෙව්වේ නෑ සාලිය කෙනෙක්
ඒත් නුඹ කොවලන් කෙනෙක්
පෙනි පෙනි සංසාරගත ආදරය
නොපෙනෙනා ලෙසට උන්
දැස් පෙනෙන අන්ධයෙක් නුඹ…

~ ~ ~ ~ ~ ~

පෝය ළඟ බැවින් හද ලොකුවට පායා තිබුණි. මම උන්නේ මිදුලේ සේපාලිකා මල් ගස යට අප්පච්චි විසින් සාදා තිබු බංකුවේය. හමා ආ සුළඟ සනීපය. සේපාලිකා මල් සුවද සුළඟත් එක්ක පාවෙලා කොහෙදෝ දුර ඈතකට යයි…

සිත කලබලය. අප්පච්චි දවස් ගානක් ගෙදරය. දන්න කියන කීපදෙනෙකු ළඟට ගියත් වැඩක් හමුවී නැත.. ගෙදර ආර්ථිකයත් ටිකින් ටික පහළට බසින්ට පටන් ගෙනය.. කෑම වියදම මදිවට ටියුෂන්වලටත් වියදම් කරන්න වුණානේ අප්පච්චිට..

මේ සියලු දේ අස්සේ හිත් රැදි සෙහස්ගේ මතකය ඉස්මතු වන්නට විය.. කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න තරම් නපුරෙක්ද…

සෙහස්ගේ අප්පච්චි මාළු වෙළෙන්දෙක්ලු… අපි වගේම දුප්පත් පවුලක්නේ. අනික මේ මැට්ටට මොලයක් නැද්ද මන්දා තමන්ටත් නංගී කෙනෙක් ඉන්නවා නේද කියලා.. පුදුම ළමයෙක්… එක කෙල්ලෙක් නිසා ජීවිත කීයක් විනාශ කරනවද මේ ළමයා..

චූටි… මොකද පුතේ මේ එළියේ. පිණි බානවනේ මයේ පුතේ.

සනීපයි අප්පච්චි එළියේ. අප්පච්චි අම්මා එක්ක කතාවක් නිසා මම ටිකක් එළියට ආවා..

මයේ පුතේ අප්පච්චිට හිතෙන්නෙම මොකක් හරි දෙයක් නිසා පුතාගේ හිත රිදිලා කියලා.. මලානික වෙලා වගේ ඉන්නෙත්…

අැතුලතින් මා තිගැස්සී නොගියා කීවොත් බොරුය. සැබෑවටම මම ගැස්සුණෙමි..

අනේ නෑ අප්පච්චි. මේ දවස්වල ටිකක් මහන්සි වුණානේ ඒ නිසා වෙන්න අැති අප්පච්චි…

එහෙමනම් කමක් නෑ පුතේ.. දෙමාපියන්ට දරුවන්ගේ පුංචි වෙනසක් වුණත් දැනෙනවනේ… ඒක නිසා වෙන්න ඇති මට එහෙම හිතෙන්නේ. යමු පුතේ ගෙට. දැන් හුඟක් රෑ වෙලා.. හෙට උදේ පන්ති යන්නත් තියෙනවා නේද මයේ පුතාට…

~ ~ ~ ~ ~ ~

සෙනසුරාදා දිනයක් වූ බැවින් බස්වල සෙනඟ අඩුය. පිටුපසටම අසුනේ එක් කෙලවරක මා අසුන්ගත් අතර අනෙත් කෙලවරේ උන්නේ කෙල්ලෙකි.

ටිකක් දැකලා පුරුදුයි වගේනේ… කවුද මේ… මතක් වෙන්නේ නෑනේ…
ඇසෙ නැසෙන ලෙස මම මටම කියා ගතිමි.

ටික දුරක් ගියපසු දුවගෙනවිත් බසයේ එල්ලුනේ සෙහස්ය… මා දුටුවද නොදුටු ලෙස ඉවත බලාගත් ඔහු අසුන් ගත්තේ මා සිටි අසුනේම උන් කෙල්ල ළඟින්ය..

Good morning සුද්දි… යැයි සෙහස් පැවසුවේ ඒ කෙල්ලගේ කණට ළංවි මෙන්ය…

දෙයියනේ දැන්නේ මට මීටර් උනේ… මේ එදා සෙහස් එක්ක අරලිය ගහ යට හිටිය කෙල්ල නේද.. ඒ කියන්නේ… ඒ කියන්නේ සෙහස් මේ නංගි එක්ක යාළුයිද…

මම ඔවුන්ට නොදැනෙන්නට ඔවුන් දෙස බැලිමි. දෙදෙනා සිටියේ දෑත් පටලවාගෙනය. හිත හොදටෝම රිදුනි. බසයේ හඬන්නට බැරිය.. මෙතෙක් කල් හිත් තිබු සැකය අද තහවුරු විය..
සෙහස්ට අයිතිකාරියක සිටි…

ස්ටෑන්ඩ් එකට එනකන්ම මම සිටියේ කල්පනාවකය…

බහින්නේ නැද්ද ළමයෝ…

එකවරම ඇසුන කොන්දොස්තරගේ හඩින් ගැස්සින. සියල්ලෝම බසයෙන් බැස ගොස්ස. ඉතිරිව ඇත්තේ මා පමණි…

කොයි ලෝකෙ ඉන්නවද දන්නෑ මේ ළමයි..

කොන්දොස්තර මොන මොනවාදෝ කියනවා ඇසුනි… කිසිත් නෑසුන සේ මම බසයෙන් බැස ගියෙමි. මා යන විටත් පන්ති පටන්ගෙන තිබු බැවින් මා අවසන් පේලියේ අසුන් ගතිමි.

~ ~ ~ ~ ~ ~

මොකද බන් උඔ අද පරක්කු…
යැයි නිෂා ඇසුවේ විවේක කාලය ලබා දුන් පසු මා ළගට එමින්ය…

ය⁣කු KK පරක්කු නෑ.. අමතක උනාද අපි අද වේලසනින් ආවේ කියලා… යනුවෙන් කීවේ නිකීය…

හරි බන්.. ඒත් වෙනදට වඩා අද KK පරක්කු නැද්ද ආ…

ඒක නම් එහෙම තමයි. ෂුවර් එකටම ඊයේ කොල්ලා එක්ක මලක් කඩපා නිදාගන්න රෑ වෙන්න ඇති. ඒ නිසා පරක්කු වෙනකන් දොයියගන්න ඇති…

අනේ මේ උඹලා දෙන්නා කටවල් වහගන්නවද.. ආවේ වෙලේ ඉදන් කියවනව. මොන වදයක්ද මේ… යවුවෙන් මා පැවසුවේ තරමක් තදිනි. හිත පෑරී තිබුනි.. සියලු තරහත් වේදනාවත් මා පිට කළේ මොවුන් දෙදෙනාගෙනි…

මුහුණට මුහුණ බලාගත් ඔවුන් එක්වරක් මදෙස බලා ඔවුන්ගේ අසුනට යන්නට විය.

හයියෝ මොකද්ද මම ඒ කළේ. එ දෙන්නට ඇයි මම එහෙම කෑ ගැහුවේ… ෂිට්… මම වගේ මී හරකියක්…

හවස්වරුවේ පන්තියේ ඉන්නට හිතක් නොවිය.. කිසිවකුටත් නොකියා මම පන්තියෙන් පිටවිය…
ටික දුරස් ගොස් ආපසු බැලුවේ කවුරන් හෝ පිටුපසින් එන බවක් හැඟුන නිසාය.

~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴…

කවුරු වෙන්න ඇත්ද පිටිපස්සෙන් එන්නේ…

කෝ… කෝ… Like Comment කරන යාළුවෝ කියන්න බලන්න.

උත්තරේ හරි නම් තෑග්ගට තව කොටසක් දෙනවා.

Like කරන Comment කරන හැමෝටම ගොඩක් ස්තූතියි යාළුවනේ.. අඩුපාඩු ඇති… ඒකට මට සමාවෙන්න… ඔයාලගේ අදහස් කියන්න මට…

බුදුසරණයි යාළුවනේ෴…සෙනෙහස මියදේවිදෝ

Related posts

Leave a Reply