මං නුබේ පතිනියයි – දහතුන්වන කොටස

“ඒක බොරුවක් කේශ්……
ඔයා බොරු කියන්නෙ….. ඔයාගෙ ඇස්වලින් මම හැමදාම ඔයාගෙ ආදරේ දැක්කා කේශ්…..ඒක බොරුවක් නෙමෙයි….හැමදාම දැක්කා ඔය ඇස් වල මට තිබ්බ ආදරය….තවත් හංගන්න උත්සහ කරන්න එපා කේශ්…..

“මට කියන්න කේශ් කියන්න…..
මොකක්ද ඔයා තව ටික දවසයි ජීවත් වෙනවා කියන එකේ තේරුම…..කතා කරන්න කේශ්…..ඇයි ඔයා සද්ද නැතුව ඉන්නෙ……කියන්න මට මොකක්ද ඒ කතාවෙ තේරුම…..”

“විහාර මට…….”

“නවත්තන්න කේශ්…… ඔයා දැන් කියන්න හදන්නෙ බොරුවක් නම් ඒක වහාම නවත්තන්න….. මං ඔයාට කියන්නෙ ඇත්තම කියන්න කියලා……”

“විහාර මට බ්ලඩ් කැන්සර් එකක්…….”

කේශ්ගේ වචන ටික විහාරට අදහ ගන්න බැරි උනා.තමන්ගෙ ස්වාමිපුරුශයට තමන්ගෙ ආදරවන්තයට පිලිකාවක් කියන එක දරා ගන්න බැරි උනා.පිලිකාවක් කියන නම අහන්නත් බය හිතෙන වචනයක්.තමන්ගෙ හතුරෙකුටවත් ඒ වගේ දෙයක් වෙනවට කවුරුත් කැමති නෑ.

“නැ….. කේශ් ඒක කීයටවත් වෙන්න බෑ…… ඒක වෙන්න බැරි වැඩක්…… මං විශ්වාස කරන්නෙ නෑ කේශ්…… ඔයා යන්න ඕනෙ මං එක්ක චෙකප් එකක කර ගන්න…..ඔව් මේ දැන්ම….. යං කේශ් අපි යමු……”

“විහාරා ප්ලීස්…… මට බෑ….. ආයෙ ආයෙමත් ඒ වචන ටික මට අහලා හදා ගත්ත හිත පාර ගන්න බෑ….. ප්ලීස් විහාරා මේ ඉන්න ටික දවස මට සතුටින් ඉන්න දෙන්න…..මට ඒ ඇති විහාරා…..”

“බෑ කේශ්….. බෑ……. ඔයා මම එක්ක චෙකප් එකක් කර ගන්න යන්නම ඕනේ…..”

කේශ් කොච්චර බෑ කිව්වත් විහාරා කේශ්ගෙ බහට අවනත උනේ නෑ……. විහාරා බලෙන්ම කෙශ්ව එක්කගෙන ගිහින් චෙකප් එක කලා…..

#කේශාන්_සුධාර_ඒකනායක චෙකප් එකේ නම් කිසිම අව්ලක් නෑ….. බය වෙන්න දෙයක් නෑ.ඔයාගෙ කලින් රිපෝර්ට්ස් වැරදී….. ඔයාට බ්ලඩ් කැන්සර් එකක් නෑ…. බය වෙන්න දෙයක් නෑ…..

කලින් කොහෙන්ද චෙකප් එක කලේ…..”

“මෙහෙම්මයි ඩොක්ට…..
රිපෝට්ස් ගෙදරට ආවා”

“මට ඔය රිපෝර්ට්ස් ටික ආයෙමත් දෙන්න බලන්න”

“බය වෙන්න එපා….. මේ ඔයාගෙ රිපෝර්ට්ස් නෙමෙයි….ඔයාට කිසිම ලෙඩක් නෑ….. මේ වෙන කෙනෙක්ගෙ රිපෝර්ට්ස්….. සොරි මේක අපෙන් වෙච්ච වැරදීමක්….”

“ඒකට කමක් නෑ ඩොක්ට…. මේක කලේ කව්ද කියලා මං හොදට දන්නවා….. මං එයත් එක්ක ඒක බේර ගන්නම්”

ඩොක්ටට සමු දීලා කේශ් ආවේ යසිත්ගෙ නංගි නතාශව හම්බ වෙන්න.කේශ්ගෙ ඇස් වල තිබ්බ ඒ තියුණු බැල්මෙන් විහාරට තේරුනා කේශ් ඉන්නෙ තරහෙන් කියලා…..

“අයියේ….. අපි ගෙදර යමු…..”

“විහාරා තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මගෙන් ගුටි නොකා…..”

“ප්ලිස්…. අපි ගෙදර යමු කේශ්….. මෙතන ප්‍රශ්න විසදන්න පුලුවන් තැනක් නෙමෙයිනෙ…..”

“විහාරා මං දැන් තමුසෙට සැරයක් කිව්වා….. පැත්තකට වෙලා හිටපන් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව…..

ආ…… මං තමුසෙව තමා හෙව්වෙ….”

“ආනේ…. කේශ් අයියා…..
ඔයා කොහෙද මෙහෙ….”

“මෙහෙද…..
තමුසෙ නිකන් බබා වෙන්න හදන්න එපා *$&%…..
තෝ මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නද හැදුවෙ *$%*
මං හිතුවෙ උබගෙ අර #% අයියා වගේ නැතුව ඇති කියලා.බලන් යද්දි තොපි දෙන්නම් එකයි.ඔව් ඉතිං එකම ලේනේ උබලගෙ ඇගේ දුවන්නෙ….”

“අනේ…. ඇයි කේශ් අයියා ඔයා මට මේ බනින්නෙ….. මං මොකද්ද කරපු වරද….”

“බොරුවට නැලවෙන්න හදන්න එපා #&% උබ හොදටම දන්නවනෙ මං මොකක් ගැනද කතා කරන්නෙ කියලා”

“අනේ මං මේ මොකුත් දන්නෙ නෑ කේශ් අයියේ….”

ඉන්නෙ කොහෙද වත් බලන්නෙ නැතුව කේශ්ගෙ අත නතර උනේ නතාශගෙ කම්මුල ස්පර්ශ කරමින්

“ප්ලිස්ස්…… කේශ් අපි දැන් යමු…. පස්සෙ වෙලාවක අපි මේකබේරගමු…. මිනිස්සුත් බලන් ඉන්නවා කේශ් අපි මේ ඉන්නෙ හොස්පිට්ල් එකේ”

“විහාරා ඊලගට මගෙ මේ අත අතර වෙන්නෙ තමුසෙගෙ කම්මුලේ කියලා මතක තියා ගන්නවා”

“කේශ් අයියේ වෙච්ච හැමදේම මම කියන්නම්.අපි පොඩ්ඩක් එලියට යමු”

“හරි යමං….”

කට්ටියම එලියට ආවා…..

“හරි මට දැන් ඇත්ත කියනවා”

“ඒ….. රිපෝර්ට්ස් අපේ අයියගෙ කේශ් අයියේ…..”

“මොකක්”

යසිත් කියන්නෙ තමන්ගෙ එකම හතුවා උනත් යසිත්ට කැන්සර් එකක් කිව්වහම කේශ්ගෙ හිත උනු උනා.කැන්සර් කියන්නෙ භයානක රෝගයක් නිසා.සුව කිරීමට අපහසු රෝගයක් නිසා…..

“ඔව් කේශ් අයියෙ අපේ අයියට බ්ල්ඩ් කැන්සර් එකක්…..”

“ඉතිං නතාශා මොන මගුලකඩද ඕයි තමුසෙ මට රිපෝර්ට්ස් එව්වෙ”

“මං දැක්කා ඔයා එදා චෙකප් එක කර ගන්න එනවා.ඒ නිසා ඔයාගෙ රිපෝර්ට්ස් වෙනුවට අයියාගෙ රිපෝර්ට්ස් ටික ඔයාට යවන්න කියලා අයියා මට කිව්වා”

“දැන් තමුසෙලා ඒකෙන් මොනවද බලාපොරොත්තු උනේ”

“අයියා දැනන් හිටියා ඔයා ටිකෙන් ටික විහාරාගෙන් ඈත් වෙයි කියලා.අයියා හැදුවෙ විහාරවයි ඔයාවයි ඈත් කරන්න.අයියට විහාරව ඕනෙ වගේම මට ඔයාව ඕනේ කේශ් අයියේ….. මං ඔයාට ආදරෙයි…. ප්ලීස් මං ලගට එන්න කේශ් අයියේ…..”

“මොකද්ද උබ කිව්වෙ වහපන් පරට්ටි කට…..”

ආයෙමත් කේශ්ගෙ අත නතර උනේ නතාශගෙ කම්මුලේ.

“ප්ලිස්ස්…… කේශ් අපි දැන්වත් යමු”

විහාරා බල කරලා කේශ්ව කාර එකට නග්ග ගත්තා…..

ඊලගට කෙලින්ම ගියේ යසිත්ගෙ ගෙදරට….. ඒයනකොට යසිත්……

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply