සෙනෙහස මියදේවිදෝ – හතර කොටස

සෙනෙහස මියදේවිදෝ…

චූටි… චූටි… තාම නිදිද පුතේ. කණ ළඟින් ඇසුනේ අප්පච්චිගේ හඬය..

අනේ අප්පච්චි තව ටිකයි. විනාඩි පහයි…..

චූටි නැඟිටිනවා නැඟිටිනවා. අප්පච්චි තමයි මෙයාව හුරතල් කරන්නේ. විනාඩි පහයි ගගා දැන් කොච්චරවෙලා නිදා ගත්තද…

අනේ අම්මා…. පේනවනේද අප්පච්චි අම්මට ඉරිසියාව මාව හුරතල් කරනවට… මම අප්පච්චිගේ බෙල්ල බදාගනිමින් කීවෙමි.

හපොයි වැඩේමයි මේ නාකි හුරතලේට ඉරිසියා කරන්න යැයි කියමින් අම්මා හිනහෙමින් ගියාය..

~ ~ ~ ~ ~ ~

මෙපමණ දිනක් සාමාන්‍ය ලෙස ගෙවි ගියද අදයි හෙටයි වැඩ වැඩි දවස් දෙකකි හෙට ගුරු දිනය බැවින් අද සැරසිලි කිරීම, හෙට සංග්‍රහයට ඕන බඩු ලැස්ති කිරීම ආදී වූ වැඩ රැසකි.

නිකියෝ මම ටිකක් ඔඩිටෝරියම් එකට ගිහින් එන්නම් නිෂා එක්ක අනවුසින්ග්වල පොඩි අවුලක්ලු. මීනු එක්ක ගිහින් ටිකක් සංග්‍රහයේ බඩු ගැන බලනවද.

හරි බන් අපි යන්නම්. මීනු අපේ අනිත් ටිකක් එක්කගෙනම යමු බන් ඒ පැත්තට…

බලහන්කෝ නිෂා අන්තිම මොහොතේ අනවුසින්ග් අවුල් කියන්නේ හෙට උත්සවයම අවුල් වේවි.

ඒකනේ බන් දැන්ද කියන්නේ ඕක. අපි ගිහින් බලමු KK මොකද වෙලා තියෙන්නේ කියලා..

~ ~ ~ ~ ~

අයියෝ අක්කා බලන්නකෝ අනවුසින් කරන්න බාර ගත්ත ගැහුණු ළමයගේ මළගෙයක් වෙලා කියලා ගෙදර හැහෝම නුවර ගිහින්. විස්තර තියෙන කොල ටිකත් එයා ළඟනේ.. මොකද අක්කා කරන්නේ දැන් කාලයක් ඇත්තෙත් නෑ අලුතින් අනවුසින් හදන්න..
මා දුටු විගසම එසේ කියමින් පැමිණියේ හෙට උත්සවයේ නිවේදන කටයුතු භාරගත් ළමයෙකි.

ඒකත් එහෙමද.. දැන් මම මොකද්ද කරන්න ඕන..

අනේ දෙව්ලි අක්කා පුළුවන් නම් නිවේදනය කරන විදිය හදලා දෙනවද. අනේ අක්කා බෑ කියන්න එපා… ප්ලීස්… ප්ලීස්… අක්කා….

මම බැලුවේ නිෂා දෙසය. සංග්‍රහයට ඕන දේවල්වත් තාම ලෑස්ති කර නොමැත. මැයට බැහැයි කියන්නටද බැරිය. හෙට කලාප අධ්‍යක්ෂවරයාද පැමිණේ. නිවේදන කටයුතු අවුල් ගියොත් වස නොන්ඩිය තමයි ඉස්කෝලෙට.

KK ඔයා මේක හදලා දීලා එන්න. මම එතකන් සංග්‍රහ පැත්ත බලන්නම්. අනික අපේ සෙට් එකම ඉන්නවනේ… මගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් නිෂා එසේ පැවසීය.

~ ~ ~ ~ ~ ~

ඉස්කොලේ වැඩකට වුණත් මෙච්චර හවස් වෙනකන් ඉන්නවද. ගැහැනු ළමයෙන් නේද. අනේ අනේ…

සියලුම වැඩ ඉවර කර ගෙදර එනවිට හවස හතරත් පහු විය… ගෙට එනවිටම ඇසුනේ අම්මාගේ හඬය. අද නම් අම්මාට කේන්තිගොස්ය.

අනේ අම්මා සුට්ට වෙලාවයිනේ පරක්කු වුණේ. මම විතරක් නෙමේයි ශිෂ්‍ය නායකයොත් හිටියා. තව ඒලෙවල් ළමයි ඔක්කොමත් හිටියනේ කියමින් මම බැලුවේ අප්පච්චි දෙසය…

ඒක එහෙමයි කියලා පුළුවන්ද..

දැන් ඇති දූලගේ අම්මේ. චූටි විතරක් තනියම හිටියා නෙවිනේ…
අප්පච්චිගේ හඬින් අම්මා නිහඬ විය.

~ ~ ~ ~ ~

අප්පච්චි හෙට වැඩද…

නෑ චූටියෝ සෝමේ මාමලගේ දිහා ගියේ නෑ. වත්ත ටිකක් සුද්ද කළා අම්මත් අල්ලගෙන. අයි පුතේ එහෙම ඇහුවේ.

නෑ අප්පච්චි අද නම් අම්මාට පාලු නැතිව ඇති. වෙනදට උදේ වරුවම තනියෙන්නේ.

අප්පච්චි ආව නම් පුතත් එක්කම බත් ටිකක් කන්න.

සමුගැන්මක් නොවේ෴…

Like කරන Comment කරන යාලුවෝ හැමොටම ගොඩක් ස්තූතියි. අඩුපාඩු ඇති ඒකට මට සමාවෙන්න යාළුවනේ .

බුදුසරණයි….!

Related posts

Leave a Reply