කොළු භාගේ

“අකී…අකී…උඹ අද එන්නේ නැද්ද.. වරෙන්කෝ යකෝ පරක්කු වෙනවා.. ” ඒ සචිත්

“එනවා එනවා බොල හිටපන්.. මල්ලි එනකන්..” ඒ අකී..

“මොනාද බං ගෑණු වගේනේ වෙලාව ගන්නේ..” සචිත් නැවතත් පැවසුවේ අකීගේ දිහා බලමින්..

” කාටද උඹ ගැණු කියන්නේ ආ… උඹ මටද ඒක කිව්වේ… උඹට මම…” කියපු අකී සචිත්ට ගැලවිය නොහැකි ලෙසට පහර දුන්නා.. අනික් මිතුරන් ඒ දෙස බලා උන්නා විනා ඒ මැදට පැනලා අකීගෙන් සචිත්ව බේරගන්න උත්සහයක නොයෙදුනේ සචිත් කිව්වේ අකී මේ ලෝකෙ අහන්න අකමැතිම කතාව නිසා… ඉල්ලගෙන කද්දි බේරන්න ගිහින් අපිත් බෙදාගෙන පරිප්පු කන්න ඕන නෑනේ හිතපු ගැන්සිය බැට් විකට් කූරු ටික අල්ලගෙන පැත්තකට වෙලා බලන් උන්නේ අකීගෙ.මල්ලි නොහොත් ආකාශ් දොරෙන් එනකන්.. ඌට විතරයි ගුටි නොකා මේක බේරන්න පුළුවන් කියලා දන්න නිසා..

ආකාශ් ශර්ට් එකක් දාගෙන එළියට එද්දිම දැක්කේ අකී බිම දාගෙන තාමත් ගහන සචිත්ව..
දුවගෙන ඇවිත් කොල්ලා අකී ව පැත්තකට කලේ අකීට රවන ගමන්මයි..
සචිත්ව නැගිට්ටවපු කොල්ලා ඌටත් රැව්වේ අකී නිකන්ම මෙහෙම රණ්ඩු කරගන්න කෙනෙක් නෙමේ කියලා දන්න නිසා..

“මොකක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ.. පිස්සුද මූට මෙහෙම ගහන්නේ.. ” ආකාශ් අකීට සැර කලා..

කොල්ලා බනිද්දි නම් අකී බිම බලන් හිටියේ තමන්ගේ මල්ලිට ඒ හිතේ තියෙන ආදරේ නිසාමයි..

ටිකක් ඉන්න..
කතාව තේරෙන්නේ නැ වගේද..
අපි ආයෙත් මුලට එමු..
අකී.. ඒ කියන්නේ කතාවේ ප්‍රධාන චරිතේ..

අකේෂ්මි දිව්‍යාංගනා එදිරිසිංහ…

සංජනා එදිරිසිංහ ටත් අදීශ එදිරිසිංහ ටත් දාව උපත ලැබු ⁣පවුගේ වැඩිමලා..

ආකාශ්… ආකාශ් දෙනෙත්ම එදිරිසිංහ..

අකේෂ්මි ට වසර හතක් බාලව මේ ලෝකේ එළිය දුටු ඇගේ ලොවේ ඉන්න ආදරවන්තයි.. එකම මල්ලි..

එතකොට අපි අර කතා කරපු ගැන්සිය.. ආ ඒ ඔක්කොම වගේ කොල්ලෝ.. අ⁣කී ගේ වයසට ඔන්න මෙන්න හිටපු කොල්ලන්ගේ වයසේ ඉඳලා ආකාශ් ගේ වයසට යනකන්ම කොල්ලෝ ඒ සෙට් එකේ හිටියා..

සචිත්.. ඒ තමා අකේෂ්මිට වඩා මාස ගානක් වැඩිමල්ව උන්න එකම කොල්ලා..

අකී කියන්නේ දැන් වයස අවු.20ක කෙල්ලෙක්.. සමාවෙන්න..කොළු භාගයක්
..
උසස්පෙළ වාණිජ අංශයෙන් පෙනී ඉඳලා දැන් ප්‍රතිඵල නිකුත්වෙලා මෙි ගෙවෙන්නේ සරසවි වරම් ලැබෙන.තුරු ගෙවෙන කාලය..
කොණ්ඩේ කොටටම කපලා හිටපු.. හැමතිස්සෙම කොල්ලෝ එක්කම රොක් වෙලා උන්නු අකීට කිසිම ගෑණු යාළුවෙක් හිටියේ නැ.. හැම කෙල්ලම අකීව පිළිකුලෙන් වගේ දැක්කේ ඒ සුදු ගවුමක් ඇඳන් උන්න කොළු කෙල්ලට..හැබැයි ඒකට තව හේතුවක් තිබ්බා.. ඒ අකී යනු ඉතාමත් දක්ෂ ශිෂ්‍යාවක් වීම.. ඇයට උපතින්ම ලැබුනු දායාදයක් ඒ..
කතිකාචාර්යවරුන් දෙදෙනෙක්ගේ පළමු දරුවනේ ඉතිං..

ඇගේ ඒ දස්කම් වලට.. ඇගේ කොළු හැසිරීම තිබුනා වුනත් ඒ සුදු මූණ..කොටට කපලා තිබුනත් ඒ ලා දුඹුරු පැහැ කොණ්ඩේ.. ඔරවගෙනම උන්නත් ඒ ඇහි පිහාටු දිග ඇස්.. හිනාවක් නොපෙන්වුවත් ඒ වල ගැහෙන් කම්මුල්..

කෙල්ලෙක්ම නොවුනමුත් ඒ අකී චරිතෙට පාසලේ අනික් කෙල්ලේ ඊරිසියා කලා..

අකී ගවුමක් කියලා එකක් ඇන්දා නම් ඇන්දේ ඒ පාසලේ සුදු ගවුමම විතරයි.. කොටින්ම කියන්න කරාඹු දෙකක්වත් ඇගේ කන් වල තිවුනේ නැ.. ඒ ඇය හැම විටම කොල්ලෙක් මෙන් ජීවත් වෙන්න ආස වුන නිසා.. ඒ ඇය කුඩා කල පටන්ම ඇයට තිවුනේ කොළු ආශ්රේ නිසාම වෙන්නැති..

ආකාශ් ඉපදුනායින් පසුව ඇගේ මවත් පියාත් සතුටු වුනේ දැන්වත් අකී අකේෂ්මි විදිහට හැටදයි ඉන්නේ මල්ලි කෙනෙක් නිසා කියලා..
අහො..! කතිකාචාර්යවරුන්ටත් වරදියි පෙන්වමින් වුනේ තත්වය උග්‍ර අතට හැරීම..
වෙනදට තනිව රවුම් ගැසීමට ගිය අකී ටික ටික ඇවිදින්න හැකි වෙද්දිම මල්ලිවත් අරන් යෑමට පුරුදු වුනා..

අකී යනු කෙල්ලෙක්ම.බව හරියටම දන්නේ උප්පැන්න සහතිකේ හා පාසලේ ඇති රෙජිස්ටර් එකම විතරක් වෙන්නැති..

ආකාශ් යනු අකීගේ පන.. අකී යනු ආකාශ් ගේ පන..කොල්ලන්ට බිම දාගෙන ගැහුවත් ඇයට කවදාවත් මල්ලිට බනින්න වත් පුළුවන් කමක් තිවුනේ නැ.. ඇයට ගැණු හිතක්.තියෙන බවට එක සාක්ෂියක් ඒක වෙන්නැති..

හරි හරි.. ආයෙත් කතාවට එමුකෝ..
” පිස්සු මේ මනුස්සයාට මෙහෙම ගහන්නේ..” ආකාශ් නැවත ඇහුවා..

” ඉතිං මූනේ මට ගැණි වගේ කිව්වේ.. “😒😒😒
අකී මූණත් දෙල් කරගෙන කියද්දි ආකාශ් ගේ කම්මුල් වල ගැහුනේ යන්න අාපු හිනාව අමාරුවෙන් මැඩගත්ත නිසා..
අවු.13ක කොල්ලෙක් වුන ආකාශ් තමනිගේ අක්කා භාගේ ගැන හොඳට දැනන් වුන්නා..
ඇයට මේ ලෝකේ ඉවසන්නම බැරි දේ තමා තමන්ට කෙල්ලෙක් වගේ කියන එක..
ඒකට හේතු තිබුනා..
ඇය කෙල්ලන්ට අකමැති වුනේ නිකන්ම නෙමේ..
ඇය ඒ ජාතියේ තිබුන ගතිගුණ වලට අප්‍රිය කලා..
ඊරිසියාය.. වෛරය.. රඟපෑම.. කොල්ලන්ගෙන් කඩාගෙන කෑම.. බොරු පොෂ් ගති.. බොරු හුරතල්.. මේවා අකීට මහා කෝලම්.. කොටින්ම ජරාව..
මේ ගතිගුන කොල්ලන් ගාව නැති නිසා ඇයට ඔවුන් එක්ක.ඉන්න පහසු වුනා වගේම ඇය ආස කලා..
කියන දේ මූණට කියලා ගැහුවොත් ගහලා පස්සේ ඔක්කොම අමතක කරලා බත් එක එකට කලා කරට අත දාගෙන යන ගති වලට ඇය ආස කලා..

” යමු යමු.. නැත්තං අද මැච් ගහන්න වෙන්නේ නැ..” එකෙක් කිව්වේ මෙතනටම විනාඩි පහළවක් වියදම් වුන නිසා..

මේ කට්ටියම ලෑස්ති වෙන්නේ ක්‍රීකට් මැච් එකක් ගහන්න.. ඔව්වා නම් ගහන්න ඕනත් නැ..
අකී ඉන්න ටීම් එක හැමදාමත් දිනනවා..
අද මේ මැච් එක ගහන්නේ ඔට්ටුවට..
පරදින පැත්තේ අය අද රෑට රයිස් අරන් දෙන්න ඕන..
ඕන දේකට ඔට්ටු අකී ටීම් වලට බෙදිලා ග්‍රවුන්ඩ් එකට ආවේ මැච් එක පටන් ගන්න..
ඒත් ඇගේ ඇස් එක වරම රැදුනේ මේ හවස පහට විතර සුදු කාර් එකක් නවත්තලා තියෙන්නේ ඇයි කියලා.. එතන තව මිනිස්සු වගයක් ඉන්නවා කියලා තේරුනත් ඇය ටිකක් ඕන කමින් ඒ දෙම බැලුවා..
ඇගේ බැල්ම තේරුම් ගත් අනික් පිරිසද ඒ දෙස බලද්දි තේරුනේ බයික් වලින් ආපු සෙට් එකක් නේද කාර් එක වට කරන් ඉන්නේ කියලා..

සිදුවෙන තේ තේරුන අකී ඉක්මනට එතන තිබුන ට්‍රෙලර් බයික් එකට නැගලා හෙල්මට් දාගත්තේ අතින් එතන හිටපු ඇඟ පත තිබු කොල්ලෝ දෙන්නෙක්ටද බයික් වලින් එනන් සන් කරමින්..

ඒ අනුව පයික් වලිට නැඟලා හෙල්මටි දාගත්ත සනුක්, අදීප් හා සචිත් විදගෙන අකීගේ පස්සෙන් ආවේ සුදු කාර් එක ගාවට..

හිතුව හරි.. මුන් මෙතන කාර් එක නවත්තගෙන මේ මනුස්සයව මංකොල්ල කන්න ලෑස්තිය..

” කරන වැඩේ නම් කැතයි වගේ නේද..” හෙල්මටි එක නොගලවාම ඇය බයික් එක නවත්වා අත් බැඳගෙන ඇහුවේ එතන උන් එකේක්ගෙන්..

” කව්ද යකො මේ පොඩි වුන්.. ?” හිනා වෙවි එතන හිටි එකෙක් අහද්දි අකී නිකටම බැලුවේ රියදුරු අසුනේ ඉන්න කෙනා දිහා..

අසරනව තමනිගේ ෆුල් ෆේස් හෙල්මට් එකට වැසුණු මූණ දිහා බලන් හිටපු විදිහට ඒ බැල්මට කෙල්ලට හිනා යන්න ආවත් මේ සිද්ධ වෙන දේට ඇති අකමැත්ත නිසා ඇය බයික් එකෙන් බැස්සත් හෙල්මට් එක ගලවන්න හිතුවේ නැ..

“පොඩිද ලොකුද කියලා කියන්නේ කොහොමද ඔයි.. ඇයි උඹ මැන්නද.. ? ”
අහන ගමන් කෙල්ල එතන හිටපු එකාගේ කනට ගැහුවා..
අහ් කියන්න අමතක වුනානේ.. අකී යනු බ්ලැක් බෙල්ට් හෝල්ඩර් කෙනෙක්..
ඒ නිසා මේ දේත් අනික් එව්වා වගේම තමා.. හරි සිම්පල්..
කෙල්ල තමනිගේ වම් අතින්ම ගැහුවේ දකුණු අත පාවිච්චි වෙන්නේ තරහ ගියාම විරක් නිසා..
එත එක පාරම එකෙක් කෙල්ලව ඈත් කරන්න ඇගේ පපුවට අත තිබිබේ තල්ලු කරන්න හිතන්..
ඒත් ඇගේ වැඩුනු ළැම අතට දැනුනු නිසා ඇය දෙස බලා මහා හයියෙන් හිනා වෙන්න ගද්දි
හිටපු හැමෝම හොල්මන් වුනා..

” අඩෝ මේ ගෑණියෙක්ද කොහෙද ඕයි. ලොකුවට තියෙනවා කුක්කු නම්.. ”
කෙල්ලට මාරයා ඇවිස්සෙන්න.ගියේ තප්පරයයි..
ඊළඟට වෙන දේ දන්න නිසාම ආපු කොල්ලෝ තුන් දෙනා ගානට පැත්තකට උනේ දැන් අකීට කාගෙවත් උදව්වක්ඕන නැති නිසා..
මිට මොලව ගත්ත දකුණු අතින් කෙල්ල ගහගෙන ගහගෙන ගියේ ඒ වචන කිව්ව එකාට.. උගේ මූණේන් කටින් ලේ දාද්දි අනික් වුන් වලියට එන්නේ නැතුවම දිව්වේ අමාරුවෙන් අකීගෙන් ඒ මිනිහව බේරගෙන..
අකී පහන.නොගිය කේන්තියෙන් කොල්ලා දිහා බලද්දි කොල්ලා අසරණ විදිහට බැලුවේ තමන්ව බේරගත්තට ස්තූති කරන්න..

කෙල්ල තරහින්ම හෙල්මට් එක.ගලවද්දි කොල්ලගේ ඇස් නලලට ආවේ ඒ සුදු මූණ දැකලා.. කොල්ලටත් එක පාර හිතුනා මේ කෙල්ලෙක් දො කියලා..
කටහඬත් රළු නැ වගේ හිතුව කොල්ලා කෙල්ලගෙන් එ්ක අහන්න හදද්දිම පිටිපස්සේ උන්න තුන් දෙනා කටට ඇඟිල්ල තියලා කිව්වේ කට වහපන් කියලා.. එකෙක්.බෙල්ලට ඇඟිල්ලේන් ඇඳලා පෙන්නුවේ උඹ මැරෙන්න යන්නේ කියලා..

කව්රු වුනත්.තමන්ව බේරගත්තට ස්තුති කරන්න ඕන නිසා කොල්ලා
” තෑන්කස් මාව බේරගත්තට මල්ලි ” කියද්දි කෙල්ලගේ තරහ අඩු වෙලා ගියා..

” ඒක අවුලක් නැ.. මොනාද ඔයි.. පිරිමියෙක් නේද.. ඔහොම බයේ ගැහෙන්නේ නැතුව ගඑනින එපැයි උන්ට.. ඉගෙනගන්නවා ගහගන්න හැටි.. මේ රටේ ජීවත් වෙද්දි ඕනා එව්වා.. අපි ගියා.. පරිස්සමෙන් යමන් ඉතුරු ටික.. ”

කියාගත්ත කෙල්ල හෙල්මට් එක අතේම රුවාගෙන බයික් එකෙන් විදිල්ල වගේ යද්දි අරුන් තුන් දෙනා ශේප් එකේ කිට්ටු කලේ කොල්ලට..

විස්තර ටිකක් කතා කරලා කෙල්ල ගැනත් කිව්ව මුන් තුන් දෙනා ගානට කොල්ලගෙන් රයිස් කන්න සල්ලිත් කපාගෙන මාරුවෙලා එද්දි කෙල්ල ආකාශ් එක්ක ගෙදර ගිහිල්ලත් ඉවරයි..

ගෙදර ආව කෙල්ල වොෂ් දාගෙන මොකුත් නොවුන ගානට අම්මා හඳලා දුන්න සමපෝෂ කන ගමන් මල්ලි එක්ක කාටූන් බල බල ඉද්දි අහේතුකව කෙල්ලට මතක් වුනේ ඒ මූණ..
ඒ අහිංසක පාට.. අසරන බැල්ම..

චික්.. පිරිමියෙක් වගේ ඉන්න එපැයි.. මෝඩයා..
කෙල්ල හිනා වෙවිම එහෙම හිතුවා..
කෙල්ල ඉන්න පලාත යනු කූඩු ගංජා පමණක් නෙමේ එක එක ජාවාරම් වලට පවා අධික ලෙස ප්‍රසිද්ධ පලාතක්..
කෙල්ලගේ ගමට ගම් දෙකක් එහාට වෙන්න තමා මේ හැම දේම සිද්ද වෙනවා කියන්නේ..
පොඩි කෙල්ලන්ව අල්ලන් ඇවිත් විකුණනවා.. කොල්ලන්ට ගංජා කුඩු විකුණනවා…. මේ වගේ සිද්දි වලට හරිම ප්‍රසිද්ධයි..

කැම්පස් පටන් ගන්නත් තව කල් තියෙන එකේ පොඩි වුන් ටික ස්කෝලේ ගිය වෙලාවක ලොකු සෙටි එක ග්‍රවුන්ඩ් එකේ තාප්පේ උඩට වෙලා කතා කලේ මේ වෙන දේවල් ගැන..

” මේවා කව්රු හරිම නවත්තන්න ඕන.. පිරිමියෙක් ඇවිත් මුන්ට ගහන්න ඕන.. ” කෙල්ල එකපාර කියද්දි අනික් උන් ඔක්කොම තක්බීරි වෙලා කෙල්ල දිහා බැලුවා..

” අපි කරමු.. ” කෙල්ල උන් දිහා බලලා කිව්වා..

බැහැයි කියන්නද ඉතිං.. කොල්ලොත් හි කිව්වා .. ඒත් ඒ හිත් වල තිබ්බේ චකිතයක්.. බයක්..
හිතේ අරමුණ අධිෂ්ඨානය තිබ්බේ අඛිගෙම විතරයි..

නිකන්ම ගිහින් ගහගන්න සීන් එකට අකී කැමති නැ.. උන් මෙච්චර කල් ඔහොම උන්නෙත් උන්ට බලය
තියෙන නිසයි..
කෙල්ල තමන්ගේ සහජ බුද්ධියෙන් ගේම් එකක් ගහලා.. ඒක හැම කෙනෙක්ටම විස්තර කලා..

කෙල්ල ගෙදරට කිව්වේ කට්ටිය එක්ක ට්‍රිප් එකක් ගිහින් එන්නමි කැම්පස් පටන් ගන්නත් ළඟයිනේ කියලා.. ඒකට අම්මලා අකමැති නොවුනෙත් මේක අළුත් දෙයක් නෙමේ නිසා..

ඒත් කෙල්ල එක්ක එකතු වුන සචිත් අදීප සනුක් විදුරංග සෙටි එකම ආවේ එක ගෙදරකට.. ඒ අර මිනිස්සු ඉන්න ගමේ ගෙදරට..

ඇවිත් කට්ටියම ලෑස්ති වුනේ මේ ගේම් එක පටන් ගන්න..
මුලින්ම වෙන්න ඕන මෙයාලගේ තිප්පොල අඳුනගන්න එක..
ඒකට වෙන්න ඕන එක්කෝ මෙයාලා ඒක හොයාගෙන යන්න ඕන.. එහෙමත් නැත්තං උන් මේ සෙට් එකෙන් කෙනෙක්ව අල්ලන් එක්කගෙන යන්න ඕන..

පහුවදා.. කොල්ලෝ ටික ගෙයි මිදුලේ ඉද්දි කෙල්ල ඇතුලේ ලෑස්ති වුනේ වැඩේට..

හැමදාමත් ඇඳපු ඒ කොළු ඇදුම් උනා දාලා කෙල්ල ඇඳගත්තේ ගවුමක්..
කොටට තිබ්බ කොණ්ඩේ අමාරුවෙන් ජෙල් ගාලා හදලා කෙල්ල ගෙනාපු දිග විග් එක කොණ්ඩෙට දාගත්තා..
ගොතපු විග් එකක්ම අරන් ආවේ අකී කොණ්ඩේ ගොතන සීන් එක දන්නේ නැති නිසා..

කෙල්ල කණ්නාඩියට හිනා වුනේ ඒ කම්මුල් දෙපැත්තෙන්ම වල ගැහෙද්දි..

කෙල්ලට දැනුනේ කොල්ලෝ ඉස්සරහට යන්න මහා ලැජ්ජා වක්..

ඒ නිසාම කෙල්ල ටික වෙලාවක් ඇදේ හිටියේ..

” අකී… උඹ ඉවර නැද්ද බං.. ගැණු ඇදුම් එච්චර අමාරුද.. ” අදීප ස්තොප්පුවේ ඉදන්ම ගෑ ගැහුවේ වැඩේට පරක්කු වෙන නිසා..

කෙල්ල ලැජ්ජාවෙන් මූණත් රතු කරන් එළියට එද්දිම කොල්ලො ටික නැගිට්ටේ අකීව ඇඳගෙන හරි එන්න කියලා හැරෙද්දිම..
😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯
අදහන්න..
ලා රෝස පාට බෝරිච්චි අත් තියෙන ගවුමට ඉනට කොණඩේ දාලා උන්න අකීව දැක්ක ගමන් කොල්ලන්ට කට ඇරුනා..
” අකේෂ්මි…!!”
හැමෝම මුමුණ ගත්තේ සිහි එළඹුන තැන..

කෙල්ලටත් අද වෙනදා වගේ කට ඇරන් කතා කරන්න බැරි කමක් තිබ්බා..
ඒත් කෙල්ල ඉක්මනට මේ ලැජ්ජා ව නවත්තගන්න බැලුවේ නැත්තං වැඩේට පරක්කු වෙන නිසා..

කෙල්ල ඉස්රහට එද්දි කොල්ලො ඔක්කොම පාර හරස් කලේ දැන් ඒ හිත් වලට කෙල්ලව දැන දැනම උන්ගේ අතට දෙන්න දැනුන බය නිසා..
” මේක කරන්න බැ අකී.. අපි ගෙදර යමු.. උඹව ඔහොම දකිද්දි උන්ට උඹව ඇස් වලින් උන්ත් දූශනේ කලැකි.. සිරාවටම උඹ පට්ටම ලස්සනයි… අපි යමු අකී… ඕවා ගලවපන්.. ඔහොම අදින්න එපා ආයේ.. උඹ කෙල්ලෙක් නෙමේ.. උඹ කොල්ලෙක්.. යමු අකී.. ” සචිත් ඇසි වල පිරුණු කදුළු හංගන්න හදමින් කියද්දි හැමෝම බලන් වුන්නේ පුදුමෙන්..

” සචිත්..බය වෙන්න එපා.. අපි මේ දේ කරන්නේ අපි වෙනුවෙන් විතරක් නෙමේනේ.. ගම් ගානක් වෙනුවෙන්.. මං වගේම තව කෙල්ලන්ගේ ජීවිත වෙනුවෙන්.. ආයෙත් හැරෙන්න බැ සචි… මං ලෑස්තියි..”
කෙල්ල කියද්දි ඒ කතාවට එකඟ වුන අනික් අය දොරෙන් මෑත් වෙද්දි සචිත් විතරක් තාම එතනම..

” උඹ ඔය අත.ගන්නවද නැද්ද මට යන්න.. උඹට ඕන ගුටි කන්නද.. ” කෙල්ල අහද්දිත් සචි ඒ ඇස් වලටම බර වෙලා උන්නා..

” පොරොන්දු වෙන්න ආයෙත් පරිස්සමෙන් එනවා කියලා.. උඹ ගැහුවත් කමක් නැ.. අමතක කරන්න එපා උඹ කෙල්ලෙක් අකී.. පරිස්සම් වෙයන්.. නැත්තං වෙන්නේ මේ උඹේ සෙට් එකම මිනිමැරුම් චෝදනා වලට මහඋළු ගෙදර ඉන්න වෙන එක.. එකෙක් ඉතුරු කරන්නැ උඹට මොනා හරි කලොත්.. ”
සචිත් කියද්දි අනික් උනුත් ඒකට එකඟ වුනා..

කෙල්ලට පැවරිලා තිබ්බේ ගමේ කට්ටියට පේනන් කඩේට යන්න.. එහෙ මෙහෙ ඇවිදින්න.. කෙල්ලගේ රූපේ ගැන ආරංචි වුන ගමන් ඒ මිනිස්සු කෙල්ලව උස්සන් යන්න එන බව අකී දැනන් වුන්නා..

කෙල්ල කඩේට ගිහින් බඩු වඟයක් අරන් දකින දකින කෙනා එක්ක හිනා වෙවි ආ⁣වේ..
මේ හැම අඩියක්ම කොල්ලො ටික බලන් වුන්නේ..එකම තප්පරේකට වත් ඒ ඇස් වලින් කෙල්ල ගැලවුනේ නැ..

කෙල්ල ගෙට ඇවිත් බැය භාගයක් ගිය තැන මිදුලට දාපු සුදු වෑන් එකකින් බැහැපු මිනිස්සු වගයක් කෙල්ලව ගේ ඇතුලේ ඉඳන්ම ඇදගෙන ඇවිත් වහනෙට දාගත්තා..
කතා කරන් උන්න විදිහටම ඒ තප්පරේම පොලීසියට දැනුම් දීලා කොල්ලෝ ටික බයික් වලින් ඒ වෑන් එක පස්සෙන් ගිහින් ගරා වැටිච්ච ගොඩනැගිල්ලකටයි ආවේ.. කොල්ලෝ දෙන්නෙක් ඇතුලට ගියේ දෙන්නෙක් එළියේ පොලීසිය ආවාම තැන පෙන්වන්න පාරට ගිය නිසා..

කෙල්ලව ඇඳගෙන ඇවිත් අතැරියේ තවත් කෙල්ලෝ ගනක් උන්න තැනකට.. කෙල්ලව ගේනන් දොර අරිද්දිම ඇතුලෙන් ඇහුනේ කෙදිරිලි හඩවල් ගොඩක්.. දොර ඇරපු පාරට ආපු ළා එළියෙන් තමයි කෙල්ල දැක්කේ හැම කෙල්ලගෙම කට ගැට ගහලා බව..

කෙල්ලට ගෙදර මතක් වුනා.. තමන්ගෙත් අත පය මෙහෙම ගැට ගැහුවොත් කුමක් කරන්නද හිතුව කෙල්ලගේ හිත තප්පරේකට ගැස්සුනා..

කෙල්ලව ඇදලා අරන් අරවගේම කට අත පය ගැට ගහලා දාද්දි කෙල්ල හිත හදාගත්තේ කොල්ලෝ ටික උන්න නිසා..

ඒත් එක පාරම එතනට ආපු මිනිස්සුන්ලේ අත් වලට හිර වෙලා ඉන්න අදීප් සනුක්ව දකිද්දි කෙල්ලගෙ හිත.බයේ ගැහෙන්න ගත්තා..

” බොස්.. මුන් දෙන්නා ඔත්තු බලන්න ඇවිත්.. ” ඒ මිනිහෙක් කළුවරේම පෙන්න නොහිටපු කෙනෙක්ට කිව්වා..

“ඉවරයක් කරපන්.. ! ”
ඒ චවන ඇහෙද්දි කෙල්ලගේ ඇස් වලින් කදුළු පැන්නේ තමන්ගේ උවමනාවට උන දෙයක් නිසා මේක..

එතකොටම දොරට තට්ටු කරපු නිසා කොල්ලො දෙන්නව අතෑරපු මිනිස්සු ඒ දෙසට ගියා..
දොර අරිද්දි කෙල්ල දැක්කේ කවදාවත් දකින්න නොහිතපු කෙනෙක්..
ඒ අර අහිංසක කොල්ලා.. මූ මොනාද මෙහෙ කරන්නේ…

අර මිනිස්සු එයත් එක්ක ටිකක් කතා කරලා බොස් කියන එකාට කළුවරට ගිහින් මොනාද කිව්වා..

“හ්ම්.. එමු බලන්න.. ” ඒ මිනිහා කිව්වා..

” ඩග්ලස් එව්වා කිව්වේ ඇත්තද..”

” ඔව් සර්.. ඩග්ලස් සර් තමා බඩු අරන් එන්න කිව්වේ.. අද සර්ට වැඩ වැඩි කියලා…”
ඩග්ලස් යනු කුඩු ජාවාරම් කරන මෙ බොස්ගේ ප්‍රධානතම අලෙවිකරුයි..

ඒ මූණේ තිබුන බයාදු පාට දැක්ක කෙල්ලට හිතුනේ එදා අරුන් වෙනුවට මූට ගහන්නයි තිබුනේ කියලා..

” කෝ බලමු ලියුම..” බොස් එහෙම කියලා ලියුම ගත්තා..

අර කොල්ලා හරි උවමනාවෙන් වට පිට බැලුවේ.. ඒ ඇස් වලට කරුවලේ උන්න කෙල්ලො අහු වුනාද නැද්ද කියන්න තේරෙන්නේ නැ..

” හ්ම්.. ඩග්ලස්ගේ සීල් එක තමයි.. චූටා.. ඩඩු ටික මූට දීලා යවපන්.. ඩග්ලස් සල්ලි දීලා ⁣තියෙන්නේ ඒවාට…”
කියද්දි කොල්ලගේ මූණේ ඇඳුනේ ජයග්‍රාහි පෙනුමක්..

චූටා කියන එකා යන පැත්ත බලන් උන්න කොල්ලා එක පාරම ගිහින් ලයිට්ස් ඕන් කලේ මුළු පැත්තම එළිය වෙන්න..

” මොනාද තෝ ඔය කරන්නේ..ඕෆ් කරපිය.. සුදා.. අල්ලගනින් ඕකව…” කියද්දිම ඉනේ ගහගෙන වුන්න පිස්තොලයක් එලියට අරන් ඒ කොල්ලා ළං වුනේ බොස්ට..ඒ එක්කම උඩට තිබ්බ වෙඩිල්ලක් එක්ක අර අඩවන්ව තිබුන දොරෙන් කඩාගෙන ආවේ මිනිස්සු ගොඩක්..එතකොටම කෙල්ල දැක්කේ ඒ අතරේ උන්න අනික් යාළුවෝ දෙන්නවයි උන් එක්ක හිනාවීගෙන ඒ දෙසට යන අදීප් හා සනුක් වයි..

“දැක්කනේ.. මේ වගේම වටේම කට්ටිය ඉන්නවා.. සද්ද නොකර වරෙන් යන්න..”
ඒ කොල්ලා කියද්දි කෙල්ල තක්බීරි වෙලා බලන් වුන්නා..

” යකෝ… උඹ කියද්දි එන්න ඇයි තෝ පොලීසියෙන්ද.. පලයන් යකෝ යන්න..” බොස් කියද්දි..

එතන තිබ්බ පුටුවක් කරකවලා අරන් ඉඳගෙන කකුලක් බොස්ගේ පැත්තට දික් කරපු කොල්ලා..

” පොලීසිය කතා කලොත් එන්න ඕන.. ආවාම ඇප අරන් යන්න පුළුවන්.. ඒත්..
CID.. Criminal Investigation Department of Sri Lanka.. කතා කරද්දි ආවත් නාවත් උඹ ⁣ඉවරයි…”

කියද්දි බොස් එක පාරම කොල්ලා අතේ තිබ්බ තුවක්කුව විසි වෙන්න ගැහුවා..

ඒක සතේකට මායිම් නොකරපු එයා වටේම ඉන්න ඔක්කොටම තනියෙන් ගහගෙන ගහගෙන ගියේ හැම එකාටම පන නැති වෙනකන්..

ඊට පස්සේ උන් සේරම දාපු ජීප් එකේ ඩ්‍රයිවර්ට කිව්වා
” පාළු තැනකට ගෙනියලා ඉවර කරලා දාන්න..”
හා කියපු ඩ්‍රයිවර් එතනින් ගියේ ඒ හැම එකාවම අරගෙන..

අකී ගාවට ආපු සචිත් ඉක්මනට අකීව ලෙහලා කටේ තිබුන ප්ලාස්ටර් එකත් අයින් කරලා කෙල්ලව බදාගත්තා..
අනික් හැම කෙල්ලෙක්වමත් ලෙහලා එයාලව නිදහස් කරපු ඒ කොල්ලා හැම කෙනෙක්ම එතනින් ගියාම ආවේ අපි ගාවට..

” තෑන්ක්ස් මචං.. උඹලා තමා අපි භාගෙට ලං වුන වැඩේට අපිව අරන් ආවේ.. මේ තැන හොයාගන්න බැරුව සති ගානක් අපි ලතවුනා.. උඹලා එදා ෆිට් වෙලා නම්බර් එක අරන් ගිහින් පොලිසියට කතා කරලා මටත් එන්න කිව්වගෙන් CID එකටම මේ කෙල්ලව බේරගන්න එන්න පුළුවන් වුනා…
ඇයි මොකෝ මිස්.. මටත් ගහනවද කෙල්ලෙක් කිව්වම.. ආ…” කොල්ලා මනමාල විදිහට කට හදලා අහද්දි කෙල්ල බිම බලාගෙනම උන්නා..

” උඹලා යමන් මචං.. මට මෙයත් එක්ක පොඩි ගනුදෙනුවක් තියෙනවා..”
යාළුවන්ට කිව්ව කොල්ලා යාළුවො ගියාම කෙල්ලව ඇදගෙන ඇවිත් දාගත්තේ කාර් එකට..

ටික දුරක් අරගෙන ගිහින් නැවතුනේ වැවක් ගාව..
” මොකක්ද එදා කිව්වේ.. පිරිමියෙක් නේද..ගහගන්න ඉගෙන.ගන්නවකෝ කියලා නේහ්..”
කොල්ලා අහද්දි කෙල්ල බිම බලන්ම හිටියා.. ඇස් නම් නිකමටවත් ඉස්සුවේ නැ..
“අනික් කෙල්ලො වගේ ලැජ්ජා වෙන්නත් දන්නවා නේද..” කියපු කොල්ලා කෙල්ලව ඇඳලා ගත්තේ ඒ තුරුලට..

එහෙමිමම ඒ තොල් වලට පාත් වුන කොල්ලා ඒ ඇස් දිහාම බලන් හිටියා..

” මගේ.. මගේම විතරයි.. තමුසෙගේ විදිහට මං හෙන ආසයි ඕයි.. වෙනස් වෙන්න එපා කවදාවත්.. හරිද.. මං ළඟදි විතරක් ඔහොම ඇඹරි ඇඹරි ලැජ්ජා වුනාට කමක්නැ.. වෙන උන් එක්ක හිටියා වගේම ඉන්නවා හරිනේ..”

කෙල්ලට කිව්ව කොල්ලා කෙල්ලව අතෑරියේ කෙල්ලට ගෙදරට දාන්න..

ගේ ගාවටම ආපු කාර් එකෙන් කෙල්ල බහින්න හදද්දි කොල්ලා නැවැත්තුවා..

” මාත් එක්ක වචනයක් වත් කතා කලේ නැනේ.. අහන්න මොකුත් නැද්ද… ” කොල්ලා අහද්දි කෙල්ල එි පැත්තට හැරුනා..

” ඔ..යා..ගේ.. න.ම…?”
කෙල්ල තටම තටම අහද්දි කොල්ලා මහා හයියෙන් හිනා වෙන්න ගත්තා..

” විහාන්.. විහාන් සහස්ක විජෙසිංහ.. ” කියලා කෙල්ලට හාදුවක් දුන්න කොල්ලා කෙල්ල බහිනකන් ඉඳලා කාරි එකෙන් බහිද්දි ගෙදර ඔක්කොමලා එළියට ආවා.. හැමොම බව වෙලා හියියේ කෙල්ලගෙ හැටි දැකලා.. ඒ කොණ්ඩේ ගවුම එහෙම..
කෙල්ල ලැජ්ජාවෙන් ගෙට දුවද්දි විහාන් උන හැමදේම හැමෝටම පැහැදිලි කරලා කෙල්ලව තමනිගෙම කරගන්නත් අවසර අරන්ම ආවා..

අද අකේෂ්මි විහාන් කියනන්නේ දුවලා දෙන්නෙකුගේ මව් පියන්.. කෙල්ල එදා වගේ අද ඇත්තටම කොණ්ඩේ දිගට වවලා ගවුම් ඇන්දා..
හැබැයි අර සෙට් එකත් එක්ක තිබ්බ හැසිරීම් නම් එහෙම්මයි.. ඒ වගේම විහාන් ළඟදි ඇඹරෙන ලෑජ්ජා වෙන එකත් එහෙම්මයි..

෴නිමි..෴

Related posts

Leave a Reply