සෙනෙහස මියදේවිදෝ – පහ කොටස

සෙනෙහස මියදේවිදෝ

අම්මෝ දැන්නම් හොද ගණම් නිකියෝ. කී පාරක් නම් එහෙට මෙහෙට දිව්වද. මෙහෙම වැඩ කරන් වේවි කියලා දන්නවනම් රෝද දෙකක්වත් හයි කරන් එනවනේ..

රෝද මොකටද බන්. මත මතකයි දවසක් අප්පච්චි කිව්වා දූට ලාඩන් ගැහුවා කියලා… යැයි කියමින් පැමිණියේ මීනුය.

ඇත්තට.. මම කිව්වයි කියලා හිතාගනින්කෝ. ඇයි වදේ රැවුල ගිනි අරන් තියෙන වෙලේ බොලා එනවද සුරුට්ටු පත්තු කරන්න….

යකො අපි අදනේ දන්නේ KKට රැවුලකුත් තියෙලු. නැකතට කිරිබත් එහෙම උයලා රැවුල කපලද ඉන්නේ… යැයි කියමින් නිෂා දුවන්නට වුයෙන් මම ඇය පස්සෙන් පැන්නුවෙමි…

~ ~ ~ ~

දෙව්ලි සංග්‍රහයේ වැඩටික කොහොමද. ඔක්කොම ලැස්තිද. අඩුපාඩු මොකුත් නෑ නේද ළමයි දැන් ආරාධිත කට්ටිය එක්ක ලොකු සර් එනවා යැයි අසමින් පැමිණියේ යමුනා මිස්ය.

ඔව්… ඔව්… මිස් ඔක්කොම ලෑස්තියි..

බලහන්කෝ ඉතින් පස්ස තියාගත්තා විතරයි. කොහෙන්හරි මරාලයක් පහත් වෙනවනේ.

අනේ බන් උඹලා උදේට කාලද ඉන්නේ.. මම නිසා අපේ මුළු පන්තියටම අද මාර කට්ට නේ.. යැයි කියනවාත් සමඟම පැමිණියේ පහළ පන්තියක ළමයෙකි…

අක්කේ දෙව්ලි අක්කට ටිකක් ඔඩිටෝරියම් එකට එන්න කිව්වා ටග්ගාලා..

බලපන් මම කීවේ බොරුද. ටිකක් වාඩිවුණොත් කවුරුම හරි එනවනේ.. ඒ පාර මොකද්ද දන්නේ නෑ වෙලා තියෙන්නේ මම ගිහින් එන්නම්.. දැන් ලොකු සර්ලා ඒවි යාළු මේ පැත්ත ටිකක් බලාගන්න හොදේ…

~ ~ ~ ~ ~

සංග්‍රහ කටයුතු අවසන උත්සවය පටන්ගත් බැවින් මම යෙහෙළියන් සොයා යනවිට සියලුදෙනාම උන්⁣නේ මැයි ගහ යටය. අපේ පන්තියට පිටුපසින් වූයේ විශාල මැයි ගසකි… නිරන්තරයෙන්ම ඒලෙවල් ළමුන් ප්‍රිය කරන තැනකි එය..

මොකෝ බන් කට්ටියම මෙතන. ඇතුලට යන්නේ නැතිද උත්සවේ බලන්න. අද ඔයාලගේ යාළුවා සෙහෙස් නටනවලු නේද යැයි අසමින් මා ඔවුන්ට එකතුවූවත් ඔවුන්ට එය ගානක් වූයේ නැත

මොකද බන් තමයි … බලහන්කෝ බන් සංග්‍රහය ඉවරවුණ ගමන් යමුනා මිස් අපිවත් එලියට දාලා දොර වැහුවනේ… අපි මොකුත් කාලාත් නෑ. අපි ගෙදරින් ගෙනාව කෑම උඹ ආවම කන්න කියලා ඒක ඇතුලට අරන් ගියානේ..

හි……ක්…….ස්…… හි…….ක්……ස්…….
නිෂා කට උල් කරමින් එය කියු ලෙසට මට සිනහා නැඟිනි.

තෝ හිනාවෙවි ඉදහන්කෝ.බොට මොකද. අපරාදේ අර කේක් වාටි ටික යැයි කිමින් මදෙස රවමින් බැලුවේ මීනුය.

හිනායන්නේ නැද්ද බන්… අපරාදේ අපිට සංග්‍රහයට ආව අයට දෙන්න තිබුනේ කෝපි බන්. බලපන්කෝ මුන් ටික ඇතුලට වෙලා කෙළ ගිළ ගිළනේ ඉදලා තියෙන්නේ… අර මිනිස්සුන්ට බඩේ අමාරුව හැදුනේ නැද්ද දන්නේ නෑ … යැයි කියමින් අඩියක් පිටුපසට පැන්නේ සිතුගේ පහරින් වැලකීමටය.. තව නූලෙන් මා කානුවේය

සිතු කියන්නේ කවුද කියලා එච්චර හිතන්න එපා යාළුවනේ. අපේ පන්තියේ ඉන්නේ ගැහැනු ළමයින්ම දොළහයි. හිටිය එකම පිරිමි ළමයත් අතරමඟදි නැවතුනානේ… සිතු කියන්නේ ඒ අයගෙන් කෙනෙක්…

පැය භාගයක් පමණ වල්පල් දොඩවා දොඩවා සිටියද සැවොම සිටියේ බඩගින්නේය..

අනේ බන් මේක හරියන වැඩක් නෙවි. තාම උත්සවය පටන් ගත්තා විතරයි. දැම්ම යමුනා මිස් එන්නේ නෑනේ. අපි සංග්‍රහ කාමරේ පැත්තේ පොඩි රවුමක් දාලා බලමුද ඇතුලට යන්න විදියක්…
මා එලෙස කියා නිම කරන්නට පෙර ඇසුනේ මීනුගේ හඬය…

යකූ මතකද ඔය කාමරේ පිටි පස්සේ අන්තිම ජනේලේ වීදුරුවක් බිදිලා තිබුනා.. ට්‍රයි එකක් දෙමුද ඒකෙන් ඇතුලට ගිහින්වත් අපේ කෑම ටික ගන්න….

කවුද බන් මේකිව පන්ති නායිකාව කරේ. බලහන්කෝ කියන දේවල්… යැයි කියමින් හිනාවුණේ කොමස් පන්තියේ ළමයෙකි…

හරි හරි ඒ මෝඩයව පස්සේ හොයාගමු.. දැන්වත් යමුකෝ බන්. බඩගිනි හොදටම… යැයි කියමින් නිකී පෙරමුණ ගන්නට විය…

~ ~ ~ ~ ~

මචෝ බිදිච්ච වීදුරුවක් නම් තියේ.. ඒත් බන් චූටි හිලක්නේ තියෙන්නේ.. මනුස්සයෙක්ට තියා කුරුලු පැටියෙන්ටවත් රින්ගන්න බෑනේ…. යැයි කියමින් අැසුනේ නිෂාගේ හඬය…

ඕකට කෙදිරි ගාන්න ඕනද බන්. ඔතනින් අත දාලා අඟුල අරිමු.. හැබැයි කෙට්ටු අතක් තමයි දාන්නවෙන්නේ…

මචෝ මීනුගේ අත තමයි කෙට්ටුම අත.. මීනුට කියමු අත දාන්න කියලා… යැයි කිවේ කොමස් පන්තියෙ ළමයෙකි.

විනාඩි පහලවක් පමණ වෙහෙසවී ජනේලය හැර ඇතුලට ගොස් බත් මුල් ටිකත් අරන් පන්තියටවිත් කන්නට විය… නිකී නම් ඉ බත් මුල්වලට අමතරව කේක්වාටි ටිකයි තල කැරපි කිහිපයකුත් ගෙනවිත් තිබුනි…සියල්ලම කා අහවර වූ පසු මට මතක් වූයේ කුස රජුය..

මචෝ ඊළග ආත්මේ අපේ මුහුණු කේක් වාටියි තල කැරලියි වගේ තියේද දන්නේ නෑ නේද.. යැයි මා අැසුවා පමණි සියල්ලෝම මා දෙස බැලුවේ පුදුමයෙනි…

අයි බන් එහෙම කිවේ… යැයි මීනු ඇසුවේ හිනහෙමිනි…

ඇයි බන් මතක නැද්ද කැවුම් හුටපටයක් නිසා කුස රජතුමාගේ මූණ කැවුමක් වගේ උනේ… හැබැයි ඉතින් දැන් කියලා වෙනසක් නෑ අපේ අයගේ මූණ නම් එක එක ජාතියේ කැවිලිවලට සමානයි නේද මචන්ලා… යැයි මමද හිනහෙමින් කියන්නට විය…

~ ~ ~ ~ ~

ටියුෂන් පන්තිවල වගේ වේලසනින් ගෙදර යන්න තියෙනවනම්… බලහන්කෝ අර උත්සවේ තාම ඉවර නෑ . අපිට ගෙදර යන්නත් නෑ.. අද අයියක් එනවා කිව්වා බන් මාව හම්බෙන්න… අම්මටත් බොරුවක් කියලා අයියා මීට් වෙන්න විදියක් හදාගත්තා… යැයි කියමින් නාහෙන් අඬන්නට වුයේ මීනුය…

කොහේ උණහපුළු පැට්ටෙක් එක්කද බන් උඹ යාළු වෙලා ඉන්නේ.. යැයි ඇසුවේ සිතූය..

ඒ ගමන හැමෝ තම තමන්ගේ යාළු බෝයියා ගැන කතා කරන්නට විය. කෙලෙස හෝ එක්වරම සෙහස් ගැන කතා කරන්නට විය.. ඔහු ගැන කතාවට මුල පුරන ලද්දේ නෙතු හෙවත් නෙතුමිය…

නෙතු සෙහස්ගේ යෙහෙළියක්.. ඇය එක් වරක් සාමාන්‍ය පෙළ අසමත්වීම නිසා මෙවර අප සමඟ එලෙවල් කිරිමට පැමිණ ඇත. තරමත් කටකාර ආත්මාර්ථකාමි ගතිගුණ අැය සතුවිය..

ඔය සෙහස් ඉන්නව නේද බන් ඌට හැම තැනම කෙල්ලෝ…
.
.

සමුගැන්මක් නොවේ෴…

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි. ඔයාලගේ අදහස් ම⁣ට ගොඩක් වටිනවා යාළුවනේ… අඩුපාඩු අැති කතාවේ. ඒකට මට සමාවෙන්න… පුළුවන් උපරිමයෙන් ලියන්න උත්සහ කරනවා.

බුදුසරණයි යාළුවනේ…..!

Related posts

Leave a Reply