මං නුඹේ පතිනියයි – පස්වන කොටස

යසිත් කේශ්ට ගහන්න යද්දිම මං යසිත්‍ට ගහන්න ගියා.ඒ යද්දිම යසිත් ආකාශ්ගෙ ඔලුවට ගහලා මාවා ඈතට තල්ලු කලා.මං නැගිටලා කේශ් ලගට එන්න හදද්දි ආයෙමත් බිමට ඇදගෙන වැටුනෙ මුලු වටේම බොද වෙලා පෙනෙද්දි.

කේශුයි විහාරායි වේදනාවෙන් ඉන්නවා බලන් ඉන්න බැරි ඩිලාන් සිහි නැතිවෙනකන්ම බිම පෙරලගෙන යසිත්ට ගැහුවා.

“මල්ලි……

කේශ් නැගිටපන්…..

නංගී……

විහාරා…..

අනේ….. නැගිටින්නකෝ”

රිදුම් දෙන ඔලුව අල්ලගෙන කේශ් විහාරා ලගට ආවේ කෑ ගහගෙන

“විහාරා……

අනෙ…… නැගිටින්නකෝ.අනේ අයියේ මේ විහාරා….”

“මල්ලි ඔය ඔලුව…..

කෝ…..

කෝ බලන්න.ඔය ලේ බන් මල්ලි….”

“මට ප්‍රශ්නයක් නෑ අයියෙ.අනේ මගෙ කෙල්ල.ඉක්මනට හොස්පිට්ල් එකට එක්කන් යන්ද”

ඩිලාන් ඉක්මනට විහාරව වාහනේට දා ගත්තා.කේශිත් රිදුම් දෙන ඔලුව අල්ලගෙන වාහනේ පිටිපස්සට නැග්ගා.

තමන්ගෙ හිස කොච්චර රිදුම් දුන්නත් සිහියක් පතක් නැතුව ඔහේ ඉන්න විහාරා දිහා බලලා තමන්ගෙ වේදනාව නැති කර ගත්තා.

✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌

“කේශ් පොඩ්ඩක් මෙහාට එනවද මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ”

“ඔව් කියපන් මහේශ් මගෙ කෙල්ලට මොකද බන්.හොදයි නේද”

“අහපන්කො කේශ්……

මං මේ කියන දේ අහලා උබ කලබල වෙන්න එපා”

“අනේ මාව බය කරන්න එපා බන්.ඒ මගෙ පණ මහේශ්”

“හරි මේ අහපන්කො.කෙල්ලගෙ ජීවිතේට හානියක් වෙන්නෙ නෑ.ඒත් කෙල්ලගෙ ඔලුව තදින් වැදිලා තියෙනවා කේශ්”

“මං උබට වදින්නම් මහේශ්.කියන ඕන දෙයක් කරන්නම්.ලංකාවෙ බැරි නම් ඕන රටකට ගිහිල්ලා හරි මට මගෙ කෙල්ලව සනීප කරලා දීපන්”

“මේ අහපන්කෝ කේශ්…..

මට ඉස්සෙල්ලා කියන්න දීපන්කො.

මේකයි කේශ් විහාරගෙ මතකය නැති වෙන්න පුලුවන් සමහරවිට.ඒක අපිට තීරණය කරන්න පුලුවන් වෙන්නෙ විහාරට සිහිය ආවහම තමා”

“මහේශ්…..

මොනවද බන් මේ උබ කියන්නෙ.නෑ බන් මගෙ කෙල්ලට එහෙම මොකුත් වෙන්නෙ නෑ.අනේ මං කොහොමද බන් ඒක දරා ගන්නෙ.අනේ මට බෑ මහේශ්”

“කේශ්….. උබට මොකද මේ වෙලා තියෙන්නෙ අහ්.උබ කොච්චර හිත හයිය කොල්ලෙක්ද බන්.ඉස්සර අපි වැටුන වෙලාවට මතකද උබ මොන තරම් දේවල් කියලද බන් අපිව ගොඩ ගන්නෙ.

කෝ කේස් ඉස්සර හිටිය අපේ කේශ්.ඉස්සර අපිට පණ දෙන්න හිටිය කේශ් ඔහොම කඩන් වැටෙන්නෙ නෑ කේශ්.හිත හයිය කර ගන්න ඕනෙ කේශ්.විහාරගෙ මතකට විතරයි නැති වෙලා තියෙන්නෙ.විහාරගෙ ජීවිතේට හානියක් නෑ.

විහාරගෙ මතකය ගන්න පුලුවන් කේශ්.ඒක කරන්න පුලුවන්.ඒත් ඒක කරන්න පුලුවන් ඔයාට මිසක් මට නෙමෙයි”

“මේ මගෙ වස්තුව මහේශ්.මේ මගෙ පණ.මගෙ එකම දුර්වලකම විහාරා බන්”

“මල්ලි.මං උබට ඉස්සෙලත් කිව්වා නේද. හැගීම් වලට වහල් වෙන්න එපා කොල්ලො.අපි විහාරව සනීප කර ගමු.ඔයා ඔහොම වැටිලා බෑ මල්ලි.විහාරව සනීප කර ගන්න නම් ඔයා තවත් ශක්තිමත් වෙන්න ඕනෙ”

“මං ඕකව මරනවා.යසිත් මං උබව ඉතුරු කරන්නෙ නෑ.මතක තියා ගනින් උබ අත තිබ්බෙ මගෙ පණට කියලා”

“යසිත්ව දැන් පොලිසියෙන් අරන් ගිහින් ඇති මල්ලි.උබ  ඒ ගැන වද වෙන්න එපා”

“නෑ අයියේ ඌ මැරෙන්න ඕනෙ මගෙ අතින්.මං ඌව ඉවර කරනවා”

“කේශ් උබට මේ මොකද වෙලා තියෙන්නෙ.බලපන් ඔය ඔලුවෙන් ලේ එනවා උබට ගානක්වත් නැද්ද කේශ්.හැගීම් දැනීම් නැද්ද උබට.මෙන්න මෙහෙ වරෙන් යන්න”

“මට මගෙ වේදනාව දැනෙන්නෙ නෑ මහේශ්.බලපන් මගෙ කෙල්ල.අනේ මට බලන්න බෑ බන් ඒ මූණ.බලපන් අහිංසකයි මගෙ කෙල්ල.කිසිම කරදරයක් නෑ කාටවත්.

මට සමාවෙන්න විහාරා.මං ඔයාට ආදරෙයි විහාරා.මං ඔයාට ආදරේ පෙන්නුවෙ නෑ විහාරා.ඒත් මං ඔයාට ආදරෙයි.ඔයාට තේරෙයි ඇයි මං ඔයාට ආදරේ පෙන්නුවෙ නැත්තෙ කියලා.ඒත් ඔයා දන්නෙ නෑ විහාරා ඔයා මගෙ පණ කියලා.

බලපන් මහේශ්.අනේ මගේ කෙල්ල.ගොඩක් රිදෙන්න ඇති බන් ඔලුව.බිම වැටිලා ආයෙමත් මගෙ ලගට නැගිටලා එන්න හැදුවෙ බන් මගෙ අහිංසකී.ඒකි මට ආදරෙයි බන්.හොදින් ඉන්න කාලෙ මට ආදරේ දෙන්න බැරි උනාට සමාවෙන්න විහාරා.

ඔයා ඔහොම ඉන්නවා මට බලන් ඉන්න බෑ මගෙ මැණික.මටඔයාව ඕනෙ.ප්‍රශ්න ඔක්කොම ඉවරයි විහරා.ඒ ප්‍රශ්න ඉවර වෙනකන් මං ඔයාට ආදරේ පෙන්නුවෙ නෑ මැණික.ඒ  හැමදේම මං ඔයාට කියලා කියලා හිත නිදහස් කරගන්න හිටියෙ මැණික.

ඔයා වෙනුවෙන් ඒ හැමදේම කරේ.කතා කරන්න මගෙ කෙල්ලෙ.මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.කතා කරන්න මගෙ වස්තුවෙ.

අනෙ මහේශ් විහාරට කියන්නකෝ මාව බය කරන්න එපා කියලා.මං බය නෑ බන් කිසිම දේකට.ඒත් මට බයයි මගෙ කෙල්ල ගැන.මං ඉස්සර මැරෙන්න බය නෑ මහේශ් ඒත් මට දැන් මැරෙන්න බෑ.මගෙ කෙල්ල තවත් තනි කරන්න මට බෑ බන්”

“කේශ් නැගිටපන් යකෝ.පිස්සු කෙලින්න එපා.මේ බලපන් මං ඩොක්ට කෙනෙක්.මාව අඩවන්න එපා බන්.අඩවලා මාව ලැජ්ජා කරවන්න එපා.විහාරව මට භාර දීපන්.මං උබට කෙල්ලව සනීප කරලා දෙන්නම්”

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

“පුතේ…… අනේ…… කෝ මගෙ කෙල්ල”

“තා…..තාත්තේ…..”

“කෝ පුතේ මගෙ කෙල්ල.අනේ මගෙ කෙල්ල හොදින් නේද කේශ් පුතේ”

“අන්කල් කේශ්ගෙ කව්ද”

“මං විහාරගෙ තාත්තා”

“අන්කල් එහෙනම් ටිකක් එහාට යංද.මං අන්කල්ට විස්තරේ කියන්නම්”

මහේශ් කේශ්ගෙ තත්වෙ තේරුම් අරන් විහාරගෙ තාත්තට පැහැදිලි කරලා දෙන්න තාත්තව එක්කන් ගියා.

“අයියෙ උබ පලයන් බන්.අක්කා තනියම කොල්ලා එක්ක.මට තනියක් නෑ බන්.දැන් තාත්තත් ඉන්නවානෙ.අනික මහේශුත් ඉන්නවනෙ”

“අනේ කේශ් වැටෙන්න එපා මල්ලියෙ.මං ගිහින් හෙට අක්කා එක්ක උදේම එන්නම්”

ඩිලාන්ව කෙශ් ගෙදර ඇරියෙ තුශාරා කොලු පැටියා එක්ක තනියම නිසා.

“මේ බලන්න විහාරා.ඔයාගෙ කේශ් ආවා ඔයා ලගට.මං නිසා නේද මෙ හැමදේම උනේ.මං මහ පව්කාරයෙක් මැණික.ඔයා එන්න බෑ කිව්ව වෙලේ මටත් නොගිහින් ඉන්න තිබ්බෙ.දැනන් හිටියෙ නෑ සුද්දි මට ඒ වගේ යාලුවෝ ඉන්නෙ කියලා.

ඌ මගෙ පණට අත තිබ්බෙ.මං යසිතව ලේසියෙන් අත අරින්නෙ නෑ සුද්දි.ඔයා එක්ක සතුටින් ඉන්න හැදුවා විතරයි.එක තප්පරයකින් ඌ හැමදේම විනාශ කරා.

මං ඔයාට කතා කරන්නෙ සුද්දි.ඇහෙන්නෙ නෑ වගේ බොරුවට ඉදලා මාව භය කරන්න එපා.ඔයා මුරණ්ඩු කෙල්ලෙක් නෙමෙයිනෙ.අනේ මගෙ වස්තුව……”

විහාරගෙ අත කේශ්ගෙ අත් දෙක මැදට මැදි කරගෙන කොල්ලා කියෙව්වෙ පිස්සුවෙන් වගෙ.මොනම ප්‍රශ්නයක් ආවත් වැටෙන්නෙ නැති වට්ටන්න බැරි

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply

Leave a Comment