සෙනෙහස මියදේවිදෝ – තුන කොටස

සෙනෙහස මියදේවිදෝ

~         ~           ~               ~             ~          ~

සාමාන්‍ය ලෙස දින ගෙවි ගියත් මේ දවස්වල උසස් පෙළ ළමයින් තරමක් කාර්යබහුල විය. එක් පැත්තකින් විනෝද චාරිකාවක් යෑමට සුදානම් කරන අතර ගුරු දිනයද ළඟ ළඟමය.

මචෝ KK… යමුනා මිස් එන්න කිව්වා ටිකක්. මොකක් වුනත් මරාලයක් වගේ . සෙහස් අයියලත් හිටියා එතන.. යැයි පැවසුවේ කොමස් පන්තියේ ළමයෙකි.

මේ ඒ පාර මොකද්ද සෙහස් එක්ක දා ගත්ත කොක්ක යැයි අසමින් පැමිණියේ නිශාය.

අනේ මේ මම කා එක්කවත් කෙකි කොකු පටලව ගත්තේ නෑ බන්. අනික කවුරු ගණන් ගන්නවද ඒ ආඩම්බරකාරයව.

හෝව්… හෝව්… මේ ඒව නම් අපි දන්නේ නෑ… ඒත් ඕනම කෙනෙක් එක්ක කටගහන් යන උඹ එදා සෙහස් කැන්ටිමේදී කෑ ගහද්දි මුකුත් නොකියා කඳුළු පුරවන් හිටියේ මොකෝ ආ…

අනේ බන් මේ විකාර දොඩවන්නේ නැතුව ගිහින් එමුද අපි ඒ පැත්තේ.

~ ~ ~ ~

ආ ඒන්න එන්න දෙව්ලි. බලන්න සෙහස් පුතේ දැන් කාලේ හැටි. ගුරුවරු පණිවිඩ යවලා තමයි ළමයි ගෙන්න ගන්න ඕන නිකමටවත් එනවද මේ පැත්තේ.

අනේ එහෙම නෑ මිස් මේ දවස්වල ඕෆ් පීරියඩ් එකක්වත් නෑ. දවසෙම පාඩම් පාඩම්. විවේකයක් ඇත්තෙ….

බොරුවක් ගොතන්නට හැදුවා පමණි මැදින් පැන්නේ සෙහස්ය.

අපේ මිස්ටත් ඕවා විස්වාසද. බැලුවොත් ⁣රජ තුන් කට්ටුව අන්තඃපුරය පිරිවරාගෙන වගේ කැන්ටිමේ හරි ගහක් වටේ හරි කැරකි කැරකි ඉන්නවා.

යකූ මේ බලහන්කෝ කියන ඒවා. කවුද දන්නේ නෑ බොඩිගාඩිලා දෙන්නෙක් ළඟ තියන් වාචාලයා වගේ කියව කියව ඉන්නේ…

මා එලෙස පැවසුවිට අවිෂ් මෙන්ම ඇරෝද හයියෙන් හිනා වුනේ ඉන්න තැනත් අමතකවු ගානටය.

දැන්නම් ආඩම්බරකමක් ඇත්තෙම නෑ වගේ
සෙහස් කොයිතරම් දඩබ්බර වුණත් ආඩම්බර වුණත් එයා එහෙම හැසිරෙන්නේ මම ඉන්න තැනදි විතරයි. පන්තියේ අනෙක් ළමයි එක්ක නම් මාර එකතුයි.

එක්වරම යමක් මකත් වූ ලෙසින් සෙහස් ඉක්මනින් අපි සිටි තැනින් බැහැරව ගියේ මිතුරන් දෙදෙනාද අමතකවූ ලෙසය…

සෙහස් කොයි වෙලෙත් ඔහොම තමයි මිස්. ටිකක් ලූස් වගේ. එක තැනක ඉන්නේ ටික වෙලාවයි යැයි අැරෝ පැවසුවේ අපට අැසක් වසා ඉඟිකරමින්ය.

මේකයි දරුවො මම එන්න කිව්වේ ගුරු දිනයේ දවසට සංග්‍රය ගැන ටිකක් බලන්න කියන්න. හෙල්ප් එකට දහය වසර ළමයි ටිකක් දෙන්නම්.

හරි මිස් අපි ඒක කරන්නම්.

හරි පුතේ එහෙනම් යන්නකෝ දැන්.

~ ~ ~ ~ ~ ~

දඩබ්බර නු⁣⁣ඹේ නෙතු අතර
මම මාව හෙව්වට
නු⁣⁣ඹේ නෙතු බැල්මෙන්
පිච්චුණා සත්තමයි…
~ ~ ~ ~ ~

යමුනා මිස්ට සමුදී එනවිට දුටු දසුනින් මම ගල් ගැසුනි. අරලියා ගහ යට සිටියේ ⁣සෙහස්ය. තනිව නොව තවත් නංගි කෙනෙක් සමඟය. දෑසේ කඳුළු පිරුනේ නිරායාසයෙනි. එක්වරම සිහිවූයේ නිෂා මා සමඟ බවය.

නිතැතින්ම මට ඇය දෙස බැලුනි. ඇගේ බැල්මේ ප්‍රශ්නාර්ථයකි. නමුදු අැය කිසිත් විමසුවේ නැත. ඇය කිසිත් නොවු ගානට සෙහස්ට විහිලුවක් කරගෙනම යන්නට විය.

~ ~ ~ ~ ~

ගෙදර ආවද හිස තොන්තුවෙන් මෙනි. වෙනදා මෙන් නොව අද ගෙදර එනවිට අප්පච්චි ගෙරදය. පුදුමයකි වෙනදාට අප්පච්චි ගෙදර එන්නේ හැන්දෑවටය.

අප්පච්චි අද වේලසනින් ආවදැයි අසමින්ම මම ගෙට ගොඩ වුණෙමි.

මුවෙහි ඇදුනේ අහින්සක සිනහවකි.

මම අද උදේ ඉදන් ගෙදර චූටියෝ. ටික දවසක් යනකම් ගෙදර තමයි. වැඩ කරපු තැන මහත්තයලා ටික දවසකට රට යනවලු. ⁣හෙට දිහාට සෝමේ මාමගෙන්වත් අහන්න ඕන වැඩක් තියෙද කියලා.

මගේ අප්පච්චි පෙදරේරුවෙක් . අම්මා නම් ගෙදර ඉන්නේ. අමතර ආදායමක් නම් නෑ. එහෙමයි කියලා ඒ හැටි වියදමකුත් නෑ. ටිකක් විතර වියදම් වුණේ උසස්පෙළ ටියුෂන්වලට තමයි.

අප්පච්චි කාලද ඉන්නේ.

නෑ චූටි එනකන් හිටියේ. අම්මා කාලත් නෑ. අද අපි තුන්දෙනාම එකට කමු පුතේ. පුතා ගිහින් මූණ කට හෝදන් එන්නකෝ.

මා බලා උන්නේ ඒ මුහුණ දෙසය. දෙඇස් යටගිලි ගොස්ය. මුහුණෙහි විඩාබර බවකි. සිමෙන්තියට පැළුණු කකුල්.. කරගැටවලට රළුවුණ දෑත්.. අව්වට පිච්චුණ මුහුන.. මේ සියල්ලෙන්ම පෙනෙනුයේ අප්පච්චි විදින වේදනාවයි. ඒ සියලු දුක් විදින්නේ මා වෙනුවෙන් නොවෙද. හදවත දැනුනේ වේදනාවකි.

අප්පච්චි එහෙනම් අද මට කවන්නකෝ. ගොඩ කාලෙකින් අප්පච්චිගේ අතින් දවල්ට බත් කෑවේත් නෑනේ.

පාසලේදි දුටු දසුනින් හිත පෑරී තිබුණත් අප්පච්චිගේ අම්මගේ ආදරේ ළඟ හැම වේදනාවක්ම නිකන්ම නිකන් අංශුවක් විතරයි කියලා අද මට හිතුනා…

~ ~ ~ ~ ~ ~

සමුගැන්මක් නොවේ෴ …

Like කරන Comment කරන යාලුවෝ හැමොටම ගොඩක් ස්තූතියි. අඩුපාඩු ඇති ඒකට මට සමාවෙන්න යාළුවනේ .

බුදුසරණයි….!

Related posts

Leave a Reply