දෙවෙනි කසාදේ – පලමු කොටස

“අනේ මාව අතාරින්නකෝ……
ප්ලීස් මට යන්න දෙන්න.අනේ කොහෙද මාව අරන් යන්නෙ මට යන්න දෙන්නකෝ…..”

“කට වහපන් පරට්ටි.ඊලට පාර උණ්ඩෙ අනිත් පැත්තෙ එන්න ඔබන්නෙ උබේ කටට ”

“ඔයාලා කොහාටද මාව අරන් යන්නෙ.මම ඔයාලට වරදක් කරලා නෑ අනේ මාව අත අරින්නකො ”

මගෙ ඔලුවට තදින් වැදුන පහරක් නිසා කෙදිරිල්ලත් සමගම මට වේදනාව දරා ගත නොහැකිව ඇස් දෙක බොද වෙමින් පිය උනා.

“මේකිගෙන් පුදුම කරදරයක් බන් තියෙන්නෙ.මේකිව මොකට බොසා උස්සන් එන්න කිව්වද මන්දා.”

“මොනවා උනත් මරු කද බන්.අම්මෝ දකිනකොටත් ඉන්න බෑ බන්”

මම ඇස් ඇරලා බලන විට හිටියෙ සැප පහසු සුවිශාල වායුසමනය කරන ලද කාමරයක කියලා වටපිට බලන කොට මට හොදටම තේරුම් ගියා.

ඔලුවට දැනුනෙ බර ගතිය යන්නත් එක්ක කියලා හිතාගෙන මම වොශ් රූම් එකත් ඇරගෙන මූණ හෝද ගන්න කියලා හිතාගෙන ගියේ…..

මම වොශ් රූම් එකෙන් එලියට එනකොට උස මහත මූණෙ කැපුම් පාරවල් කීපයක්ම තිබුණ භයානක මූණක් තියෙන පිරිමි කෙනෙක් කාමරේ හිටියා.

“ආ….. මෙන්න මේක ඇද ගන්නවා.තමුසෙ හෙට ඉදන් රස්සාවට යන්න ලැහැස්ති වෙනවා”

“ම්….. මො…. මොන රස්සාවද”

“හහ් හහ් හා…..”

ඒ මිනිහා වියරුවෙන් වගේ හිනා උනේ මාව තවත් බය ගන්වමින්.

“උබ හිතුවද උබව මෙහාට ගෙනාවෙ ආතල් එකට කියලා…..
උඹේ ඔය නිකන් තියෙන ඇගෙන් වැඩක් ගනින් යකෝ.බලපන්කෝ ලස්සන”

“අනේ මට බැහෑ…..
කරුණාකරලා මාව ගෙදරට ගෙනිහිල්ලා දාන්නකෝ…..අම්මා බය වෙලා ඇති දෙවියනේ ”

“උබට ආයෙ කොහෙවත් යන්න හම්බෙන්නෙ නෑ.

වෙන කවුරු හරි උබෙන් වැඩක් ගන්න කලින් වරෙන් ආතල් එකක් ගන්න”

ඒ මිනිහා වියරුවෙන් වගේ හිනා වෙවී මම ලගට ආවෙ අමුතු කෑදර හිනාවක් මුවේ රදවගෙන.අවුරුදු විසි එකක් තිස්සෙ රැකගෙන ආපු මගේ පිරිසිදුකම නරුමයෙක්ට පූජා කරන්න වෙයි කියන බය තදින්ම මගෙ හිතට දැනුනා.

ඇස් දෙකම අන්ධ මගෙ රත්තරං අම්මවත් මගෙ උසස් පෙළ වයසෙ ඉන්න නංගිගෙත් අහිංසක මූණු මැවී මැවී පෙනුනේ මේ මනුස්සයගෙ වියරු බැල්ම හමුවෙ.

එන්න එන්නම තවත් ලං වෙද්දි කිසිම දෙයක් හිතා ගන්න බැරුව මගෙ ඇස් දෙක පිය උනේ ඉබේටමයි.

වියරුවෙන් වගේ ලගට ඇදලා ගත්ත මාව කෙලින්ම ගිහිල්ලා වැටුනෙ ඒ නරුමයාගෙ කකුල් දෙක ලග.ආයෙමත් අත් දෙකෙන් ඇදලා අරන් ඇදට තල්ලු කලේ අත් දෙක රිදුම් දෙනකොට.

“අනේහ්….. මට යන්න දෙන්න….”

“උබව දකිනකොට ඉන්න බෑ යකෝ….. උබට මේ රස්සාව හොදට ගැලපෙනවා”

මාව තවත් ඒ ශරීරයට තද කර ගනිද්දි මට පුලුවන් උපරිම ශක්තිය යොදවලා ඒ නරුමයව ඉවතට තල්ලු කරන්න හැදුවත් ඒ තරම් ශක්තියක් නැහැ.දගලලා දගලලා හෙම්බත් වුණු මට ඒ නරුමයත් සමග ඔට්ටු වෙන්න බැරි තරමටම දුර්වල වෙලයි හිටියේ.

මගෙ ලැම පෙදෙසෙන් ඇදුම ඉරලා දමනකොට මරණය මීට වඩා සැපක් කියලා මට අනන්තවත් නොහිතුනා නොවෙයි.

ඒ නරුමයා මගේ දෙතොල් වලට ලං වෙන්න හද්දිම කෝල් එකක් ආවේ ඒ මනුස්සයට.

“ඕ ශිට්….. ඕකව ඔහොම තියා ගනින් මම එනවා ඉක්මනට.ඕකටත් දැන්ද මතක් උනේ”

වියරුවෙන් වගේ කෑ ගහපු මනුස්සයා නැවත්ත් මා දිහා තද බැල්මක් දැම්මෙ ඔහොම හිටපන් වගේ බැල්මක්.

මම දුන්න ඇදුම් දෙකත් අරගෙන වොශ් රූම් එකට ගියේ ගතේ වේදනාව නිවා ගන්න.වතුර මල යටට වෙලා පැය ගානක්ම හිතේ හැටියට නා ගත්තෙ සිදු වුණු සිදුවීම් පෙලින් පෙලට මතක් කරමින්.

සිදු සිදුවීම් පිලිබද වටහා ගන්න බැරුව පැය ගානක් ඇද විට්ටමට හේත්තු වෙලා කදුලු සැලුවේ අම්මගෙයි නංගිගෙයි මූණු මැවී මැවී පෙනෙමින්.

පැය ගානක් කදුලු වගුරවමින් හිටිය නොදැනුවත්වම නින්ද ගියේ මටත් රහසෙමයි.

උදේම අවදි උන මට සැර කාන්තාවක් ඇදුම් වගයක් දීලා ඇදගෙන පල්ලෙහාට එන ලෙස අණ කලා.

ඒ ඇදුම් මගේ සියුම් රේඛා වඩ වඩාත් ඉස්මතු කරමින් පෙන්වමින් මාව වෙනත්ම ස්වරූපයකින් දිස් උනා.

මගේ රුව මටම අප්පිරිය වෙන තරමටම ඒ ඇදුම් ගෙන ආවේ වෙනමම හැගීමක්.

වාහනයකින් පැය භාගයකට ආසන්න කාලෙකින් මාව රැගෙන ගියේ කවදාවත් යන්න බලාපොරොත්තු නොවිච්ච ස්ථානයකට

“අද ඉදන් මේක තමයි රස්සාව.පොඩ්ඩක් හිනා වෙලා ඉදපන්.උබට හොද ගානක් හොයා ගන්න පුලුවන්”

“අනේ නැන්දේ මට මෙතනින් යන්න උදව් කරන්න මම කැමති නෑ මෙතනට.මම කැමැත්තෙන් ආවෙ නෑ ”

“උබ ඒවා බොසා එක්ක බලා ගනින් මට කරන්න දෙයක් නෑ.තව විනාඩි දහයකින් මහත්තයෙක් එයි ලැහැස්ති වෙලා ඉදපන් පොඩ්ඩක් හිනා වෙලා”

තව විනාඩි දහයකින් මගේ ඉරණම වෙනමම පැතිකඩකට හැරවෙන්න යනවා කියලා දැනෙද්දි සිය දිවි හානි කර ගන්න තරම් නොහිතුනාම නෙමෙයි.

ඒ සැර කාන්තාව තවත් විනාඩි දහයකින් හැඩි දැඩි සිරුරකින් යුක්ත පිරිමියෙක්ට මාව භාර දෙද්දි මට දරා ගන්න බැරි දුකක් හිත තුළ තෙරපුණා.

“ළගට එන්න”

“අනේ මට සමාවෙන්න මහත්තයෝ මට බෑ…..
මම මේ කැමැත්තෙන් කරන රස්සාවක් නෙමෙයි….
ඉස්සෙල්ලාම අද තමයි…..
මාව බලෙන් අරන් ආවේ…..
මට යන්න ඕනෙ මහත්තයෝ ”

මම අඩ අඩ කියද්දි සිහින් සිනාවක් ඒ මූණෙන් දකිද්දි මාව තවත් වෙව්ලලා ගියා.

“මට විස්තරේ කියන්න…..
ලගට එන්න බය වෙන්න එපා”

ඊයේ දවස ඇතුලත අද උදේ ඇතුලත් සිදු වුණු සිදුවීම් පෙළ එකින් එක පෙල ගස්වමින් මම ඒ හැඩි දැඩි සිරුරක් හිමි තරුණයට පැවසුවා.

“නම මොකද්ද”

#ප්‍රාර්ථනා_දෙව්දුණි_විමංසනී”

“හ්ම්ම් මම #රන්දෙව්_ආකාශ්_සූරියබණ්ඩාර ”

“අනේ මහත්තයා මාව බේර ගන්න.මට ගෙදර යන්න ඕනේ…. මගෙ අම්…..”

මම දිගටම අඩමින් කියාගෙන යද්දි එක පාරටම

Related posts

Leave a Reply