දෙවෙනි කසාදෙ – පස්වන කොටස

මගෙ අතින්ම ආහාර වේලක් පිලිගන්වන නිසා පුංචිම සතුටක් මුලු හිත පිරාම සැරි සරන්නට උනා.මම හරි ආසාවෙන් පිලිවෙල කරපු කෑම ටික මේසෙට යවලා සාලෙට ගියේ රණාට කතා කරන්න කියලා හිතා ගෙන.

මම රණාට කතා කරන්න සාලෙට යනකොටම මම දැක්ක දේ නිසා මගෙ ඇස් අදහා ගන්න බැරි උනා.කදුලු බිංදු එක පෙලට මටත් නොදැනුම කම්මුල දිගේ පෙරෙද්දි මට දැනුන සතුට කියලා නිම කරන්න බැරි තරම්.

මැරයෙක් වෙච්ච රණා ගෙ ඇතුලෙන් මෙච්චර හොද මනුස්සයෙක් කියලා හිතන්නට බැරි තරම්. පෙනුමෙන් මෙන්ම ක්‍රියාවෙන්.ඒත් මේ ගත කරපු හොරා කීපය ඇතුලට රණාගෙ ඇතුලාන්ත තේරුම් ගන්න මට හැකි උනා.

කදුලු බිංදු වලට බොද උන ඇස් දෙකෙන් මම යන්නතමට දැක්කෙ කටපුරා හිනාවකින් සැරසිච්ච මගෙ අහිංසක අම්මයි නංගියි.

අම්මට මාව නොපෙනුනත් මගෙ සුවදින් අම්මට මාව දැනෙනවා.මම ඒක දන්නවා.පුදුම තරම් සතුටු ඇති.

අපි තුන් දෙනා නැතුව එකම දවසක් වත් ඉදලා නැති නිසා ආයෙමත් තුන් දෙනාම එකට ඉන්න එක ගැන ගොඩක් සතුටු ඇති.

මම හිමින් රණා දිහා බැලුවේ මේ හැමදේකටම පිං කියන්න වගේ බැල්මකින්

ආඩම්බරකාරයා තියන ආඩම්බරකමට අහක බලා ගත්තෙ මගෙ හිතේ සියුම් රිදීමක් ඇති කරමින්.

රණා ගැන මගෙ හිතේ තිබුණ පැහැදීම තවත් වැඩී උනා මිසක් අඩු උනේ නෑ.වෙන මිස්සුන්ට මැරයෙක් නපුරෙක් චණ්ඩියෙක් උනා රණා මට නම් හදවතින්ම සුන්දර මනුස්සයෙක්.

මම අම්මයි නංගියි ලගට ගිහින් දෙන්නවම බදා ගත්තෙ උතුරායන ආදරයකින්.දින තුනකින් නොලැබුණ ඒ සෙනෙහස ම සිත් ඒ විද ගත්තා.

අපි තුන්දෙනාගෙ මේ හැසීරීම රටවා දිහා රණා හොරෙන් බලන් හිටියා.

“අම්මලට මහන්සි ඇති.කෑම ලැහැස්ති කරලා නම් කන්න දෙන්න”

“කෑම ලැහැස්ති කලා රණා ඔයත් එන්න”

“ඔයාලා යන්න මම එන්නම්”

අම්මයි නංගි ලග ඉන්න නිසා දඩබ්බරකම් කරන්න බැරි නිසාම නංගිට හොරෙන් රණාට රැව්වා.

කට කොනින් සිහින් සිනාවක් නගමින් ආයෙමත් අහක බලා ගත්තා.

අම්මටයි නංගිටයි කන්න දීලා රණා කිව්ව විදිහට සුමනෙ නැන්දා ඒ දෙන්නව කාමරේට එක්කන් ගියා.

“තමුසෙ කෑවද”

“නෑ ……”

“ඇයි කෑවෙ නැත්තෙ”

“ඔයා කෑවෙ නැති නිසා”

“තමුසෙ කන්නෙ මගෙ කටින්ද”

“නැහැ ඒත් ඔයා කෑවොත් විතරයි මගෙ බඩ පිරෙන්නෙ”

“ඇත්තටම තමුසෙට පිස්සුද”

“සමහරවිට වෙන්න ඇති”

“එනවා යන්න කන්න”

මගෙ අතින්ම හදපු කෑම රණා කන දිහා බලන් හිටියත් මගෙ බඩ පිරෙනවා.රණා මං දිහා රව රව බලන නිසා කටවල් දෙක තුනක් කෑවා.

“මම උදේ නැගිතිද්දි තාත්ති තුලංගනා ඇන්තී නෑ.මම තලහයි නේද තුමනා ආච්චි”

“අනේ සද මම චූටි පැටියටයි පැටියගෙ තාත්තිටයි කන්න රසම රස කෑමක් හැදුවනේ”

“ඇත්තමද තුලංගනා ඇන්ති.ඒනම් මම ගොදා…..ක් කනවා”

“කෝ එන්නකො මගෙ පැටියා අපි ගොඩක් කමු…..”

මම චූටි පැටියට කවන්න හද්දි පණ්ඩිත කෙල්ල පිගාන ඇදලා ගත්තෙ අතින් කන්න.

“බලන්නකො නෝනා…..වෙනදට හරි අමාරුයි චූටි බේබිට කවාගන්න.බලන්නකො අද කන ලස්සන”

“තුමනා ආච්චි තුලංගනා ඇන්තිගෙ බත් සසම සසයි.ඔයාගෙ ඒවා වගේ නෙමෙයි.මේවත ලුණුත් තියෙනවා ඔයාගෙ ඒවත ලුණුත් නෑ”

“පවනී මොනවද ඔය කියවන්නෙ අහ්”

“ඔන්න තුලංගනා ඇන්ති දැන් ලණා එයි.මෙතනින් ඉද ගන්න.එයා සැලයි”

“මගෙ පැටියා ඔක්කොම කන්නකො.එතකොට තාත්ති සැර වෙන්නෙ නෑ…”

සුමනා නැන්දට සදව බලා ගන්න කියලා මම යන්න හැදුවෙ අම්මලා ලගට.

“තමුසෙට කී පාරක් කියන්නද ඕයි.තොපි මගෙ ලගට වැඩට ගත්තට වඩාහොදයි නිකන් හිටියා නම් ශිට්…..

කාලකන්නි හැත්‍ත.තොපිට වැඩක් බාර දුන්නොත් ඔහොම්මමයි.

ඔතන තවත් බලන් ඉන්නෙ පලයව් ගිහින් හොයපොයව ඒකව.

මම උබලට තව පැයයි දෙන්නෙ.ඒකව හොයා ගනින්.මාව ඔතනට ගෙන්න ගන්න එපා.මම ආවොත් තොපි එකෙන් නෑර බාවනවා.

ඒ හින්දා තව පැයක් ඇතුලත ඌ මගෙ කකුල් දෙක ලග ඉන්න ඕනෙ එච්චරයි”

රණා ෆෝන් එකත් සාක්කුවට දාගෙන මේ පැත්ත හැරෙනකොට මම ඉක්මනට බිම බලාගෙන අම්මලගෙ කාමරේ පැත්තට යන්න ගියා.

“ඒයි ඔහොම ඉන්නව”

“ඇ……ඇයි…..”

“තමුසෙට මම හොදින් කියන්නෙ.තමුසෙ මගෙ දේවල්වලට ඇගිලි ගහන්න එන්න එපා.තමුසෙට බුරුල දුන්නහම එනවද කරේ නගින්න.තමුසෙ මොකටද මම කියපුවට කන් දුන්නෙ”

“රණා….. නෑ….. මේ…… මම……”

රණා අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි කකුල් වෙව්ලමින් පිටිපස්සට ගිය මම බිත්තියෙ හැප්පිලා නතර උනා.

ඒ ඇස් බලන්න බැරි තරම් නපුරුයි.ගොරකා මද දෙකක් වගේ රතුම රතු පාටයි.ටිකෙන් ටික මගෙ ලගට ආපු රණා මග හෙලවෙන්නවත් බැරි විදිහට බිත්තියට තද කරලා මගෙ මූණට එබුණා.

“තමුසෙ එකක් මතක තියා ගන්නවා මම රණා කියලා.ඕනවට වඩා මට ලංවෙන්න තියා හිතන්නවත් එපා.මම කැමති නෑ මගෙ පෞද්ගලික ජීවිතේට කවුරුත් අත ගහනවට.එහෙම කරපු එකාට එදාට උගේ අවසානෙ.ඒ හින්දා තමුසෙ හොදට මතක තියා ගන්නවා මම කව්ද කියලා.තමුසෙ මගෙ වැඩවලට ඇගිලි ගහන්න ආවොත් එදාට තමුසෙ කවුද කියලත් මට අමතක වෙයි”

රණා තව තවත් මගේ මුහුණට ඒ මුහුණ ලං කලේ ගෑවී නොගෑවෙන තරමට.ශරීරය පුරාම අකුණක් වගේ දුවද්දි කියා ගන්න බැරි අසරණකමක් දැනුනා.

රණා මේ වගේ නපුරු වෙද්දි මට දැනෙන බය කියන්න බැරි තරම්.ඒ තරමටම නපුරුයි.මම ආස කරනම ඒ ඇස් දිහා බලන්න බැරි තරම්.

රණ හිමින් සැරේ මගෙ දෙතොල් වලට ලං වෙද්දි මගෙ ඇස් දෙක පිය උනේ ඉබේටමයි.

රණාගෙ දෙතොල් මගෙ දෙතොල් මත හීනියට ස්පර්ශ වෙද්දිම…….

Related posts

Leave a Reply