මං නුඹේ පතිනියයි – පළමු කොටස

“මේ අහනවා තමුසෙ ඉස්සෙල්ලා මොකා එක්ක ලව් කරත් දැන් තමුසෙ ඉන්න ඕනෙ මංකියන විදිහට.

තේරුනාද….” 

“හො….. හොදමයි”

“මං කවුරු ආශ්රේ කරත් තමුසෙට ඒක ප්රශ්නයක් වෙන්න බෑ

ඒත් තමුසෙට බෑ මාව ඇරෙන්න වෙන එකෙක් ආශ්රේ කරන්න

එදාට ඌයි තමුසෙවයි දෙන්නවම මං ඉවර කරනවා”

“මං…….

මං එහෙම කරන්නම්”

අපි දෙන්න මැරි කරලා මාස තුනයි.ඒත් අපි දෙන්නා සතුටින් හිටිය එක දවසක් වත් මට මතක නෑ.හැබැයි කවදාවත් මට කිසි අඩුපාඩුවක් මේ වෙනකන් කරලා නෑ.සතුටින් හිටියෙ නැතත් වෙන අය වගේ ගහලා බැනලා නෑ.හැබැයි හැමදාමත් රෑට හොදටම බීලා ඇවිල්ලා කියන්නෙ ඔය වචන ටික විතරයි.මෙයා එහෙම හැසිරෙන්නෙ ඇයිද කියන්න මට තේරෙන්නෙ නෑ.අයියෙ මට මේක ඕනෙ කිව්වොත් ඒ කියපු සැනින් ඒ අඩුපාඩුව මට ගෙනත් දෙනවා.ඒත් මට තේරුම් ගන්න බැරි ඇයි අපි දෙන්නට සතුටින් ඉන්න බැරි කියලා.

විවාහ ජීවිතය සතුටින් ගත කරන්න මං වගේම කවුරුත් කැමති.ඒක හැම කෙල්ලෙක්ගෙම හිතේ තියෙන ලොකුම ආශාවක්.මාල හත දාලා පෝරුවක නැගලා චාරිත්ර වාරිත්ර කරලා ලොකු වෙඩින් එකක් ගත්ත පලියට විවාහ ජීවිතෙ සතුටින් ගත කරන්න බැහැ.ඒකට දෙන්නම ආදරෙන් ඉන්න ඕනෙ.අඩුපාඩු පිරිමැහුව පලියට ජීවිතෙ සුන්දර වෙන්නෙ නෑ.ජීවිතෙ සුන්දර වෙන්න නම් ආදරය තියෙන්න ඕනෙ කියන එකයි මගෙ මතය.

මගේ නම #විහාරා_ප්රොබෝධනී_වීරසිංහ මං මැරි කරලා ඉන්නෙ #කේශාන්_සුධාර_එකනායක

“කේශ් නැගිටින්න මෙන්න තේ එක ගෙනාවා”

“ඔහොම තියන්න පස්සෙ බොන්නම්”

“මොකද්ද අද අදින ඇදුම

“මං ඒවා කර ගන්නම්.තමුසෙ තමුසෙගෙ වැඩක් කර ගන්නවා”

එයාගෙ වචනෙකට පිටින් කවදාවත් යන්නෙ නෑ.මොකද එයාව තරහ ගස්සන්න මං කැමති නැති නිසා.

“විහාර පොඩ්ඩක් මෙහාට එනවා”

“ඇයි කේශ්”

“අද රෑට කෑම හදන්න එපා.මං එනකොට ලැහැස්ති වෙලා ඉන්නවා.මං ඔෆිස් එකෙන් එද්දි කෝල් එකක් දෙන්නම්.මගෙ අර රතු පාට ශර්ට් එක මැදලා තියනවා.යාලුවෙක්ගෙ පාටි එකක්.එතකොට මං එදා තමුසෙට අරන් දුන්න අර සල්වාර් එක අදිනවා”

“හා කේශ්….”

“හ්ම් මං යනවා.මතක් කරලා ශර්ට් එක මැදලා තියනවා”

“හා කේශ් මං කරන්නම්”

මගෙ හිතට තියෙන ලොකුම සැනසීම කේශ් කවදාවත් අනවශ්ය විදිහට මට බලපෑම් කරන්නෙ නෑ.කේශ්ගෙ තාත්තා දවසක් අපේ ගෙදරට ඇවිල්ලා තමයි කේශ්ව මට ප්රොපෝස් කලේ.කේශ්ගෙ තාත්තා මගෙ තාත්තාගෙ හොද යාලුවෙක්ලු.ඒත් මං කවමදාවත් ඒ දවස වෙනකන් කේශ්ගෙ තාත්තව දැකලා නෑ.

සමහරවිට කේශ් මෙහෙම හැසිරෙන්න හේතුව එයාගෙ තාත්තා මාව එයාට ප්රොපෝස් කලාට එයා ආදරේ කරන කෙනෙක් ඇති.එයාගෙ හිතේ මං ගැන අනුකම්පාවක් ඇති.ඒ නිසා වෙන්න ඇති මට මෙහෙම හරි සලකන්නෙ.ඒ ගැන මගෙ හිතේ පොඩි සතුටක් තියෙනවා.මං දන්නෙ නෑ මට කේශ් ආදරේ කරයිද කියන්න.එත් මං කේශ්ට ගොඩක් ගරු කරනවා.

අවුරුදු ගානක් ආදරේ කරලා මැරි කරන සමහරක් ආදරවන්තයෝ විවාහ ජීවිතයේදි තමන්ගෙ බිරිදට නොයෙක් වද හිංසා දෙනවා.ඒ අතරින් කේශ් දෙවියෙක් කියලයි මට හිතෙන්නෙ.

හවස හතරට විතර කේශ් මට කෝල් කරේ පාර්ටි එකට යන්න ලැහැස්ති වෙන්න කියලා.මං කේශ්ගෙ ශර්ට් එක මැදලා තියලා කේශ් මට ගෙනල්ලා දුන්නා මොනර නිල් පාට ලස්සන සල්වාර් එක ඇදලා කොන්ඩෙන් චුට්ටක් අල්ලලා කට්ටක් ගහ ගත්තා.මං වැඩිය විච්චුරන කරනවට කේශ් කැමති නැහැ.

“මොනවද තමුසෙ මේ කරලා තියෙන්නෙ”

“ඇ….. ඇයි කේශ්”

“ඇයි තමා හොදට ඇස් ඇරලා බලනවා කණ්ණාඩිය ලගට ගිහිල්ලා තමිසෙගෙ හැටි”

“ඇයි කේශ් මුකුත් අව්ලක් නෑ”

“බලනවා තමුසෙගෙ හැටි.මොනවද ඔය මූණෙ උලලා තියෙන්නෙ”

“පාර්ටි එකකට යනවා කිව්ව නිසා මං පොඩ්ඩක් මේකප් කර ගත්තා කේශ්”

“පොඩ්ඩක්….. මරු පොඩ්ඩ.බලනවා තට්ටු තට්ටු.සවලකින් හූරලා ගන්න පුලුවන්”

“පාර්ටි එකකටනෙ යන්නෙ කේශ් ඒකයි”

“එකට එක කියාගෙන එන්න එපා.තමුසෙ මං එක්ක යන්න එනවා නම් දැන්ම ඔය ටික ගිහිල්ලා හෝදන් එනවා.පොඩ්ඩක් ගා ගත්තට කමක් නෑ.බලනවකෝ උලා ගෙන තියෙන ගොඩ.මං කැමති නෑ.තමුසෙට එහෙම බැරි නම් නවතිනවා ගෙදර”

එදා කේශ් කියපුවා මට නිකමට වගේ මතක් උනා.තේරුම් ගන්න ගොඩක් අමාරුයි කේශ්ව.ආදරෙත් නැත්තන් ඇයි මෙච්චර දේවල් කරන්නෙ කියලා මට හිතෙන වෙලාවල් අනන්තයි.

“විහාරා”

“කියන්න කේශ්”

“කෝ මගෙ ශර්ට් එක”

“අර හැංගර් එකේ එල්ලලා තියෙන්නෙ”

“ලෑස්ති වෙලා ඉවර නම් මට තේ එකක් හදන්න”

“හා කේශ්”

කේශ් ආසම මං හදන් තේ බොන්න.ගෙදර වැඩට ඉන්න සිරිමා නැන්දා තේ හැදුවට ආයෙමත් මට කියලා තේ එකක් හදා ගන්න එක කේශ් අනිවාර්යයෙන්ම කරන වැඩක්.

“විහාරා තේ එක රසයි”

“තාත්තත් ආසයි බොන්න මං හදන තේ”

“එහෙමද”

“ඔව්”

“ඔයාට කරදරයක් නැත්තන් සිරිමා නැන්දා නැතුව හැමදාම මට තේ එක හදලා දෙනවද”

තේ හදන ගමන් මට මතක් උනේ අපි දෙන්නා මැරි කරලා ඉස්සෙල්ලම මං කේශ්ට තේ එක හදලා දුන්න දවසේ කේශ් කියපු දේවල්.මට තවමත් හිතා ගන්න බැරි කේශ් ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා.

මං තේ එක අරන් උඩට යන්න හදනකොට කේශ් පල්ලෙහාට එනවා.

“කේශ් මෙන්න තේ එක”

“හ්ම්ම්ම් ඉක්මනට උඩට ගිහිල්ලා සෙරෙප්පු දෙක දා ගෙන එන්න.අන්න මං සෙරෙප්පු දෙකක් ගෙනවා ඇද උඩ ඇති දාගෙන එන්න”

කේශ් ගෙනාපු සෙරෙප්පු දෙකත් දා ගෙන මං පල්ලෙහාට එනකොට දැක්කෙ…..

– හිමංෂා කුමරි –

Related posts

Leave a Reply

Leave a Comment