නුඹ මගේ පතිනියයි – නවවන කොටස

“උබ මේ කරපු දේට මං උබලා හැමෝගෙන්ම පලිගන්නවා……

උබලා නයාට ගහලයි වරද්ද ගත්තේ……

මං උබලා ඔක්කොම විනාශ කරනවා……

එක පාර නෙමෙයි ටික ටික…….

මං උබලව නැති කරලම දානවා……”

“මොනවද උබ තනියම කියවන්නෙ අහ්……

උබට පිස්සුද……

මෙහාට වරෙන්…..”

“නෑ…..

නෑ…… මේ ඉන්ස්පෙක්‍ටර්……”

“ආ…… හා….. හා…… ඒවා ඔක්කොම බලාගනින් ලොක්කා එක්ක…..

වරෙන් යන්න……”

යසිත් යනකොට ඇවිත් හිටියෙ යසිත්ගෙ නංගී……

“අයියා…….

අනේ….. අයියා……

ඔයා මොනවද මේ කරගත්තේ……

මං…..

මං….. කොච්චර දුකෙන්ද අයියා හිටියේ……”

“යසිත්…..

නංගි තමුසෙට ඇප දෙනවා……

ආයෙ මේ වගේ වැඩ කරලා මේ පැත්තෙ එන්න හිතන්නවත් එපා ”

යසිත් නතාලි එක්ක එලියට ඇවිල්ලා නතාලි යසිත්ව බදා ගත්තා.

“ඔයාට මේ මොකද උනේ අයියා…..

මං දන්නෙත් අර විශ්ව කිව්වට පස්සේ……

කතා කරන්නකෝ අයියා මොකද උනේ කියලා කියන්නකෝ…..”

නතාලි දෙවුරහිසින් අල්ලලා යසිත්ගෙන් ඇහුවා.

මොන තරම් නරක වැඩ කරත් නතාලිගෙ හුස්ම පොද යසිත්.ඒ වගේම යසිත්ගෙ හුස්ම පොදත් නතාලි.දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැහැ.දෙන්නම එකතු වෙලා නරක වැඩ කලත් දෙන්නගෙ හිතේ සහෝදර ප්‍රේමය ඉහලින්ම තියෙනවා.

“ගෙදර යමුකො නතාලි විස්තරේ කියන්නම්……”

“බැහැ…..

බැහැ……. මං විස්තරේ කියනකන් මං මෙතනින් හෙලවෙන්නෙ නෑ…..”

යසිත් සිද්ද උන හැමදේම අකුරක් නෑර නතාලිට කිව්වා……

“අයියා……

අර ගොඩේ වගේ කෙල්ල නිසාද ඔයාට මෙහෙම උනේ…..

මං……

මං ඕකිව…… ඉතුරු කරන්නෙ නෑ…මගේ කේශ්ව උදුර ගත්තා…..

දැන් මගෙ අයියව හිරේ යැව්වා…..

මං උබට යහතින් ඉන්න දෙන්නෙ නෑ වල් &$&…….

කේශ්ට වඩා මට මගෙ අයියව වටිනවා…..

උබ හැප්පුනේ වැරදි කෙනෙක් එක්ක…..

අයියා……

යං ගෙදර……

මං ඕකිට යහතින් ඉන්න දෙන්නෙ නම් නැ……”

“මේ හලෝ……”

“කියන්නකෝ මගේ පැටියෝ……”

“මේ මට දෝ මතයි”

“එන්න බබා යමු…..

එන්නකො අපි දොයිය ගමු…..”

“බෑ……”

“ඇයි……”

“මට මෙන්න මෙතන තමා දොයියන්න ඕනේ….. ”

“ඉතිං එන්නකො බබා…..”

“ඔයා මාව දොයි කරවනවද……”

“ඔව් බබා…..”

“ඔන්න ඒනම් මං එනවා මෙන්න මෙතනට……”

“එන්නකෝ බබා…..

අපි කාමරේට යමුකෝ…..

ගිහින් දොයියමු හරිද…..”

“මට බෑ…..”

“ඒ පාර මොකද…..”

“මාව ලුණු ගෙනියන්න……”

“මගෙ පිස්සු කෝලම…..

එන්න…..”

කේශ් විහාරව කර උඩට අරගෙන කාමරේට එක්කන් ගිහින් පරිස්සමට ඇද උඩින් තිබ්බා……

“අනේ…..

අපි තව චුට්ටකින් දොයියමුද…..

අපි දෙන්නා බඩ්ඩක් කරමුද……”

“මොකද්ද කියන්න බලන්න ඔයාගෙ ඔය බඩ්ඩ…..”

“මේ……

අපි දෙන්නා මේම මේම කොට්ටෙන් ගහගමුද”

“දැන් ඒමද ඕනි අහ්….

ඔන්න එහෙනම්”

“ඔහොම ඉන්නවකෝ මෝඩයෝ…..දැන්ම නෙමෙයි. චුට්ටක් කියව කියව ඉමුකෝ…..”

“හා…… එහෙනම් කියන්නකෝ…..

මං……

අහන් ඉන්නම්කෝ…..”

“මේ….. අහන්නකෝ…..

ඔයාගෙ අර ආපු මෝඩ යාලුවා….

එයා හලි ශෝයි අනේ…..

මං එයාට ආදරෙයි

ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න…..

කියන්නකෝ…..”

“මොකද්ද…..

කියන්නකෝ බලන්න”

“මං එයාට ආදරෙයිනෙ……

මට එයාව ඕනේ…..

ඔයාට බැරිද මට එයාව සෙට් කරලා දෙන්න…..”

“මොකක්”

“ඇයි අනේ…..

මං එයාට ගොඩක් ආදරෙයිනෙ”

“පිස්සුද”

“ඉරිසියාකාරයා…..

බෑ….. බෑ…..

මට එයාව ඕනෙමෙයි”

විහාරගෙ කටින් පිට උන වචනයක් ගානෙම කේශ්ගෙ පපුවට පිහියකින් අනිනවා වගෙයි දැනුනේ. විහාරා කොහොම හැසිරුනත් වොහාරගෙ කටින් ඒ වගේ දෙයක් කියනවට කේශ් පොඩ්ඩක්වත් කැමති නෑ….

ඒ තරමට කේශ් විහාරට ආදරෙයි.ඒ ආදරේ නිසා පුංචි වචනෙන් පවා කේශ්ගෙ හිත පෑරෙනවා.ඒකටයි ආදරේ කියන්නෙ.ප්‍රියය්න්ගෙන් වෙන් වීම දුකක්.අපි ආදරේ කරන අග අපෙන් ඈත් වෙලා යනකොට ඈත් වෙලා යන්න හදනකොට ඒ දැනුන වේදනාව ගොඩක් ලොකු වේදනාවක්

ඒ වේදනාවට මුහුණ දෙන්න අපි කවුරුත් කැමති නැහැ.කේශ් කැමතිත් නෑ විහාරා තමන්ගෙ ඇස් මායිමෙන් වත් දශමයක්වත් එහාට යනවට කැමති නෑ.

“හූ…… හූ……”

“මොකද”

“හූ…. හූ…..

රැවටුනා මෝඩයා…..

හූ…… හූ…..”

“දැන් කව්ද රැවටුනෙ…..”

“දෙයක් කියන්නද්”

“කියන්නකෝ බබා”

“මේ…..

මං එයාට ආදරේ නෑ අනේ…. ”

“එහෙනම් කාටද ආදරේ…..”

“මං ආදරේ……

මං ආදරේ….. ඔයාට…..”

එහෙම කියලා විහාරා කේශ්ගෙ දෙතොල් මත දෙතොල් තැවරුවා.

“ඒයි මෝඩි…..

කොහෙන්ද අහ් ඔය නරක පුරදු පුරුදු උනේ…..

කව්ද කියලා දුන්නෙ….”

“ඇයි මං නරක වැඩක්ද කලේ….”

“මං අද දවල් බලපු ෆිල්ම් එකෙත් එහෙම කලා…..

ඉතිං මොකද්ද ඒකේ වැරැද්ද”

“අහුවෙනවකො ආයෙ ෆිල්ම් බලලා”

විහාරාගේ මේ පිස්සු වැඩ නිසා කේශ්ගෙ හිතේ විහාරා ගැන ආදරේ පිරිලා ඉතිරිලා ගිහින්.ඒ වැඩ වලටයි ගොඩක් කේශ් ආදරේ.කෙල්ල ගොඩක් හුරතල්.පොඩි ලමෙක් වගේ.කිසිම තේරුමක් නෑ.බරක් පතලක් නෑ.

“ඇයි මට ෆිල්ම් බලන්න එපා කියන්නෙ”

“ෆිල්ම් බලලා තමා මේ ලමයා නරක් වෙන්නෙ”

“ඇයි…..”

“ඇයි කියලද අහන්නෙ….”

කෙල්ල හිතන්නත් කලින් කේශ් කොට්ටයක් අරන් ගහන්න ගත්තා.එකපාරටම කෙල්ල කෙහෙල් කදක් වගේ එක පාරටම කඩන් වැටුනා…..

“විහාරා…..

බබා…..

අනේ…..  නැගිටින්න…..

කතා කරන්නකෝ බබා……”

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply