සචිනි – එක කොටස

මම සචිනි . මගේ පවුලේ මමයි අම්මයි විතරයි .තාත්තා මම පුංචි කාලෙදිමයි අම්මවයි මාව යි දාලා ගිහින් තියෙන්නේ . අම්මා ගොඩක් අමාරුවෙන් තමයි මාව හදා ගත්තේ .අපිට හරියට කන්න බොන්න වත් තිබුනේ නැහැ . සමහර දවස් වලට අම්මා කොස් ඇට තම්බලා තමයි මට කන්න දුන්නේ . කොස් තියන කාලෙට අපි බත් වෙනුවට කෑවේ කොස් තමයි.අපේ අම්මට හිටිය අයියා කෙනෙක් .එයා ඉදල හිටල අපිට එළවළු ටිකක් ගෙනත් දෙනවා . හැබැයි මාමා අපිට උදවි කලේ නැන්දට හොරෙන්. එයා අපිට වැඩිය කැමති නැහැ . මොන ප්‍රශ්න තිබුණත් අම්මා මට පණ ඇරලා ආදරේ කළා . මමත් ඊට දෙවෙනි වුණේ නෑ . මගෙත් මුළු ලෝකෙම අම්මා තමයි .අම්මට වෙන කසාදයක් කරගන්න පුලුවන් කම තිබුනත් මම ගැන හිතල එහෙම කලේ නෑ.

වෙලාව රෑ 10 ට විතර අම්මා හදිසියේම අසනීප උනා. අම්මා ට පපුවෙ අමාරුවක් තිබුණේ .මට කරගන්න දෙයක් නෑ. මම උඩහ නැන්දට කතාකරලා වීල් එකක් අරන් එන්න ගියා. වීල් එකට අම්මවත් දාගෙන මම ඉස්පිරිතාලෙට ගියා.

අනේ දෙවියනේ මගෙ අහිංසක අම්මා ට කරදරයක් වෙන්න එපා.මට ඉන්නේ අම්මා විතරයි . එයව මගෙන් ඈත් කරන්න එපා දෙවියනේ . ඉස්පිරිතාලෙට ටනකන්ම මම ප්‍රර්තනා කලේ ඒකමයි. අම්මා ට එන්න එන්නම අමාරුයි . අම්මා මට මොනවද කියන්න හැදුවා . ඒත් එයාට ඒක කියගන්න බැරි උනා.

අපි ඉස්පිරිතාලෙට ආවා. අම්මව ට්‍රොලියක දාලා icu එකට අරන් ගියා. එතනින් එහට මට යන්න බැරිවුණා . මම එහෙම ම icu එක ඉස්සරහ තිබුන බංකුවෙන් වාඩි උනා. මට කරන්න දෙයක් තිබුනෙම නෑ. අම්මා වෙනුවෙන් අඩනවා ඇරෙන්න . මම ගොඩක් වෙලා ඇඩුවා . දෙවියනේ මගෙ අම්මා ට කරදරයක් වෙන්න එපා කියලා මම දෙවියන්ගෙ න් ඉල්ලුවා.මම දන්නෙ ම නැතුව මට නින්ද ගිහිල්ලා .

“කෙල්ලේ”

මාමා කතාකරන සද්දෙට මාව ඇහැරුනේ.

“මාමේ කොයි වෙලේද ආවේ. ”

“මම දැන් ආවෙ බං.”

අපේ කතාව අතර icu එක ඇතුලෙ ඉදන් ඇටෙන්ඩ්න්ට් කෙනෙක් මැරුනු කෙනෙක්ව සුදුපාට රෙද්දකින් වහගෙන් අරන් ආවා.

“බලන්න මේ ඉන්නේ ඔයාලගේ කවුරුත් ද?”

ඇය කියපු කතාවට මගේ ඉහෙන් කටින් දාඩිය දාන්න ගත්තා. අනේ දෙවියනේ මේ වෙන කව්රු හරි වෙන්න ඕනි. මම ඒ තරම් පවු කරල නෑ. මම හිතත් එක්ක ඔට්ටු වෙද්දී තමයි මාමා සුදුපාට රෙද්ද ඉස්සුවෙ කවුද කියලා බලන්න.

සුදුපාට රෙද්දෙන් වසා ආපු සිරුර සචිනි ගේ අම්මා ගේද?

Related posts

Leave a Reply