මං නුඹේ පතිනියයි – හයවන කොටස

“අනේ……ආ…ව්…. මගේ……ඔලුව…..”

“විහාරා…… විහාරා…..”

“අනේ……මට බෑ…..හ් ආ….ව් මගෙ ඔලුව….. ආ…..හ්”

“විහාරා…..මගේ කෙල්ලෙ.අනේ මොකද ඔයාට.අමාරුද කෙල්ලෙ.

මහේශ්……මහේශ්……

අනේ මගේ කෙල්ලට සිහිය ආවා බන්…..

අනේ…….”

“කේශ්…..

මොකද බන් කෑ ගහන්නෙ

ඇයි විහාරට මොකද උනේ…..”

“ම……මගේ….. විහාරට සිහිය ආවා මහේශ්.

ඉක්මනට බලපන් මගෙ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා”

“ආ…..හ්…. ඔලුව…..”

“බය වෙන්න දෙයක් නෑ කේශ්.තුවාලෙ වේදනාව තියෙන්නෙ

පොඩ්ඩක් ඉන්නකෝ”

මහේශ් නර්ස් කෙනෙක්ට අඩ ගහලා විහාරට දෙන්න ඕන බෙහෙත් පිලිබදව දැනුවත් කරලා විහාරට බෙහෙත් ටික පෙව්වා

“මේ……මට ඔය නලාව දෙනවද ටිකක්”

“ඒ මොකටද”

“ඔයාට ජාතකේ වැඩක් නෑනෙ.දෙනවකො ටිකක්.මං බලලා දෙන්නම් ඕක”

“විහාරා…… ඔයාට හොදයි නේද සුද්දි

ඔයාට මාව මතකයි නේද”

“ඊයා…….

යනවා පැත්තකට

මොන විහාරෙක්ද

තමුසෙ කව්ද

යනවා එහාට

මේ…… මේ…… මෙයා කව්ද මෙයා මට කරදර කරනවා.බලන්නකෝ……..”

“කේශ්……..

අපි හිතපු නැති දෙයක් වෙලා තියෙන්නෙ කේශ්…..”

විහාරට මතකෙ නැති වෙලා විතරක් නෙමෙයි

මං කියන්න ඕනෙ නෑනෙ කේශ් ඒක ඔයාටම තේරෙනවනෙ”

“එහෙම වෙන්නෙ කොහොමද මහේශ්

ඒක වෙන්න බෑ……

අනේ මගේ විහාරව මට ඕනෙ මහේශ්”

“මේ ඉන්නෙ ඔයාගෙ විහාරා තමා කේශ්

අද ඉදන් ඔයාට පොඩි ලමෙක් වගේ විහාරව බලා ගන්න වෙනවා

විහාරට හොද වෙනකන්

මොකද කොටින්ම කිව්වොත් විහාරා දැන් පොඩි ලමෙක් වගේ තමයි”

“ඒක වෙන්නෙ කොහොමද මහේශ්

මට ඕනෙ මගෙ කලින් හිටිය විහාරව

ප්ලීස් මහේශ් මගෙ කෙල්ලව මට සනීප කරලා දීපන්”

“කේශ්……

අපිට ඔයා හිතන තරම් ඉක්මනට විහාරව සනීප කරන්න අමාරුයි.

ඒකට ටික කලක් ගත වෙනවා

බය වෙන්න එපා මගෙ යාලුවෙක් ඉන්නවා එයාට අපි විහාරව පෙන්නමු

එයාට පුලිවන් විහාරව සනීප කරන්න

හැබැයි එක දෙයක්.

කේශ් ඔයා වෙනදට විහාරට දුන්න අවදානයට වඩා දෙගුණයක් තුන්ගුණයක් විහාරට අවදානය දෙන්න වෙනවා

මොකද විහාර කරන්න ඕනෙ මොනවද කරන්න ඕනෙ නැත්තෙ මොනවද කියලා තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක් නෑ තේරුනාද.

පොඩි ලමයෙක් බලා ගන්නවට වඩා ඒක අමාරු වැඩක්”

“විහාර බලා ගන්න මට පුලුවන් මහේශ්…..

මේ මගේ පණ…..

ආයෙමත් විහාරගෙ ඇගට අත තියන්න කාටවත් මං ඉඩ දෙන්නෙ නෑ මහේශ්…..

ඒ වැරැද්ද මං ආයෙමත් වෙන්න ඉඩ තියන්නෙ නෑ……”

“පුතා කේශ්…….”

“කියන්න අන්කල්”

“පුතාට වැඩත් එක්ක විහාරව බලා ගන්න අමාරු නම් මං විහාරව ගෙදර අරන් යන්නම් පුතා”

“මාව ඔහොම අවතක්සේරු කරලා කතා කරන්න එපා අන්කල්”

“මං එහෙම දෙයක් නෙමෙයි කිව්වා පුතා

මං කිව්වෙ ඔයාට වැඩත් එක්ක විහාරව බලා ගන්න අපහසු වෙයි කියලා”

“අන්කල් හිතන්නෙ මට විහාරට වඩා වැඩ ලොකුයි කියලද

මට විහාරව බලා ගන්න බෑ කියලද

විහාරට මේ වගේ දෙයක් උනේ මං නිසා කියලද”

“වැරදියට තේරුම් ගන්න එපා පුතා.මං එහෙම දෙයක් නෙමෙයි කිව්වෙ”

“මං ජොබ් එක නොකර හරි විහාරව පරිස්සම් කරනවා අන්කල්

ඒ ගැන සැකයක් තියා ගන්න එපා

ආයෙමත් බෑ විහාරට කාටවත් අත තියන්න

මහේශ් මට පුලුවන්ද විහාරව එක්කන් යන්න”

“ඔව් පුලුවන් හැබැයි දවස් තුනෙන් තුනට බෙහෙත් දාන්න එන්න.

මං දෙන බෙහෙත් ටික බලලා හරියට දෙන්න.

මං කියපුවා හොදට මතක තියා ගන්න.

එච්චරයි කරන්න ඕනෙ.

විහාරට එච්චර අමාරුවක් නෑනෙ.”

“විහාරා…….

ඔයාට අමාරුවක් නෑ නේද.”

“මං ඔයා එක්ක කතා කරන්නෙ නෑ මං ඔයා එක්ක තරහයි.

ඔය නලාව මට දුන්නෙ නෑනෙ.

අර ගෑණිට කියලා මට තිත්ත බෙහෙතුත් පෙව්වා”

“තරහා වෙන්න එපා විහාරා……

ආ මෙන්න ඔයාට නලාව.

කෝ දැන් කියන්න ඔයාට  අමාරු නෑ නේද”

“මං ඔයාට ආදරයි…….

නෑ මට අමාරු නෑ……”

විහාරා මොන තත්වෙ හිටියත් කේශ්ට ඇරෙන්න වෙන කෙනෙක්ට මං ඔයාට ආදරෙයි කියලා කියපු වචනෙ දරා ගන්න බැරි උනා.තමන්ගෙ හිතේ ඇති උන තිගැස්ම හිත ඇතුලෙම තද කරගෙන ඉවසගෙන හිටියා.මොනව හේතුවක් නිසා හරි විහාරා කේශ්ගෙන් ඈත් වෙයි කියන බය ඒ වචන දෙක තුනෙන් කේශ්ගෙ හිතට දැනුනා.

තමන් ආදරේ කරන කෙනා විහිලුට හරි වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා කියනවට කැමති නෑ.ඒක තමාගෙ හිතට දුකක් වේදනාවක්.තමන් ආදරේ කරන වස්තුව වෙන කෙනෙක්ට හිමි වෙනවට කවුරුත් කැමති නෑ.ඒක මේ ලෝක ස්වභාවයක්.තමා කැමති දේ ලබා ගන්න අද සමාජයේ කොච්චර නම් මිණී මැරුම් රණ්ඩු සිද්ද වෙනවද.එහෙම සමාජයක  කේශ් ගෙ හිතේ ඇතිවන දුක වේදනාව සාධාරණයි.

“විහාරා…..

එහෙනම් ඔයාට දැන් ගෙදර යන්න පුලුවන්”

“කොහෙද මගෙ ගෙදර”

“මෙන්න මෙයාගෙ ගෙදර”

“ඒත් මට ඕනෙ ඔයාගෙ ගෙදර යන්න.මං ඔයාටනෙ ආස”

“එහෙම බෑනෙ විහාරා.

මෙයා මට වඩ ගොඩක් හොදයි.

ඔයාට ගොඩක් ආදරෙන් සලකයි.

ඔයාට ඕන දේවලුත් අරන් දෙයි.

ඒ හින්ද ඔයා මෙයාල්ගෙ ගෙදර යන්න.

ඔයාට ඕන ඒවා අරන් දෙන්න මං ලග සල්ලිත් නෑනෙ”

“අප්පො සල්ලි නැත්තන් මං එන්නෙ නෑ.

මේ…..ඔයා මට චොකලට් ගොඩක් අරන් දෙනවා නේද.

මේ නලා කාරයට වඩා ඔයා ගොඩක් ලස්සනයි

ඒ හින්දා මං ඔයාට ගොඩක් ආදරෙයි”

“ඔව් විහාරා මං ඔයාට චොකලට් ගොඩක් අරන් දෙනවා.

අපි යමුද ගෙදර

ම්ම්ම්ම්ම්……”

“හා අපි යමු….

බායි නලා කාරයා…..”

“පුතා ඔයා දුවව වාහනේට එක්කන් යන්නකො.

මං බිල් එක පේ කරලා එන්නම්”

” අන්කල් මෙන්න කාඩ් එක මේකෙන් පේ කරන්න”

“එපා පුතා.මට මේකවත් කරන්න දෙන්න

ඔයා දුවව වාහනයට එක්කන් යන්නකො.”

විහාරගෙ තාත්තගෙ කීම අහක දාන්න බැරි නිසා කේශ් විහාරගෙ තාත්තගෙ කැමත්තට ඉඩ දුන්නා.

විහාරගෙ තාත්තා ගියේ වෙනම වාහනයක.විහාරයි කේශුයි ගියේ කේශ්ගෙ වාහනේ.විහරටයි කේශ්ටයි මේ වෙලාවෙ පාඩුවෙ තනියම ඉන්න දෙන එක හොදයි කියලා හිතුන නිසා විහාරගෙ තාත්තා යාලුවෙක්ගෙ ගෙදර යනවා කියල ටැක්සියක් කතා කරගෙන ගියා.

විහාරට උන සිද්දිය දැන ගත්තහම විහාරගෙ තාත්තට තිබ්බ කලබලේට වාහනේ එන්නත් අමතක උනා.පාරට දුවගෙන ඇවිල්ලා ටැක්සියක් කතා කරගෙනයි හොස්පිට්ල් එකට ආවේ.

“මේ……

කෝ මට චොකලට්.

මට අයිස් ක්‍රීමුත් ඕනෙ

අරන් දෙනවද”

අනිවාරෙන්ම අරන් දෙනවා ඔයාට

ඔයාට ඕන දේවල් මට කියන්න ඕනෙ හරිද

ඔයාට ඕන දෙයක් මං අරන් දෙනවා”

ඔයා හරී හොදයි

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply