දෙවෙනි කසාදේ – දෙවෙනි කොටස

#ප්‍රාර්ථනා_දෙව්දුණි_විමංසා”

“මම #රන්දෙව්_ආකාශ්_සූරියබණ්ඩාර “

“අනේ මහත්තයෝ මාව බේරගන්න….. මාව මෙතනින් එක්කන් යන්න…..
මගෙ අම්මයි නං…..”

එතනින් එහාට වචනයක් වත් කියන්න මට හැකියාවක් ලැබුනේ නෑ.ඒ දඩබ්බරලා මගේ දෙතොල් ඒ දෙතොල් අතරට පටලවා ගත්තේ මට හිතන්න කාලයක් ඉතිරි නොකර.

හරි පරිස්සමට අතොරක් නැතුව මගේ දෙතොල් සිප ගත්තෙ පිස්සුවෙන් වගේ.ඊට විරුද්දත්වයක් නොදක්වා මගේ දෑස් පිය උනේ මටත් රහසේමයි.

විනාඩි ගානක් මගේ දෙතොලතර දග කරපු දඩබ්බරයා හදිස්සියෙන් වගේ ඉවත බලා ගත්තා.

“ඕ….. ශිට්…..
තමුසෙත් ගානක් නැතුව හිටියා නේද…. තමුසෙ කවදාවත් කරලා නෑ කිව්වට තමුසෙගෙ බොරුද කොහෙද…….

මාව රවට්ටන්නද තමුසෙ….. සද්ද නැතුව හිටියෙ තමුසෙ හොදට පුරුදු ඇති ශිට්….. ”

මට දරා ගන්න බැරි තරම් ඉවසන්න බැරි තරම් ඒ වචන කීපය මගෙ හද පත්ලටම වැදුනා.

මගේ ඇග විකුණලා සල්ලි හොයන අදහසක් මේ වෙන තුරු මගෙ තුන් හිතකවත් නොතිබුණු දෙයක්.ඒත් හෝරා කීපයකින් මගෙ මුළු ඉරණමම වෙනස් වෙලා.මගේ ජීවිතේ වෙනමම පැතිකඩකට හැරිලා.මගේ නංගි අම්මා මේව දැනගත්තොත්….. මතක් වෙනකොට පපුව පිච්චිලා යන තරම්…..

දෑස් අගින් හීනියට කදුලු බිදු බේරෙද්දි කදුලු නවත්තන්න උවමනාවක් මට තිබුනෙ නෑ.කදුලු වලට ඔහේ නිදහසෙ හැසිරෙන්න ඉඩ දීලා මම ඔහේ බලාගෙන හිටියා.

“දැන් තමුසෙ මොකද අඩන්නෙ.අඩන්නෙ නැතුව ඉන්නවා.මට පේන්න බැරි ගෑණු අඩන එක තමා.මට බෑ තමුසෙව නලවන්න.අඩන එක නවත්ත ගන්නවා.මම තමුසෙට පොරොන්දුවක් උනානෙ.ඒ පොරොන්දුව ඉශ්ට වෙයි.තමුසෙලට බොරු කියල පුරුදු උනාට මට පොරොන්දු කඩලා පුරුදු නෑ”

“ඕනේ නෑ මහත්තයා මම මේ රස්සාව කරගෙන ඉන්නම්.මම කරන්නෙ බොරුවක් කියලා හිතනවා නම් මහත්තයා මාව බේරගන්න ඕනෙ නෑ.මේ රස්සාව කරලා හරි මම මගෙ අම්මවයි නංගිවයි බලාගන්නවා”

“මම තමුසෙට පැය දෙකකට ගෙවලා තියෙන්නෙ.අඩන්නෙ නැතුව ඉන්නවා.මම තමුසෙව එක්කන් යන්නම්”

කිව්වත් වගේම පැය දෙකකින් පසු මට නියම කල ගාන ගෙවා මාව ඒ නරා වලෙන් බේර ගත්තා.

“ඔයාට ගොඩක් පිං අයියෙ….
මේ උදව්ව මම කවදාවත් අමතක කරන්නෙ නෑ”

“දැන් තමුසෙ කොහෙද යන්න හදන්නෙ”

“ගෙදර”

“තමුසෙට මොළයක් නැද්ද ඕයි.තමුසෙව මම සල්ලි දීලා අරගෙන ගෙදර යැව්වා කියලා උන් දැන ගත්තොත් ආයෙත් තමුසෙව එක්කගෙන එයි.මම තමුසෙට යන්න කියනකන් එනවා යන්න”

“අනේහ්…… මගෙ අම්මා මාව හොයනවා ඇති”

“මම තමුසෙට සැරයක් කිව්වනෙ.හැම එකකටම අඩන්න එපා මගුල මට පේන්න බෑ.ගෙදර ඇඩ්‍රස් එක දෙනවා මම කොල්ලො දෙන්නෙක් යවලා පණිවිඩය යවන්නම්”

“ගොඩක් පිං”

“නගිනවා”

පැයකට පමණ ආසන්න කාලයකට පසුව සුවිශාල නිවසකට ඇතුළු උණා

“බහිනවා තමුසෙව බස්සන්න ඕනෙත් මමද”

ඇගට දැනුන තෙහෙට්ටුව නිසා මම ඇග සෝදගෙන කාමරේට ඇවිත් ඇද විට්ටමට ඔලුව තියාගෙන හේත්තු උණා.

හැම තිස්සෙම මැවී මැවී පෙනුනෙ මගෙ අහිංසක අම්මගෙයි නංගිගෙයි මුණු දෙක.

පව් දෙවියනෙ මගෙ අහිංසකයො දෙන්නා.බය වෙලා ඇති හොදටම.මට මොකද දෙයියනේ උණේ…..

කල්පනා කර කර ඉන්නකොටම මටත් නොදැනිම මගෙ ඇස් පිය වෙලා.

කම්මුලට දැනුනා රස්නය නිසා මම ඇස් ඇරියෙ මොද්ද කියලා බලන්න.

“ලත්තනයි…….
මම ආතයි…..”

“කව්ද පැටියෝ ඔයා”

“මම අපේ තාත්තිගෙ තූති දූනේ…..”

“කව්ද පැටියගෙ තාත්තා”

“අල රනා කීන ඔක්කොම බය මැලයා අනී”

“මොකක්…..”

“ඇයි ඇන්ති ඔයත් බයද……
මගේ තාත්තී වත නෑ….. හලි හොදයි….
තූති දෝණිත ගොදාලියක් ආදරෙයි”

“එතකොත කෝ දෝණි පැටියෝ අම්මා”

“අම්මා නෑලු නැන්දී……
අම්මා සුලංගනාවියක් වෙලා මායි තුදු තාත්ති දිහා බලන් ඉන්නවලු….
මම නෝති වැද කලන්නෙ නෑ ඒ හින්දා…..”

අවුරුදු දෙකක් විතර වයසැති චූටි සිගිත්තිය හරි හරියට මම එක්ක කයියට වැටුණා…..

දෙයියනේ එතකොට මාව බේර ගත්තෙ මේ පැත්තම හොල්ලන් ඉන්න රණා කියන මැරයද.එතකොට මාව අරන් ආවේ එයාගෙ වැඩවලටද.මම ආයෙමත් අපායට වැටුණ්ද.අනේහ්…… අම්මේ…….

“නැන්දි ඔයත් සුලංගනාවියක් වගේමයි…..
මම ආදලෙයි ඔයාත”

“කෝ එන්නකො සුදු දෝණි නැන්දි ලගට”

කියපු ගමන් උකුලට පැන්න චූටි පැටියා දැක්කහම මට දුක හිතුනා.අම්මත් නැති මේ පැටියට කාගෙ හව් හරණක්ද.මැරයෙක් කොහොමද තමන්ගෙ ලමයව ආදරෙන් බලා ගන්නෙ.

#පවනි…… කොහෙද දෝණි…..

Related posts

Leave a Reply