මං නුඹේ පතිනියයි – හතරවන කොටස

කේශ් විනාඩි දහයක් ඇතුලත යසිත්ගෙ ගෙදරට ආවා.වෙනදා පැය භාගයක් යන ගමනට අද විනාඩි දහයෙන් ආවා.ඒ තරම් වේගෙන් වාහනේ ඩ්‍රයිව් කලේ……

“අයියෙ…. අර මගේ කෙල්ල”

“උබට පිස්සුද කේශ් දකින දකින කෙල්ලව උබට පේන්නෙ විහාරව වගේද.ඒ යසිත්ගෙ නංගි”

“ආනේ කේශ් අයියා….. මොකද මේ පැත්තෙ.මොකද වයිෆ් ගහලාවත් පැන්නුවද.ඒකනෙ ඒ කාලෙ ඉදන් මං ඔයාට කිව්වෙ මාව මැරි කරන්න කියලා”

“මේ නතාලි නංගි.අපි මේ ඔයා එක්ක නැලවෙන්න ආපු ගමනක් නෙමෙයි.කෝ තමුසෙගෙ අයියා”

“මං කතා කලේ කේශ් අයියට මිසක් කොහෙවත් යන එවුන්ට නෙමෙයි”

“නතාලි…… කටවහගන්නවා”කේශ් අත දිගඇරලා නතාලිගෙ කම්මුලට ගැහුවෙ ඩිලාන්ට කොහෙවත් යන එකෙක් කියලා කිව්ව නිසා.

ඩිලාන් කියන්නෙ කේශ්ට ඉන්න එකම සහෝදරයා.කේශ්ගෙයි ඩිලාන්ගෙයි අතර තියෙන්නෙ යාලු කමට එහා ගිය බැදීමක්.එක බඩවැල කඩා ගෙන ආවෙ නැති උනත් තමන්ගෙ සහෝදරයාට වඩා ගුණදම් ඩිලාන් ලග තිබ්බා.ඒ නිසා කේශ් ඉදිරිපිට ඩිලාන්ට විරුද්දව එක වචනයක්වත් කවුරුවත් කියනවට කේශ් කැමති නැහැ.

“නතාලි…..මං තමුසෙට මේ හොදින් කියන්නෙ හරිද.තමුසෙ කොහොමද ඩිලාන් අයියට කොහෙවත් යන එකෙක් කිව්වෙ.අහ් ඒ මගෙ සහෝදරයා.තමුසෙට කොහෙන් ආපු හයියක්ද මගෙ සහෝදරයට එහෙම කියන්න.

තමුසෙවද ඕයි මට මැරි කරන්න කියන්නෙ.තමුසෙගෙ ඔය පජාති ගතිවලට මං පොඩ්ඩක් වත් කැමති නෑ.තමුසෙත් එකයි තමුසෙගෙ අයියත් එකයි.දෙන්නම තාත්තා වගේ නැතෑ.බල්ලගෙ පැටව් බලු පැටව්නෙ කොහොමත්”

“කේශ් ඔය ඇති.බීරි අලින්ට කොච්චර වීණා වැයුවත් වැඩක් නෑනෙ බන්.අපි ආපු වැඩේ කරගෙන යං”

“කෝ තමුසෙගෙ මහ ලොකු අයියා නතාලි”

“අයියා මෙහ් ආවේ නෑ කේශ් අයියා.ඔයා මට ඔහොම කතා කරන්න එපා.ඔයාට මං කොච්චර ආදරේද කේශ් අයියා.ප්ලිස්….. ම….”

“නතාලි ශටප්…. මගෙ ඉවසීමෙ සීමාව පන්නන්න එපා.මං මේ තමුසෙට කියන්න පුල්වන් උපරිම හොදින් කිව්වෙ.ඊට වඩා හොදක් මං ලග නෑ.ඒ නිසා මාව තරහ ගස්සන්නෙ නැතුව අයියා කොහෙද කියනවා.නැත්තන් තමුසෙ කෙල්ලෙක් කියන එකත් මට අමතක වෙයි.තේරුනාද”

“මං…… මං…… ඇත්ත කිව්වෙ කේශ් අයියා.අයියා ආවේ නෑ තාම ගෙදර.පාටි එකකට ගියා තාම ආවෙ නෑ.බොරු නම් ඇවිල්ලා බලන්න”

” අපි තවත් මෙතන රැදෙන එකේ තේරුමක් නෑ කේශ්.යමන් කොයි දීපන්කරේ ගිහිල්ලා හරි අපි හොයා ගමු ඌව.ඌ කොහෙ හිටියත් ලංකාව ඇතුලෙන් ඉන්න ඕනෙ.රට පනින්න බෑනෙ”

කේශ් කෝල් එකක් අරගෙන කාටද මන්දා මොනවාදෝ කිව්වා.

“අයියේ යමන්.මං දන්නවා ඕක නිතරම ඉන්න පොට් එකක්.අපි එතනට ගිහිල්ල බලමු පොඩ්ඩක්”

“හා කොහෙද ”

“උබ දන්නවාද ඔතන හන්දියෙන් හැරිලා කිලෝමීටරයක් විතර ගියහම තියෙන බාගෙට හදලා තියෙන බිල්ඩින් එක”

“ඔව් මට මතකයි”

“මට හිතෙන විදිහට ඌ එහෙට තමා යන්න ඇත්තෙ.තව කොහාට හරි පැන ගන්න කලින් යං ඉක්මනට”

“මල්ලි බැහැපන්.කෝ දියන් මං ඩ්‍රයිව් කරන්නම්”

“මං ඩ්‍රයිව් කරන්නම් අයියෙ”

“කේශ් කියන දේ අහපන්.උබ කලබල වැඩි.කෙල්ලව බේරගන්න කලින් අපි පරිස්සම් වෙන්න ඕනෙ.අපි දෙන්නට මොනවා හරි උනා කියන්නෙ කෙල්ලගෙ ජීවිතේ අනතුරේ.කෙල්ල බේර ගත්තට පස්සෙ අපි දෙන්නට ඕන දෙයක්.උබ මට පාර කියපන් මං ඩ්‍රයිව් කරන්නම්”

තවත් පැය භාගයකට පස්සෙ යසිත් ඇති කියලා අනුමාන කරපු තැනට ආවා.යසිත් එතන ඉන්නවා කියන්න යසිත්ගෙ වාහනය සාක්ශි දැරුවා.

“යසිත් අයින් වෙයන්……. වනචරයා මට යන්න දීපන්.උබ මාව මැරුවත් උබට බෑ මාව අයිති කර ගන්න”

“යසිත්…….”

“කේශ් උබ”

“ඔව් මං තමා උබ මොනවද යකෝ මේ කරන්නෙ.මේ මගෙ ගෑණි.උබට කොහෙන් ආපු හයියක්ද මගෙ ගෑණිව මෙහෙම අරන් එන්න.උබ දන්නවානේද මගෙ හැටි.#ඇග_ඇතුලෙ_නිදන_ඉන්න_සිංහයව ආයෙත් එලියට ගන්න හදන්න එපා යසිත්.තේරුනාද උබට”

“මේකි මගේ……. ඒක මටත් වඩා හොදට උබ දන්නවනේ”

“විහාර #මගේ_නීත්‍යානුකූල_බිරිද

යසිත්.දැනම විහාරව මගෙ ලගට එවපන්.මං උබට හොදින් කියන්නෙ.මාව නරක මිනිහෙක් කරන්න එපා යසිත්.

යසිත් කේශ්ට ගහන්න යද්දිම මම…….

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply