සෙනෙහස මියදේවිදෝ – දෙක කොටස

නංගී… කේකේ…

එක්වරම ඇසුන හඩට මම හැරි බැලුවෙමි. කතා කර තිබුනේ අවිෂ්ය. KKයනු මගේ නික් නේම් එකය. ⁣පවුලේ අයගේ අාදර හුරතලය මැද හැදුන වැඩුන මම තරමක් කටකාර වූ අතර ඉඩක් ලද හැම විටම යමක් ලිවීම පුරුද්ද විය. ඒ නිසා සැවොම මා හැඳින්වුයේ කවිකාර කටකාරි ලෙස. එය දිගු වූ බැවින් සැවොම මා අමතන්නේ KK ලෙසය.

ඇයි අවි අයියා මොකුත් උදව්වක් ඕනද…

මේකයි KK අපි හිතන් ඉන්නේ 13/14 ඒලෙවල් ආර්ට් කොමස් ළමයි කතා වෙලා ට්‍රිප් එකක් සෙට් කරගන්න. ඔයාලගේ මොනිටර් මීනුට කියනවද මේ ගැන ළමයිව දැනුවත් කරන්න කියලා.

හා අයියා මම කියන්නම්.. වේලාවක් තැනක් එහෙම තීරණය කරලද තියෙන්නේ..

යකෝ කීව දේ විතරක් කරන්න කියපන් . හැම රෙද්දක්ම ඕන මේ ගෑනුන්ට… මා දෙස .දවාහළු කරන බැල්මක් හෙලමින් එලෙස කීවේ සෙහස්ය..

නොසිතු ලෙස සිදුවු දෙයින් මගේ නෙත් කඳුළින් පිරි ගිය බැවින් මම එතනින පිටවන්න හැදුවා පමණි ඇසුනේ අවිෂ්ගේ හඬය.

මොකද්ද යකෝ තොට වෙලා තියෙන්නේ. නිකන් බොරුවට KKට කෑගහන්නේ. මේකී වැරදි දෙයක් ඇහුවේ නෑනේ. KK.. නංගී සො….

අවිෂ්ට කියා නිම කරන්නට ලැබුනේ නැත. ඇසුනේ නිකීගේ හඬය..

අවි අයියා ඔයාගේ යාළුවට කියන්න කට තිබුන පලියට කියවන්න එපා කියලා. අනික ගෑනු අතේ පණිවිඩ යවන්නේ නැතිව ඔයාගේ යාළුවටම කියන්න ගිහින් කියන්න කියලා.. උඹ මෙහෙ වරෙන් යන්න එක එකාගේ තෝල්කේ වෙන්නේ නැතිව..
යැයි කියමින් මාවත් ඇදගෙනම නිකී එතනික් එන්නට විය..

~ ~ ~ ~ ~

මොකද්ද මී හරකෝ තෝ කළේ. අර කෙල්ල අඬනවද මන්දා… යැයි කියමින් අවි සෙහස්ට බනින්නට විය.

මේ අවියා උඹ ඕන නම් ගිහින් ඒකිව නලවපන් මෙතන මට උපදෙස් දෙන්න එපා හරිද. බලපන් අර මිකීද මොකීගෙද සද්දේ. බටු ගෙඩි දෙකක් උස නෑ. කටේ සද්දේ..

හා.. හා.. මස්සිනා ඒ කියන්නේ උඹ නිකීගේ කටට බය වුණා. එහෙම නේ.. අනික කවද්ද උඹ ඔය කියන මිකියගේ උස මැන්නේ ආ… එවර ඇසුනේ විහිලුවට බර ඇරොගේ හඬය.

යකෝ බොට මම කිවුවා කියලා හිතාගනින්… සෙහෙස් කවද්ද බන් ගෑනුන්ට බය. උඹ දන්නවනේ මගේ ජීවිතේ ගෑනියෙක් කියලා ගරුකරන්නේ මගේ අම්මට විතරයි කියලා. දිනූගෙන් පස්සේ මම ඔය කෙල්ලොන්ගේ මායම් කඳුළු විස්වාස කරන්නේ නෑ යකෝ….

~ ~ ~ ~ ~ ~

පන්තියට වී උන්නත් ඉගැන්වූ කිසිවක් සවනට වැටුනෙු නැති ගානය. හිත හොදටම රිදිනි.. ඔහුව දැක්කේ දවස් ගණනකිනි.. ඔහුට එතරම් කෝප ගන්නට දෙයක් මා කීවේ නැත.

පාසල විවේක කළ විගස මිතුරන්ගෙන් සමුගෙන මම ඉකිමකින් නිවසට විත් සුදු ඇඳුම පිටින්ම ඇඳට වැටුණී..

මොකද දරුවෝ ආව ගමන් ඇඳ බදාගෙන. අසනීපයක්වත්ද..

නෑ.. ම්මා ඔළුව රිදෙනවා ඒකයි.

ඇඳුම මාරු කරලා එන්න චූටියෝ. බත්ඩිංගක් කාලා පැනඩොල් පෙත්තක් ⁣බීලා බලමු. අඩු නොවුණොත් බේත් ගෙන්න යමු අප්පච්චි ආවම.

අයියෝ අම්මා එච්චර අමාරු නෑ. අනික මට බෑ තිත්ත බේත් බොන්න..

සමුගැන්මක් නොවේ෴…

දිනු කියන්නේ කවුරු වෙන්න ඇත්ද……?

Like කරන Comment කරන යාළුවෝ හැමොටම ගොඩක් ස්තූතියි.

Related posts

Leave a Reply