දෙවෙනි කසාදේ – හතරවන කොටස

“දෙයියනේ……”

මගෙ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරුනේ මටත් නොදැනිම.

“අනේහ්……..
රණා……. මට බයයි…..
මාව එක්කන් යන්නකෝ ප්ලීස්…..මාව ආයෙමත් එක්කන් යයි”

“බොරුවට නහයෙන් අඩන්නෙ නැතුව ඉන්නවා.මම කැමතිම නැත්තෙ ගෑණු අඩන එක”

“අනේහ්…… ඒත්….”

“තමුසෙ බොරු අඩවැඩියාව නවත්ත ගන්නවද නැත්තන් ආයෙමත් මුන්ටම භාර දෙන්නද”

“න්…..න්…..නැහ්….. මම කටවහන් ඉන්නම්”

රණාගෙ ඇස් යොමු උනේ ඇවිල්ලා හිටිය පිරිස දිහාවට

“මොකද”

“මේකිව බොස් අරන් එන්න කිව්වා”

“මම සල්ලි දීලා ගත්තෙ”

“සල්ලි ආපහු දෙන්නම් කිව්වා රණා අයියා.කෙල්ලව එක්කන් එන්න කිව්වා”

“උබලා හොදාකාරවම දන්නවා මං දෙයක් ගත්තොත් ආයෙ ඒක දෙන පුරුද්දක් නෑ කියලා.ඒක ගිහින් උබේ බොසාට කියපන්.දැන් ඉතිං පලයල්ලා”

“හොදමයි රණා අයියා.එහෙනම් අපි යන්නම්”

පිරිස පිටත් වෙනවත් එක්කම මම ගිහින් රණාව බදා ගත්තෙ හිත ඇතුලෙ තෙරපුණ අමුතු හැගීමකින්.ඒ හැගීම වචන වලට පෙරලන්න මට තේරෙන්නෙ නෑ.මටත් නොදැනිම රණා මගේ ජීවිතේට ගොඩක් සමීප වෙලා.

ඒ පපුව ගැහෙනවා.හදවත ගැහෙන රිදමයට මම සවන් දුන්නෙ ඉතාමත් ආශාවෙන්.හැමදාටම මේ පපුවෙම හිස තියාගෙන ඉන්න හිත ඇතුලෙන් පුංචිම ආශාවක් තෙරපුනා.රණා මගේමයි කියන හැගීමක් හිත තුල තෙරපුණා.

කවදාවත් පිරිමියෙකු වෙනුවෙන් නොහැහෙන හදවත අද වෙනදටත් වඩා වේගයෙන් අමුතුම රිද්මයකට ගැහෙන්න පටන් අරන්.ඒ රණාගෙ නමින්……

රණා හිමීට ඒ පපුවෙන් මාව මෑත් කලා

“ආ….. මේක දැන් කනවා.කාලා නිදා ගන්නවා”

“ඔයා කන්නෙ නැද්ද”

“නෑ තමුසෙ කනවා…..”

“ඔයත් කමු”

“මම කිව්වනෙ මට බඩගිනි නෑ කියලා තමුසෙ කනවා.කාලා නිදා ගන්නවා”

“ප්ලීස්…… රණා මං එක්ක කමු.එන්නකො”

මම ඇස් නටවමින් හුරතලයක් මවා පාමින් රණාව කෑම කන්න කැමති කර ගත්තා.

නුහුරුයි මට.කවදාවත් නැති හුරතලයක්.කොහොම මතුවෙනවද මන්දා හිතා ගන්න බෑ.

“තමුසෙ අත ගානවද කනවද”

“කන්න බෑනෙ”

“ඇයි”

“මේ….. අතේ තුවාලයක් රිදෙනවා මට”

තුවාලෙ නොරිදුනත් මම රිදෙනවා වගේ රගපෑවා.ඒ හිත ඇතුලෙන් රණාගෙ අතින් කන්න ආසාවක් ඇති වුණ නිසා.ඔව් මගෙ හිතැගි පරිදි රණා මට කැව්වා.හරියට මගෙ හිත කියෙව්වා වගේ.එතරම් ලොකු තුවාලයක් නෙමෙයි.ඒත් රණාගෙ අතින් කන්න ආස හිතුන නිසා මම ඒ කොහොම හරි ලබා ගත්තා.

“රසයි”

“හ්ම්ම්ම් ඒ කඩෙන් තමයි මායි දෝණි ගෙනල්ලා කන්නෙ”

“නෑ මම කිව්වෙ ඔයාගෙ අතින් කනකොට රසයි”

රණාට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වෙන්න ඇති.රණා නිහඩයි.

ඒ ඇස් අමුතුයි.ඒ ඇස් වලින් මොකක් හරි කියනවා.මට තේරෙනවා.ඒත් ඒ ඇස් වලින් කියන දේ වටහා ගන්න තරම් ශක්තියක් මට නෑ.ඒ ආදරය.නැත්තන් අනුකම්පාවද.ඒ දෙක අතර දෝලනයක්.

රණාගෙ ඇස් තේරුම් ගන්න මට අපහසුයි.ඒ ඇස්වලින් ඉගි හැගීම් රාශියක් ඉගි කරනවා.එකින් එක වෙන් කර ගන්න මට තේරෙන්නෙ නෑ.නමුත් මම උත්සහ කලා.උත්සහ කරනවා.

“රණා ඇති”

“මේ ටිකත් කනවා”

“මට ඇති රණා.වෙනදට මම ඔච්චරවත් කන්නෙ නෑ.ඒත් ඔයාගෙ අතින් කවනකොට කන්න ආස හිතුනා”

මගේ කටින් කවදාවත් මගෙන් බලාපොරොත්තු නොවුන් වචන පිට වෙනවා.මම හිතා මතා කියන දේවල් නෙමෙයි.ඒවා පිට වෙන්නෙ ඉබේටම.

“ඔහොම ඉන්නවා මම දෝණිව අරන් යන්නම්.තමුසෙ මේකේ නිදා ගන්නවා”

#සද ව කොහෙද අරන් යන්නෙ”

“මගෙ රූම් එකට”

“එපා සද ඔහොම හිටපුදෙන්.එයා මම එක්ක නිදා ගත්තට ප්‍රශ්නයක් නෑ නේද”

“නෑ මම දෝණි ව අරන් යන්නම්”

මම ඒ වචනෙට පිටින් ගියේ නෑ.රණා පුංචි දෝණිව දෝතටම ගනිද්දි සද ඇහැරුනා

“තාත්ති….. මත තුලංගනා ආන්ති ලග දොයියන්න ඕනේ”

“ඇන්ටි පව්නෙ දෝණි අපි යමු තාත්තිගෙ රූම් එකට හරිද”

“බෑ….. බෑ…… මත ඇන්තිත් ඕනේ තාත්තිත් ඕනේ…… තාත්ති මේ පැත්තෙ ඇන්ති මේ පැත්තේ….දෝණි මැද…..ඒම දෝයමු තාත්ති…..මං මේ ඇන්තිත ආතයි තුලංගනාවියක් වගෙ තාත්ති….අපි ඇන්තිව හැමදාම තියා ගමු”

“හරි දෝණි දැන් දොයියගන්නකෝ….”

“තාත්තා මත දෝ ගියාම යන්න එපා….මම හොලෙන් ඇහැලලා ඉන්නෙ…..”

“හරි දෝණි දොයියන්නකෝ……”

දෝණි මට තුරුල් වෙලා රණාගෙ අතක් අපි දෙන්නගෙම ඇග උඩින් වැටෙන විදිහට ඇදලා තියා ගත්තා.දන්නෙම නැතුව මට නින්ද ගිහින් තිබුණේ.

මම නැගිටලා බලනකොට රණා අපි ලග හිටියෙ නෑ.චූටි දෝණි යස අගේට නිදි.දොරට තට්ටු කරන සද්දෙ ඇහුන නිසා මම ගිහින් දොර ඇරියේ…..

“ආ….. මැඩම් නිදිද. …”

“නෑ නැන්දෙ මම ඇහරලා හිටියේ”

“නෝනා….. මහත්තයා කිව්වා වොශ් එකක් දා ගෙන පල්ලෙහාට එන්න කියලා”

“හොදමයි නැන්දේ…..”

මම වොශ් එකක් දාගෙන පල්ලෙහාට ගියා.මම යනකොට රණා ටීවී එක බලනවා.

“උදේට මොනවද කන්න ඕනේ”

“ඕන දෙයක්”

“ඕන දෙයක් අර සුමනෙ නැන්දට කියලා හදෝගෙන කනවා”

“රණා දෙයක් ඉල්ලන්නම්”

“හ්ම් කියනවා බලන්න”

“අද මම උදේ කෑම හදන්නද”.

“තමුසෙට පුලුවන්ද”

“හ්ම්ම්ම්….. ”

“එහෙනම් සුමනගෙනුත් උදව් අරන් හදනවා”

මම කුස්සියට ගිහින් සුමනා නැන්දට වෙන වැඩක් කරන්න කියලා බඩු මුට්ටු තියන තැන් ටික අහගෙන උයන්න පටන් ගත්තා.

කිරිබතකුයි ලුණුමිරිසකුයි හදලා මම කෑම මේසෙට ඇරලා රණාට කතා කරන්න ගියා.

හිතේ කොනක පුංචි සතුටක් දැනුනා.මගෙ අතින්ම හදපු කෑම වේලක් රණාට පිලිගන්වන්න පුලුවන් වෙච්ච එකට.

මම රණාට කතා කරන්න යද්දිම…..

Related posts

Leave a Reply