සචිනි – තුන්වෙනි කොටස

ඇය කියපු කතාවට මගේ ඉහෙන් කටින් දාඩිය දාන්න ගත්තා.අනේ දෙවියනේ මේ වෙන කවුරුහරි වෙන්න ඕනි. මම ඒ තරම් පව් කරල නෑ . මම හිතත් එක්ක ඔට්ටු වෙද්දී තමයි මාමා සුදුපාට රෙද්ද ඉස්සුවෙ කවුද කියලා බලන්න.

මම හිත හයිය කරගෙන බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. අනේ දෙවියනේ මම දැනගෙන ඉදියා මගේ අම්මා මාව දාලා යන්නෙ නෑ කියලා. ඒ ඉදියේ වයසක ආච්චී කෙනෙක් .

“නෑ නෝනා මේ අපේ කවුරුත් නෙවෙයි ”

මට මහා සැනසීමක් හිතට අවේ.

!තව බොඩී එකක් තියෙනවා ඇතුලේ ඒකත් ටිකක් බලන්න .”

අනේ දෙවියනේ මගේ සැනසීම කොහේ ගියද කියලා මට හිතාගන්න වත් බෑ. මහා මූසල හැගීමක් තමයි හිතට අවෙ. ටික වෙලාවකින් තව ට්‍රොලියක දාගෙන බොඩී එකක් ගෙනාවා.ඒකත් මාමා ඇරලා බැලුවෙ කවුද කියලා බලන්න .

“අනේ දෙවියනේ මේ මොකද්ද මම දකින්නේ? අනේ මේ මගේ අම්මද. අනේ අම්මේ ඇයි ඔයා මාව දාලා ගියේ. අම්මේ දැන් අම්මගේ අසරණ කෙල්ලට කවුද ඉන්නේ අම්මේ. අනේ නැකිටින්නකො අම්මේ. ඇයි මගේ රත්තරන් අම්මේ ඔයා මාව දාලා ගියේ. ඔයාට මම ගැන දුක හිතුනේ නැද්ද ?”

මම මගේ රත්තරන් අම්මා ගේ නිසොල් දේහය තුරුල් කරගෙන ඇඩුවා . අම්මා මම දිහා බලන්නේ වත් නෑ . අම්මගේ මූනෙන් මට පෙනුනේ ලොකු දුකකින් ඉන්නවා වගේ. එයා යනකොට එයාට මම ගැන දුක හිතෙන්න ඇති. ඒත් ඇයි අම්මේ ඔයා මාව මෙහෙම තනි කරලා ගියේ.මාවත් අරගෙන යන්න අම්මේ . මම ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න කෑ ගැහුවත් අම්මානම් නැගිට්ටේ නෑ. මට එච්චරයි මතක. මට පියවි සිහියට එනකොට මම හිටියේ අපේ ගෙදර .

මුලු ගෙදර ම අම්මගේ සුවදයි. මගේ වටේට කට්ටිය වට වෙලා ඉදියේ . මම අමාරුවෙන් නැගිට්ටෙ මගේ රත්තරන් අම්මාගේ මූන බලන්න. ඒ වෙනකොටත් මගේ අම්මා සාලේ මැද්දෙ උඩු අතට නිදාගෙන ඉදියේ . සුදුපාට ඔසරියකින් සැරසුනු අම්මව දැක්කම මගෙ හිත වාවන්නේ නෑ. මටත් නොදැනිමයි මගේ ඇස් වලින් කදුලු වැටුනේ.

“අනේ මගේ රත්තරන් අම්මේ ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයා මගේම අම්මා වෙලා ඉපදෙන්න අම්මේ . මේ ආත්මේ මම පින් කරලා නෑ අම්මේ ඔයා ගාව ඉන්න. යන තැනක මගේ රත්තරන් අම්මා සතුටින් ඉන්න. ”

මම අන්ත අසරණ වෙලා ඉදියේ . මම කියලා මොනා කරන්නද අඩනවා ඇරෙන්න . ඒ වෙනකොටත් මම අඩලා අඩලා හෙම්බත් වෙලා ඉදියේ . දවස දවස ගෙවිලා ගියා. මගේ අම්මගේ නිසොල් දේහයත් අද මාව දාලා යනවා. කොහොම වාව ගන්නද දෙවියනේ මේ දුක . ජීවිතේ කියන්නේ ඕකට තමයි . මගේ ජීවිතේ දැන් අන්තෙටම වැටිලා තියෙන්නේ . මට කියලා කාත් කවුරුත් නෑ. ඉන්නේ මාමා විතරයි. ඒත් නැන්ද අපිට ඉස්සෙල්ලා ඉදන්ම කැමති නෑ.

කොහෙමෙන් හරි අම්මගේ හත් දවසේ දානෙත් ඉවර කලා. මේ හැමදේටම වියදම් කලේ මාමා . මට පුදුම ත් හිතුනා. මොකද මාමා වියදම් කරන්න හැදුවත් නැන්ද ඒකට කැමති වෙන්නේ නෑ. හත් දවසේ දානෙත් ඉවර කරලා මම මාමගෙන් ඒ ගැන ඇහුවා.

“අනේ මාමේ ඔයාට ගොඩක් පින් මාමේ මගේ අම්මගේ වැඩ කටයුතුටික ලස්සන ට කලාට. මම රස්සාවක් හොයාගෙන මේ නය සේරම ගෙවන්නම් මාමේ.”

“මම ගාව කොයින්ද බං මේවට වියදම් කරන්න සල්ලි. උබලගේ අම්මව බලපු දොස්තර නෝනා තමයි මේ හැමදේටම වියදම් කලේ. උබ අඩනවා දැකලා නෝනට හොදටම දුක හිතිලා. උදවුවක් ඕනි උනොත් කතාකරන්න කියලා මේ නොම්බරේ උබට දෙන්න කිවුවා.”

මාමා මගේ අතින් කාඩ් එකක් තිබ්බා.ඉංග්‍රීසියෙන් නම ලියලා තිබුනේ මානෙල් උක්වත්ත කියලා. හදවතින්ම මම ඒ නෝනට පින් දුන්නා. කරදර ටිකක් අඩු උනාම ගිහින් කතා කරලා එනවා කියලා හිතා ගත්තා.

ඊලඟට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි . මම කොහෙද ඉන්නේ කියන එක. මාමනම් කිව්වේ එහේ යමු කියලා . ඒත් නැන්දා ඒකට කැමති නෑ. එයා කොහොමත් එක විදිහක්නේ.

“දැන් ඉතිං මොනා කරන්නද කෙල්ලේ. රෙදි ටික ලෑස්ති කරගනින් අපිත් එක්කම යන්න.”

මාමා කියපු කතාවට නැන්දා ගේ ඇස් උඩ ගියා . සෙනග ඉස්සරහ මුකුත් කියන්න බැරි නිසා ද කොහෙද සද්දෙ නැතුව ඉදියේ .ගෙදර ගියාම මාමාවයි මාවයී දෙන්නටම හොදට අහගන්න පුලුවන් වෙයි. එයාට පුතෙක් ඉන්න නිසා දුවෙක්ගේ වේදනාව දැනෙන්නේ නැතුව ඇති. මොනා කරන්න ද මට වෙන යන්න තැනක් නෑනේ. මම ඇඩූ කදුලෙන්ම රෙදි ටික ලෑස්ති කර ගත්තා . මගේ අම්මගේ හැම මතකයක්ම හිත අස්සෙ හන්ගගෙන මම නැන්දා යි මාමා යී එක්ක ත්‍රීවීලර් එකට නැග්ගේ එහේ යන්න. ජීවෙතේ මොන විදියට විසදෙයිද කියලා මම වත් දන්නේ නෑ.

මාමා ගේ නිවස ඉදිරියේ ත්‍රීවීලර් එක නැවත්තුවා. නැන්දා නම් එනකන්ම ආවේ පුපුර පුපුර.

එතනින් පස්සෙ සචිනි ට මොනා වෙයිද ? නැන්දා සචිනිට කොහොම සලකයිද?

Related posts

Leave a Reply