මං නුඹේ පතිනියයි – දෙවෙනි කොටස

“කේශ් මෙන්න තේ එක”

“හ්ම්ම්ම්.ගිහිල්ලා සෙරෙප්පු දෙක දා ගෙන එන්න.මං සෙරෙප්පු දෙකක් ගෙනවා.ඇද උඩ ඇති දා ගෙන එන්න”

මං සෙරෙප්පු දෙකත් දාගෙන පල්ලෙහාට එනකොට මං දැක්කෙ කේශ් එක්ක කතා කර කර ඉන්න මගෙ තාත්තව.

“තාත්තා…..”

“කොහෙද අද දෙන්නා මේ යන්න හදන්නෙ”

“මේ කේශ්ගෙ යාලුවෙක්ගෙ පාර්ටි එකක් තාත්තා අපි මේ යන්න හැදුවෙ”

“මං ඇවිල්ලා දෙන්නට ඩිස්ටර්බ් උනාද මන්දා”

“නෑ තාත්තා මං යාලුවට කෝල් කරලා කියන්නම් එන්න වෙන්නෙ නෑ කියලා.විහාර ඇදුම් මාරු කර ගන්නකො”

“එපා එපා පුතා මං දැන්ම යන්නෙ නෑ.මං අද ඉන්න ආවෙ.ඔයාලා දෙන්න ගිහිල්ලා එන්නකො”

“ඒත් තාත්තා……”

“ඔයා කරදර වෙන්න එපා පුතා.මං ඉන්නම් මට පුලුවන්”

“විහාරා එහෙනම් සිරිමා අම්මට කියන්න තාත්තට කෑම හදලා දෙන්න කියලා”

“හා කේශ් මං කියලා එන්නම්”

“හ්ම්. ඔයා කියලා එන්නකො මං වාහනේට යනවා”

මං සිරිමා අම්මට පණිවිඩෙ කියලා එනකොට තාත්තා සෝෆා එකෙව් ඉදගෙන ටී.වී බල බලයි හිටියෙ

“තාත්තා මං ගිහිල්ලා එන්නම්.සිරිමා නැන්දට කියලා ඕන දෙයක් හදෝ ගෙන කන්න”

“පොඩ්ඩක් එන්න මගෙ දුවේ”

“ඇයි තාත්තා”

“මගෙ කෙල්ල සතුටින් නේද රත්තරං

ම්ම්ම්ම්ම්……”

කේශ් මට ආදරේ කරේ නැතත් මං හැමදාම මට අඩුවක් පාඩුවක් කරන්නෙ නැතුව බලා ගන්න එකට ගරු කරනවා.ඒ නිසා කේශ් ගැන මගෙ හිතේ කිසිම අහිතක් නෑ.තාත්තට කේශ් ගැන කිසිම දෙයක් කියන්න ඒ වෙලාවෙ මගෙ හිත දුන්නෙ නෑ.ඒ ඇයිද කියන්න මට තේරෙන්නෙ නෑ.

“ඔව් තාත්තා මං ගොඩක් සතුටින්

කේශ් මට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ තාත්තා.

ඔයා වගේම මට සලකනවා

ඒ හින්දා මං සතුටින්”

“මට එව් ඇති රත්තරං.

එහෙනම් යන්න පුතා බලාගෙන ඇති

දෙන්නා හොදට එන්ජෝයි කරලා එන්න ඕනෙ හරිද”

“හා තාත්තා.මං එහෙනම් යනවා”

මං තාත්තගෙ කකුල් දෙක අල්ලලා වැදලා ඇවිල්ලා කාර් එකට නැග්ගා.

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

“අහ් කේශ්……

කොහොමද

වයිෆ් එක්කම ඇවිල්ලා නේද”

“ඔව් මචං මෙයාවත් එක්කන් ආවා”

“අම්මෝ අපි නම් මේ වගේ අවස්ථාවලට නෝනව එක්කන් එන්නෙ නෑ

බේරෙන්න බෑ මචං

අරක ඕනෙ මේක ඕනෙ

වෙන ලේඩි කෙනෙක් දිහාවත් බලන්නෙ කොහොමද මචං එක්කන් ආවහම”

කේශ්ගෙ යාලුවා මං දිහා අමුතු බැල්මක් දාලා එහෙම කිව්වෙ.

“අර පැත්තට යමුද කේශ් ටිකක්.ගොඩ කාලෙකින්නෙ අශ්‍රේ කරන්නත් බැරි උනා ”

“එන්න යමු විහාරා”

“ඔයා යන්න කේශ් මං මෙතන ඉන්නම්.ඒ හරියෙ සද්දෙ වැඩී”

“මං එහෙනම් පස්සෙ එන්නම් මචං”

“නෑ කමක් නෑ කේශ් ඔයා යන්න.මට ඉන්න පුලුවන්”

“වයිෆ්ට තනියක් නෑ කේශ් යමන්”

“මං ඉක්මනට එනවා.මෙතනින් කොහාටවත් යන්න එපා”

මං ඔලුව වනලා කේශ් යන දිහා බලන් හිටියා.

වෙලාවකට මට හිතෙනවා කේශ් මට ආදරේදෝ ඒ ආදරය මට පෙන්නන්නෙ නැද්දෝ කියලා

ඒත් තවත් වෙලාවකට හිතෙනවා කේශ් මට ආදරේ නැද්දෝ කියලා

ඒත් මං කේශ්ට ආදරේ කරන්න පටන් අරන්ද

මගෙ හිතේ එයා ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද

ඒ හැගීම් එකින් එක ගලප ගන්න තාම මට හරියට බැරි උනා.

“නංගී”

සුදු කෙට්ටු ලස්සන පුංචි ලමෙකුත් අතේ තියන් හිටිය ගෑනු කෙනෙක් මට කතා කලා

“ඔව් කියන්න”

“ඔයා නේද විහාරා කියන්නෙ”

“ඔව් අක්කෙ”

“ආ එහෙනම් මං හරි තැනට ඇවිල්ල තියෙන්නෙ

කේශ් මට කිව්වා ඔයා තනියෙන් කියලා

කේශ් මල්ලි අපේ එක්කෙනයි දෙන්නා තමා ඔෆිස් එකේ එකට ඉන්නෙ”

“ඩිලාන් අයියද”

“ඔව් නංගි

අනේ මල්ලි නම් හරි හොදයි නංගි ඔයාට දෙවියෙක් හම්බ වෙලා තියෙන්නෙ

කොල්ලා කෙල්ලට ආදරේ පාටයි

අපේ ගෙදර ආවහම ඔයා ගැනමයි කතාව

ඔයාට ලස්සන ලස්සන ඇදුම් තෝරන්නෙ මායි අපේ ඩිලානුයි එක්ක ගිහිල්ලා”

ඒ කියපු දේවල් මට හීනයක් වගේ

එතකොට මං හිතපු දේවල් හරිද

ඒ කියන්නෙ කේශ් මට ආදරෙයිද

ඒ ආදරේ මට පෙන්නන්නෙ නැද්ද

නෑ නෑ

මෙතන තියෙන්නෙ අනුකම්පාවක්

එයා මට ආදරෙයි නම් මගෙන් ඈත් වෙලා ඉන්නෙ නෑනෙ.

එයා කරන්නෙ යුතුකම් ඉශ්ට කිරීමක් විතරයි

ඒත්…..

ඒත් ඇයි එයා මං ගැන ඩිලාන් අයියලා එක්ක කියන්නෙ.

මගේ හිතේ නැගුනුවලට උත්තර මං මගෙ හිතත් එක්කම තර්ක කරලා හොයන්න උත්සහ කරා.

“නංගී……”

“ආ….. ඇයි අක්කෙ”

“මොනාවද කෙල්ලෙ කල්පනා කරන්නෙ

මොකද මහත්තයව මතක් උනාද

බය වෙන්න එපා කොල්ලා එහෙම වැඩිය ගන්න කෙනෙක් නෙමෙයිනෙ”

“අහ්…. මං බය නෑ අක්කි.

ඔයාගෙ නම මොකද්ද”

“මම තුශාරි නංගි”

“පොඩ්ඩා නිදි නේද හොදටම”

“අනේ ඔව් නංගි

මෙච්චර වෙලා මට වද දුන්නා

ඔය දැන් තමා ටිකක් ඇහැ පියා ගත්තෙ”

“පොඩ්ඩත් අක්කා වගේමයි”

“ඉතිං දෙන්නත් එක්ක දවසක අපෙ ගෙදර එන්නකො

මං හැමදාම වගේ කියනවා කේශ්ට ඔයාව එක්කන් එන්නකියලා

වෙඩින් එකෙන් පස්සෙ දැක්කෙත් නෑනෙ”

“මං කේශ් එක්ක කතා වෙලා එන්නම්කො දවසක”

“විහාරා……. විහාරා……”

“ඇයි මොකද කලබලේ කෝ කේශ්”

“විහාරා කේශ්……”

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply

Leave a Comment