මං නුඹේ පතිනියයි – තුන්වෙනි කොටස

“මං කේශ් එක්ක කතා වෙලා එන්නම්කො දවසක”

“විහාරා….. විහාරා…..”

“ඇයි මොකද”

“විහාරා කේශ් හොස්පිට්ල් එකට අරන් ගියා”

“අනේ අයියෙ මොකද කේශ්ට උනේ”

“යසිත් කෝ අපේ එක්කෙනා”

“එයා එක්ක තමයි ගියේ”

“අනේ අයියේ මොකද උනේ කියන්නකො කේශ්ට”

“නංගි කතා කර කර ඉන්න වෙලාවක් නෑ.එන්න ඉක්මනට.යනගමන් මං විස්තරෙ කියන්නම්”

“ඉන්න නංගි මාත් එනවා”

“ඔයා ඉන්න අක්කෙ ඩිලාන් අයියත් ඉන්නවනෙ.අනික කොලු පැටියවත් උස්සගෙන ඔයාට ඔහෙ යන්න බෑ.ඔයා ඉන්නකො”

“බය වෙන්න එපා මාත් ඉන්නවනේ.එන්න ඉක්මනට යමු කතා කර කර ඉන්න තරම් වෙලාවක් නෑ”

විහාරා යසිත් එක්ක ඉක්මනට කාර් වාහෙනකට නැගලා ඉක්මනට ගියා.

කේශ් මොන විදිහකට විහාරට සැලකුවත් කේශ්ව මග අරින්න තරම් හිතක් විහාරට නෑ.අනික කේශ් විහාරට කවදාවත් කරදරයක් කරන කෙනෙක් නෙමෙයි.කේශ්ගෙ හිතේ විහාරා ගැන ආදරයක් නැති උනත් ඇති උනත් විහාරාගෙ හිතේ කේශ් ගැන පොඩි හරි ආදරයක් තිබ්බා.කොහෙද යන්නෙ කියලවත් විහාරට නිච්චියක් තිබ්බෙ නෑ.ඒ තරම් කල්පනාවක වැටිලා විහාරා හිටියෙ.ඇත්තම කියනවා නම් කේශ් ගැන බයක් විහාරගෙ හිතේ තිබ්බෙ.කේශ්ට මොනවා වෙලාද කේශ්ට ගොඩක් අමාරුද කියන බයයි විහාරගෙ හිතේ තිබ්බෙ.මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය විහාරා වෙච්ච දේ මොකද්ද කියලා දැනගන්න යසිත්ට කතාකලා.

“අනේ අයියෙ මොකද්ද කේශ්ට උනෙ”

“හහ් හහ් හා…..”

“අනේ මොකද ඔයා හිනා වෙන්නෙ”

“කේශ්ට මොනවා වෙන්නද.මට ඕනෙ උබව”

“මො…… මොකක්. මා….ව”

“ඔව් රත්තරං ඔයාව තමයි”

“අනේ වාහනේ නවත්තන්න මට යන්න දෙන්න.අනේ……”

“වැඩිය දගලන්නෙ නැතුව හිටපන්”

“ඔයාට මොනවද මගෙන් ඕනෙ.අනේ මට යන්න දෙන්නකො.මට කේශ් ලගට යන්න ඕනේ”

“මීට පස්සෙ උබ මගේ.උබට කවදාවත් කේශ් ලගට යන්න වෙන්නෙ නෑ”

“මට යන්න දෙනවා.මං බැදලා මිනිහෝ. #මං_කේශ්ගේ_නීත්යානුකූල_බිරිඳ ”

“මට ඒවගෙන් වැඩක් නෑ කෙල්ලෙ.උබ දැක්ක වෙලේ ඉදන් මගේ හිතට මොකද්දෝ අමුත්තක් උනා.මේ ඇස් දෙකට අහු වෙච්ච කාටවත් ලේසියෙන් ගැලවිලා යන්න හම්බෙන්නෙ නෑ”

“වාහනේ නවත්තපන්.නැත්තන් මං පනිනවා වාහනෙන්”

“උබ මගෙන් මැරුම් නොකා හිටපන් වල් බැල්ලි”

“මං වදින්නම්  යසිත් අයියේ අනේ මට යන්න දෙන්නකෝ.මට කේශ් ලගට යන්න ඕනේ අනේ.ප්ලිස්….. මට යන්න දෙන්නකෝ……”

“මෙහේ වරෙන් යන්න කටපියාගෙන”

“අනේ කොහෙද අපි මේ යන්නෙ.මට කේශ් ලගට යන්න දෙන්නකෝ.ප්ලීස්”

✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

“කේශ්…… මල්ලි.ඔයා…..”

“ඇයි මොකද අක්කෙ”

“අනේ මල්ලි විහාරා…..”

“ඇයි මොකද උනේ විහාරට….. කියන්න…..”

“මල්ලි යසිත්……”

“තුශාරි කතා කරන්න.මොකද්ද යසිත්.කෝ විහාරා නංගී”

“අනේ ඩිලාන් යසිත් කේශ් හොස්පිට්ල් අරන් ගියා කියලා විහාරව අරන් ගියා.ඔයා තමයි කේශ්ව අරන් ගියේ කිව්වා.කේශ්ට ගොඩක් අමාරුයි කිව්වහම කෙල්ල බය උනා”

“ඔයා….. ඔයා….. තුශාරා ඔයාට බැරි උනාද කෙල්ල එක්ක යන්න අහ්”

“අනෙ මාත් එන්නම් කිව්වහම කෙල්ල කිව්වා ඔයත් ඉන්නවනෙ.කොලු පැටියව අරන් ඔයාට එන්න බෑනෙ අක්කෙ කියලා ගියා”

“අක්කට බනින්න එපා අයියේ.මං යනවා අයියේ විහාරව හොයා ගෙන”

“ඔහොම හිටපන් කේශ් මාත් එනවා”

“එපා අයියේ.අක්කා තනියමනෙ ඔයා ඉන්න.”

“ඔයා යන්න ඩිලාන්.මට මොන තනියක්ද.මං යන්නම් ටැක්සි එකක් ගෙන්නගෙන ගෙදර.අනේ කොහොම හරි කෙල්ලව හොයන් එන්න”

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

“අනේ ප්ලීස් මට යන්න දෙන්නකෝ.මට කේශ් ලගට යන්න ඕනේ.මට කරදර කරන්න එපා”

“උබට මං සැරයක් කිව්වා.වහගනින් කට.දැන් ඉදන් උබ මගේ.කේශ් කියලා එකෙක් උබේ ලෝකෙ නෑ”

“මට කේශ්ව ඕනෙ.ප්ලීස් මට යන්න දෙන්නකෝ”

යසිත් වියරුවෙන් වගෙව් හිනා වෙල ඇදන් හිටිය ශර්ට් එක ගලවලා කෙල්ල ලගට ඇවිල්ලා කෙල්ලගෙ ඇගට බර උනා.යසිත්ගෙ ස්පර්ශය කෙල්ලට දැනුනෙ පිලිකුල් ගතියක්.යසිත්ගෙ ශක්තිමත් බාහු වලට අහු උන විහාරා පුලුවන් තරම් දගලලා ඒ ග්රහණයෙන් බේරෙන්න උත්සහ කලා. යසිත් එක්ක ඔට්ටු වෙලාම ඇගේ තිබ්බ ශක්තිය ඇගෙන් ක්ශ්ය වෙලා ගිහින්.ඇගේ ශක්තියක් නැතත් හිතේ ශක්තිය තිබ්බා.

විහාරා තාමත් නොඉඳුල් පතිනියක්.තමන්ගෙ කන්යා භාවය තමාගෙ ස්වාමි පුරුශයා අතිනම නැති විය යුතුයි යන අධිශ්ඨානය හිතේ ඇතිව කෙල්ලෙ හිතේ ශක්තියයි ගතේ ශක්තියයි දෙකම එකට එකතු කරලා පුලුවන් වීරිය දාලා යසිත්ව බිමට තල්ලුකලා.

✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️

“අනේ අයියේ මගෙ කෙල්ල.යසිත් මගෙ කෙල්ලට මොනවාකරලා ඇතිද දන්නෙ නෑ.මං ඉතිරු කරන්නෙ නෑ ඕකව.මගේ කෙල්ලට දසවද දෙනවා ඇති අයියෙ ඌ.අනේ කොහොම ඉවසන් ඉන්නවද දන්නෙ නෑ මගේ කෙල්ලෙ.නියමිටකින් වත් මං තුවාලයක් කරලා නෑ”

“මේ වෙලාවෙ උඹ වැටිලා බෑ මල්ලියෙ.උබ අනිවාරෙන්ම මේ වෙලාවෙ හිත හයිය කර ගන්න ඕනෙ.උබත් වැටුනොත් අපිට කෙල්ලව හොයා ගන්න බැරි වෙනවා.උබට මං ඉන්නවා ඕන දේකට බය වෙන්න එපා.මොන දීපන්කරෙ ගිහිල්ලා හරි අපි කෙල්ලව හොයා ගමු”

“මං ඔය පාහර බල්ලව ඉතුරු කරන්නෙ නෑ.මගෙ අහිංසක කෙල්ලට හීරිමක් හරි වෙලා තිබ්බොත් උගේ අවසානේ.ඌ තාම දන්නෙ නෑ මෙව් කේශ් කියන්නෙ කව්ද කියලා”

“කලබල වෙලා ප්රශ්න විසදන්න බෑ කේශ්.ඉස්සෙල්ලා ඔය තරහ නැති කර ගනින්.දෙයක් කරන්න ඉවසීම තියෙන්න ඕනෙ.ඉවසීම නැත්තන් කොරෙස් කටෙත් අත දා ගන්න බෑ තේරුනාද.යසිත්ට ඒ හැටි දුරක් යන්න වෙලාවක් ගියේ අපි ඉස්සෙල්ලා යසිත්ලගෙ ගෙදරට ගිහිල්ලා බලමු”

කේශ් විනාඩි දහයක් ඇතුලත යසිත්ගෙ ගෙදරට ආවා.වෙනදා පැය භාගයක් යන ගමන අද විනාඩි දහයකින් එන්න තරම් වේගෙන් වාහනේ ඩ්රයිව් කරේ…..

“අයියෙ…… අර මගෙ කෙල්ල……”

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply